බටහිර ඉන්දීය කොදෙව්හිදී පැවැති ‘සෙල්කොන්’ කුසලාන තුන්කොන් ක‍්‍රිකට් තරගාවලියේදී ශූරතාව දිනා ගැනීමට ඉන්දීය පිල සමත් විය. ශී‍්‍ර ලංකාවට එරෙහිව ටි‍්‍රනිඩෑඞ්හි ක්වින්ස් පාක් ඕවල් ක‍්‍රීඩාංගණයේදී ඊයේ (12 වැනිදා) නිමාවූ අවසන් මහා තරගයෙන් ඉන්දීය පිල එක කඩුල්ලක තියුණු ජයක් ලැබීය.
ඉන්දීය පිල ලකුණු 202 ක ජයග‍්‍රහි ඉලක්කය ඕවර 49.4 කදී කඩුලූ 9 ක් දැවී සම්පූර්ණ කිරීමට සමත් විය.
ආබාධයකට ලක්ව සිටියදීත් මෙම තරගයට සහභාගි වූ ඉන්දීය නායක මහේන්ද්‍ර සිං දෝනි පන්දු 52 කදී හතරේ පහර 5 ක් සහ හයේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 45 ක් රැුස්කරමින් ජයග‍්‍රහණයේ දැවැන්ත කොටස්කරුවකු බවට පත්විය.
මහේන්ද්‍ර සිං දෝනි අවසන් තරගයේ වීරයා ලෙස ද, වේග පන්දු යවන ක‍්‍රීඩක බුවනේෂ්වර් කුමාර් තරගාවලියේ වීරයා ලෙස ද, සම්මාන ලැබූහ.
රංගන හේරත් අගනා පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 20 කට කඩුලූ 4 ක් දවා ගැනීමට සමත් වුවද, දෝනිගේ ඉනිම හමුවේ ශ‍්‍රී ලංකාව වෙතින් ජයග‍්‍රහණය ගිලිහි ගියේය.
කුමාර් සංගක්කාර (71) සහ ළහිරු තිරිමාන්න (46) තෙවැනි කඩුල්ල සඳහා ලකුණු 122 ක සම්බන්ධතාවක් පවත්වමින් ශ්‍රී ලංකාව ශක්තිමත් තත්ත්වයකට රැුගෙන ඒමට සමත් වූව ද, 38 වැනි ඕවරයේ පස්වැනි පන්දුවේ සිට පන්දු 13 ක් තුළදී ළහිරු තිරිමාන්න, කුමාර් සංගක්කාර සහ කුසල් ජනිත් දැවී යෑමෙන් ශ්‍රී ලංකා ලකුණු වේගය අඩපණ විය.
කඩුලූ 2 ක් දැවී ලකුණු 171 ක් ලබා සිටි ශ්‍රී ලංකා පිලේ මැද පෙළ සහ පසු පෙළ පිතිකරුවන් අසාර්ථක වීමෙන් ලකුණු 30 කට කඩුලූ 8 ක් බිඳ වැටී ලකුණු 201 කට සීමා වීමට සිදුවිය.
කුමාර් සංගක්කාර විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 100 කදී හතරේ පහර 6 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 71 ක් රැස් කළේය. මෙය සංගක්කාරගේ 77 වැනි එක්දින අර්ධ ශතකය වේ.
ඉන්දීය නායක මහේන්ද්‍ර සිං දෝනි කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා පිලට ආරාධනා කළේය. සිය 400 වැනි එක්දින අන්තර්ජාතික තරගයට සහභාගි වූ මහේල ජයවර්ධන පන්දු 28 කදී හතරේ පහර 2 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 22 ක් ලබා සිටියදී පිටියෙන් ඉවත් විය.
ළහිරු තිරිමාන්න ලකුණු 2 ක් ලබා සිටියදී ඉෂාන්ත් ශර්මා යැවු ඉනිමේ 18 වැනි ඕවරයේ සිවුවැනි පන්දුවට පළමු ස්ලිප්හි පන්දු රකිමින් සිටි රවිචන්ද්‍රකුමාර් අෂ්වින් වෙතට ලබාදුන් උඩ පන්දුව රැුකගත්තේ නම් ශ්‍රී ලංකා ලකුණු පුවරුව මීට වඩා වෙනස් වීමට ඉඩ තිබුණි.
ශ්රී ලංකා යොවුන් ආරම්භක පිතිකරු කුසල් ජනිත් මෙම තරගයට ක‍්‍රීඩා කළ අතර ජීවන් මෙන්ඩිස්ට ස්ථානය අහිමිවිය. දිල්හාර ලොකුහෙට්ටිගේ ස්ථානයට සුරංග ලක්මාල් කැඳවා තිබුණි.
