විල්ගමුවේ සුරා සැලක් විවෘත කිරීමට විරෝධය එල්ල කළ විල්ගමුව ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේකම් උඩුවෙල සුමේද හිමියෝ මැර ප්‍රහාරයකට ලක්ව හෙට්ටිපොළ රෝහලට ඇතුළු කරනු ලැබ සිටිති.
මෙම ප්‍රහාරය හෙලා දකිමින් විල්ගමුව හා හෙට්ටිපොළ කළු කොඩි ඔසවා සියළු කඩ සාප්පු වසා දමා ඇත.
සුමේධ හිමියන් මහියංගණයට ගොස් මිගමුවට වැඩම කරද්දී එම සුරා සැල ඉදිරිපිටදී මැරයෝ පහර දී ඇත.
මැරයන්ගෙන් බේරීමට ඒ හිමියන් අසල තිබූ පොලිස් මුර පොළට ගිය විටද එහි කඩා වැදී හිමියනට පහර දි ඇතැයි පොලිසියට පැමිණිලි කර ඇත.
ඡායාරූප කාංචන කුමාර ආරියදාස සහ විල්ගමුව අජිත් සමරවීර

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන දේට උනත් ලංකාවේ නීතිය මෙයිට වඩා ක්‍රියාත්මක විය යුතුයි.(නදී)
හිතවත් මනිසුනේ, හාමුදුරු නමකට විරුද්ධව කිසියම් කෙනෙක් වැඩ කෙරේ නම් දෙපාරක් නොසිතා ඔවුනට පහර පිට පහර දෙන්න මිනිසුනේ. හිමිවරු තමයි සිංහල ජාතිය අතීතයේ පටන්ම ආරක්ෂා කර ගත්තේ. උන්වහන්සේලාගේ ධෛර්‍ය නොතිබුනා නම් අපට රටකුත් නෑ. ජාතියකුත් නෑ. (නදී)
විල්ගමුව අද හොර අරක්කු කාරයන්ට ලියලා දීලා. වැලි ජාවාරම් කාරයන් රජ වෙලා කාටවත් කතාකරන්න බැහැ. දේශපාලකයන්ගේ හෙන්චයියෝ. ඔය ගත්ත ගැම්ම නවත්වන්න එපා .දිගටම යන්න . අපිත් එනවා සහයට.(නදී)
මේ වැඩේ නීතියට විරුද්දනේ..මන් කියයන්නේ නීතියෙන් තැබෑරුම් අරින්න ප්‍රශ්නයක් නැත්නම් හාමුදුරුවන්ට තියෙන ප්‍රශ්නේ මොකක්ද? (නදී)
අර හාමුදුරුවෝ ඇයි කැමරා කරන්නේ ? අධි රාජ්ජය බලවේගයක්ද ? ඕවා තමයි පිටරට වලට විකුනනනේ. (නදී)
මත්පැන් තැබෑරුම, කැසිනෝ කාරයින්ට රජවෙන්න ඉඩ දෙන්න බෑ. මේ ගමේ මිනිසුන්ගේ උත්සාහය සහ එකමුතුකම අගය කරමු. මෙයට විරුද්ධව නැගී සිටි මේ හිමිනමට පහර දීම අපි තරයේ හෙලා දකිමු. දේශපාලන හෙංචයියන්ට ගම බාරදෙන්න බෑ. අහිංසක මිනිසුන් කාන්තාවන් ඇතුළු අප දූදරුවන් වනසන්න උත්සාහ කරන මේ බේබද්දෝ ටික ගමෙන්ම එලවිය යුතුයි. (නදී)
අනේ හාමුදුරුවනේ. රටේ කොපමණ සුරා සැල් තියෙනවද? (නදී)
මට හරි කණගාටුවක් දැනෙනවා ? සිංහල ජාතිය වගේම ආගම අපේ හිමි වරුන්ට වන අසාදාරන කම් හමුවේ ඇස් කන් පියා ගෙන ඉන්න සිංහල බෞද්ධ දේශපාලකයන් ගැන ? රට වනසන කම් බලා හිටියා ඇති දැඩි නීති සම්පාදනය කරලා රට හදන්න හිතපල්ලා.(නදී)
මහත්වරුනේ ඡන්දේ වෙලාවට ඔළුව කල්පනාකරලා ඡන්දේ දෙන්න. (නදී) .
