අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර මහතා සම අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු කිඹුල්ලෑවේ චන්ද්‍රානන්ද හිමි නිදහස් කරන ලෙස ඉල්ලමින් කැලණිය, ජයවර්ධනපුර, රුහුණ ආදී විශ්‍ය විද්‍යාල කිහිපයක් ඉදිරිපිට විරෝධතා ව්‍යාපාර පැවැත්විණි.
කැලණිය සරසවියේ උද්ඝෝෂණය විශ්ව විද්‍යාල පරිශ්‍රයෙන් ඇරැඹි අතර එහි සිට පෙළපාළියකින් මහනුවර- කොළඹ මහ පාරට පැමිණ විරෝධතා පාඨ කියමින් උද්ඝෝෂණයේ නිරත විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෙරේරා නිකම් බොරු කියන්න එපා ඔහේ නම් විශ්ව විද්‍යාලයකට ගිය මිනිහෙක් වෙන්න බෑ.හොඳයි කියන්න බලන්න මොන ව්ශ්ව විද්‍යාලයටද ගියේ ?මොන වසරේද ?මොන පීඨයෙද හිටියේ?ඇත්තටම ගියා නම් ඔහෙත් පුස්සෙක් නේද?කොහොම උනත් පුස්සෙක් බව නම් පේනවා .(අ)
නිදහස් අධ්‍යාපනය නැති රටවල් වල ඔහොම උද්ඝෝෂණය කර කර ඉන්න තරම් වෙලාවක් ශිෂ්‍යයින්ට නැහැ. (දී)
රටට ගිය කල
"මම මගේ දරුවන්ට උගත්කමේ වටිනාකම කියා දෙන්නේ ලංකාවේ විශ්ව විද්‍යාල වල ඉගෙන ගන්න මිසක්, එංගලන්තයේ, ඇමරිකාවේ, ඕස්ට්‍රේලියාවේ , කැනඩාවේ ඩිප්ලෝමා කරන්න නම් නෙමෙයි " (අ)
".පොඩි පොඩි අඩුපාඩු තිබුනත් භාෂාව පැත්තෙන්, අපේ කොල්ලෝ දක්ෂයි සිය දහස් ගුණයක් ඔය පිට රටින් ඉගෙනගෙන එන අයට වඩා." ඔය කොහොම කීවත් දක්ෂ කම තීරණය කරන්නේ එයාලට රැකියාවන් දෙන ආයතන. ඒගොල්ලෝ ක්‍රීම් එක තොර ගන්න දන්නවා. (අ)
දෙනදෙයක් කාල වෙනදෙයක් බලාගෙන අපි වගේ ඉන්නේ නැතුව .. මෙයාලට පිස්සුනේ .. කැම්පස් යන්නේ මොලේ අඩු අයද කොහෙද .. අපි හිතන විදියට නෙවි හිතන්නේ. පෙරටුගාමින් මොළ හෝදලා. අපේ මොළ මාද්‍ය වලින්, මන්ත්‍රිතුමන්ලා හෝදන්න හැදුවට අපි අහුවෙනවද.? මෝඩ ළමුන් ..(අ)
මම මගේ දරුවන්ට උගත්කමේ වටිනාකම කියා දෙන්නේ ලංකාවේ විශ්ව විද්‍යාල වල ඉගෙන ගන්න මිසක්, එංගලන්තයේ, ඇමරිකාවේ, ඕස්ට්‍රේලියාවේ , කැනඩාවේ ඩිප්ලෝමා කරන්න නම් නෙමෙයි (නි)
ඩුබායි වල සේවය කරන ඉන්ජිනේරුවො මාසෙකට 657000 ඩිරාම්ස් (රුපියල් ලක්ස 20 ක් )පඩිය ගන්න පාස් කරලා තියෙන්නේ ලංකාවේ විශ්වා විද්‍යාල වල උපාදිය.පෙරේරා කියන්නේ විශ්වා විද්‍යාල වලට යන දුප්පත් උගත් බුද්ධිමත් දරුවන්ට ගරහන මහම මහා කුහකයෙක්.මොන නැකතක ඉපදුන මිනිහෙක්ද මන්දා? (නි)
