ඉතාලියේද රැකියාව කළ ධනවත් කතක වු පිළියන්දල මාකන්දන ශකිලා පෙරේරා (47) වසර තුනහමාරකට පෙර මරා දැමී යැයි සැක පිට අත්අඩංගුවට ගත් ඇගේ දෙවැනි සැමියා වන මැණික්හින්න සිරිමල්වත්ත පාරේ වාසනා පැතුම් ගුණවර්ධන (38) කැස්බෑව වැඩබලන මහේස්ත්‍රාත් සුනිල් වීරසිංහ මහතා වෙත ඉදිරිපත් කර පැය 48 ක රැදැවුම් නියෝගයක් ගැනීම සදහා දැන් අධිකරණයට ගෙන එනු ලැබ සිටි.
එම කාන්තාවගේ සිරුර ගොඩ ගැනීමටද නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම මිනීමැරුම කිසිසේත් අනුමත නොකරමි. නමුත් ගැහැනු දැනගන්න ඕනෑ තමන්ගෙ වයසට, උගත්කමට ගැළපෙන කෙනෙක් ස්වාමියා කරගන්න. තමන්ට වඩා බාල, කඩවසම් පිරිමි බැදගත්ත ගැහැණු කෙහොමත් ඉන්නේ 365 දවසෙම බයේ. ළමයි ගැන හොයන්න වෙලාවක් නැහැ. මනුස්සයා පස්සෙම වැටිලා හොර අල්ලමින් රණ්ඩු කරමින් තමයි දවස ගෙවන්නේ. අන්ධභූත ජාතකෙත් කියන්නේ වයසට සුදුසු සහකරුවෙකු සොයාගන්න කියලා. (නි)
මේක කීවැනි කසාදේද, වයස කීයද කියන පරතරය නිසා වෙන අපරාධ නොවෙයි. අපරාධකාරී ප්‍රවණතාවය ජානමය හෝ මානසිකව හෝ පුද්ගලයෙක් ළඟ ජානමය වශයෙන් තියෙන්න පුළුවන්. මෙහිදී වැදගත්ම සමාජ සාධකය වන්නේ පුද්ගලයා කුමන පරිසරයක හැදී වැඩුනාද, මොනවගේ සාරධර්ම වලින් ඔහු හෝ ඇය පෝෂණය වුණාද, අවසාන වශයෙන් ඒ පුද්ගලයාට තමා අභ්‍යන්තරයේ රැස්කරගත් සාරධර්ම රැකගෙන ජීවත් වීමට සුදුසු සමාජ වාතාවරණයක් ලබා දීමට රටේ දේශපාලන ආර්ථික ව්‍යුහයට හැකියාවක් ඇත්ද යන්නය. අපරාධ වලට තුඩුදෙන විෂයානුබද්ධ සාධක අමතක කර එල්ලුම් ගසට වැඩි වැඩියෙන් වතුර හා පොහොර දමන්න කියා භාවාත්මක ප්‍රකාශ කරනවා වෙනුවට මේ අපරාධ වලට පොහොර දමන මේ දුර්දාන්ත සමාජ රටාව වෙනස් කිරීමට සංවාදයක් ගොඩ නැගීම කාලෝචිතය යන්න අපගේ හැඟීමයි. (නි)
මෙතන කෝටිපති කාන්තාවක්, දින කිහිපයකට කලින් තිබුණා කෝටිපති කාන්තාවක් විසින් පොලිස් පරීක්ෂක කෙනෙක් මරපු කතාවක්. රට පෙරටද????? (ස)
