IMG-LOGO

2024 නොවැම්බර් මස 14 වන බ්‍රහස්පතින්දා


සූර්වි වැලිකඩට ගිය රාජ්‍ය ඇමැති සූර්වී අනුරාධපුරයටත් ගිහින්

(නිමන්ති රණසිංහ)

කොළඹ බන්ධනාගාර මූලස්ථානය ට මිතුරන් පිරිසක් සමග බීමතින් අයුතු ලෙස ඇතුළු වූ රාජ්‍ය අමාත්‍යවරයා අනුරාධපුර බන්ධනාගාරයට ද ඒ අයුරින්ම අයුතු ලෙසින් ඇතුළු වී ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි

ඉකුත් දොළොස් වැනිදා ට යෙදී තිබූ සිරකරු දිනය නිමිත්තෙන් බන්ධනාගාර මූලස්ථානය සංවිධාන කර තිබූ උත්සව මාලාව සඳහා සහභාගිවීමට ගොස් ඇති මෙම රාජ්‍ය අමාත්‍යවරයා අනුරාධපුර බන්ධනාගාරයට ද එලෙස බීමතින් ඇතුළු වී ඇතැයි එම ආරංචි මාර්ග පවසයි .

බීමතින් සිට ඇති මෙම රාජ්‍ය අමාත්‍යවරයා සිය ගිනි අවිය ද රැගෙන මිතුරන් කිහිපදෙනකු සමග අනුරාධපුර බන්ධනාගාරයේ එල්ටීටීඊ සැකකරුවන් රඳවා ඇති සිරමැදිරිය අසලට ගොස් එහි සිටි රැඳවියන් කිහිප දෙනෙකු සිරමැදිරියෙන් එළියට ගෙන ඇති බවද වාර්තා වේ.

එම සිර මැදිරිය තුළ එල්ටීටීඊ සිරකරුවන් අට දෙනකු සිට ඇති අතර ඉන් පස්දෙනකු එළියට ගෙන ඇති මෙම රාජ්‍ය අමාත්‍යවරයා ඉන් දෙදෙනෙකු දණ ගස්සවා ඔවුන්ගේ හිසට පිස්තෝලය එල්ල කර "උඹලා පාඩුවේ හිටියේ නැත්තං තොපි මරනවා " යැයි පවසා ඇතැයිද බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි .

බන්ධනාගාර ආඥා පනත ප්‍රකාරව කිසියම් හෝ අයෙකුට බන්ධනාගාරය තුළට තහනම් ද්‍රව්‍ය එහෙනම් අවි ආයුධ පිහි හෝ මත්ද්‍රව්‍ය රැගෙන යා නොහැකි අතර මේ රාජ්‍ය අමාත්‍යවරයා බන්ධනාගාරයට පැමිණ සිරකරුවන්ගේ සිර මැදිරිය අසලට යෑමෙන් විශාල විනාශයක් සිදු වන්නට ඉඩ තිබූ බවත් යම් හෙයකින් සිරකරුවන් එම පිස්තෝලය උදුරා ගත්තේ නම්, සිදුවන විනාශය සුළුපටු නොවන බවත් බන්ධනාගාර නිලධාරීහු පවසති.

සිය මිතුරන්ට එල්ලුම් ගස පෙන්වීමට අවශ්‍ය බව කියමින් පිරිසක් ද සමඟ බීමතින් පැමිණි මෙම රාජ්‍ය අමාත්‍යවරයකු ඉකුත් 06 වැනිදා කොළඹ බන්ධනාගාර මූලස්ථානයටද ඇතුළු වූ බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.

එදින කොළඹ බන්ධනාගාර මූලස්ථානය නවක බන්ධනාගාර නිලධාරීන් පුහුණු කිරීම් සිදු වෙමින් පැවති දිනයක් වන බවත්, මෙම රාජ්‍ය අමාත්‍යවරයා එම නවක නිලධාරීන් ඉදිරියට ගොස් ඔවුන්ට අවවාද අනුශාසනා දී ඇති බවත් වාර්තා වේ.