ශ්රී ලංකා කණ්ඩායම සහ ඉන්දිය කණ්ඩායම
ශ‍්‍රී ලංකාව
උපුල් තරංග - ඇ. දෝනි ප. බුවනේශ්වර් කුමාර් 11
මහේල ජයවර්ධන - ඇ. අශ්වින් ප. බුවනේශ්වර් කුමාර් 22
කුමාර් සංගක්කාර - ඇ. විනේ කුමාර් ප. අශ්වින් 71
ළහිරු තිරිමාන්න - ඇ. බුවනේශ්වර් කුමාර් ප. ඉෂාන්ත් ශර්මා 46
ඇන්ජලෝ මැතිව්ස් - ඇ. විනේ කුමාර් ප. ඉෂාන්ත් ශර්මා 10
කුසල් ජනිත් - ස්ට. දෝනි ප. අශ්වින් 2
දිනේෂ් චන්දිමාල් - ඇ. අශ්වින් ප. ජදේජා 5
රංගන හේරත් - ස්ට. දෝනි ප. ජදේජා 5
ශමින්ද එරංග - නොදැවී 5
ලසිත් මාලිංග - ඇ. බුවනේශ්වර් කුමාර් ප. ජදේජා 0
සුරංග ලක්මාල් - ස්ට. දෝනි ප. ජදේජා 1
අතිරේක 23
එකතුව ඕවර 48.5 කදී සියළු දෙනා දැවී 201
කඩුලු වැටීම : 1-27, 2-49, 3-171, 4-174, 5-176, 6-183, 7-193, 8-196, 9-196, 10-201
පන්දු යැවීම : බුවනේශ්වර් කුමාර් : 8-4-24-2, විනේ කුමාර් : 6-1-15-0, ඉෂාන්ත් ශර්මා : 8-1-45-2, විරාට් කෝලි : 3-0-17-0, සුරේෂ් රයිනා : 6-0-25-0, රවිචන්ද්‍රන් අශ්වින් : 10-0-42-2, රවින්ද්‍ර ජදේජා : 7.5-1-23-4
ඉන්දිය කණ්ඩායම් ඉනිම
රෝහිත් ශර්මා - ප. හේරත් 58
ශීකාර් ධාවන් - ඇ. සංගක්කාර ප. එරංග 16
විරාට් කෝලි - ඇ. සංගක්කාර ප. එරංග 2
දිනේශ් කාර්තික් - ඇ. ජයවර්ධන ප. හේරත් 23
සුරේෂ් රයිනා - ඇ. සංගක්කාර ප. ලක්මාල් 32
මහේන්ද්‍ර සිං දෝනි - නොදැවී 45
රවින්ද්‍ර ජදේජා - ක.මු.කළා ප. හේරත් 5
රවිචන්ද්‍රන් අශ්වින් - ක.මු.කළා ප. හේරත් 0
බුවනේශ්වර් කුමාර් - ක.මු.කළා ප. මාලිංග 0
විනේ කුමාර්- ඇ. අතිරේක ප. මැතිව්ස් 5
ඉෂාන්ත් ශර්මා - නොදැවී 2
අතිරේක 15
එකතුව ඕවර 49.4 කදී කඩුලූ 9ක් දැවී 203
කඩුලු වැටීම:
1-23, 2-27, 3-77, 4-139, 5-145, 6-152, 7-152, 8-167, 9-182
පන්දු යැවීම:
ශමින්ද එරංග : 9.4-2-50-2, සුරංග ලක්මාල් : 10-1-33-1, ඇන්ජලෝ මැතිව්ස් : 10-1-38-1, ලසිත් මාලිංග : 10-1-58-1, රංගන හේරත් : 10-2-20-4

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද මැච් එකේ ලංකාව අනිවාර්යයෙන් පරිප්පු කනවා (නි)
දෝනි ආව හින්දා අපි දිනන එක ෂුවර් නැහැ (නි)
ඉන්දියාවත් සමගනේ ගහන්නේ, දුකේ බැහැ අපේ අය ලකුණක් ගන්න විදින දුක දැක්කම. ඇස් දෙකේ කදුළු පුරවාගෙන මම බලන් ඉන්නවා.පවු දෙවියනේ. (නි)
ලංකා ක්‍රීඩකයන් තීරණාත්මක තරග වලදී ඉන්දියාවට එරෙහිව ක්‍රීඩා කරන ආකාරය ගැන මට විශාල සැකයක් තිබෙනවා (නි)
අපි නිකන් ලේ පුච්චගන්නවා මැච් බලලා.මහේල,සංගා,ඩිල්ශාන්ලා ගියපු කාලෙක ලංකාවේ ක්‍රිකටුත් ඉවරයි (නි)
2015 ලෝක කුසලාන කණ්ඩායමට අර්ජුන රණතුංග, අරවින්ද සිල්වා, කළුවිතාරණ, සනත් ජයසුරිය, දිල්ෂාන්, සංගක්කාර, මහේල, මාලිංග, නුවන් කුලසේකර, රංගන හේරත්, ඇන්ජලෝ මැතිව්ස්, චමින්ද වාස් ඇතුළත් කරන්න (නි)
දැන් ලංකාවේ ක්‍රිකට් වල නම ගෙනියන්නේ ඇෂ්ටන් අගර් තමා.අයියෝ සල්ලි ! (නි)
පවු අනේ ලංකාවේ ක්‍රීඩකයන්ට බනින්න එපා. ඕවා ඔහොම තමා. (නි)
හොද වෙලාවට දැන් මම ලයිව් ක්‍රිකට් බලන්නේ නැත්තේ. මොකට ද නිකන් ලෙඩ වැඩිකරගන්නේ... (නි)
කෝටිගණන් සල්ලි තියෙන මේ අයට තරඟය දිනුවත් නැතත් මොන ප්‍රශ්නද? ක්‍රිකට් වලින් සමුගත්ත කාලෙක පවා ඔස්ට්‍රේලියාවේ , එංගලන්තේ, කැනඩාවේ පුරවැසිබාවය ලබා සතුටින් ජීවත් වෙන එකනේ (නි)
මැතිව්ස්, මොකෝ පුතා මේ? සිහියක් නැතැයි ? (නි)
අනේ මන්දා. ඉන්දියාවේ අය මට පෙනෙන්නේ මොනවහරි ගුරුකම් කරවාගෙනද කොහෙද පිට්ටනියට එන්නේ.. විශේෂයෙන් දෝනි ..නැත්නම් මේ මොකද අපේ කට්ටියට වෙන්නේ? හරියට පාසල් ටීම් එකක් වගේ. (නි)
