විල්පත්තුව පලුගහතුරේ ප්‍රදේශයේදී ධීවර බෝට්ටුවකින් ගිය පස් දෙනකුගෙන් සිරුරු සොයාගත් බවත් එක් අයෙකු රෝහලට ඇතුලත් කළ බවත් වනාතවිල්ලුව පොලිසිය කියයි.
බෝට්ටුවේ කී දෙනෙකු කියා දැයි නොදන්නා බව සහන සේවකයෝ කියති.
(ඡායාරූප බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ඡායාරූප හිරාන් ප්‍රියංකර ජයසිංහ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතන මට පේනවා රට පනින්න හදපු ලකුණු තියෙනවා (දී)
ඇත්තටම මිනිසාගේ මානුෂිකත්වයේ අගය නොවහටෙන කාලයක තමයි අද අපි ජීවත් වන්නේ (දී)
දෙවියන් වහන්සේගේ අාශිර්වාදයත් සදා ස්වර්ගීය සම්පත්තියත් මියගිය සොයුරු සොයුරියන්ට ලැබේවායි අප ප්‍රාර්ථනා කරමු. (නි)
අහිංසක පවුලක් පොඩි දරුවනුත් එක්ක ට්‍රිප් එකක් ගිහින් ඛේදජනක විදියට මිය ගියහම, රට පනින්න හදනවා කියලා අමන කතා කියන 'කරුනා' නමින් අදහස් දක්වපු තිරිසනුන් සහ පවුලෙ උදවියට යහපතක්ම වේවා! මිය ගිය අයගේ නෑසියන් මොහුගෙ අමන කොමෙන්ටුව දැක සිත් තැවුල් වූවානම් ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් සමාව ඉල්ලමි..(නදී)
ඉතාමත් කණගාටු දායක සිදුවීමක්.ෙ මෙවැනි ගමනක් යෑමට පෙර ඒ සමිබන්ධ දැන උගත් අයගෙන් උපදෙසක් ලබා ගන්න තිබිබා නේද? .(නදී)
මේ අය ඉතා වැදගත් පවුලක පිරිසක් බව පේනවා. අදහස් පලකරන උදවිය සිහිබූද්ධියෙන් තම අදහස් පලකරන්නේ නම් හොදයි. රට පනින පිරිසක් වුවත් මෙවැනි අවස්ථාවකදී මනුෂ්‍යත්වයේ නාමයෙන් තම ශෝකය පලකිරීම මනුෂික ගුණාංගයක් නේද? .(නදී)
"අහිංසක පවුලක් පොඩි දරුවනුත් එක්ක ට්‍රිප් එකක් ගිහින් ඛේදජනක විදියට මිය ගියහම, රට පනින්න හදනවා කියලා අමන කතා කියන 'කරුනා' නමින් අදහස් දක්වපු තිරිසනුන් සහ පවුලෙ උදවියට යහපතක්ම වේවා! මිය ගිය අයගේ නෑසියන් මෙවැනි ප්‍රතිචාර් දැක සිත් තැවුල් වූවානම් ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් සමාව ඉල්ලමි.." "ධර්මේ නමින් මෙම ප්‍රතිචාර එක ඉදිරිපත් කල මහත්මාට මගේ හදපිරි ස්තුතිය පිරිනමමි. මක් නිසාද යත් මෙම මියගිය පිරිස මා ඉතා හොදින් හඳුනන මා හට ඉතාම හිතවත් පිරිසක් බැවිනි. ඔවුනට ඔස්ට්‍රිලියය යාමට කිසිදු අවශ්‍යතාවයක් නොමැත. අපේ ගමේ ඉතාම වැදගත් පිරිසක් වන ඔවුන් මෙවැනි අන්දමින් චාරිකාව යාමට ගත තීරණය ගැන මම මේ වන විටත් පුදුමයෙන් පසුවෙමි. කෙසේ වෙතත් "ලලනි ඇන්ටි මා ඔබේ නිවස ඉදිරියෙන් යන සෑම විටම ඔබේ ඔය ලස්සන හිනාවෙන් හා කතාවෙන් සංග්‍රහ කරන මට ඔබේ වෙන්වීම අදහා ගත නොහැකි. ඔබට නිවන් සුව අත්වේවා. ඔබේ ස්වාමියා වන චුලනි අංකල්ටත්, හේමාල් අය්යාටත්, දනුෂ්ක මල්ලිටත් මගේ හදපිරි ශෝකය මින් පිරිනමමි. (අ)