බේබද්දන්ව රටින් එලවන්න ඕනේ.(නදී)
එම ප්‍රෙද්ශයේ මෙවැනි වැඩ කරන්නේ රජයට සම්බන්ද නිලලත් අරක්කු ජාවරම්කරුවන්ය. නමුත් නිතිය ක්‍රියත්මක කරන්නන් නිහඩය.(නදී)
කව්ද මේ රටේ හාමුදුරුවරුන්ට තියන ගෞරවය නැති කළේ ? (නදී)
මේක තමයි අලුත්ම ත්‍රස්තවාදය. මැර දේශපාලකයන්ගේ භීතිකාව. මේකට බයේ තමයි සාමාන්‍ය මිනිස්සුන්ට ජීවත් වෙන්න වෙලා තියෙන්නේ.(නදී)
මතට තිත කියලා මේ ආණ්ඩුව පටන් ගත්තේ. දැන් බැලපුවම තිතට මත. මොලේ කල්පනා කරලා ඡන්දෙ දෙමු මේ පාර.(නදී)
හාමුදුරුවන්ට කිසිම තුවාලයක් නැහැනේ.(නදී)
කොන්ද පණ තියෙන එක මිනිහෙක්වත් හිටියේ නැද්ද මැරයන්ට පාඩමක් උගනවන්න.(නදී)
හික්කඩුවේ සුමංගල. මිගෙට්ටුවත්තේ ගුනානන්ඳ කුඩාපොල හාමුදුරුවෝ,අතීතයේ මොකද කළේ? (නදී)
ඔබ වහන්සේට ඉක්මනට සනීප වෙනවා.(නදී)
කෝ අපේ බුද්ධ ශාසන ඇමතිතුමා ? (නදී)
කුමාර්,සාම ,රණ ,මාර්ක් ,සුරාවට,සුදුවට ,ගණිකා මඩමට,හොරුන්ට, මිනීමරුවන්ට,ඔයාලගේ අදහස් හරි වටිනවා. ඔයාලගේ ඊලග පරපුර එයාලට එකතුකරන්න. සුබ අනාගතයක්.(නදී)
මතට තිට. (අ)
අපේ පැත්තේ ඔය වගේ දෙයක් වුනානම් මේ වෙනකොට අරක්කු කඩෙත් නෑ මුදලාලිත් නෑ (අ)
මැරයින්ට එකම දෙනම් යුද්ද හමුදාවට බාර දෙන්න (අ)
අයි බොදුබල සේනාව මේවගේ දේවල් වලදී නිහඩ?(දිල්)
දැන්නම් මේ රටේ වෙනසක් අවශ්‍යමයි. (නදී)
ලංකාව ගැන බලධාරීන්ගේ නිසි අවධානය යොමු කරන්න කාලේ හරි නේද ?(දිල්)
ඕකනේ හාමුදුරුවනේ කියන්නේ " තිතට මත " කියලා. කැසිනෝ ආවම කොහොම හිටීද? (අ)
ඔය උද්ඝෝෂණයට ආව අය බොන්නේ නැති අය නේද !!!!(අ)
මේවට වගකිවයුත්තෝ දෙන්නයි ඉන්නේ. (නදී)
භික්ෂුවකට ගහන්න අත උස්සපු මැරයන් පොලීසියට බය වෙන්න විදියක් නැහැ. (නදී)
මතට , කුඩට තිත තබන්න අවධානය පිණිසයි.(නදී)
මතට තිතද? (නදී)
ඕකට කියන්නේ මතට තිත, ආසියාවේ ආශ්චර්ය (දිල්)
ඒ උනාට මේක ධර්මද්වීපේ !(දිල්)
ඊයේ රැ ටිවී එකේ පොලිස් මාධ්‍යය ප්‍රකාශක තුමා කතා කරපු හැටියට නං පොලිස් මුරපොලකදි මේ වගෙ දෙයක් වෙයි කියලා හීනෙන්වත් හිතන්න බැහැ.(නදී)
මෙන්ඩිස් එතකොට නිතිය කාටවත් පොදු නැද්ද? (නදී)
මෙන්ඩිස්, ඔබ දන්නේ නැද්ද දේශපාලකයෙකුගේ උදව්වක්, ආශිර්වාදයක් නැතිව කාටවත් බාර් අරින්න බැහැ. බොහෝවිට බාර් අයිතිකරුවන් දේශපාලකයින්මයි. ඒගොල්ලන්ගේ බිස්නස් එකට විරුද්ධ උනොත් හාමුදුරුවරු නොවේ, පන්සල උනත් පොලවට සමතලා කරාවි. වැදගත් දේශපාලකයෝ මේ වගේ ජරා බිස්නස් කරන්නේ නැහැ. ගාමනී ජයසූරිය මහතා මන්ත්‍රීකමේ ඉන්නකම් හෝමාගම ආසනයේ බාර් අරින්න දුන්නේ නැහැ. නමුත් ආසනය වටේටම ආසන මායිම පැනලා මීටර් කීපයක් යනකොටම බාර් වැහි වහලා. (නදී)