අපේ කණ්ඩායම හරියට පකිස්ථාන කණ්ඩායම වගේ වෙලා, කිසිම නිශ්චිතතාවයක් නැහැ. සමහර තරඟ හොදින්ම දිනනවා, සමහර තරඟ නැතිවෙන්න පරදිනවා. (නි)
මොකද මේ අපේ සිංහයින්ට වුණේ? (නි)
දැන් අපේ සම-හරක් පණ්ඩිත විචාරකලා තණතිල්ලේ ස්වභාවයට බනිවී. අපේ කොල්ලෝ පව් කියමින් විවේචනය කරන අයට බනිවී. (නි)
ශ්රී ලංකාවට නිදහසට කරුණු හොයාගන්න වෙන්නේ හදෙන් තමා. අයි.සි. සි කුසලානය, බටහිර ඉන්දීය කොදෙව් තරඟාවලිය යන දෙකම පැවතුනේ ඉන්දියාට හා ලංකාවට පොදු නොවෙන මධ්‍යස්ත තැනක.දෙගොල්ලොම අයි.පී.එල් සෙල්ලම් කළා. ඒ නිසා දෙගොල්ලන්ටම එක ලෙසම මහන්සියි. ඉන්දියාවේ දක්ෂකම් තමා මේවාලින් තහවුරු වෙන්නේ. (නි)
ලොකු ඇත්තෝ වගේ දැන් රගර් ක්‍රීඩාවට නැඹුරු වෙන එකයි තියෙන්නේ. (නි)
2011 දී ලෝක කුසලානයට තිබ්බේ නැති උනන්දුවක් නේ දැන් ලංකාවේ රගර් සමාරම්බක උත්සව වලට තියෙන්නේ. (නි)
අනේ........අපේ අර පුතාලා තුන් දෙනාගෙන් එක්කෙනෙක් හරි ක්‍රිකට් ගැහුවා නම් කියලා හිතෙනවා. එහෙම වුනා නම් අනිවාර්යයෙන්ම ජාතික ක්‍රිකට් කණ්ඩායමට ප්‍රධාන පුහුනුකරුවන් තුන්දෙනෙක් දාලා හරි , ඇමෙරිකාවේ ලෝක ප්‍රකට බේස් බෝල් පුහුණුකරුවෙක් හරි ගෙනැල්ලා අපේ අයව හොදට පුහුනුකරනවා. (නි)
මම දැන් පැරණි තරඟ ආපහු නරඹනවා. සනත්ලා , අරවින්දලා , අර්ජුනලා ගේ දක්ෂකම් හරිම අගනෙයි. (නි)
ඒ අයට තරඟය පැරදුනත් දිනුවත් ගතමනාව ලැබේ. කැමරාව ඉදිරිපිට දුක්මුසු මුහුණු පෙන්නා, හෝටලයට ගිය පසු නාන තටාක වල දිය බුන් ගසමින් , රජබොජුන් විදමින් , විනෝද වෙන මේ අය, නැවත ලංකාවට එන්නේද සුකෝපභෝහි ගුවන් සේවාවල ව්‍යාපාරික පන්ති වලය. නැවත කොළඹ ගුවන් තොටුපලේදී හෙම්බත් බාවයක් මාධ්‍යයට පෙන්වා වාහනයට ගොඩවී පිටවී යයි. (නි)
අද කවුරුත් අදහස් දක්වලා ඇයි පරාද කියලා.ඔහොම තමයි ක්‍රීඩාව කියන්නේ. අපේ කොල්ලෝ දක්ෂයි.දුකේදී සැපේදී 2කෙම ඉන්න කට්ටිය විතරයි හොද මිතුරෝ.ඒත් අද කවුරුත් නැහැ.කමක් නැහැ මම ඉන්නවා. (නි)
දෝනි දුන්නා ලංකාවට දුවන්නම...අනේ අපි හැමදාම අනු ශුරයන් තමා.(නදී)
අයි.පී.එල් ---------> ඉන්දීයන් ප්‍රමියර් ලංකා.(නදී)
ප්‍රධාන පුහුනුකරු මාරු කිරීමට කාලයයි මේ.(නදී)
ඉන්දියාව හැමදාම කලේ ලංකාවට දුන්න එකනේ. (නදී)
කොතරම් උණුසුම් තරඟයක් වුනත් කම් නැත, අවසානයේ පරාජයක් නම්... දෝනි අවසාන ඕවරයේදී නෙළුවේ ඔය ලස්සනට,ශ්‍රී ලංකාවේ ප්‍රේක්ෂකයන්ට විදුලි බිල මතක් කරමින්ම. (නි)
පරාජය අමතක කරන්න අපේ ලක්ෂපති ක්‍රිකට් ක්‍රීඩකයන් කෝටිපතියන් කරන අයි.පී.එල් ලොතරැයියට හෙට සිටම ලැහැස්ති වෙන්න. (නි)
ඉන්දියාව ලෝක ශුරයන් වී සියලු තරග දිනමින්, අනුග්‍රාහකයන් අද්දවා ගනිමින් ඩොලර් බිලියන ගණන් අදායම් හොයද්දි , ශ්‍රී ලංකාවට අයි.පී.එල් වලින් මිලියන 50 ක් දුන්නත් ඉන්දියාවට ලාබයි නේ. ඔන්න බිස්නස්.... (නි)
නවක ක්‍රීඩකයෝ හැමදාම නවකයෝම තමා, තරග 50 ක් ගැහුවත් 100 ක් ගැහුවත්.... (නි)
ජ්‍යෙෂ්ට ක්‍රීඩකයෝ විවේක ගන්වලා මේ තරගාවලියට දන්නා තිබ්බේ අලුත් ම ක්‍රීඩකයෝ ටිකක් දිනන්න හරි පරදින්න හරි. (නි)
තේරීම් කමිටුවට තිබ්බේ මාලිංග, මහේල, සංගක්කාර විවේක ගන්වලා. ශ්‍රී ලංකා ඒ කණඩායමේ බටහිර කොදෙව් සංචාරයට එක්වූ දක්ෂ ක්‍රීඩකයන් මේ තරඟාවලියටත් යොදාගන්න. මොකද ඒ අයට මේ තනතීරු හා දේශගුණය යම්තාක් හුරු නිසා. (නි)
හැමදාම ෆයිනල් එන අපි ආයේ කවදා කප් එකක් නම් ගන්නද? ඇයි මේ ඉන්දියන් භීතිකාව? එහෙම වෙන්නේ ඇයි? (නි)