දෙවැනි විවාහයෙ නෙමෙයි වරද.නොගැලපෙන කෙනෙක් බැඳ ගැනීමයි.අඩුගානෙ වයසවත් ගැලපෙන්න එපැයි. උගත් කෙනෙක් නම් දෙවෙනි විවාහයෙදි පලවෙනි විවාහයෙ අඩුපාඩු මකා ගන්න හා සතුටින් ජීවිතේ ගෙවන්න ටිකක් කල් අරන් දුරදිග බලලා හොඳම කෙනෙක් තමයි සොයාගන්නේ. අනිත් අයට පේන්නත් එක්ක හා විදපු දුක් මැකෙන්නත් එක්ක. එහෙම ඉන්න අය ඕන තරම් ඉන්නවා. (ස)
අදහස් ටික කියෙව්වම ලංකාවෙ මෙහෙම වෙන එකේ පුදුමයකුත් නැහැ. මාර චින්තන අයියලා ටිකක් ඉන්නේ. (නි)
රූපවතී, ඔයයි මහත්තයි සතුටින් ජීවත් වන්නේ දෙවියන්ගේ ආශිර්වාදයෙන් නම් අනේ ඉතින් දෙයියන්ගෙම පිහිටයි.අපි නම් සතුටින් ජීවත් වන්නේ එකිනෙකාගේ අවබෝධය මත. (නි)
එලොවටත් නැති මෙලොවටත් නැති පිරිමියෙක් සහ ගැහැණියක්. (නි)
රූපවතීට ගිය රට..... (නි)
පිටබැද්දර ජයා, අනේ කියන්නේ.තහනම් ගහේ ගෙඩි කෑවම ඔහොම තමා. මට නම් දරුවෝ දෙන්නා ගැන දුකයි. (නි)
මේවගේ වැරදි කරන අයට දෙන්න ඕනෑ හොදම දඩුවම ෂරියා නිතිය නීතිගත කිරීම. (නි)
රූපවති නෝනේ , දරුවෝ ඉන්න අම්මා කෙනෙක් වුණහම මීට වැඩිය හිතන්න තිබුනා. දැන් පේනවා නේද ජිවිතෙන්ම වන්දි ගෙවන්න වෙලා. ඒ විතරද? ජිවත් වෙලා ඉන්න දරුවන්ටත් රටට ලෝකෙට මුහුණ දෙන්න පුලුවන්ද ? (නි)
මේක වෙනුවෙන් ඉතාලියෙන් හොඳම ප්‍රතිචාර බලා පොරොත්තු උනේ . පිටිගල මිලානෝ ගෙන් . එහෙත් ඔහු කිසියම් බයකින් හෝ මේ පුවතට එන්නේ නැහැ. පිටිගල දන්නා ගැහැණු කෙනෙක් නම් අපිට විස්තර දෙන්න කරුණා කරලා (නදී)
සමහර කාන්තාවන්ට විලි බිය නැතුව ගියාම ළමයින් ඉන්නවාද . ළමයින් වෙනුවෙන් යුතුකම් කරනවද කියන එක අමතක වෙනවා . එවෙලෙට මනසේ තියෙන්නේ අලුතෙන් ලැබුන මිනිහා විතරයි . පේනවනේ දැන් උන දේ ? මිනිහා ගෑනිවත් මරල ගෙවල් දොරවල් විකුනලා . ඒවා අයිති විය යුතු ළමයින්ට කිසි දෙයක් නැහැ. මේවා හොඳ පාඩම් අනික් අයටත් විලි බිය නැති කර ගන්නට කලින් සිතා බලන්නට . මට දුක අහිංසක ළමයින් දෙන්න ගෙන පමණයි (නදී).