ගස් බඳින්න ඕනේ මේ පහත් වැඩේ කරපු අයව.(නදී)
තමන්ගේ ආරක්ෂාව තමන්ම බලාගන්න ඕනේ. (නදී)
මැරයින්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වෙන්නේද ? (නදී)
මේ සිද්දිය නරක පුර්වාදර්ශයක්. රටේ පාලකයින් මත්ද්‍රව්‍ය වලට විරුද්දව ඉක්මනින් තීරණයක් නොගත්තොත් රට විනාස වෙනවා. එකිනෙකාට විරුද්දව අරගල කරගන්නා සමාජයකුයි බිහිවෙන්නේ. (නදී)
බේබද්දෝ කුඩ්ඩෝ හොරු සමග සටන් කරන්න ඉතිරි වෙලා සිටින්නේ රටට ජාතියට ආදරය කරණ භික්‍ෂූන් වහන්සේ පමණයි. ඒ අයත් නිහඩ වූ දවසකට මේ රටේ අනාගත පරපුරට කුමක් වේවිද. උන්වහන්සේලා නිහඩ කළ දාට සිංහළ බෞද්ධයාගේ අවසානයයි. මේවට අවසර දෙන පාලනයක් ඇත්නම් පොලිසියට ගියත් රැකවරණයක් නැත. මේවායේ පිටු පස ඇත්තේ මේ රට කුඩ්ඩන්, බේබද්දන් සපිරි අපායක් කර ජාතිය විනාශ කිරීමටයි. (නදී)
හිමි නමට මැර ප්‍රහාරයක් එල්ල වෙනකන් බලන් හිටපු මිනිස්සු මිනිස්සුද? කාටවත් බැරි වුනාද එකතු වෙලා මැරයින්ට ගහන්න? මිනිස්සු එකතු වෙලා මැරයින්ට බෙහෙත දුන්නා නම් මැරකම් ඉබේ නවතීවි. මට නෙවෙයි නේ කියල අහක බල ගත්තොත් තමන්ට ඔය වගේ දෙයක් වෙද්දී කවුරුවත් නෑ. මැරයින්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් තමන්ගේ ආරක්ෂාව තමන්ට බලාගන්න වෙනවා. එතකොට මැරයෝ රකින අයටත් කරන්න දෙයක් නැති වෙනවා. නැත්නම් වෙන්නේ හැමදාම තැලෙන යකඩේ වගේ ඉන්න. (නදී)
ජනාධිපති කෝ ? (නදී)
ආණ්ඩුව ලයිෂන් දීලනේ තියෙන්නේ.(නදී)
බලමු අපේ අගමැති තුමා මේකට මොකක්ද කියන්නේ කියලා.(නදී)
උඩුවෙල සුමේද හිමියන්ට එල්ලකළ මැර ප්‍රහාරය තරයේ හෙලා දකිමි. ප්‍රහාරය එල්ල කළ කාලකන්නින්ට වහාම දඬුවම් ලබාදෙන්න.(නදි)
අතීතයේ පටන් මේ රටේ හොදට නරකට දෙකටම ඉන්නේ හාමුදුරුවරු පමණි. (නදී)
කාටවත් නීතිය අතට ගන්න බැහැ. සුරාව නරක දෙයක්, නමුත් ලැයිසමක් දුන්න නම් ඒක රටේ නීතිය. (නදී)
ෂුවර් එකටම ඇමති කෙනෙකුගේ ගෝලයෙක්.(නදී)
පොලිස් මුර පොල බෝඩි එකට පමණක් සීමාවුන එකක්ද? මැරයො වීරයො වුනේ කොහොමද? (නදී)
මෙන්ඩිස් කියනදේ හරි සාමාන්‍ය මහජනතාවට සිද්ද වෙලා තියෙන්නේ තමාගේ ආරක්ෂාව සලසා ගැනීම පමණි. (නදී)
පොලිස් මුර පොලේ ඉඳලා තියෙන්නේ නපුංසකයෝද? (නදී)
ලග්ගල දේශපාලුවෙක්. අරක්කු කම්මලක් අයිතිකරුවෙක්. එතනෝල් ගෙන්නන අයෙක්. ඉතින් නඩු බඩු ඔක්කොමම උන්ගේ. හමුරුවෝ මැරුවේ නැති එකයි පුදුමේ.(නදී)
ඉස්සර මොන්ටි ගොපල්ලව වගේ උත්තම ගනයේ මහත්තුරු හිටිය ආසනයක් මේක දැන් අරක්කු කාරයෝ රජවෙලා.(නදී)