 



අදහස් (50)

සූර්වි වැලිකඩට ගිය රාජ්‍ය ඇමැති සූර්වී අනුරාධපුරයටත් ගිහින්

Don perera Wednesday, 15 September 2021 08:14 AM

තවත් මොනවා ඉතුරු වෙන්නද

:       1       80

රංග තේනුවර Wednesday, 15 September 2021 08:22 AM

බොහොම හොඳයි. කොටි ත්‍රස්තවාදීන්ට පිළිතුරු දෙන්න ඕනි... ඒ අයට තේරෙන භාෂාවෙන් තමයි. කොන්ද පණ ඇතිව වැඩ කෙරූ ගරු රාජ්‍ය ඇමැතිතුමාට අපගේ ආචාරය...

:       45       7

Madhujith Wednesday, 15 September 2021 08:24 AM

නම කියන්න බයද?

:       1       25

කනිෂ්ක Wednesday, 15 September 2021 12:40 PM

මේක බරපතල වැරැද්දක්... මොහුව වහාම පාර්ලිමේන්තුවෙන් පන්නා දමන්න. ඒ වගේම කිසිත් නොදත් කොමසාරිස්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්න.

:       0       16

නුවන්Wednesday, 15 September 2021 02:02 PM

පොදුජන පෙරමුණේ මහ ලේකම් තුමා ඉතා ප්‍රමාද වැඩියි, මේ ගැන තීරණයක් ගැන්මට...... ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් නම් මේවන විට පක්ෂයෙන් ද නෙරපා හමාරයි...... රටක් ඔබ දෙසත්, රජය දෙසත් බලා සිටී.

:       0       9

ruwan Wednesday, 15 September 2021 08:36 AM

මූට නමක් නැද්ද ?

:       1       27

Malika Wednesday, 15 September 2021 08:37 AM

අනේ ඇයි දෙවියනේ අපේ රටට මෙහෙම උනේ.

:       1       15

Mithrasiri Wednesday, 15 September 2021 08:49 AM

සර් මොනවද බලමු කරන්නෙ වත්රත්තෙට...

:       2       24

උදිත් Wednesday, 15 September 2021 08:52 AM

විත්තිකරුවකු නිශ්චිත නැති තොරතුරක්. නියෝජ්‍ය ඇමතිගේ නම කියන්න, නැතිනම් මෙම ප්‍රවෘත්තියෙන් කිසිදු ජනතා සේවයක් නැති ඕපදූප හා මඩ ප්‍රහාර වැන්නක් හා සමානය.

:       0       20

බුකා Wednesday, 15 September 2021 08:55 AM

අනේ අපේ මාධ්‍ය සදාචාරය කාටවත් කොන්ද පන නැහැ .ගියේ කවුද කියල නම කියල කියන්න. පොඩි මිනිහෙක් කලානම් අද කුඩුවෙත් දාලා . ජනාධිපති තුමනි ..... ජයවේවා

:       0       23

ඩලස් Wednesday, 15 September 2021 08:57 AM

මේ බන්ධනාගාර නිලධාරීන්ට වගකීමක් ඇති ප්‍රකාශ නිකුත් කරන්න පෞර්ෂයක් නැහැ, නැත්නම් මාධ්‍යට වගකීම ගන්න කොන්දක් නැහැ. මේ දෙකම වැරදිනම් මේ දමන්නේ බොරු නිවුස් එකක්.

:       0       18

tissa Wednesday, 15 September 2021 09:02 AM

මමත් අවුරුදු ගණනක් හිරගෙදර වැඩ කෙරුවා ,ඒ දවස්වල මේ වගේ එකෙක් ආවනම් පයින් ගහලා එලියට ඇදලා දාන්නේ (කතරගම රූප සුන්දරී මාරුව කාලේ )

:       0       14

S. T Aiya Wednesday, 15 September 2021 09:05 AM

ඇයි මේ බුරුවාගේ නම දාන්නේ නැත්තේ ,පත්තර කාරයොත් කයිය ගැහුවට උනුත් මුන්ට බයයි

:       0       20

විපරමා Wednesday, 15 September 2021 03:16 PM

බය නොවී පුලුවන් ද.

