|
|
|
|
|---|
මේ යෞවනයා සහ යෞවනිය උපතින්ම ජනප‍්‍රියත්වය රැගෙන ආ දෙදෙනෙකි. මේ යෞවනිය අතුල අධිකාරි සහ සමිතා එරන්දතී නම් වන ජනකාන්ත ගායන ශිල්පී යුවළගේ දියණියයි. යෞවනයා ශ්‍රී ලංකාවේ සංගීත කණ්ඩායම් අතර අතිශය ජනප‍්‍රිය වූ සන්ෆ්ලවර් කණ්ඩායමේ නියමුවා වන නීල් වර්ණකුලසූරියගේ බාල පුතණුවන්ය.
කවින්ද්‍යා සහ යුකී වන මේ යොවුන් යුවළ ගැන අද බොහෝ දෙනා කතා කරන්නේ සිරස ටීවී හැන්දෑ යාමයේ දී ගෙන එන සික්ස්ටීන් ප්ලස් (16+) සංගීතමය වැඩ සටහන නිසාය. වත්මන් තාරුණ්‍යයේ රැල්ලට, හැඩයට, පැහැයට ගැලපෙන පරිදි මේ දෙදෙනා එම වැඩ සටහන ඉදිරිපත් කළ ද බොහෝ වැඩිහිටියන්ගේ ආදරය ද දිනා සිටින බව කිව යුතුය. හැන්දෑව තාරුණ්‍යයේ එළියෙන් හැඩ කරන ‘‘කවී සහ යුකී සමග අද අපි කතා කරමු.
යුකී ඔයාගේ සම්පූර්ණ නම සහ අනෙක් විස්තර කිව්වොත්?
වර්ණකුලසූරිය යුකී ඬේව් කෲස්. වයස අවුරුදු විස්සයි. පරිගණක අංශයේ උපාධිය සඳහා අධ්‍යාපනය හදාරනවා. මගේ එකම අයියාත් උසස් අධ්‍යාපනය හදාරනවා. ඉතින් අපි දෙන්නයි, අම්මයි තාත්තයි එක්ක ගෙවන ජීවිතය හරිම සුන්දරයි.
ඇයි තාත්තා වගේ සංගීත අංශයට ආවේ නැත්තේ?
මගේ උපාධිය ලබා ගැනීම තමයි ප‍්‍රධාන අරමුණ. සංගීත අංශයටත් ගොඩක් ලැදියි. ගිටාරය, පියානෝව වයන්න පුළුවනි. මම ගොඩක්ම කැමැති සංගීත නිර්මාණකරණයටයි.
යුකී, කවින්ද්‍යාව හඳුනන්නේ කුඩා කාලයේ ඉඳලමලූ නේද?
ඔව්, කවී නංගිගේ මාපියන් වගේම අපේ මාපියන් අතර මිත‍්‍රත්වය තියෙන්නේ අපි දෙන්නා උපදින්නටත් පෙර සිටයි. කවී උපදින්න පෙර සමිතා අක්කී මුලින්ම වඩාගෙන හුරතල් කරලා තියෙන්නේ මාවයි, අපේ අයියවයිලූ.
කුඩා කාලයේ දී ඔයා ලොකු අනතුරකට මුහුණ දුන්නලූ නේද?
ඔව්, ගෙදර සේවයට හිටපු කෙනා මාව ඔසවද්දී මගේ ඔලූව ෆෑන් එකේ වැදිලා මට සිහි නැති වෙලා ලොකු ඔපරේෂන් එකක් කරන්නත් වුණාලූ. එදා මට සිහිය එනකල්ම අපේ අම්මාවයි, තාත්තාවයි සනසමින් අතුලxසමිතා යුවළත් ළඟම ඉඳලා තියෙනවා. ආරංචිය ගිහින් තිබුණෙ සන්ෆ්ලවර් නීල්ගේ පුතා මැරණා කියලයි. කොහොම හරි එදා අපේ අම්මවයිxතාත්තවයි තනි නොකර, අතුලxසමිතා යුවළ එතැන සිටීම ලොකු ධෛර්යයක් වුණාලූ. ඉතින් ඒ අතීත බැඳීම් අදටත් අපේ පවුල් අතර තියෙනවා.
කවී සහ ඔබ අතර තියෙන බැඳීම මොන වගේ ද?