කුසල් වෙනුවට තිසර පෙරේරා දැම්මානම් තරගය දිනන්න තිබුණා. එසේම නායක ඇන්ජලෝ , තිරිමාන්න පන්දු යවන්න යොදා ගත්තා නම් තරගය ලොකු වෙනසක් වෙනවා (නි)
ඉන්දියාවට වුනේ අපිට වුන දේමයි. මැතිව්ස් අන්තිම ඕවරය මාලිංගට තියා ගත්තා නම් දිනන්න තිබ්බා. අන්තිම ඕවරය පීඩනය වැඩි අවස්ථාවක්... (නි)
මහේල සංග දිල්ෂාන් සමුගත් දිනක ලංකාවේ ක්‍රිකට් ආයේ 80 දශකයෙනුත් පහලට යාවි. ඒ කියන්නේ හැමදා පරාජය. මැතිව්ස් නායකත්වයේ වගකීම් ඉටුකළේ නැහැ. දැක්කනේ දෝනි විකට් 9ක් ගියත් අන්තයක් බේරාගෙන අල්ලන් දිනා ගත්ත අපේ නායකයා ..... (නි)
තේරීම් කමිටු ලොක්කෝ පවුල් පිටින් ගිහින් මැච් බලනවා. එංගලන්ත සංචාරයේත් මේකම තමා වුනේ. ක්‍රීඩාව වලපල්ලට යනවා පාලකයන් පවුල් පිටින් සවාරි ගහනවා. කාටද මේවා කියන්නේ? (නි)
කණගාටුයි. අපි පරාදයිනේ (නි)
ගූඩ් ලක් තමයි ඉතින්, අද ගුටි (නි)
දැන් සෑහෙන කලක සිට අපේ අහවල් පන්දු යවන්නාට ඉන්දියාවට විතරක් ගහනකොට වරදිනවා. මින්පසු ඉන්දියාව සමග තරඟවලට ඔහුව සහභාගී කර නොගන්නවා නම් හොඳයි. (නි)
අපරාදේ ලංකාවේ අහිංසක මිනිස්සුන්ගේ සල්ලි .මේවගේ තේරුමක් නැති ක්‍රිකට් මැච් බලලා අපේ විදුලි බිල වැඩි වෙන එක විතරයි වෙන්නේ.අපිට කවදද දිනුමක බලාපොරොත්තුවක්? ඒකට තව ගොඩක් කල් යයිනේ. (නි)
ඕක තමා අපි කිව්වේ තිසර වගේ කෙනෙක් ටීම් එකේ තියා ගන්න කියලා. එහෙම වුනා නම් අඩුම තරමේ තව ලකුණු 30ක් වත් එනවනෙ. (නි)
ඇයි තිසර ඔපෙන් කරවන්නේ නැත්තේ?ඇයි තිසරව ටීම් එකෙන් අයින් කලේ?ඒ වෙනුවට ගත්ත අය හොදට සෙල්ලම් කලාද ? (නි)
ඉන්දියාවට විතරක් ගහනකොට පරදිනවා.අපරාදේ ලංකාවේ අහිංසක මිනිස්සුන්ගේ සල්ලි.ඉන්දියන් භීතිකාවද? නැත්නම් කෝටිගණන් සල්ලි ද? ශ්‍රී ලංකාවට අයි.පී.එල් වලින් මිලියන 50 ක් දුන්නත් ඉන්දියාවට ලාබයි නේ. ඔන්න බිස්නස්....ඉන්දියාව ලෝක ශුරයන්. දැන් මම ලයිව් ක්‍රිකට් බලන්නේ නැහැ.අපේ අය ගැන කණගාටුයි. (දී)
ඇත්තට ලංකාවෙ ඉන්නෙ පුදුම මිනිස්සු. දිනනකොට හුරේ දානවා. පරදිනකොට පලු යන්න බනිනවා.අපේ මිනිස්සු හැමදාම කලේ ඔය වගේ වැඩ තමයි. අයි.පී.එල් ගියාම ඒත් බනිනවා.ඒ මදිවට මැච් ගහනකොට කොටි පනිනවා පිට්ටනියට. මේ වගෙ බැට කන ටීම් එකක් ලෝකෙ නැහැ තවත්.ඔය මහ ලොකුවට බනින අයට ගහන්න කියන්නකො. එහෙනම් බෝලෙ වැදිලා මැරෙන්නෙ. (දී)
ඕවරේට ලකුණු 15 ක් ගන්න බැරුව ගියානේ.මින් ඉදිරියට ඔයවැනි පන්දු ඕවර මැතිව්ස් විසින් යැවිය යුතුයි. සාමාන්‍යයෙන් දිල්ෂාන් නේ ඔය ඕවරේ දාන්නේ.එයා හිටියෙ නැහැනේ (දී)
මේවා දේශපාලන. ඉන්දියාවට 13 මේකත් ඒකයි.(නදී)
තිරිමාන්න, චන්දිමාල් වෙනුවට නවක ක්‍රීඩකයෝ ආදේශ කළ යුතු කාලය පැමිණ ඇත (දී)
මාලිංග තියා ගත්තා නම් ගොඩ. කුසල් ජනිත්,දිනේෂ් චන්දිමාල්, එළියේ තියන්න ඕනෑ. ජීවන් මෙන්ඩිස් ,තිසර පෙරේරා ඇතුලේ ඉන්න ඕනෑ. දැන්වත් හරි තීරණය ගන්න. (දී)
ලංකාව ගහන්න තටමනවා. ඉන්දියාව බලන්න ලස්සනට ගහනවා. බෝල් 6 කට ලකුණක් ගත්තා නම් ලකුණු 300 ක් (දී)
මට නම් මෙතන එක දෙයක් පේනවා. අර අහවල් නාලිකාව මැච් විකාශන අයිතිය ගත්ත දා ඉදල අපේ අය පරදිනව. මම හිතන්නෙ අසාධාරණය, අයුක්තිය වැඩි වෙද්දි දෙවියොත් අහක බලනවා කියලා. (දී)
අපිට තියෙන දැනුමවත් ඇන්ජලොට නැහැනේ. එරංග වගේ අත්දැකීම් අඩු කෙනෙක්ට ලාස්ට් ඕවරය දාන්නා දෙනවද? තරගය බැලුව අයට ඒ වෙලාවේ එරංගගේ මුහුණෙන් තිගැස්ම දකින්න තිබුනා. නායකයට දැනුම තියෙන්න පන්දු යවන්නෝ මික්ස් කරගන්න. දිල්ෂාන් මහේල හැර ඩිරෙක්ට් හිතලා එකක් ගහන්න පුළුවන් කීදෙනෙක් ඉන්නවද.මටකනේ අර්ජුනලගේ කාලයේ සොබෙර්ස් ව ලංකාවට ගෙන්නුවා.ඒ කාලේ කොහොමද අපේ පන්දු රැකිම ? අර්ජුන පවා වේගවත්. ඔය වෙනත් ක්‍රීඩාවලට සල්ලි නාස්ති කරන එකේ ජෝන්ටි රෝඩ්ස් වගේ පුහුනුකරුවෙක් ගෙන්නන්න දෙයියනේ. අපිට ඇඩෙනවා ක්‍රිකට් වලට වෙලා තියෙන දේ දැක්කම. තිසර හිටියා නම්,අපි දිනුම්. (දී)