:       0       2

jagath Wednesday, 15 September 2021 09:05 AM

මේ සියළු දේශපාලකයින් සහමුලින්ම ප්‍රතික්ෂේප කළ හැක්කේ කවදාද?

:       0       14

K Perera Wednesday, 15 September 2021 09:11 AM

අපි තමයි හොඳටම කළේ...

:       1       13

දිසා...... Wednesday, 15 September 2021 09:14 AM

මෙවන් සිදුවීම් සම්බන්ධයෙන් ජනාධිපතිතුමන් ගනු ලබන ක්‍රියාමාර්ග ගැන රටවැසියා මහත් ඕනෑකමකින් බලා සිටියි.

:       1       15

Nalaka Wednesday, 15 September 2021 09:23 AM

සියලුම දේවල් නැතිවෙලා තියෙන අපිට ඒක බාරගන්න පුළුවන්...

:       1       6

අපි Wednesday, 15 September 2021 09:23 AM

එක රටක් .... එක නීතියක් .... කෝ..... ??? මහජනතාව විමසිල්ලෙන් .... !

:       0       12

සෑම් Wednesday, 15 September 2021 09:24 AM

රට නැත්තට නැතිවුණා, පාදඩ පාලකයෝ

:       0       14

රවී Wednesday, 15 September 2021 09:43 AM

එක රටක් එක නීතියක් කියලා රවට්ටලා බලය අල්ලපු නරි වාදම් කියන නාකි අන්දරේ මේව දකින්නෙ නැ..යලුවන්ට මිනිමරුවන්ට ඕනේ ජවුසමක් නටා ගන්න ඇරලා තියෙන්නේ

:       1       11

මාම Wednesday, 15 September 2021 09:50 AM

සෞභාග්‍යයේ දැක්ම, කාටත්ද නීතිය එකයි දරුවො. මීට සැර්

:       0       12

swene Wednesday, 15 September 2021 09:50 AM

මානව හිමිකම් වලට ආදර්ශයකි

:       1       9

ලලිත් එම් Wednesday, 15 September 2021 09:59 AM

මේක කටකථා ගෙතීමක් විතරයි. ප්‍රවෘත්තියක් වීමට නිවැරදිව තොරතුරු වාර්තා කල යුතුයි. කට කතා පැතිරවීම වැලැක්වීමට නම සමඟ පල විය යුතුය.

:       2       9

sam Wednesday, 15 September 2021 10:04 AM

නූගත් මී හරකෙකුට ,උට දරාගන්න බැරි තනතුරක් දුන්නහම ඕවා තමයි ප්‍රති විපාක

:       0       15

RaveendraWednesday, 15 September 2021 11:54 AM

ඇත්තෙන්ම ඔබගේ අදහස් නිවැරදිය. කැනඩාවේ දේශපාලුවෙකුට දුන්නු දෙවිල්ලම මෙවන් "වල් බල්ලන්ටත් පක්ෂ පාට බේදයෙන් තොරව" නුදුරු අනාගතයේදී ලැබේවා.....

:       1       8

jagath Wednesday, 15 September 2021 10:05 AM

තුනෙන් දෙකක් ලබා ගත්තේ ඕවටනේ

:       2       10

සඳුන් Wednesday, 15 September 2021 10:07 AM

එකම රටක් එකම නීතියක් බලාපොරොත්තුවෙන්, අතේ තිබුන රුපියල් සියය ත්‍රී වීලරයට ගෙවා, මාක්ස් දමා මීටරේ දුරින් පෝලීමේ සිට ගෙදරින් ගෙනා පෑනෙන් මොවුනට මනාපය දුන් බුද්ධිමත් ජහ මනයාට මිනිත්තුවක නිහඬතාවයක් පලකරමු !

:       1       16

මහසෙන් Wednesday, 15 September 2021 10:09 AM

එක රටක් එක නීතියක්.නම කියන්න බය මොක ද?සාමන්‍ය මිනිහෙක් නම් පොටෝත් දාලා .නමත් දාලා මෙලහට හිරෙත් දාලා.ඔය කියන ඇමතියා ඔයිට පෙරත් ඔහොම කලා.ඔක්කොම දැන් ගලේ පහරපු බළල්ලු වගේ.