කවී කියන්නේ ඇත්තටම මට මගේම නංගී කෙනෙක් වගෙයි. මගේම පවුලේ කෙනෙක් වගෙයි.
හැබැයි කවී - යුකී එක්ක ටිකක් තරහලූ නේද? කවී මොකද ඒ ගැන කියන්නේ?
ම්ම්... ම්... ඔව්. ඇයි දන්නවද මම යුකී එක්ක තරහා මොකද කියලා.

නැහැ, ඒක තමයි අපි ඔබගෙන් අහන්නේ?
මෙයා, මට නිතරම විහිළු කරනවානේ. ඒකයි.
සික්ස්ටීන් ප්ලස් (16+) වැඩ සටහන කරන්නෙත් ඒ විදියට ද?
ගොඩක් වෙලාවට එහෙම තමයි. ඒත් අපි නිෂ්පාදක මඩුල්ලේ ආකෘතියට අදාළවයි එය කරන්නේ. අපට ඕනෑ සැහැල්ලූව උපරිමයෙන් පේ‍්‍රක්‍ෂකයාට දනවන්නයි.
යුකී එයාගේ පුද්ගලික දේවල් ඔයාට කියනව ද?
අපි දෙන්නට බෙදා හදා ගන්න පුළුවන් දේ විතරයි කියන්නේ. යුකී එයාගේ හැම දෙයක්ම මට කියන්නේ නැහැ. මම මගේ හැම දෙයක්ම කියන්නේ අම්මිටයි. යුකීගේ වැඬේ ඉතින් පොඩි කාලයේ ඉඳලම මා එක්ක රණ්ඩු කරන එක තමයි.
ඔයගේ සම්පූර්ණ නම කවින්ද්‍යා දේවින්දි අදිකාරි. එත් යාළුවෝ කියන්නේ ‘කවී’ කියලා නේද?
ඔව්. ඒක ලෙහෙසියිනේ.
කවීගෙ අද වන විට අරමුණ මොකක් ද?
තවම උසස් අධ්‍යාපනය නිම කරලා නැහැ. කලින් ගුවන් සේවිකාවක වීමේ අරමුණක් තිබුණා. එත් තවම ඒ ගැන මම හිතලා නැහැ.
කවීට රඟපෑමටත් ආරාධනා ලැබුණාලූ නේද?
එක පාරක් ආරාධනාවක් ආවා. ඒත් මම කැමැති වුණේ නැහැ. හැබැයි මේ ප්‍රෝගෑම් එක නම් සතුටින් කරන්නේ.
යුකී ඔබට රඟපෑමට ආරාධනා ලැබුණේ නැත්ද?
අපෝ ලැබුණත් බාර ගන්නේ නැහැ.
යුකී - කවී ගැන අපි නොදන්න ඔබ දන්න දේවල් තියෙනවා ද?
යුකී කී‍්‍රඩාවලටත් ගොඩක් දක්‍ෂයි. දුවන්න, පනින්න ඔය වගේ මලල ක‍්‍රීඩා ගොඩක් කරනවා මගේ හිතේ.
කවී අපි නොදන්න යුකී ගැන ඔබ දන්නා දෙයක් කිවුවොත්?
යුකී අදටත් පොඩි කාලයේ වගේ තාත්තා බදාගෙන නිදා ගන්නේ. එයා විතරක් නෙවෙයි, එයාගේ අයියත් එහෙමලූ. පාන්දර කීයට ආවත් අම්මයි, තාත්තයි එක්කලූ මේ දෙන්නා නිදා ගන්නේ.