ක්රිකට් කියන රටේ සල්ලි කන ක්‍රීඩාව රටෙන් තුරන් කිරීමට කාලය ඇවිත්. මොවුන් තවත් මෙහෙම සෙල්ලම් කළොත් වදින්නේ දුප්පතාගේ බඩට. දුප්පතාගේ එදා වේල ගණන් යනවා. මොවුන් කෝටිපතියෝ නේ. (දී)
මැතිව්ස්ට, මහේලට , සංගක්කාරට තිබුන වාසනාව නැහැ. කාසිය වාසිය දිනන්නේ ඉදලා හිටලා. ඒකත් පරාදයි. නායකත්වය වෙනස් කරන්න කාලය හරි.මැතිව්ස්ට තව කල් තියනවා.නායකත්ව කුලසේකරට හරි උපුල් තරංගට හරි දෙනවා නම් හොදයි.මැතිව්ස්ට පුළුවන් 2019 ලෝක කුසලානයට නායකත්වය දෙන්න. එයට තව කල් තියනවා.2023 චන්දිමාල්ට දෙන්න පුළුවන් . (දී)
කණ්ඩායමක් නැහැ, දැක්මක් නැහැ, දිනුමක් නැහැ, මොකුත්ම නැහැ (දී)
අපි අපිටම බැනගනිමු නිදි මරාගෙන මේ විහිළු බලනවට (දී)
ජය පැරදුම හරිහැටි බෙදාගන්නවත් බැරි ජාතියක් තමයි ඉන්දියාවේ ඉන්නේ (දී)
පරාදයට ප්‍රධානම හේතුව අයි.පී.එල්. තරග නිසා අපේ ක්‍රීඩකයෝ ඉන්දියාවට ගැත්තන් වීම (දී)
සුදුස්සාට සුදුසු කාලයේදී සුදුසු දෙය දිය යුතුය (දී)
කොහොමහරි දෝනි ගියදාට ඉන්දියාව ඉවරවෙනවා.කොල්ලන් ගැන කේන්ති යනවා. 240ක ලකුණු ගානකට යන්න තිබ්බ අවස්ථාව නැති කරගත්තා.අපරාදේ ලහිරු සහ සංගා ගෙනාපු දෙය කුසල්ට,චන්දිමාල්ට ඉස්සරහට ගෙනියන්න බැරි වුනා. (දී)
අර්ජුන, අරවින්දලාගේ කාලේ මැච් එකක් පැරදුනාම හිතට ලොකු දුකක් දැනෙනවා. දැන් දුකක් දැනුනත් එච්චරම නැහැ. මොකද දැන් බොහෝ ක්‍රීඩකයෝ සෙල්ලම් කරන්නේ සල්ලි වලට මිසක් රටගෙන හිතල නෙමෙයි කියලා දැනෙන නිසා. මේකට සියලු ජාතික තලයේ ක්‍රීඩකයන්ට විශ්‍රාම වැටුපක් සහිත රජයේ සේවකයෙකුගේ වැටුපක් දුන්නා නම් අඩුම තරමේ ක්‍රිකට් වලට ආදරය කරන, රටට ආදරය කරන පිරිසක් අනාගතයට බිහිවෙයි (දී)
දැන්වත් අයි.පී.එල්. යන එක නවත්වන්න. නැත්නම් අපේ රටට කවදාවත් කුසලානයක් ගේනවා බොරු (දී)
ද්‍රෝනියා අවුට් කරගන්න බැහැනේ අපේ කට්ටියට. ඇත්ත නම් ඇත්ත කියන්න බොරුනම් බොරුයි කියන්න (දී)
ෆයිනල් එකට එනකල් ආවොත් අනිවාර්යයෙන් පරදිනවා (දී)
ඉන්දියාවට ගහගන්න බැහැනේ, එකක් ගැහුවොත් දහයක් පරදිනවා (දී)
මාලිංගගේ බෝල් නම් දැන් වැඩක්ම නැහැ. ද්‍රෝනි දක්ස ක්‍රීඩකයෙක් (දී)
අපේ අයගේ කණ්ඩායම් හැගීම නැහැ දැන්. ඒ කාලේ මැච් දිනුවේ ඒක තිබුන නිසා. මැද පෙළ පිතිකරුවන්ගෙ නම් කිසිම හැගීමක් නැහැ රට ගැන. පරණ ක්‍රීඩකයෝ මැච් දිනුවේ ජාතික හැගීම තිබුන නිසා. මේවා වෙනස් කරන්න ඕනෑ කාලයයි මේ. ප්‍රධානම දේ මොවුන්ගේ මනස ශක්තිමත් කරන වැඩ සටහනක් පටන් ගන්න ඕනෑ. ඔය මොක කලත් වැඩක් නැහැ මෙයාලව දිගටම අයි.පී.එල්. යවනවා නම්. ක්‍රීඩකයනි,මතක තියා ගන්න. මේ විදියට දිගටම පැරදෙනවා කියන්නේ රටේ අබිමානය නැති කරනවා කියන එකයි. සල්ලි නෙමේ එක. පළමුවත් රට දෙවනුවත් රට තෙවනුවත් රට. ඔබලාගේ මොලේ පෑදේවා (දී)
අපේ අය අපිට ක්‍රිකට් එපා කරනවනේ. (දී)
මම කිව්වා හරි නේද? අයි.පී.එල්. තියෙනකන් අපි ඉන්දියාවට පරදිනවා (දී)
ලංකාවේ හැමදම සෙමි ෆයිනල් විතරයි. ක්‍රිකට් බැලිල්ල එපාවෙනවා (දී)