:       0       9

gamage Wednesday, 15 September 2021 10:16 AM

සර් එක්ක ඕවා බෑ .අපිට දැන් කොන්ද කෙලින් නායකයෙක් ලැබුන නිසා කාටවත් වැඩිය දඟලන්න ලැබෙන්නේ නෑ

:       1       13

නදුන් Wednesday, 15 September 2021 10:16 AM

පුනුරුත්ථාපානය කරන්න ඕන එවුන්ට පුනුරුත්ථාපන ඇමති කම් දුන්නම ඔහොම වෙනවා.

:       0       17

නොසිතන විප්ලවීය ආකාරයේ අය වැය Wednesday, 15 September 2021 10:23 AM

සතොසෙන් ලොකු ලේන්සු බෙදන්නෙ කවද්ද ? අපිට එලාගෙන පාරේ හිඟා කන්න ආසයි..

:       0       13

kumarage Wednesday, 15 September 2021 10:24 AM

නූගත්තු රජ උනාම ඔහොම තමයි .ඔය කියන අමතියත් කිසි උගත්කමක් නැති පිස්ටල් එකෙන් වෙඩි තියලා ගස්වල තියන ගෙඩි පවා කඩන අමන මෝඩයෙක් .අන්දසෙන පොරවන් බුදි

:       0       17

dasun Wednesday, 15 September 2021 10:48 AM

"ගහේ කටු උල් කල යුතු නැත". මේ සක්කිලියන් බැඳ දමන්න පුලුවන් අය එය කරනු ඇතැයි රටවැසියන් බලා සිටී..........

:       0       18

සිරිබිරිස් Wednesday, 15 September 2021 10:49 AM

ඔන්න ඔහොමයි දැන් පාලනයෙ වැඩ සිද්ද වෙන්නේ, නේද ?

:       0       13

bimsara Wednesday, 15 September 2021 11:01 AM

ඇමතිගේ නමවත් කීවා නම් තමයි හරි

:       0       13

GEMUNU Wednesday, 15 September 2021 11:02 AM

ජනපති තුමනි ,ඔබ මෙයට වඩා තදින් මොවුන් පාලනය කල යුතුය .එසේ නැතහොත් රටවැසියන් පාලනය කරනු ඇත

:       0       9

Nuwan Wednesday, 15 September 2021 11:08 AM

මේ මිනිස්සු කරන්නේ මේ වගේ විශාල අවුලක් හදලා ලංකාවට එක්සත් ජාතීන්ගෙන් සම්බාධක ගෙන්න ගන්න .එතකොට ඒක පෙන්න පෙන්න ඊළඟ චන්දෙන් දිනන්න පුළුවන් නිසා

:       0       8

Raveendra Wednesday, 15 September 2021 11:15 AM

මේ කාලකන්ණි "පර බලු රාජ්‍ය ඇමතියාගේ" උඩ යට මාරුකළ යුතුය....

:       1       10

Nihal B D Wednesday, 15 September 2021 11:20 AM

ඔය චණ්ඩියට නමක් නැද්ද ?ඔය සිරගෙදර සී.සී.ටී.වී.නැද්ද ?එක රටක් එක නීතියක් ,මේ දෙකම ඉවරයි

:       0       12

SAMAN Wednesday, 15 September 2021 11:22 AM

මේ ඇමතිගේ නම කියන්න කොන්දක් නැද්ද ?

:       0       11

ශංක Wednesday, 15 September 2021 11:23 AM

මේකද සෞභාග්‍යයෙ දැක්ම??? අනේද කියන්නේ.....69 ලක්ෂයක් චන්දේ දිල මේවා දකිනකොට.....කෝ දැන් හාමුදුරුවෝරු.....මේවාට කතා කරල හීතිය කියල දෙන්න එපැයි.

