(ඩබ්ලිව් ඩී ඵමි විතානගේ සහ සුදත් පුබුදු කීර්ති )
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට වරම් ලැබූ මාවරමණ්ඩිය නැණමල් රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය ලැබු 14 හැවිරිදි දෙවුම් සනහස් රණසිංහ සිසුවා පිළිගැනීමේ උළෙලක් අද පෙරවරුවේ එම විද්‍යාලයේදී පැවැත්විණි
මෙම සිසුවා විශ්ව විද්‍යාලයට වරම් ලැබු ලාබාලම සිසුවා ද වේ.
විද්‍යාල ආචාර්ය මණ්ඩලය විසින් මෙම උළෙල සංවිධානය කරනු ලැබිය.
එහිදී විදුහල්පති එන්. ජී.රන්බණ්ඩා මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය විසින් දෙවුම් සනහස් රණසිංහ සිසුවා පිළිගෙන උත්සව ශාලාව වෙත කැඳවා ගෙන ආ අයුරු හා එයට සහභාගී වු සිසුන් ඇතුළු මවුපියන් ද මෙහි දැක්වෙයි.
ඒ අනුව දෙවුම් සනහස් රණසිංහ සිසුවා මෙවර ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ක්‍රීඩා විද්‍යාව හා කළමනාකරණ උපාධිය හැදැරීම සදහා තේරී ඇත.
දෙවුම් සිසුවා ගම්පහ දිස්ත්‍රික් වයස අවුරුදු 15 න් පහළ කණ්ඩායම ද නියෝජනය කර තිබේ.
එරාවුර් පොලිස් ස්ථානය ඉදිරිපිටදී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් පක්ෂයේ (SLMC) මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් සාලි නලීම් මහතාට පුද්ග
බත්තරමුල්ලේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තු මූලස්ථානය වෙත විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා පැමිනෙන ජනතාව ආරක්ෂාව සඳහා සහ ජනතාවට සහාය සඳහා නව පොලිස්
’බිම්ස්ටෙක්’ සංවිධානයේ මහලේකම් සහ තානාපති ඉන්ද්‍රා මනි පාණ්ඩේ මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අතර හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාල
පොළොන්නරුව දීපඋයන ආසන්නයේ ප්‍රධාන මාර්ගයේ නවතා තිබූ ලොරි රථයක පිටුපස ත්‍රීරෝද රථයක් ගැටී අද (08) සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස්, තිදෙනකු බරපතල තු
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සිව් දෙනකුට සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනකුට ස්ථාන මාරුවීම් ලබා දී ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි
ලොරියකින් ලී කොටන් බාමින් සිටී පුද්ගලයෙකු ලී කොටන් දෙකකට යටවී මියගොස් ඇති බව එගොඩ උයන පොලිසිය පවසයි.
ශ්රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
සරසවි වරම් ලැබූ ලාබාල සිසුවා ඇගැයේ
සමිත සේනක අලුත්ගමගේ. Monday, 05 December 2022 04:17 PM
ජයවේවා ... !!! ජයවේවා .. !!! ජයවේවා ... !!!
සත්‍ය ගවේෂී.Monday, 05 December 2022 07:37 PM
මේ දක්ෂ දරුවගේ ජයග්‍රහණය වෙනුවෙන් සුබ පැතූදේටත් අකැමැති අපතයින් අන්ලයික් දමා ඇති අයුරු හරිම අශෝභනයි නේද?
ගමේ එකාලා Monday, 05 December 2022 04:52 PM
ඔබ සැබෑම දක්ෂයෙක්. ඔබගේ අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියා ප්‍රාර්ථනා කරනවා. රටට වැඩදායි පුරවැසියෙක් වෙන්න...
fairoos Monday, 05 December 2022 05:05 PM
සුබපැතුම්...!
Jcn Monday, 05 December 2022 05:40 PM
රජයේ පාසලකින් කොහොමද අඩු වයසකින් ඕ ලෙවල් ලියන්නේ කියලා කවුරු හරි කියලා දෙන්න...
AselaMonday, 05 December 2022 05:59 PM
ඒක හොඳ ප්‍රශ්නයක්.. මම කැමැතියි උත්තරේ දැනගන්න.
SujeewaMonday, 05 December 2022 09:44 PM
කාගෙ හරි ජයග්‍රහනයක හොන්ද පැත්ත නෙවි බලන්නෙ. කුහක කමින් ප්‍රශ්නයක් ඇතිකිරිම තමා, මෙ "අ"දාර්මිශ්ට රටෙ ජනතාව පුරුදු වී ඇත්තෙ! මෙහෙමත් ජරා සමාජයක් !!