මම නම් හිතන්නේ එරංග තාම නවකයෙක්. ඔහු තවම එක්දින තරග 20 වත් ක්‍රීඩා කර නැහැ.ඉතින් ඒ වගේ අවස්ථාවක ඔහු වැනි පන්දු යවන්නෙක් යොදා ගැනීම අපේ පරාජයට හේතු වුනේ. අවසාන ඕවරය මැතිව්ස් හරි මාලිංගට හරි යැව්වා නම් අපිට නිසැකවම ජය ලබන්න තිබුනා. මම හිතන්නේ දකුණු අෆ්රිකානු කණ්ඩායම සමග පවත්වන තරග වලදී කණ්ඩායමේ වෙනස්කම් සිදුවිය යුතු යි .මේ තරග වාරයේ අසාර්ථක වුන ක්‍රීඩකයන්ව විවේක ගන්වලා වෙනත් දක්ෂතා අතර ඉන්න නවකයන්ට අවස්ථාව දිය යුතුයි.ඊලග තරාගවලිය ජය ගන්නට මගෙන් සුබ පැතුම් ..... (දී)
අනේ දිනන්න වගේ ගිහිල්ලා පරදින එක නවතින්න අපේ කව්රු ළඟවත් සැලැස්මක් නැද්ද? (දී)
ඔහොම ගියොත් ලංකාවට මොනවා වෙයිද? (දී)
තරිඳු , ඕක තමයි ලෝක ස්වභාවය. ඕක ලංකාවට විතරක් නොවෙයි ලෝකේ හැම රටකටම පොදු දෙයක්. ලංකාවේ ඔයා වගේ හිතන අය ඉන්නේ 10 % විතර, 15% ක්‍රිකට් ක්‍රීඩාවට අකමැතියි. 75 % කැමති ශ්‍රී ලංකා කණ්ඩායම සහබාගි වෙන ඔක්කොම තරග දිනනවට. (දී)
දැන් වැදගත් තරගාවලි වල අවසන් තරගයට එන කණ්ඩායම් ශ්‍රී ලංකාවත් එක්ක ක්‍රීඩා කරන්න ලැබෙනවා නම් සතුටු වේවි. ඇයි ශ්‍රී ලංකාවට කුසලාන ගන්න බැරි අපලයක් තියෙනවනේ දැන්. අපි දැන් මැච් කීයක නම් අනුශූරයෝද? (දී)
හර්බජාන් ලා , යුවරජ්ලා , සචින් ලා, ෂෙවාග් ලා, සහීර් ඛාන් ලා නැතිවනේ දැන් ඉන්දියාව තරඟ දිනන්නේ. (දී)
නිසල් හරියට හරි. මැතිව්ස් ලකී නායකයෙක් නොවේ. අර්ජුන මහේල සංගා ලට ඒ වාසනාව තිබුණා. හැමදාම කාසියේ වාසිය පරාදයි. ඒකත් වැදගත්. (දී)
මාලිංග නැතුව මැච් එක ගැහුවා නම් ෂුවර් එකට කප් එක අපේ රටේ (දී)
කුසල් ජනිත්,දිනේෂ් චන්දිමාල් දෙන්නා අලුත් ක්‍රීඩකයින් දෙදෙනෙක් විදියට, අපේ අල්ලපු රටේ සුරේෂ් රයිනා, විරාට් කොලි යුගලය ආදර්ශයට ගන්න ඕනෑ. මොකද ඒ යුගලය දන්නවා ඉන්දියාවේ ජාතික කණ්ඩායමට එන්න අපේ වගේ 1000 ගුණයක් අමාරුයි. එහෙම ඇවිල්ලත් එක දිගට දක්ෂතා නොදැක්වුවොත් යුවරාජ්, කයිෆ් යුගලය වගේ එලියට තමා. උපුල් තරංග මීට වඩා සැලකිල්ලෙන් ක්‍රීඩා කල යුතුයි .තිසර පෙරේරා මුල් පෙලේ පන්දුවට පහර දෙන්න තරම් අත්දැකීම් හෝ තාක්ෂණයක් යුතු ක්‍රීඩකයෙක් නොවෙයි, ජීවන් මෙන්ඩිස් හොද ලංකාවේ පළමු පෙළ තරඟවලට විතරමයි, ඔහුට තරඟයක් දිනවීමේ විශේෂ දක්ෂතාවයක් නැහැ (දී)
අනේ තරිඳු, අපි ඉන්දියාව පකිස්ථානය වගේ අන්තවාදී අය නොවේ. ඔයාට අපේ දුර්වලතා පෙනෙන්නේ නැද්ද? කෝ ඉස්සර තිබ්බ මොරාල් එක. සංගා මහේල නැතුව කව්දාද වැටිච්ච ඉනිමක් ගොඩගන්නේ? දෝනි අන්තිම ඕවරයේ බැට් එක මාරුකළා.අපේ අය වතුර බොනවා.කතා දෙකක් නැහැ ඇන්ජෙලෝ ලාස්ට් ඕවර් එකට හොඳ බෝලර් කෙනෙක් තියාගත්ත නැති එක තමයි ප්‍රශ්නේ. (දී)
පරදිනවා කියල සීමාවක් තියනවා.ඔය ඔක්කොම අයින් කරලා අලුතෙන් කණ්ඩායමක් හදලා යැවුවා නම් ඉවරනේ (දී)
දිනේෂ් චන්දිමාල් දක්ෂතා අතර නැති එක මහා විශාල අඩුපාඩුවක්.... (දී)
රංගන හේරත් කඩුලු 4ක් ගත්තම මම හිතුවේ යන්තන්වත් දිනාගන්න පුළුවන් වෙයි කියලා. කවුද හිතුවේ හෙමින් බැට් කර කර හිටිය දෝනි අන්තිම ඕවරයේ එච්චර හොදට බැට් කරයි කියලා. දෝනි ඒ අතින් විශිෂ්ට නායකයෙක්. හොදයි බොරුද? (දී)
ද සිල්වා බෙර්ලින්, ලංකාව කවදාවත් ඉන්දියාව එක්ක මැච් ගහන්නෙ නැහැ මැච් එක පූජා කරනවා.සිල්වා මහත්තයෝ, ඔයිට වඩා හොදයි රෙස්ලින් බලන එක. (දී)
මනොජ්,දුර්වලතා පෙනෙනවා තමයි. ඒත් ලකුණු 202 වගේ ලකුණු ගානක් ඉන්දියාව වගේ කණ්ඩායමක් එක්ක ආරක්ෂා කරන්න අමාරුයි. ඒත් ඒ ලකුණු ප්‍රමානය ඉන්දියාව ගත්තෙ මොනතරම් අමාරුවෙන්ද? අන්තිම ඕවරය මාලිංගට තියා ගත්තා නම් දිනන්න තිබ්බා. එරංගගෙ අත්දැකීම් අඩුකම මේවට බලපෑවේ. දුන්නු සටනවත් අගය කරන්න.මොනවා කිව්වත් අපේ කොල්ලො නැගිටිනවා. (දී)
