IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


සේරුවිල නිකිණි මහා පුණ්‍යෝත්සවය අද සිට


අනූහය වසරකට පෙර ඓතිහාසික  සේරුවිල මංගල මහා චෙත්‍යය රාජයාණන් වහන්සේ උදෙසා ඇරඹි ශ්‍රීමත් ලලාඨ  ධාතු පූජා නිකිණි මහා පුජෝත්සවය අද (26) සිට සැප්තැම්බර් 02 වැනිදා දක්වා පැවැත්වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

සේරුවිල මංගල  රාජ මහා විහාරාධිපති නැගෙනහිර තමන්කඩු දෙපළාතේ ප්‍රධාන සංඝනායක මංගල  ධර්ම කීර්ති ශ්‍රී මුංහේනේ මෙත්තාරාම නා හිමියන්ගේ අනුශාසනා පරිදි පූර්ණ රාජානුග්‍රහය  ඇතිව සේරුවිල මංගල මහා චෙත්‍යවර්ධන සමිතිය, දායක සභාව, සේරුවිල ප්‍රජා සංවර්ධන පදනම ආදි සමිති සමාගම්වල එකමුතුවෙන් බෞද්ධ සැදැහවතුන්ගේ අනුග්‍රහයෙන් සිදුකෙරෙන මේ මහා පූජෝත්සවයට දිනපතා ලලාට ධාතු පූජා, ධර්ම දේශනා, සති පිරිත් දේශනා ඇතු ළත් වන අතර, සැප්තැම්බර් 02 වෙනි දින පිංකම් අවසානයේ මල් වෙඩි සංදර්ශනයක් ද පැවැත්වීමට නියමිතය.

තිලෝගුරු අමාමෑණි සම්මා සම්බුදු රාජයාණන් වහන්සේගේ සිරිපා පහසින් පවිත්‍ර වූ උන්වහන්සේගේ ශ්‍රීමත් ලලාට ධාතු නිධන්ගත සේරුවල (තිස්ස මහා විහාරය) මහා  සෑ රදුන් පිහටි ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේ බෞද්ධ පූජනීය  ස්ථාන අතුරෙන් සේරුවිලට හිමිවන්නේ වැදගත් තැනකි. ඓතිහාසික අතින් මෙන්ම පූජනීය අතින්ද ඉතා වැදගත් වූ මෙම වාර්ෂික පූජෝත්සවය ලංකාවේ ආර්ය ජනාවාස ආරම්භයේ සිටම ඓතිහාසික වශයෙන් ඉතා වැදගත් වූ නැගෙනහිර වෙරළෙහි මහවැලි මිටියාවතේ අවුරුදු දහස් ගණනක් තිස්සේ කෝටි සංඛ්‍යාත බෞද්ධ ජනතාවගේ වන්දනීය හා පූජනීය ස්ථානයක් වශයෙන් අති උත්තම  ස්ථානයක වාර්ෂිකව පවත්වනව උත්සවයකි.

 අද මෙන් ගමන් පහසුකම් නොතිබුණු එදා ගාල්ලෙන් නැව් නැගී මුහුදු මාර්ගය ඔස්සේ මෙහි වැඩම කළ ධර්ම කීර්ති ශ්‍රී දඹගස්ආරේ ශ්‍රී සුමේධංකරාභිධාන මහා නායක හිමිපාණන් වහන්සේ නොසිටින්නට අද සේරුවිල මංගල  චෛත්‍යයක්  බෞද්ධයන් වන අපට දක්නට නොලැබෙනු ඇත. අලි- කොටි- වලසුන්ගෙන් ගහන මහ වන මැදින් සිංහලයන්ගෙන් හිස් වූ මේ ප්‍රදේශයේ මෙවැනි ස්ථානයක් ප්‍රකෘතිමත් කිරීමේ හොඳ සද් ව්‍යාපාරයකට අත තැබූ උන්වහන්සේ සියලු ලංකාවාසී බෞද්ධයන්ගේ සදා ගෞරවයට පාත්‍රා විය යුතුය.

