IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


සල්ලි හැසිරවීමෙන් ’’ ගොවි ජන’’ කප් ගසයි

(අංජුල මහික වීරරත්න)

2023 වර්ෂය සඳහා රජය විසින් අයවැය ලේඛනය මගින් වෙන් කරන ලද මුදල් අදාල ව්‍යාපෘතින් සඳහා වැය කිරීමේ දී ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ මුල්‍ය කළමණාකරණ  සාර්ථකත්වය සියයට 100ක් යැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

2023 වර්ෂයේ  කුඩා වැව් පද්ධති ප්‍රතිසංස්කරණය, ගොවීන්ට පැරෂුට් තැටි ලබා දීම, Geo Goviya යෙදවුම මගින් කුඹුරු ඉඩම් මැනීම, තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන පිහිටුවීම  ආදි ව්‍යාපෘති රැසක් සඳහා රුපියල් මිලියන 3000ක් රජය මෙම වසරේ අයවැය ලේඛනය මගින් වෙන් කර තිබිණි.

එසේ වෙන් කරන ලද මුදලින් රුපියලක් හෝ නැවත භාණ්ඩාගාරයට හරවා යැවීමට ඉඩ නොතබමින් ඉතාමත් සාර්ථක ලෙස අදාල මුදල නියමිත ව්‍යාපෘති සඳහා නියමිත කාලයේ  වැය කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙන බවද කෘෂිකර්ම අමාත්‍යවරයා කීය.

එම දෙපාර්තමේන්තුවේ යහපත් මුල්‍ය කළමණාකරණය සැලකිල්ලට ගනිමින් 2024 වර්ෂය සඳහා ද මහා භාණ්ඩාගාරය විසින් තවත් රුපියල් මිලියන 3000ක් වෙන් කර තිබෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

 



අදහස් (2)

සල්ලි හැසිරවීමෙන් ’’ ගොවි ජන’’ කප් ගසයි

ravin Monday, 04 December 2023 10:33 AM

බොහොම හොඳයි. අති විශිෂ්ඨයි. පූර්ණ විගණනයක් කොට නිරීක්ෂණයන්, නිගමනයන් හා පූර්ණ වාර්තාවද ඇතුළුව අනිකුත් ආයතනවලටද ලැබීමට සැලැස්වීමෙන් එම ආයතනද පූර්ණ, ඵලදායී ලෙස පවත්වාගෙන යා හැකි නොවේද?

:       0       2

Athula k Monday, 04 December 2023 04:57 PM

ඔය සල්ලි ගොවිජන සංවර්ධනයටම යොමු වෙලානම් හොඳයි... යටිමඩි ගහන්නේ නැතිව. අපිට මහ පොලවේ සැලකිය යුතු සංවර්ධනයක් පේන්නේ නෑනේ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දේපොළ ගන්න වරලත් ඉංජිනේරුවා මරලා
2024 ඔක්තෝබර් මස 08 1341 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ


විදුහල්පති ඇදුරු තුම එ දවස උන්න දොස්තර සිසු ළඟය අද බෙහෙතක් ගන්න
2024 ඔක්තෝබර් මස 08 1512 0

ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා


තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ දිනය දීර්ඝ කරයි
2024 ඔක්තෝබර් මස 08 95 0

මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රී 12 ට අවසන් වීමට නියමිතව තිබූ අතර එය අනිද්දා (10) මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කර ඇතැයි


ගිනි අවිය පත්තු වී බැංකු ආරක්ෂකයා මරුට
2024 ඔක්තෝබර් මස 08 930 0

පොළොන්නරුව වැලිකන්ද නගරයේ රාජ්‍ය බැංකුවක අද(08) වෙනි දා සවස 6.00 ට පමණ ආරක්ෂකයෙකු සතුව තිබූ ගිනි අවිය පත්තු වීමෙන් ඔහු එම ස්ථානයේ දී මියගොස් ඇති බව වැලිකන්


ළිඳක තරුණයකුගේ සිරුරක්
2024 ඔක්තෝබර් මස 08 406 0

ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.


උපුල් තරංගට විවෘත වරෙන්තුවක්
2024 ඔක්තෝබර් මස 08 1343 0

හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39492 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25729 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 357 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1179 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 399 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site