මාලිංගට කොච්චර ගැහුවද? අපි ඒත් ගණන් ගන්නෙ නැතුව තිරිමාන්නට ඕවර් 1ක් නොදී අපිට හිටපු බෝලර්ස්ලා 5ගෙන්ම ඕවර් ටික කවර් කරගන්න ගිය එකයි වුනේ. (දී)
ෆයිනල් එක හින්දි චිත්‍රපටියක් වගේ. වීරයා නැවත මතු වුනා. අන්තිම මොහොත වෙනකන් වීරයා සටන් කරනවා. අන්තිමට අවසන් තරගකරුවාට දුන්නා වැටෙන්නම. වීරයාගෙ වාසනාවට බරපතල තරගකරුවෙක් අවසානයට ඉතුරු වුණේ නැහැ. ස්ක්‍රිප්ට් එක ලස්සනට ලියලා අධ්‍යක්ෂණනය කරලා තියනවා.. ප්‍රේක්ශකයො නිදිමරාගෙන හූල්ලලා දෙපිල බෙදිලා තාම වාද කරනවා.. (දී)
අපිට දිනන්න තිබ්බා කප් එක, දෝනි උදුරගත්තා කියලයි මම හිතන්නේ. අපේ ක්‍රීඩකයින් මේ පාර සැහෙන උනන්දුවකින් සෙල්ලම් කළා. ඒකේ දෙකක් නැහැ. ඒත්, නියම නායකයෙක්ගේ වගකීම මොනවට ඉටුකරමින් දෝනි ලෝකෙට පෙන්නුම් කළේ, පීඩනයකින් තොරව ජයග්‍රහණයක් ලබන්නේ කොහොමද කියලයි. එකනේ, ආබාධයකට ලක්ව හිටියත් තමන්ගෙන් රටට, කණ්ඩායමට අත්‍යාවශ්‍යම මොහොතේ ක්‍රියාත්මක වුනේ. දෝනි ශ්‍රේෂ්ටයි. ක්‍රීඩාව කියන්නේ දිනන එක විතරක්ම නෙමෙයි. මේ වගේ තරඟයක් දීලා පරදින එකත් නම්බුවක්. අපිට අපේ ක්‍රීඩකයින් ගැන ආඩම්බර වෙන්න පුළුවන් අනිත් ලොකු රටවල් එක්ක සසඳා බැලුවනම්.(නදී)
අනේ අපේ ආයේ අයි.පී.එල් යන්න එපා. ඉස්සර අරවින්දලා ගහපු හැටි මතකයි. (නදී)
මහේලලා සංගලා කියන්නේ ක්‍රිකට් සම්පත්. හොඳ ක්‍රීඩකයෝ වගේම, දක්ෂ, බුද්ධිමත් වගේම වාසනාවන්ත නායකයෝ. ඉතින් මම ඔවුන් දෙපළගෙන් ඉල්ලා හිටින්නේ, රට ගැන හිතලා 2015 ලෝක කුසලානේ වෙනකම්වත් නායකත්වය ඔය දෙන්නගේගෙන් කෙනෙක් කරුණාකරලා බාරගන්න. ක්‍රිකට් පරිපාලනය කරන උදවියත් මේ ගැන කරුණාකරලා අවධානය යොමු කරන්න. අපිට දක්ෂ ක්‍රීඩකයින් ඉන්නවා. ඒ ගැන වාදයක් නැහැ. අවශ්‍ය නියම නියමුවෙක් විතරයි. මැතිව්ස්ට තාම අත්දැකීම් මදීයි. 2015 න් පස්සේ ඒ ගැන හිතමු.(නදී)
දකුණු අප්‍රිකානු තරගාවලියට මගේ කණ්ඩායම, උපුල් තරංග ,කුසල් ජනිත්,ඇන්ජිලෝ මැතිව්ස් ,කුමාර් සංගක්කාර,මහේල ජයවර්දන ,තිලකරත්න දිල්ෂාන්,කිත්රුවන් විතානගේ ,තිසර පෙරේරා ,සචිත්‍ර සේනානායක ,රංගන හේරත් ,ලසිත් මාලිංග, අතිරේක -සමින්ද එරංග ,ඇන්ජිලෝ පෙරේරා ,නුවන් කුලසේකර ,අශේන් ප්‍රියජන්.(නදී)
අන්තර් ජාතික එක්දින මට්ටමට තවම සුදුසු මදි ක්‍රීඩකයන් -1.ජීවන් මෙන්ඩිස් ,2.ලහිරු තිරිමන්න්අ,3.දිනේෂ් චන්දිමාල්, ජීවන් මෙන්ඩිස් නම් දැන් හදාගන්න වෙලා නැහැ. ඔහුගේ වයසත් එක්ක ,අනෙක් දෙන්නටනම් දක්ෂතා වැඩිදියුණු කරගෙන අයෙත් එන්න පුළුවන්.(නදී)
මම කියන්නේ අලුත් කට්ටිය හරියට තේරුම් අරන් නේ මේ ගොල්ලෝ ක්‍රීඩා කරන්නේ. වගකීමක් අරන් නෙමේ වගෙයි ක්‍රීඩා කරන්නේ. ඉස්සර කුමාර ධර්මසේන වගේ අය ක්‍රීඩා කරපු ආකාරය මේ ගොල්ලන්ට පේන්නන්න ඕනේ. (නදී)
හුසේන්-රියාද් ඉටි ගෙඩිය තමා.....ශ්‍රී ලංකාව අද වනවිට ක්‍රිකට් ක්‍රීඩාව සෙල්ලම් කරන, දක්ෂ ක්‍රීඩකයන් සහිත මුල් පෙලේ රටක් , එහෙම එකේ දිනන්න තරඟ කරන්න නැතුව අනුශුරයන් වෙන්න තරඟ කරන්නේ මොන රටද ? අර්ජුනලා අරවින්දලා ඔහොම හිතුවානම් අපි 1996 ලෝක කුසලානය ගන්නවා බොරු. (නදී)
වෙච්ච දේට එන්න සෙයියදු කියලා හිත හද ගන්නවා මිසක් වෙන කරන්න දෙයක් නැහැ. බෝලෙට තඩි බාලයි බෝලේ විසිකරලයි හරියන්නේ නැහැ. අව්ස්තානුකූලව ඔලුව පාවිච්චි කරන්න උගන්නලා නැහැ. පිටියේ ප්‍රයෝගික පුහුණුව ටිකක් අඩු කරලහරි 90 දසකයේ මැච් ටිකක් මෙයාලට පෙන්නන්න. අරවින්දලා ජයසූරියලා අසාර්ථක උන අවස්ථාවල ගුරාල මහණාමලා උනන්දුවලා ඉනිම ගොඩනගපු හැටි. එක දිගට වදින කොට වාස්ල ඔලුව පාවිච්චි කරලා පන්දු රටා වෙනස් කරලා පිතිකරුවෝ ග්‍රහණයට ගත් හැටි. නවකයන්න්ට ඉගනගන්න ගොඩක් දේවල් තියනවා. පළමුවෙන්ම ඔය කඩි කුලප්පුවනම් පාලනය කරගන්න වෙනවා, නැතුවනම් ගොඩ එන්න බැහැ පුතෝ.(නදී)
