විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයෝ අද(13) වැඩවර්ජනයක් ඇරඹූහ.
‘හිඟ දීමනා වැඩිකිරීම, විශ්ව විද්‍යාල කාර්ය මණ්ඩලයට රක්ෂණ ක්‍රමයක් ඇතිකිරීම, අත්හිටුවා ඇති භාෂා ප්‍රවීණතා දීමනාව යළි ලබාදීම, විශ්‍රාම යන වයස අවුරුදු 60 දක්වා වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් සම්බන්ධයෙන් බලධාරීන් හා පැවැති සාකච්ඡා අසාර්ථක වූ බවත් ඒ හේතුවෙන් දෙදිනක වැඩ වර්ජනයක් සිදුකරන බවත් ඔවුහු කියති.
ඡායාරූප හා වීඩියෝ - ඉෂංක සුනිමල්

![image-0-02-01-61ba62edc22e7e8d56a4ed5ccbd8fcf5f82bc47476eeadcf4907c5d31247d4e4-V[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/07/image-0-02-01-61ba62edc22e7e8d56a4ed5ccbd8fcf5f82bc47476eeadcf4907c5d31247d4e4-V1.png)
![image-0-02-01-57371c6ca8d73571ee7930ddb3f3c2352cfc2c80624ba20db4a1849edeed463d-V_(1)[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/07/image-0-02-01-57371c6ca8d73571ee7930ddb3f3c2352cfc2c80624ba20db4a1849edeed463d-V_11.png)
![image-0-02-01-92040208557b34b09081366cdca752f539fc272dba197e59b5682b8fe66cd02a-V[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/07/image-0-02-01-92040208557b34b09081366cdca752f539fc272dba197e59b5682b8fe66cd02a-V1.png)
![image-0-02-01-6a48626ffb230a374cc3fbbd7e305534f33238a4c0e5e01497e48807bb52a50a-V[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/07/image-0-02-01-6a48626ffb230a374cc3fbbd7e305534f33238a4c0e5e01497e48807bb52a50a-V1.png)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සරලවම කියනවනම් අපිට පිනට දෙන දේවල් වැඩිකරන්න සහ ඒවා ලැබෙන කාල සීමාවත් වැඩිකරන්න කියනවා වගේ නේ? ශ්‍රීලංකා රජයට මේවට මුදල් ලැබෙන්නේ කෙසේද සහ ඒ සදහා ඔය සේවකයන්ගේ දායකත්වය කුමක්ද යන්නත් කරුණාකර පැහැදිලි කරන්න. (බ)
වෙනත් රටවල වගේ වැඩවර්ජනය කරන දින වලට පඩි නොගෙවිය යුතුයි. (නි)
සියලුම පහසුකම් තියාගෙන තව දේවල් ඉල්ලීම හරිම වැරදි .දුප්පතුන්ට මොනවාද තියෙන්නේ (බ)
මේ අය කොහොමත් වැඩ කරන අය නෙමේ . 1980 කළා වගේ කරන්න ඕන (බ)
යුනිවෙර්සිටි එකේ වැඩකරන පහළම කම්කරුවත් අද 50000 ට වඩා වැඩි පඩියක් ගන්නවා. කරන කිසිම දෙයක් නෑ. ඕටී කරලා පඩියෙන් බාගයක් වගේ ගන්නවා. තවත් මොනවාද දන්නේ නෑ ඉල්ලන්නේ. හරිම අසාධාරණ ඉල්ලීම් (බ)
මොවුන්ගේ පෞද්ගලික ඉල්ලීම්වලට පොදු මහජනයා දුක් විඳින තරම් (බ)
ආණ්ඩුව කියන්නේ දැනට අපේ රටේ ප්‍රධාන ආදායම් මාර්ගය විදේශ ශ්‍රමිකයින් ලංකාවට එවන මුදල් කියලයි. විදේශ ශ්‍රමිකයෙක් විදේශයක වැඩ අවසන් කර විශ්‍රාම ගිය පසු ජීවත්වන්නේ කොහොමද කියලා කව්රුත් බලන්නේ නැහැ. මම මේ කියන්නේ මැදපෙරදිග සේවය කරන අය ගැනයි. නමුත් මේ අයට හැම දෙයක්ම ලැබිලත් වර්ජන කරනවා. ඕවා වැරදි වැඩ. (නි)
රට පස්සට ඇදගෙන යන අසාධාරණ වැඩ වර්ජන. ලැබූ නිදහස අනිසි සේ පාවිච්චි කිරීම අසාධාරණයි. (නි)
මේගොල්ලෝ රාජකාරි වැඩත් හරියට කරනවා නම් හොඳයි. (නි)
මේ රජයට ඇයි බැරි මේ දේවල් පාලනය කරන්න? ඒගොල්ලෝ රාජ්‍ය පාලනයට අසාර්ථකයිද. හැමතැනම වැඩවර්ජන. රට අස්ථාවරයි. ඇයි මේ? (නි)
මේ කමෙන්ට්ස් දාලා තියෙන අය දන්නේ නෑනේ විශ්ව විද්‍යාල අධ්‍යයන කාර්ය මණ්ඩලයට වැටුප් වැඩි කරලා තියන විදිහ. එහෙම නම් එයාලටත් නොදී ඉන්න තිබුනා. පොඩි සේවකයාට එක විදිහටත් ලොක්කන්ට එක විදිහටත් සලකන්නේ නැතුව හිටියනම් මේවා නොකර ඉන්න තිබුනා. අනික එයාලට දීමනා දෙන්නේ මහා පරිමානෙන්. අනික මේ ඉල්ලන්නේ දීපු පොරොන්දු. (ර)
එකම ආයතනයේ සේවය කරන එක් පාර්ශවයකට පඩි වැඩිකිරීම සාධාරණද? මතක තබාගත යුතුයි මෙහි සේවය කරන්නේද දුප්පත් මහජනතාවම බව. ඉහත අදහස් දක්වපු අය ඇයි කියන්නේ නැත්තේ රජයට ඉල්ලීම් ඉෂ්ට කරන්න කියලා. අනික ඔයාලා දන්නවද ඉල්ලීම්වත් මොනවද කියලා (නි)