(අංජුල මහික වීරරත්න)
මොරටුව, පේරාදෙණිය, බෞද්ධ හා පාලි, සඛරගමුව, කැලණිය සහ ශ්‍රී ජයවර්ධනපුර යන විශ්ව විද්‍යාල වල අතරමග නවත්වනු ලැබ ඇති ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
කොවිඩ් වසංගතය සහ ඉන් අනතුරුව ඇති වූ ආර්ථික අර්බුදය හේතුවෙන් මූලික වියදම් සිදු කර දැනට අතරමග නවතා ඇති ව්‍යාපෘති සම්පුර්ණ කර දීමට කටයුතු කරන ලෙස මොරටුව, පේදෙණිය, බෞද්ධ හා පාලි, සබරගමුව, කැලණිය සහ ශ්‍රී ජයවර්ධනපුර යන විශ්ව විද්‍යාල වලින් ඉල්ලීම් ඉදිරිපත් කර ඇත.
ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කරන ලද යෝජනා සැලකිල්ලට ගෙන, ප්‍රමුඛතා පදනම මත ක්‍රියාත්මක කළ යුතු බවට හඳුනාගනු ලබන නේවාසික පහසුකම්, ආපනශාලා වැනි අනෙකුත් පොදු පහසුකම් 2025 වර්ෂය තුළ දී නියමිත ප්‍රසම්පාදන ක්‍රමවේද අනුගමනය කරමින් නිම කිරීමටත්, ඉතිරි වැඩ විෂයයන්, ඒවායේ විෂය පථයන් අවශතා මත පදනම්ව නැවත සංශෝධනය කර 2026 වර්ෂයේ සිට ඉදිරියට ක්‍රියාත්මක කිරීමටත් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙන ලදී.
සෞඛ්‍ය සේවයේ විශේෂඥ වෛද්‍යවරුන් 2800ක් සිටිය යුතු වුවත් දැනට සිටින්නේ දෙදහසක් පමණක් බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී අද (6)
හයිලෙවල් මාර්ගයේ කොළඹ කොටුව සිට හෝමගම දෙසට ධාවනය වූ හෝමගම - පිටකොටුව බස් රථයක රියදුරු සහ කොන්දොස්තරවරයා විසින් ඉංගිරිය - පිටකොටුව බස් රථයක රියදුරුට සහ
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නියෝජ්‍ය කතානායක රිස්වි සාලි මහතා අමතමින් පාර්ලිමේන්තුවේදී කී වචනයක් පසුව ආණ්ඩු පක්ෂයෙන් එල්ල වූ විරෝධය නිසා ඉල්ලා
ඉන්දියාවේ සිට මුහුදු මර්ගයෙන් තලෙයිමන්නාරමට නීතිවිරෝධීව රහසින් රැගෙන එන ලද විවිධ වර්ගයේ පක්ෂීන්, සතුන් සහ විවිධ වර්ගයේ ඖෂධ තොගයක් සමගින් සැකකරුවන් ත
රාගම, තලගොල්ල ප්‍රදේශයේ නිවසක කාන්තාවක ගෙල කැපීමෙන් අනතුරුව ගිනි තබා ඝාතනය කර ඇති බව රාගම පොලිසිය පවසයි .
කොස්ගොඩ ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු ගිනි අවියක්, මැගසීනයක් සහ උණ්ඩ 9 සමග ඊයේ(5) අත්අඩංගු
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
සරසවි හයක කොට උඩ ගිය ඉදිකිරීම් යළි අරඹයි