දෙමළ ජාතික සන්ධානයේ නායක විපක්ෂ නායක ආර් සම්බන්දන් මහතා කලිනොච්චිය පච්චිපලෙයිහි පිහිටි යුද හමුදා කඳවුරකට අනවසරයෙන් ඇතුළුවීයැයි විරෝධය පළ කරමින් විපක්ෂනායක කාර්යාලයය ඉදිරිපිට පසුගිය සතියේ විරෝධතා දැක්වූ දකුණේ දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන නියෝජිතයෝ පිරිසක් ඊයේ (04) පාර්ලිමේන්තුවේ දී විපක්ෂ නායකවරයා හමුවී එම සිද්ධිය ගැන සාකච්ඡා කළහ.
මෙලෙස සාකච්ඡා කළේ නව සිහළ උරුමය සරත් මනමේන්ද්‍ර, ජනතෙස පෙරමුණේ බත්තරමුල්ලේ සීලරතන හිමි, මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය, දේශ විමුක්ති ජනතා පෙරමුණ ඇතුළු පක්ෂ සහ සිවිල් සංවිධාන නියෝජිතයන් පිරිසකි.
තමන් යුද හමුදා කදවුරට අනවසරෙන් ඇතුළු නොවූ බව පෙන්වා දී ඇති විපක්ෂ නායකවරයා උතුරු නැගෙනහිර ආරක්ෂක හමුදා එම පළාත්වල ජනතාවට අයත් ඉඩම් අක්කර ගණනාවක් බලහත්කාරයෙන් අයිති කරගෙන සිටිනා බවද පෙන්වා දී ඇත.
මෙහිදී සංවිධාන නියෝජිතයන් සඳහන් කර ඇත්තේ දෙමළ ජාතික සන්ධානය චෝදනා කරන පරිදි මෙලෙස ආරකෂක හමුදාව ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කරගෙන ඇත්නම් එය සාධාරණ නොවන නිසා මෙහි ඇත්ත නැත්ත සොයා බැලීමට අවශ්‍ය බවයි. ඔවුනවද උතුරු නැගෙනහිර පළාත්වල සංචාරයකට කැටුව යන ලෙස මෙම පක්ෂ හා සංවිධානවල නායකයන් විපක්ෂනායකවරයාගෙන් ඉල්ලීමක් කළ අතර විපක්ෂනායක ඊට කැමැත්ත පළ කළේය.
එලෙස සොයා බැලීමෙන් පසු අසාධාරණයක් සිදුවී ඇත්නම් තමන්ටද දෙමළ ජාතික සන්ධානය හා එක්වී දෙමළ ජනතාවගේ අර්බුද ගැන විසඳා දෙන්නැයි රජයට බලපෑම් සිදුකර හැකි බවද සංවිධාන නියෝජිතයෝ කීහ.
එමෙන්ම ආර් සමිබන්ධන් මහතා මෙරට විපක්ෂනායක වරයා වන හෙයින් ඔහුට උතුරු නැගෙනහිර පළාත්වල ජනතාවගේ ගැටළු ගැන පමණක් කතාකළ නොහැකි බවත් දකුණේ ජනතාවගේ ප්‍රශ්න ගැනද කතා කළයුතු බවත් මෙනිසා දකුණේ ජනතාව අතරටද පැමිණ එම ජනතාව හා සුහදව සාකච්ඡා කරමින් එම ජනතාවගේ ප්‍රශ්න විමසන ලෙසත් සංවිධාන නියෝජිතයන් විපක්ෂ නායකගෙන් ඉල්ලා තිබේ.
පසුගිය මාසයේ උතුරේ සංචාරයක නිරත වූ විපක්ෂ නායකවරයා මෙලෙස අනවසරෙන් යුද හමුදා කදවුරට ඇතුළු වීයැයි කියමින් ඔහු අත්අඩංගුවට ගත යුතු බවට හා විපක්ෂ නායක ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බවට බලකරමින් මෙම දේශපාලන පක්ෂ හා සංවිධාන නියෝජිතයෝ විපක්ෂනායක කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරතවූහ.
මිය ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද( 1) අඹේපුස්ස කීනදෙනිය දුම්රිය මාර්ගය ආසන්නයේ තිබී සොයා ගත් බව මීරිගම පොලිසිය කියයි .
අක් මුදල් නිදහස් කිරීම සඳහා පවතින සීමාවන් ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත .
ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලන්ගමුව මහතාත් ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ඒ. ඒ. ජේ. ප්‍රනාන්දු ම
කරුවලගස්වැව ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල ප්‍රදේශයට අයත් මූණමල්ගස්වැව ශ්රී සුබෝධාරාම විහාරස්ථානයේ අභිනව විහාරමන්දිරය ඉදිකිරීමට ආධාර පිණිස සංවිධානය
කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්වීමට, ජපානයේ පාලක ලිබරල් පක්ෂයයේ නව නායකයා මෙන්ම, නව අග්‍රාමාත්‍යවරයා ද වන 67 හැවිරිදි ෂිගුරු ඉෂිබා තීරණය කර ඇත.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්රී ලංකාවෙි එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග් මහත්මිය අතර හමුවක් අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සීලරතන හිමි/මනමේන්ද්‍ර සම්පන්දන් යළි පෑහෙති
රංග Thursday, 05 May 2016 02:48 PM
ඔහොම තමයි විසඳ ගන්න ඕනේ. සුබපැතුම්...!!(හේ)
චානක Thursday, 05 May 2016 09:26 AM
සමගියෙන් සකච්චකර සමගියෙන් විසිර යන්න. (ර)
ටෙනිසන් Thursday, 05 May 2016 11:07 PM
මේ වගේ ප්‍රශ්න දුරදිග ගෙනනොගොස් විසඳන එකයි වැදගත් (නි)
බමුණු ආරච්චි Thursday, 05 May 2016 11:11 PM
එතකොට එල්ටීටීඊ එකෙන් සිංහලයින් පළවාහැර අල්ලාගත් ඉඩම් ගැන සම්පන්දන් කියන්නේ මොනවද? (නි)
නිශාර්ඩ් ප්‍රීනා Thursday, 05 May 2016 10:01 AM
හොඳ ආරම්භයක්. (ර)
චන්දා Thursday, 05 May 2016 10:17 AM
මළ කෝලම්...(බ)
දුමින්ද Thursday, 05 May 2016 10:24 AM
ෆෙඩරල් ගැන කතා නැද්ද (බ)
ඩිලාන් Thursday, 05 May 2016 10:31 AM
සමගියෙන් සාකච්ඡා කර සමගියෙන් විසිර යාම දෙමල ප්‍රශ්න වලට විතරයි. යාපනේ සිංහල ප්‍රශ්න සමගියෙන් කතා කර විසිර යන්න පුළුවන් ද මේ දෙමල ලොක්ක එක්ක? (බ)
බමුණු Thursday, 05 May 2016 10:31 AM
ඔන්න ඔතන තමයි අපට වරදින්නේ. (බ)
ඉසුරන්දි Thursday, 05 May 2016 10:46 AM
සාකච්ඡා මාර්ගෙන් විසදගන්න ඕන ප්‍රශ්න මේවා.නමුත් රටේ ආරක්ෂාවට හානියක් නොවන විදිහට.(හේ)