පෙරේරා මහත්තයාගේ කතාවේ ඇත්තක් තිබුනත් ඒක ටිකක් සැර වැඩියි.අපිට අවශ්‍ය අපේ විශ්වා විද්‍යාල පද්දතිය මේ බංකලොත් දේශපාලනයෙන් බේරාගෙන ළමයින්ට නිදහසේ ඉගෙන ගන්න පුළුවන් පරිසරයක් බිහි කරවා ගන්න.පිට රට අධ්‍යාපනයයි අපේ අධ්‍යාපනයයි සංසන්දනය කරන්න අවශ්‍ය නැහැ..පොඩි පොඩි අඩුපාඩු තිබුනත් බාෂාව පැත්තෙන්, අපේ කොල්ලෝ දක්ෂයි සිය දහස් ගුණයක් ඔය පිට රටින් ඉගෙනගෙන එන අයට වඩා.කොහොම වුනත් නිදහස් අධ්‍යාපනයක් රැක ගන්න කතා කරන අයගෙන් අහන්නේ අද කොහෙද නිදහස් අධ්‍යාපනයක් තියෙන්නේ? මොන්ටිසෝරියේ ඉදලා ටියුෂන් බඩ ගාලා තමයි ඔය සරසවි යන හැම කෙනාම අද සරසවි වරම ලබන්නේ.. (නි)
විශ්විද්‍යාල ළමයින්ට කිසිම ප්‍රශ්නයක් නැහැ කියන්නත් අය ඉන්න එකයි පුදුමේ. (අ)
ජනතා විමුක්ත පෙරමුණට වෙන වඩක් නැති ද (අ)
පෙරේරා කියන්නේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් ඉදිරිපත් වෙන සියල්ලන්ම හිරේ දාලා ඉවරයක් කරන්න කියලා කියන ජාතියේ මෝඩයෙක් (නි)
පෙරේරා, එංගලන්තයේ, ඇමරිකාවේ, ඕස්ට්‍රේලියාවේ , කැනඩාවේ ඩිප්ලෝමා කරන්න යන්නේ උසස් පෙළ හරියට පාස් කර ගන්න බැරි සල්ලිකාරයන්ගේ මෝඩ දරුවෝ කියා පිලිගන්න.ඩුබායි වල 5 ස්ටාර් හොටෙල් වල චෙෆ්, ඉංජිනෝරුවා , දෝසතර,.... වගේ ඉහලම තනතුරු කරන්නේ ලංකාවේ සරසවි වල උපාධි කරපු අය.විශ්ව විද්‍යාල මෙහෙමවත් ඉතිරි වෙලා තියෙන්නේ අර්තර් විශ්ව විද්‍යාල දරුවන්ට පින් සිද්ද වෙන්න තමා. (නි)
අන්න හරි, අම්මලා තාත්තලා නොකා නොබී හම්බකරලා, පාන්දර හතරට නැගිටලා බත්මුල් බැඳලා දීලා, බස්ගාස්තු ගෙවලා, ඉස්කෝල වලට යවලා, පන්ති යවලා තියපු බලාපොරොත්තු සේරම බල්ලට දාලා යමන් පුතා පෙළපාලි. රටක දියුණුවට උගත්තු බිහිකරන්න ජනතාවගේ බදු සල්ලි වලින් විශ්ව විද්‍යාල පවත්තනවට වැඩිය වහලා දාන එක වටිනවා. (නි)
කැම්පස් අයත් හැමදාම පාරේමයි නේද..? අනේ අපොයි. දෙමව්පියන්ගේ සල්ලි ටික නහත්ති කර කර.. (දී)
දෙන දෙයක් කාලා හිටපල්ලා ළමයිනේ (නි)
මෙයාලා අපේ සල්ලි කනවා. නිදහස් අධ්‍යාපනේ වරද (නි)
පෙරේරා මහත්තය නිකම් කරනවා. මෙහෙ අය කරලා තියන වැඩ බලන්නේ වපර ඇහින්. පිටරට උපාදියක් ගත්තට එක වටින්නේ නැහැ. නිකම්ම බොරුව තමආ. ඉංගිරීසි ටිකක් පුළුවන් එච්චරයි (අ).