.jpg)
.jpg)
.jpg)
.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ පුතේ සිංහල නම් සිංහලෙන් කතා කරන්න ඉංග්‍රීසි නම් ඉංග්‍රීසියෙන් කතා කරන්න (දී)
ප්‍රදීප් රණවක සංජීව ඔබලාගේ කතාව සම්පුර්ණ ඇත්ත(දිල්)
ඇත්තටම මේ විකාර වැඩසටහන් මම මගේ දරුවන්ට නම් කීයටවත් බලන්න දෙන්නේ නැහැ. ඔය කවි කියන ගැහැනු දරුවා කිසිම වගකීමක් නැතුව මාධ්‍ය භාවිතා කරමින් කරන විකාර නටන රැගුම කිසිම විදියකට අපේ රටට නෙවෙයි වෙන රටකටවත් ගැලපෙන්නේ නැහැ. මොනවද ඒගොල්ලෝ කියන්නේ කියල එයාලවත් දන්නේ නැහැ. මේ පේස් e බූක් නිසා බෙල්ලේ වැල දාගන්න කාලේ මේ වගේ වැඩසටහන් මේවාට උඩ ගෙඩි දෙනවා. ඉංග්‍රීසිත් හරියට බැහැ සිංහලත් හරියට බැහැ මම දන්නේ නැහැ මේ දරුවෝ අනාගතය ඇයි මෙහෙම විනාශ කරන්න හදන්නේ. මේවාට මාධ්‍ය මගින් ඉඩ දෙන එක රජයේ වැරැද්දක්. මේවා තහනම් කරන්න ඕනා. ඒ තරම් විකාරයි අප්‍රියයි මේ වැඩසටහන.(නදී)
මේ දෙන්න හොඳයි අනිත් අයව විහිලුවකට ගන්න නම්. (නදී)
මව් රටේම සිංහල නොමරා මරනවා. අහෝ දුකකි. පිට රටක හිටියත් අපේ දරුවෝ හොඳට සිංහල කතාකරනවා. මගේ විතරක් නෙමේ අපි හැමෝගෙම.(නදී)
නිසි අධ්‍යපනයක් නැතී ඉහල පවුල් දරුවන්ට රැකියාවක් හොයල දෙන ක්‍රමය තමා මේක. මේ ළමයින්ට දොස්තර,ඉංජිනේරු පරිපාලකයෝ වෙන්න පුලුවන්ද? (නධී)
රණවක ඔබ හරි.(නදී)
මේ නම් කෙටි කිරිල්ල එච්චර හරි නැහැ වගේ (දී)
මමත් මේ දෙන්නගේ විහිළු වලට ගොඩාක් ආසා කරනවා. (නි)
වැඩසටහන මාරු. (ස)
මම ආසම වැඩසටහන ඔයාලට සුබපැතුම් (දී)
මේක මම එච්චර ප්‍රිය කරන වැඩසටහනක් නෙමෙයි (දී)
සිංහල භාෂාවේ අවසානයද කියල හිතෙනවා මේ දෙන්නගේ වැඩසටහන දැක්කම. අනාගතේට දෙවියන්ගේම පිහිට තමයි.(නදී)
පුළුවන් නම් මුහුණු පොතට ගිහිල්ලා බලන්න ඔය ගොල්ලන්ගේ (දී)
අනේ මට තවත් මේවා බලා ඉන්න බැහැ (දී)
සිංහල භාෂාව විකෘති කරන මෙවැනි වැඩසටහනක් සම්බන්දයෙන් ලිපියක් ලියා තැබීම පිලිබඳ ජාතික පුවත් පතක් වන ලංකාදීපයට පළමුව හිස නමා අචාර කරන්නෙමු ... දෙවනුව .. පුතේ දුවේ .. අපේ මේ රට .. ජාතිය සහ භාෂාව සුරැකිය යුත්තේ නුබලා වැනි නිවේදකයන් අතින් මිස වෙන කා අතින්ද .. භාෂාව අමු අමුවේ අනුභව කරන නුබලා දුටු විට මගේ දෙනෙතට කදුලක් උනන්නේ අප රටේ අනාගතය ගැන සිහිවීමෙනි ... නුබලාට සදා ජය ... (දී)
තාරුණ්‍ය කියන්නේ මේකද (දී)
ඔය ළමයි දෙන්නාට සුභපැතුම් (දී)
මේක ඇමරිකාව නෙමෙයි, ශ්‍රී ලංකාවයි. අපි වැඩක් කරනවා නම් ඒක අපේ සස්කෘතියට අනුව කරන්න ඕනෑ. (නි)