SUNIL MILANO Monday, 05 December 2022 10:07 PM
මේ විශ්වයම ජයගන්න . සනහස් පුතාට චිත්ත ෙධෙර්යවාසනාව ලැබේවා කියා ඉතසිතින් පතමි.බුදු සරණයි.
SUNIL MILANO Monday, 05 December 2022 10:12 PM
මෙවැනි වාසනාවන්ත දරුවෙකුගේ ජයග්‍රහණය බලා සතුටුවෙන්න බැරි මන්ද මානසික අය සිටීම ගැන හරිම කණගාටුයි.
chitra Tuesday, 06 December 2022 05:25 AM
මොළය වර්ධනය වන ආකාරය ගොඩනඟන්නේ කෙසේදැයි අනෙක් දරුවන්ට දැන ගැනීමට සලස්වන්න.
පැතුම් Tuesday, 06 December 2022 08:31 AM
හොඳ වැඩක් සුබ පැතුම්.
Nalika Tuesday, 06 December 2022 10:28 AM
අපිත් කැමතියි දැනගන්න කොහොමද ඒක කලේ කියලා.
Mendis Tuesday, 06 December 2022 11:30 AM
මෙවැනි පුවතක් පළ කරන විට මෙම දරුවා සාමාන්‍ය පෙළ කළදා, අ.පො.ස. උ.පෙළ කළේ මොන විෂයයන්ද, ආදී වශයෙන් විශ්ව විද්‍යාල ප්‍රවේශය ලබා ගත් ආකාරය විද්‍යාත්මකව පැහැදිලි වන ලෙස පුවත පළ කරනවානම් කොපමණ වටිනවාද, නිකන් ඕපදූපයක් පළ කරනවා වගේ පුවත පළ කරනවාට වඩා.
Santhu Tuesday, 06 December 2022 02:36 PM
වයස අවුරුදු 5න් පාසල් කාලය ඇරඹූ කෙනෙක් සමහර විට විශේෂ දක්ෂ තාවය නිසා, ද්විත්ව ඉහල දැමීමක් සිදු උනා නම් 14 වෙද්දි AL සමත් වෙන්න පිලිවන්. වයස 60 පැනපු අයත් OL ලිව්වාය කියන අය ගැන ධනාත්මක අදහස් ඇත්නම්.. "ඉගෙන ගන්න වයස් සීමාවක් නැහැ" කියනවා නම්... එහෙම නම් වයසින් අඩු උනත් මොලේ වර්ධනය වී නම්.. අනික ඒ දරුවට නීතිමය තහනමකුත් නැත්නම් මොකටෙයි සෘණාත්මකව සිතන්නෙ.. ලංකාවෙ එහෙම උනත් වෙන රට වල මෙහෙමයි වෙන්නේ.. මේ ඉන් 2ක් පමනයි.. වයස: මොෂේ 11 දී 2009 ගණිතය පිළිබඳ උපාධිය ලත් ලොස් ඇන්ජලීස් වල චිකාගෝ හි වයස: 14 දි අලියා සබූර් ව්යවහාරික ගණිතය පිළිබඳ උපාධිය සනහස් රණසිංහ දරුවට සුබ පතනව
Himasha sanjalee Tuesday, 06 December 2022 08:58 PM
මේ ළමයා දක්ෂ ළමයෙක්. පුතා ඔයාට සුබ අනාගතයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බුදුසරණයි.
විජේ Tuesday, 06 December 2022 09:48 PM
එල කොල්ලෙක් සුපිරි ගේමක් ගහලා. අපේ උන් ඒකටත් මරාගන්නවා කමෙන්ට් වලින්. අපි හරි වෙනස් ජාතියක් හාන්දුරුවනේ........
චන්දිම ෆොන්සේකා Wednesday, 07 December 2022 08:08 AM
මේ දරුවාට අපි ඉතා සිතින් සුභ පතනවා. අනේ වරදවා හිතන්න එපා. මේ දරුවට කුහක කමට ලෙඩක් අදින්න නෙමෙයි මෙහෙම අහන්නේ. රටේ අනිත් මෙවැනි දක්ෂ ළමුන්ටත් මේ ආකාරයට ඉක්මනින් තමන්ගේ තරුණ වයස නාස්ති වෙන්න නොදී මේ විදියට සරසවි වරම් ලැබීමට පුළුවන් මෙම සාර්ථක විදිය පැහැදිලි කරලා දෙන්න.
Rasi Wednesday, 07 December 2022 08:47 AM
ඔබට තෙරුවන් සරණයි. පොඩි දරුවෙක්, දක්ෂයෙක්. අන්තරේ එවුන්ගෙන් බේරගන්න. උන්ට දක්ෂයෝ පෙන්න බැහැ.