පින...පින...කෑම බීම...ඉඳුම් ..හිටුම්..උසි කපුටෝ උසී. (අ)
"මහජනතාවත් මීට වඩා බුද්ධියකින් මේ ගැන බැලිය යුතු වෙනවා" අන්න ඒ නිසා තමයි මහජනයා කියන්නේ නිදහස් අධ්‍යාපනය නවත්වන්න කියලා. (නි)
" කරුණාකර රජයේ උසස් අධ්‍යාපන ප්‍රතිපත්තිය පැහැදිලිව ප්‍රකාශ කරන්න." අධ්‍යාපන ප්‍රතිපත්තිය කාලානුරූපව වෙනස් වෙනවා. ඒවා එයාලා තීරණය කර ගනීවි. (නි)
ලංකාවේ විශ්ව විද්‍යාල ගැන නම් කතා කරලා වැඩක් නැහැ. අපිත් ඕවාල හිටපු නිසා දන්නවා ලංකාවේ විශ්ව විද්‍යාල වලින් පිට කරන්නේ පුස්සෝ විතරයි. කිසිම වැඩක් බැහැ. බටහිර විශ්ව විද්‍යාල වලට ඉගෙන ගත්ත කොල්ලෝ එක්ක මේ අයට හැරෙන්නවත් පුලුවන්ද? දැන් බලන්න, අන්තරේ අධ්‍යාපනික වශයෙන් කබාසිනියා කරපු ලංකාවේ විශ්ව විද්‍යාල වලින් පිටවෙන මෝඩ ගිරා පෝතකයෙකු පිටරට විශ්ව විද්‍යාලයක ඉගන ගත්ත ළමයෙක් එක්ක සසදන්නවත් පුලුවන්ද? නමුත් අන්තරේ සහ ජේ.වී.පී. නිසා එක හොඳ වැඩක් වුනා. පිටරට උපාධියේ අධ්‍යාපනික , සිවිල් සහ වාණිජ අගය මේ අය වැඩි කරලා දුන්නා. දැන් එංගලන්තයේ ඇමරිකාවේ ඕස්ට්‍රේලියාවේ , කැනඩාවේ ඩිප්ලෝමා එකක් කරලා එන සිසුවාට තැනක් තියනවා ලංකාවේ විශ්ව විද්‍යාල වල මාස්ටර්ස් කරපු කෙනෙකුට වඩා. ඒක තමයි කටුක ඇත්ත. (දී)
මොලේ තියෙන සරසවි දරුවෝ අන්තරේ එක්ක වීදි බහින්නේ නැහැ. අවුලක් නැති රටක ජේ.වී.පී. එකට පැවැත්මක් නැහැ වගේ අවුලක් නැති සරසවියක අන්තරේට පැවැත්මක් නැහැ. (දී)
මමත් ජපුරේ ඉගෙන ගත්තේ. ඒ කාලෙත් ඔය වගේ අය අපිට ඉගෙන ගන්න දුන්නේ නැහැ. ජ වි පෙ සියල්ල විනාශ කරනවා. මට නම් පෙන්නන්න බැහැ. ඔය විනාශකාරින් අහිංසක ළමයින්ට ඉගෙනගන්න දෙන්නේ නැහැ (දී)
හැම දේශපාලකයාම වගේ කලේ අධ්‍යාපනය කාපු එක.මහජනතාවත් මීට වඩා බුද්ධියකින් මේ ගැන බැලිය යුතු වෙනවා (දී)
තම අයිතිවාසිකම් උදෙසා හඬ නැගීම ,සටන් කිරීම පොදුවේ ඒකාධිපති පාලකයෝ නොරුස්නා දෙයකි.සිසු මර්දනය ,අතුරුදහන් කිරීම, ඝාතනය මුග්ධ පාලකයන්ගේ ස්වරුපය වේ. උගතුන්ගෙන් ශුන්‍ය දේශයක් පාලනයට පහසුය.එහෙයියන්ට ඔවුන් කැමතිය. (දී)
මේක ඉතා අසාදාරන වැඩක්. කරුණාකර රජයේ උසස් අධ්‍යාපන ප්‍රතිපත්තිය පැහැදිලිව ප්‍රකාශ කරන්න. එය පුද්ගලික කළයුතුම නම් ජනතා සහයෝගය ලැබෙනවා. ඒත් බොරුව කරන්න එපා. කරුණාකර බුද්ධිමත් තරුණ ජීවිත සමග සෙල්ලම් කරන්න එපා. රජය ඍජු ප්‍රතිපත්තියකින් ක්‍රියා කරනවා නම් එය පැහැදිලි කර එම දෙමාපියන්ට දන්වන්න (දී)