IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


සරසවි විධායක නිලධාරීහූ අඛණ්ඩ වැඩ වර්ජනයක

(යොහාන් භාසුර)

විශ්වවිද්‍යාල විධායක නිලධාරීන්ගේ ගැටලුවලට ආණ්ඩුව ඇතුළු බලධාරීන් විසඳුම් නොදීමට විරෝධය දක්වමින් විශ්වවිද්‍යාල විධායක නිලධාරීන්ගේ සංගමය අඛණඩ වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව විශ්වවිද්‍යාල විධායක නිලධාරීන්ගේ සංගමයේ සභාපති ඩබ්ලිව්. එම්. ඩබ්ලිව්. වන්නිනායක මහතා අද (6) පැවසීය.

විශ්වවිද්‍යාල විධායක නිලධාරීන්ගේ සංගමය කොළඹදී අද පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවේදී එහි සභාපති ඩබ්ලිව්. එම්. ඩබ්ලිව්. වන්නිනායක මහතා එසේ පැවසීය.

විශ්වවිද්‍යාලය අනධ්‍යයන සේවකයන්ගේ ගැටලුවට විසඳුම් නොලැබීමට විරෝධය දක්වමින් ඔවුන් මෙම මස 2 වැනිදා වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වූ බව කී වන්නිනායක මහතා විශ්වවිද්‍යාල විධායක නිලධාරීන්ගේ සංගමය මෙම මස 3 වැනිදා වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කළ බව ද සඳහන් කළේය.

මෙම අඛණ්ඩ වැඩවර්ජනයට සමගාමීව විශ්වවිද්‍යාල විධායක නිලධාරීන්ගේ සංගමය, කොළඹ පිහිටි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට  හෙට (8) පෙරවරු 10.00 සිට විරෝධතාවක් පවත්වන බවත් වැටුප් විෂමතා නිවැරදි නොකිරීම සහ ආණ්ඩුව පොරොන්දු වූ දීමනා සහ සෙසු පහසුකම් නොලැබීම ඇතුළු ප්‍රධාන ඉල්ලීම් 11 ක් මෙම වර්ජනයට හේතු වන බවත් ඒ මහතා කීය.

මෙම වසරේ ජනවාරි මස සිට ඉල්ලීම් ලබාගැනීම සඳහා සංකේත වැඩවර්ජන ඇතුළු විවිධ වෘත්තීය ක්‍රියාමාර්ග කළ ද බලධාරීන් පොරොන්දු ඉටුනොකිරීම නිසා මෙවැනි අඛණ්ඩ වර්ජනයකට යෑමට සිදුවූ බව කී වන්නිනායක මහතා මෙම වර්ජනය හේතුවෙන් විශ්වවිද්‍යාල පද්ධතියේ කටයුතුවලට වන අපහසුතාව පිළිබඳව කණගාටු වන බව ද වැඩි දුරටත් සඳහන් කළේය. 



අදහස් (3)

සරසවි විධායක නිලධාරීහූ අඛණ්ඩ වැඩ වර්ජනයක

අරවින්ද මොනරවිල Monday, 06 May 2024 02:16 PM

කළබල කෙරුවට නැහැ වැඩක් වෙන්නේ, ජනතාවගේ ප්‍රශ්න හැදුණෙන ආණ්ඩුවක් හදා ගන්නවා ඇරෙන්න.

:       13       5

Aruna Monday, 06 May 2024 02:22 PM

අම්මෝ හරියටම වැඩ කරන අය

:       3       23

රාජරත්න Monday, 06 May 2024 02:54 PM

නිලනිවාසවල හරි හරි බිස්නස්, බෝඩිං කාමර, කැම්පස් වතුපිටිවල ඵලදාව විකුණලා ගන්න සල්ලි, උදේට පොත අස්සන් කරලා එලියේ වීල් එලවනවා, පිට කොන්ත්‍රාත් වැඩවලට යනවා, හවසට වේලාවට ඇවිත් පිටවීම අස්සන් කරනවා, බොරුවට OT දාගෙන ගාන කපනවා, සේවා වෙලාවට බොරුවට වැනෙනවා, පොටෝ කොපි කොලයේ ඉඳලා පුලුවන් හැමදේම පන්නනවා... මේ පොඩි අය කරන වැඩ. විධායක අයගේ සපෝට් එක නැතිව මේවා කරන්න බෑ. විධායක අය ලොකු ලොකු වැඩ. ටෙන්ඩර් කොමිස්, හොරට හදන බිල්, කැම්පස් වාහනයක් හදන්න ගෙනියන ගරාජ් එකෙනුත් කොමිස්... එහෙම තියෙද්දිත් ඉතින් අපි ස්ට්‍රයික්...!

:       3       30

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව සඳ අද සිට
2024 සැප්තැම්බර් මස 29 673 0

අද (29) සිට පෘථිවියට නව සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වෙනු ඇති බවට තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මෙම නව සඳ කුඩා ග්‍රහකයකි.


සනත් වසරකට පත්කරයි
2024 සැප්තැම්බර් මස 29 921 2

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.


කඩු කල්ලියෙන් බස් හිමියෙක්ට ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 2016 0

මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ


’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’
2024 සැප්තැම්බර් මස 29 4303 19

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ


ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට
2024 සැප්තැම්බර් මස 29 2247 8

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල


පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා
2024 සැප්තැම්බර් මස 29 840 1

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38077 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25067 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 246 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 805 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 287 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site