ලෝකයේ සිටින අවාසනාවන්තම කණ්ඩායම: දකුණු අප්‍රිකාව, ලෝකයේ සිටින අවසාන මහා තරඟය අනාගන්න කණ්ඩායම: ලංකාව. අපේ කට්ටිය අන්තිමේ දෝනි ඉදිරියේ දැනගැසුවා නේද? අර්ජුනගේ වෙනස මෙන්න මේකයි.(නදී)
ඔක්කොටොම කලින් මේ ගොල්ලන්ව අයි.පී.එල්. යන එක නවතන්න. ඊට පස්සේ අප මැද පිල පිතිකරුවන් ටිකක් හදන්න. දැක්කනේ විස්තර විචාරකයෝ කියපු ඒවා.ඒ කිව්වා වගේම අපි කවදා වෙනකන් දිල්ෂාන්,මහේල සහ සංගක්කාර මත පන්දුවට පහර දීම බලාපොරොත්තු වෙන්නද? කුසල් ජනිත්,චන්දිමාල්, තිරිමාන්න, සහ හොඳ මැද පෙල පිතිකරුවන් ටිකක් දෙන්න ඕනෑ. (නි)
රකිත් හරි. ඔවු ඔවු ඒක නම් සහතික ඇත්ත. දැන් අපි ඉන්දියා කිව්වාම බයයි. අපේ තේරීම් කමිටුවේ මහත්තතුරුනි, තව ටිකක් රට ගැන හිතන්න. අපේ වයසක වුනාට සංගා ගියදාට අනේ මන්දා ලංකාවේ ක්‍රිකට් වලට දෙවියන්ගේම පිහිටයි. (නි)
හිතට දුකයි..නමුත් දීපු සටන අනර්ගයි..ඔක්කොම හිතුවේ ඉන්දියාව බොහොම ලේසියෙන් දිනයි කියල..ඔලුව ඉදිමුණු ඉන්දියන්ස්ලගේ පපු පොඩ්ඩක් ඩිග් ඩිග් ගාවල ගත්ත එකම ඇති මටනම්..(අ)
වරුණ ඔබගේ කතාව හරි 2015 වොර්ල්ඩ් කුප් එකට කවුරු යවන්නද දන්නේ නැහැ පුදුම දුකක් ඇතිවෙන්නේ තරග බලන වෙලාවට (අ)
දක්ෂතා,දුර්වලකම් ගැන දකිනවා වගේම ඉන්දියා වගේ කණ්ඩායමක් සහ එම ක්‍රීඩකයන් ගැනත් හිතන්න වෙනවා. මේ වගේ වෙලාවක. මොකද ඉන්දියාවේ ක්‍රීඩකයෝ හරි කපටි පිරිසක්. දෝනි අවසන් පන්දු වරයට ගෙන්වගත්ත පිත්ත ගැන සැකයක් හිතන්න පුළුවන්. දෝනි ආව වෙලාවේ ඉදල 6, 4 ගන්න ගොඩක් උත්සහ කලා. ඒත් තන තිල්ලවත් අපේ පන්දු යවන්නුත් ඒකට ඉඩක් දුන්නේ නැහැ. මේවගේ වෙලාවක භාවිතා කරන්න විශේෂ යකඩ තහඩු දල හදපු පිති තියනවද දන්නේ නැහැ.(නදී)
අර්ජුනලා හිටිය කාලේ ලංකාවේ කණ්ඩායමට තිබුනේ කුසලාන කුසගින්නක්. සනත් ඉන්නකාලේ තිබුනේ වාර්තා පිට වාර්තා තැබීමේ කුසගින්නක්. දැන් ඉන්න නවකයන්ට තියෙන්නේ ඩොලර් කුසගින්නක්. ඉන්දියාවේ අයට අපි බැන්නට එයාල රට වෙනුවෙන් ක්‍රීඩා කරලා කුසලාන අරන් ප්‍රීතියෙන් රටේම ජනතාව කුල්මත් කරද්දී අපේ අය නිසා රටේම ජනයා ඒවා බලල හුල්ලනවා. අපි පුලුවනිනම් අර අගර් ලමයව ගෙන්නාගෙන කැප්ටන් කරමු.(නදී)
සමින්ද ඔබේ තේරීම හරියට හරි.ඉතාම දක්ෂ කණ්ඩායමක්.මෙන්න මේගොල්ලෝ තමයි දාන්නා ඕනෑ. ඇන්ජලෝ පෙරේරා,කිත්රුවන් ඉතාම හොඳ දක්ෂ ක්‍රීඩකයෝ.ඔය සද්දේ විතරක් තියන වැඩ නැති අය, ටෙස්ට් මැච් වලට හරියන අය, මේ නවක ක්‍රීඩකයෝ දිහා බලලාවත් හැදෙන්න. ඔබේ තේරීම විශිෂ්ටයි. (නි)
මින් පස්සේ ඉන්දියාවත් එක්ක තියන මැච් වලට මාලිංග ගන්න එපා. එය ෆුල් බෝල් දාලා ඉන්දියාවට පසු ගිය හැම මැච් එකම දුන්නා. (නි)
අපේ කට්ටියට පීඩනය දආ ගන්න බැහැ වගේ. කොහොමද දෝනි පිඩනයට මුහුණ දුන් හැටි. අපි හදන්න ඕනෑ ඒ වගේ ක්‍රීඩඩකයන්. මම බැලුවේ ඉන්දියන් චැනල් එකකින් තරගය හින්දි බාසාවෙන්. ඔක්කොම අපේ කට්ටියට දුන්නා හොදට පැලෙන්න, මම දැකල නැහැ කවදවත් අපේ සිංහල බසින් ගෙන එන විස්තර විචාරය එහෙම කතා කරනවා කිසිම රටකට. තව තවත් අපි ඉන්දියාවට පරදිනවා කියන්නේ කටුස්සාගේ කරේ රත්තරන් එල්ලුවා වගේ, අපේ කණ්ඩායම තමා ලෝකේ දැනට ඉන්න හොදම කණ්ඩායම් වලට මුහුණ දෙන්න පුළුවන් එකම කණ්ඩායම. (නි)