IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


සරසවි අනධ්‍යයන සේවකයෝ සංකේත වර්ජනයක

දිවයින පුරා විශ්ව විද්‍යාලවල අනධ්‍යයන කාර්ය මණ්ඩල සේවකයන් අද (31) සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කළ බව විශ්ව විද්‍යාලයීය වෘත්තීය ඒකාබද්ධ කමිටුව පවසයි.

අධ්‍යයන කාර්ය මණ්ඩලයේ මාසික හිලව් දීමනාවට සාපේක්ෂව තමන්ගේ දීමනා පහත් මට්ටමක ඇති බවත් එය 100% දක්වා වැඩි කරන ලෙසද, භාෂා දීමනාව, පිළිගත් රක්ෂණ ක්‍රමවේදයක්, වයස අවුරුදු 60 දක්වා බාධාවකින් තොරව සේවය කිරීමේ අවස්ථාව ආදී ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙම සංකේත වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බව විශ්ව විද්‍යාලයීය වෘත්තීය ඒකාබද්ධ කමිටුවේ සම ලේකම් ධම්මික එස්.ප්‍රියන්ත මහතා පවසයි.

තම ඉල්ලීම් සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ බලධාරීන් සමග සාකච්ඡා කළ බවත් එහිදී තම ඉල්ලීම් සාධාරණ බව පිළිගෙන අදාළ බලධාරීන් ඒ සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන ඇමැතිවරයා ඇතුළු රජයේ බලධාරීන් දැනුම්වත් කර ඇති නමුත් මේ වන තෙක් තම ඉල්ලීම් සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාමය ක්‍රියාමාර්ගයක් හෝ සිදු නොකළ බව ප්‍රියන්ත මහතා කියා සිටියේය.

අද පැවැත්වෙන සංකේත වැඩවර්ජනය හේතුවෙන් සියලුම විශ්ව විද්‍යාලවල දෛනික කටයුතු අඩාල වී ඇතැයි විශ්ව විද්‍යාල වෘත්තීය ඒකාබද්ධ කමිටුව සඳහන් කරයි.

තම ඉල්ලීම් සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාරයක් නොලැබුණහොත් ඉදිරියේදී අඛණ්ඩ වැඩ වර්ජනයකට යාමටද සූදානමක් ඇතැයි එම කමිටුවේ සම ලේකම්වරයා කීය.



අදහස් (0)

සරසවි අනධ්‍යයන සේවකයෝ සංකේත වර්ජනයක

නදීෂා Thursday, 31 March 2016 09:22 AM

සම්පුර්ණ ඇත්ත. අවංකවම මෙයාලට ගෙවන පඩිය වැඩියි. කරන වැඩක් නැහැ ගොඩක් දෙනෙක්. (නි)

:       0       0

නිල්මිණි-ජපානය Thursday, 31 March 2016 09:41 AM

මේ අයගේ වැඩ ගැන දකින්න නම් විශ්වවිද්‍යාල අැතුළට ගිහින් බලන්න ඕනේ. තුන හමාර වෙනකොටම ඇගිලි සලකුණු තියන යන්ත්‍රය ළග පෝලිමේ. හරියට වැඩක් කරන්නේ සුළු පිරිසයි. වැඩ කරන්න බැරි වර්ජන කරන අයගේ වැඩ තහනම් කරලා රැකියා විරහිත උපධිධාරියෝ තාක්ෂණ ඩිප්ලෝමාධාරියෝ බදවා ගන්න හොද අවස්ථාවක්. (බ)

:       0       0

හිමාල් Thursday, 31 March 2016 11:51 AM

කිසිදු පැමිණීම් පිටවීම් සටහනක් නැති, ඉගැන්වුවාද නැද්ද හොයලා නොබලන, මාසෙට දවසක් කැම්පස් එන සමහර දේශකතුමන්ලාට විතරක් අසාමාන්‍ය පඩි වැඩි වීමක් දුන්නම ඔහොම වෙනවා.(හේ)

:       0       0

සචිත් Thursday, 31 March 2016 06:21 AM

මේ කෑගහන බහුතරයක් කරන්නේ අයිස් ගහන එක තමා,ඒ මදිවට තව පඩිත් ඉල්ලනවා. අවංකව වැඩ කරන අනධ්‍යයන සේවකයෝ අදත් වැඩ. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’
2024 සැප්තැම්බර් මස 29 166 0

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ


ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට
2024 සැප්තැම්බර් මස 29 177 0

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල


පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා
2024 සැප්තැම්බර් මස 29 143 1

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම


ඉල්ලියාස් රග්බි ක්‍රීඩාවට සාධාරණය ඉල්ලයි
2024 සැප්තැම්බර් මස 29 117 0

ශ්‍රී ලංකා රග්බි පරිපාලනය තුළ 2012 වසරේ සිට 2020 වසර දක්වා කාලයේ සිදුවූයේ යැයි කියන ආගමන විගමන නීති උල්ලංඝණය කිරීමේ සහ මූල්‍ය අවභාවිතය පිළිබඳව ක්‍රීඩා අමාත


පොලිසියේ දී මදන විසේ ඇවිස්සී කූඩුවේ
2024 සැප්තැම්බර් මස 29 366 0

පොලිස් නිළධාරීනීයකගේ පාද විඩියෝ කර සමාජ මාධ්‍ය දැමු තරුණයින් දෙදෙනෙකු අද(29) අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව හලාවත මුලස්ථාන පොලිසිය කියයි.


බේකිරි නිෂ්පාදන මිල වෙනසක් කරන්න බෑ
2024 සැප්තැම්බර් මස 29 353 2

බිත්තර මිල පහළ දැමුවද බිත්තර ආශ්‍රිත බේකරි නිෂ්පාදනවල මිල ගණන් පහළ දැමීමට නොහැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38033 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25045 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 243 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 783 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 284 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site