අඩසියවසකට  එහා මහා ඝන  වනාන්තරයෙන් වැසී තිබුණු සේරුවිල ප්‍රදේශය වර්තමානයෙහි විශාල දියුණුවක් ලබා ඇත. නැගෙනහිර පළාතේ සිංහල බෞද්ධ ප්‍රබෝධයේ සහ සාසන දියුණුවේ ආදී කර්තෘත් වහන්සේ ද වන දඹගස්ආරේ ශ්‍රී සුමේධංකර නාහිමියන්ට ලැබෙන   ගෞරවය අති විශාලය. සේරුවිල වන්දනාව සඳහා ලංකාවේ ඈත කොනෙක් පැමිණෙන ගෞරවය අති විශාලය. සේරුවිල වන්දනාව සඳහා ලංකාවේ ඈත කෙනෙන් පැමිණෙන ශ්‍රද්ධාවන්ත බෞද්ධ ජනයාගේ ආධාරයෙන් සුලු කාලයක් ඇතුළත විශාල වැඩ කොටසක් නිමාවට පත්වී ඇත.

බුදුන් වැඩිය මෙම පූජනීය පින්බිම වසර අටසියයක් පමණ වලිබිහිව තිබූ අතර ක්‍රි.ව1922 දී පමණ ඉතා අසීරුවෙන් මෙහි පැමිණ සොයාගනු ලැබුවේ මංගල ධර්ම කීර්ති ශ්‍රී දඹගස්ආරේ ශ්‍රී සුමේධංකර - නැගෙනහිර - කමන්කඩු දෙපළාතේ ප්‍රධාන සංඝනායක ශ්‍රී කල්‍යාණි වංශික මහා නිකායේ මහා නායක හිමිපාණන් වහන්සේ විසිනි. දානපති ඩී.ඩී.වීරසිංහ මුදලිතුමා ප්‍රධාන සේරුවිල මංගල මහා චෛත්‍ය වර්ධන සමිතියේ සාමාජික බෞද්ධ පින්වතුන්ගේ සහාය ඇතිව දුර බැහැරින් එන වන්දනාකරුවන්ගේ ප්‍රයෝජනය සඳහා අවශ්‍ය විශ්‍රාම ශාලා, සංඝයා වහන්සේලාට සංඝවාස, ධර්ම ශාලා ආදීය ගොඩනගා  සංවර්ධනය කළ සේරුවිල නාහිමියන් චෛත්‍ය රාජයාණන් වහන්සේ විවෘත  කිරීමෙන් පසු ප්‍රදේශයේ සිංහල බෞද්ධ ජනතාව පදිංචි කිරීමේලාද පුරෝගාමී වූහ.

නැගෙනහිර තමන්කඩු දෙපළාතේ  ප්‍රධාන සංඝනායක සේරුවිල සරණකිත්ති කල්‍යාණවංශ නිකායේ අනුනායක  හිමිපාණන් වහන්සේ මෙම පුදබිම දියුණු කිරීමේ සහ සංවර්ධනය මෙන්ම ප්‍රදේශයේ සංවර්ධනය කිරීමේ ක්‍රියාවලියට ද උර දී කටයුතු කළහ.

1979 දී රාජ්‍ය අනුග්‍රහය ඇතිව සේරුවිල පූජා නගරයක් වශයෙන් සංවර්ධනය කිරීමට සේරුවිල නාහිමියන් සේරුවිල පූජා නගර සංවර්ධන සමිතිය ආරම්භ කොට පූජා නගර සංවර්ධන වැඩ පිළිවෙළ යටතේ පහසුකම් රැසක් සේරුවිලට ලබා ගන්නට හැකිවූ අතර, 1984 වසරේ ත්‍රස්තවාදී ගැටුම් ප්‍රදේශයේ උග්‍රවීමත් සමඟ පූජා නගර සංවර්ධන කටයුතු අතරමඟ නතර කෙරිණි. දශක තුනක් තිස්සේ පැවැති ත්‍රස්තවාදී තර්ජන මධ්‍යයේ ද නොසැලී  නොබියව තම කටයුතු කරගෙන යන්නට ක්‍රියාත්මක වූ සරණකිත්ති  නාහිමියන් විහාරස්ථානය අවට පිහිටුවා තිබු ගම්මානවල වැසියන්ගේ ආර්ථික තත්ත්වය තහවුරු කරන්නට කැපවී කටයුතු කළහ. සැබෑ බුද්ධ පුත්‍රයකු ලෙස අභීතව නොසැලී කටයුතු කරමින් ත්‍රස්ත තර්ජිත ගම්මානවල වැසියන්ගේ ප්‍රබලතම ශක්තියක් බවට පත්වෙමින් කටයුතු  කළ සරණකිත්ති නාහිමියන් සේරුවිල පුදබිම ලෝක උරුමයක් බවට පත් කිරීමේ වැඩ පිළිවෙළක්  ක්‍රියාත්මක කිරීමටද පියවර ගත්හ.