:       0       13

kapila Wednesday, 15 September 2021 12:10 PM

උඩතලවින්නේ ඇත්තටම උනේ මොකක්ද කියල දැන් පැහැදිලියි.

:       0       7

පිටිගල මිලානෝ Wednesday, 15 September 2021 12:54 PM

නීතිය හැමෝටම එකයි කියලා කවුදෝ කෙනෙක් රුවන්වැලි සෑය ඉස්සරහා බෙරිහන් දුන්නා වගේ මතකයි.

:       1       5

neil Wednesday, 15 September 2021 01:22 PM

මේවා දාන එක තමයි පුදුමේ...!!!

:       0       3

ලුම්බිණි Wednesday, 15 September 2021 01:24 PM

එල්ලුම් ගස් ගිය අය සංස්ථා සභාපති කම් කරන මේ කාලේ මේක සුළු දෙයක්.

:       0       4

swene Wednesday, 15 September 2021 01:28 PM

"දුන්නොත් දඬුවමක් පසුදින වඩා ලොකු තැනක්..." ඕකයි තත්වේ...

:       0       5

jagath Wednesday, 15 September 2021 02:19 PM

ලොහාන් රත්වත්තේ

:       0       2

John Perera Wednesday, 15 September 2021 02:20 PM

මිත්‍රවරුනි අපි අපිටම හෝ කියාගමු . හූ.......

:       0       2

sampath Thursday, 16 September 2021 07:11 PM

මේ රටේ ඉන්න මිනිස්සු හොදම පාසලට ළමයා දාලා හොදම දොස්තර එනකන් චැනලින් පෝලිමේ, හොඳම පෙරකදෝරුවා අල්ලලා නඩු කිව්වට දේශපාලකයා තෝරනකොට ඕන කෙනෙකුට කියලා කතිරේ ගහනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 14 1295 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


රත්නපුර තැපැල් ඡන්දවලින් ජාජබ ඉදිරියෙන්
2024 නොවැම්බර් මස 14 229 0

රත්නපුර දිස්ත්‍රික්කයේ ජාතික ඡන්ද තැපැල් ඡන්ද ඡාතික ජන බලවේගය ඡන්ද 24,776ක් ලබා ගත් අතර සමගි ජනබලවේගය ලබා ගත් ඡන්ද සංඛයාව 2969කි. නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරම


ගාල්ල තැපැල් ඡන්ද ජාජබට
2024 නොවැම්බර් මස 14 1779 1

පළමු තැපැල් ඡන්ද නිල ප්‍රතිපඵලය මීට සුළු මොහොතකට පෙර නිකුත් කළේය. ඒ අනුව ජාතික ජනබලවේගය ඡන්ද 32296ක් ලබා ගත් අතර සමගි ජනබලවේගයට හිමි වූයේ ඡන්ද 3523කි.


චාල්ස් රජුට 76 යි
2024 නොවැම්බර් මස 14 145 1

තෙවැනි චාල්ස් රජු සිය 76 වැනි උපන්දිනය රාජකීය කටයුතු වල නියැලෙමින් අද(14) සැමරුවේය. තෙවැනි චාල්ස් රජු අද(14) ආහාර බෙදා හැරීමේ මධ්‍යස්ථාන දෙකක් මහජනතාව වෙනුව


’’ප්‍රතිඵලෙන් පසු පෙළපාලි බෑ’’
2024 නොවැම්බර් මස 14 234 0

මැතිවරණ ප්‍රතිඵලවලින් අනතුරුව කිසිම අයකුට පෙළපාලියාම සදහා අවසර ලබා නොදෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා අද (14) පැවැස


මනාප ඡායාරූප ගත කළ තවත් අයෙක් මාට්ටු
2024 නොවැම්බර් මස 14 175 0

ඡන්ද මධ්‍යස්ථානය තුළදී තම මනාපය සනාථ කිරීමෙන් අනතුරුව එය ඡායාරූප ගත කළ අයකු,14 දින පෙරවරුවේ ආලංකුඩාව මුස්ලිම් මහ විද්‍යාලයේ ශාලා අංක එක පරිශ්‍රයේ දී ඔහ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 234 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 556 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1666 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site