අනේ පුතේ,අපේ හාමිනේ හැන්දෑවට බත් මුට්ටිය ළිපේ තියන්නෙත් නැතුව අල්ලපු වත්තට ගිහින් ඕක බලනවා නොවැ. මමත් ඉතින් වෙලේ ගිහින් එන ගමන් අමුඩේ පිටින් අල්ලපු වත්තෙන් ඕක බලනවා.හරිම සන්තෝෂයි විහිලු වලට නම් (නි)
ලස්සන වැඩසටහනක් (නි)
මුලින්ම හොදට වැඩ සටහන කරා .. ඊට පස්සේ මෙයාල රඟපාන්න ගත්තා ලස්සනට තිබුණු වැඩසටහන .... (දී)
අනේ වැදලා කියන්නේ හසන්ත මහත්තයො මේ වැඩ සටහන දිහා නම් බලන්න කියන්න එපා.(නදී)
වැඩසටහන නම් හොදයි එත් දෙන්නගේ රැඟුම තමයි වැඩි (දී)
දෙන්නාටම සුභ පතනවා (දිල්)
මම හරිම කැමතියි මේ දෙන්නගේ විහිළු වලට , හරි විනෝදයෙන් වැඩසටහන කරනවා (දිල්)
හවසට වැඩ ඇරිල අවිත් මම හැමදාම 16 බලනවා. ඇත්තටම නියම වැඩසටහනක්. දෙන්නටම සුබ පතනවා.(නදී)
දෙන්නටම සුබ පතනවා. (ත)
කොහේ හිටියත් මම හවසට ගෙදර යනවා මේ වැඩසටහන බලන්න .හොද වැඩසටහනක් (දිල්)
රන්දික කියන කතාව ඇත්ත. මටත් මේ වැඩසටහන බැලුවේ නැති උනොත් කෑවේ නැ වගේ. මට මේ දෙන්න මගේ දරුවෝ වගේ.(නදී)
මම නම් වැඩසටහන බලා නැහැ. එහෙත් දුවටයි,පුතුටයි සුබ පතනවා. (නි)
රන්දික, උදිත දෙන්නම කියන්නේ ඇත්ත. මම රැට ඕක නොබලා කෑම නොකා ඉදල තියනවා ඇග අඩු කරගන්න. (දී)
නියමයි! (නදී)
මේ දෙන්නා වැඩසටහන ඉදිරිපත් කරන්නේ සිංහලෙන්ද ඉංග්‍රීසියෙන්ද කියලා තේරෙන්නේ නැහැ, අහෝ අපේ සිංහල භාෂාවට ගිය කලක් කියලා හිතෙනවා මේවා ඇහුවම. (අ)
අනේ ඇත්තට,මෙහෙමත් දේවල්? (නි)
සුභ පැතුම් (දිල්)
දෙදෙනාටම සුබපැතුම් ........ (දී)
හරිම විනෝදාත්මක වැඩසටහනක්.(නදී)
මේ වැඩසටහන ගොඩක් ලස්සන වැඩසටහනක්. අපි ගොඩක් අසාවෙන් බලනවා (දිල්)
අනේ මහතුනේ, මමත් මේ ලඟකදී ඔය කියන වැඩසටනාහන විනාඩියක් විතර දැක්ක. අහෝ දුකකි, මෙයලද අපේ රටේ අනාගතය? මේකද අපේ රටට ඉස්සරහට වෙන්නේ. පිට රටක ඉන්න අපේ ළමයි ලස්සනට සිංහල කතාකරනවා, ලියනවා, කියවනවා. මේකනම් සිංහල රටේ අනාගතය, කුමක් කරම්දෝ. දෙන ඕනෑම කුණුගොඩක් කඩ වැඩ ගන්න අපේ සිරසක් නැති ජනතාවයි. (අ)
මටත් උදිත කියපු දේම තමයි කියන්න තියෙන්නේ(දිල්)
ප්‍රදීප්ගේ කතාව සම්පුර්ණ ඇත්ත , අයියෝ අපේ භාෂාව !! (අ)
රණවක, ඔබේ කතාව 100% හරි මම ඔය වැඩ සටහන එක දවසයි බැලුවේ, එත් මට හිත ගන්න බැහැ මේ ළමයි ඉන්නේ ලංකාවේද කියල. අනේ රටකට ගිය කල. අනෙක එක අපේ අයගේ ප්‍රතිචාර දැක්කහම තේරුම් ගන්න පුළුවන් අපේ රටට මෙහෙම වෙලා තියෙන්නේ අයි කියල. (දී)
මම නම් කැමතියි (දී)
පිස්සුවක්.(නදී)