දඹගස්ආරේ ශ්‍රී සුමේධංකර නාහිමි සේරුවිල සරණකිත්ති අනු නාහිමියෙන් ජීවිත පරිත්‍යාගයෙන් කළ මහා මෙහෙවරට උපාරයක් වශයෙන් බුදුන් වැඩිය පුදබිම ලෝක උරුමයක් බවට පත් කරවීමට කටයුතු කරන්නේ වත්මන් සේරුවිල මංගල රාජ මහා විහාරාධිපති,දොම්පේ-පාලුගම භාවනා මධ්‍යස්ථානාධිපති,නැගෙනහිර තමන්කඩු දෙපළාතේ ප්‍රධාන සංඝනායක මංගල ධර්මකීර්ති ශ්‍රී මුංහේනේ මෙත්තාරාම නාහිමියන්ය.

(*** ඩී. ඒ. රත්නායක)



අදහස් (1)

සේරුවිල නිකිණි මහා පුණ්‍යෝත්සවය අද සිට

jayasekara Wednesday, 26 August 2020 09:48 AM

ඔය.. ශාසනේ රකින එක පැත්තකට දාලා ආසනේට පොරකන අය මුන්නාන්සේලාට හොඳ ආදර්ශයක්... මම ගියා සේරුවිල යනගමන් ලංකාපටුන විහාරයට.. ඒ හාමුදුරුවරුන්ට දානේවත් නැහැ. දානෙ දෙන්නේ ආමි කෑම්ප් එකෙන්... ආසනේට පොරකන අය ගිහින් බලන්න ... ශාසනේ රකින අපේ හිමිවරු විඳින දුක...

:       0       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආණ්ඩුව දෙන සහන ගැන නාමල් අවදානයෙන්
2024 නොවැම්බර් මස 20 41 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් සහ ඉදිරිපත් අයවැයෙන් ජනතාවට දෙන සහන පිළිබඳ දැඩි අවධානයෙ


ආසියානු බෞද්ධ සමුළුව සාර්ථකව අවසන්
2024 නොවැම්බර් මස 20 197 0

ආසියානු පළමු බෞද්ධ සමුළුව පසුගියදා ඉන්දියාවේ නවදිල්ලි නුවර අශෝක් හොටෙල් පරිශ්‍රයේදී සාර්ථකව අවසන් විය.


හරීන්ට ඇප
2024 නොවැම්බර් මස 20 771 0

අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (20) බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉිදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ පහක ශරීර ඇප මත මුදා හරින්නැයි


සැමියගෙන් බේරෙන්න ගොස් බිරිඳ තෙවන මහලෙන් බිමට
2024 නොවැම්බර් මස 20 691 0

වස්කඩුව ගාලු පාරේ තෙමහල් ගොඩනැගිල්ලකින් ඇද වැටී කාන්තාවක තුවාල ලබා ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.


පරිසර ඇමති වැඩ බාරගනියි
2024 නොවැම්බර් මස 20 848 0

පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා විසින් පරිසර අමාත්‍යංශයේ සොබාදම් පියසේදී අද පස්වරුවේ (19) වැඩ භාර ගත්තේය.


මන්නාරම රෝහලේ ප්‍රසූතියේදී මවත් බිලිදාත් මිය ගිහින්
2024 නොවැම්බර් මස 20 803 0

මන්නාරම පට්ටිතොට්ටම්හි මවක් දරු ප්‍රසූතියක් සඳහා ඊයේ (19) මන්නාරම මහරෝහලට ඇතුලත් කොට දරු ප්‍රසූතිය සිදුකරන අවස්ථාවේදී මව සහ බිළිඳා මිය ගොස් ඇතැයි පොලී


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 422 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 673 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1915 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site