IMG-LOGO

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා


සර්ව පාක්ෂික සමුළුව ගැන සජබේ මතය

(නිමල කොඩිතුවක්කු)

උතුරු නැගෙනහිර ගැටලුව පිළිබඳව ජනාධිපතිවරයා කැඳවූ සර්වපාක්ෂික සමුළුව කෙටි කාලීන දේශපාලන වාසි ලබා ගැනීමට කරන වැඩපිළිවෙළක් මිස සැබෑ වුවමනාවෙන් ඉදිරිපත් කරනු ලබන සද්භාවයෙන් ක්‍රියාත්මක කරන්නක් නොවන බව සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.

ජනාධිපතිවරයාට මෙම ගැටළුවට විසඳුම් සෙවීමට අවංක අභිලාශයක් ඇත්නම් කළ යුත්තේ ආණ්ඩුව නියෝජනය කරන සියලු පාර්ශ්ව සමග එකඟ වූ යෝජනාවක් ඉදිරිපත් ඉදිරිපත් කිරීම බවත් රජයේ යෝජනා සහ ස්ථාවරය ප්‍රකාශ නොකොට විපක්ෂයේ අදහස් ඉල්ලා සිටීම නිරර්ථක වූවක් බවත් මහලේකම්වරයා සඳහන් කළේය.

නිවේදනයක් නිකුත් කරමින් මහලේකම්වරයා මෙසේද සඳහන් කරයි.

“මෙම ප්‍රශ්නයට විසඳුම් සෙවීම සඳහා අත්‍යවශ්යර මූලික කරුණ වන්නේ මහජන ඡන්දයෙන් පත්වූ පළාත් සභා මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත පළාත් සභා ප්‍රජාතන්ත්රේවාදීව වහාම පිහිටුවීමයි. බලය විමධ්‍යගත කිරීමේදී ප්‍රජාතන්ත්‍රවාදීව පළාත් සභාවට පත් වූ මහජන නියෝජිතයන්ගේ මතය සහ අදහස් ලබා ගැනීම ඉතාම වැදගත් මෙන්ම අත්‍යාවශ්‍ය වූ කරුණකි.

දැනට වසර හතරහමාරක කාලයක් තිස්සේ මහජන ඡන්දයෙන් පත්වූ එකදු මන්ත්රීයවරයෙක් හෝ නොමැතිව පළාත්සභා විධායකය විසින් මෙහෙයවමින් සිටී.

මේ තුළ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ වී ඇති අතර බලය බෙදා හැරීම සම්බන්ධයෙන් තීරණයකට එළඹීමට ද එය ප්රරධානතම බාධකයක් බවට පත්ව ඇත.එබැවින් මෙම ගැටලුව විසඳීම සඳහා අවශ්යට සාකච්ඡා පැවැත්වීමට මූලිකව ප්‍රජාතන්ත්‍රවාදීව පත්කරගත් පළාත් සභා සියල්ලපිහිටවිය යුතු බව අවධාරණය කරමු.

 



අදහස් (1)

සර්ව පාක්ෂික සමුළුව ගැන සජබේ මතය

sisira Thursday, 27 July 2023 03:58 PM

දැනට වසර හතරහමාරක කාලයක් තිස්සේ මහජන ඡන්දයෙන් පත්වූ එකදු මන්ත්රීයවරයෙක් හෝ නොමැතිව පළාත්සභා විධායකය විසින්ම එය සාර්ථකව මෙහෙයවමින් සිටියත් රටේ කිසිදු පුරවැසියකු මෙතෙක් එයට සහයෝගයක් මිස විරුද්දත්වයක් දක්වා නොමැත. රටේ මහජනමුදල් විනාශ විනාශ කරමින් පලත්සබවට පත්ව සිටි දේශපාලකයන් 455 ක වැටුප්, වාහන, වරප්‍රසාද ඇතුළුව අනෙක් සියලු වියදම් බිලියන ගණනක් ඉතිරි කිරීමට විධායකය යටතේ පළාත් සබාවන් පාලනය වන්නාවූ නිසා හැකිව තිබේ. නිලධාරීන් විසින් පාලනය වන්නාවූ පරිපාලන ආයතනයක් මිස දේශපාලකයන් යටතේ සියල්ල දේශපලනි කරණය නොවීමට මෙමගින් කටයුතු සිදුවනු ඇත. රටේ සාම පුද්ගලයකුටම එම අයතනය් වෙත පැමිණ පහසුවෙන් ඔවුන්ගේ අවශ්‍ය කටයුතු කරගැනීමට අවශ්‍ය පහසුකම් සලසාදීමට කටයුතු කලයුතුවේ, එම ආයතයට තරුණ කාර්යක්ෂම නිලධාරීන් පත් කරගැනීමටද කට යුතු කලයුතුවෙමු

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නඩු භාණ්ඩ භාරකරුගේ දුරකථන - බැංකු වාර්ථා කැඳවයි
2024 ඔක්තෝබර් මස 15 1 0

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ රුපියල් කෝටි 2ක විස්කි බෝතල් 1994ක් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත නඩු භ


වැස්ස ක්‍රමයෙන් අඩු වෙයි
2024 ඔක්තෝබර් මස 15 214 0

දිවයිනේ නිරිත දිග කොටසේ පවතින තද වැසි තත්ත්වය අද (15) දිනයේ සිට ක්‍රමයෙන් අඩුවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


නිදහස් උළෙල සංවිධානයට මෙහෙයුම් කමිටුවක්
2024 ඔක්තෝබර් මස 15 819 0

77 වන නිදහස් දින සමරු උත්සවය සංවිධාන කිරීම සඳහා මෙහෙයුම් කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


IMF වැඩපිළිවෙල නිසා සුබ වාදී වෙමු
2024 ඔක්තෝබර් මස 15 103 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග රනිල්ගේ ආණ්ඩුව එකඟ කරගත් ක්‍රියාදාමය වත්මන් ආණ්ඩුව එලෙසම පවත්වාගෙන යෑම යනු රනිල්ගේ ප්‍රතිපත්ති මාලාව තවදුරටත් ලංකාව


ඩෙංගු හිස ඔසවයි
2024 ඔක්තෝබර් මස 15 61 0

පවතින අධික වර්ෂාවත් සමග ඩෙංගු රෝගය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමේ අවධානමක් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය ප්‍රකාශ කරයි.


මාලු මිල ඉහළට
2024 ඔක්තෝබර් මස 15 1220 0

වෙළඳපොළේ මාලු මිල ගණන් යළිත් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 472 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 463 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1456 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site