අද ලෝකේ හැම රටකම මේ වගේ සිදුවීම් වෙනවා එත් දරුවන් දෙදෙනෙකුගේ මවක් මිට වඩා කල්පනාකාරී වෙන්න තිබුණා ලාබාල තරුණයෙක් එක්ක මේ වගේ සබදකමක් ඇති කරගැනීම යුරෝපා රටවල බහුලව සිදුවන්නක්.ඒත් අපිට දැකගන්න ලබෙන්නේ ධනවත් කාන්තාව මරා දැමුවයි කියන සැකකරුගේ චායරුපයක් ඒත් මේ ලඟදි ධනවත් කාන්තාවක් එයාගේ අනියම් පුරුෂයා මරා දැමුවෙලු ඒත් එම සැකකාරියගේ පින්තුරයක් පලවීම හිතමතා නොකළේද නිතිය හැමදෙනාටම පොදු දෙයක් (නදී)
මෙතැනදී කාන්තාව පමණද වැරදි. ඒ මිනීමරුවා කල දෙයින් ඒ ගැහැණිය කල දෙයින් අනාත උනේ අසරණ දරු පැටව් දෙන්නෙක්? අපි දන්නේ නැහැ ඒ පවුල් පරිසරය මොන වගේද කියන්න. මැරුන කෙනා මොන වගේද කියන්න. අද සමාජයේ මෙවැනි දේවල් නිතරම අහන්න ලැබෙන්නේ ඇයි කියල ඔයාල අපි කව්රුවත් දන්නේ නැහැ. දෙවැනි විවාහ නම් කවදාවත් අනු මත නොකරමි. ස්වාමියා ..නපුරෙක් නම් එකට ජීවත් වෙන්ට බැරිනම් ..දරු පැටව් ටික උස් මහත් කරනවා ..කුලී වැඩක් හෝ කරලා ..? අපිට ..ඔබට ,මට .. හොද ස්වාමියේකු ලැබෙන්නෙත් ..වාසනාවන්ත බිරිදක් ලැබෙන්නෙත් ඒ අපි පෙර ආත්ම වල කරපු පින් වල බලෙන් වගනම් ..මට සිතේවි ..!මගේ ස්වාමියා ..මට උතුම් සවාමියෙකු වගේම ඔහුගේ මගේ දරු පැටව් දෙන්නට පනටත් වඩා ආදරේ වග නම් මෙහි ලියමි ...විවාහ වෙලා 15 වෙනි වසර පහු කල අපි දේවාශිර්වාදයෙන් අදටත් විදේශයක සතුටින් දරුවන් සමග ජීවත් වෙන වග සතුටින් කියමි.(නදී)
ඔවු චාන් මෙම කාන්තාව ගැන ලෙක්කෝ ගලබඩ ඔක්කොම දන්නවා.(නදී)
පේනවා නේද වයස පරතරය මේ වගේ දේවල් කරන විට සමාජයේ ගැහැනුන් තමන්ගේ අඩුම ගානේ වයස ගැන වත් බැලිය යුතයි.මේ මනුෂ්‍යය මේ කාන්තාව සමග විවාහ වෙලා තියෙන්නේ මුදල් වලට. නමුත් ඔහුගේ ඉදිරි අරමුණ මොකක් ද කියා මේ කාන්තාව කොහෙත්ම දැනගෙන ඉඳල නැහැ.මෙය සිඟාලෝවාද ජාතකයේ බෙහෙවින් විස්තර කර ඇත.(නදී)
නිතිය කාටත් පොදු වෙන්න ඕනේ (දී)
ටෙනිසන්, පෙනෙන දෙය විද්‍යාවය.නොපෙනෙන දෙය අවිද්‍යාවය (නි)
ගොඩක් වටිනා අදහස් ටිකක්.., ඒත් මෙතන කවුරුත් නොදැක්ක දෙයක් තමයි මේ දරුවන් අම්මගේ දෙවෙනි කසාදය ගැන දන්නවා කියන එක. ඒ කියන්නේ මේ කාන්තාව දරුවන්ට හොරෙන් ලෝකෙට හොරෙන් කරපු දෙයක් නෙවෙයි..., ඒ නිසානේ කල් ගිහින් හරි දරුවන් පොලිසිසියට ගිහින් කිවේ අම්මයි බාප්පයි දෙන්නම පේන්න නැහැ කියලා .., අනේ මන්ද ගැහැණු පිරිමින්ව මරනවා .., පිරිමි ගැහැණුන්ව මරනවා ., මට මේ කැරපොත්තෙක් මරා ගන්න බැරිව දගලනවා ....!!! (ස)
ටෙනිසන් තප්පුලන්න පෙර මේකත් හිතන්න ..අපේ යහපත් පැවැත්මවල් තියන තැනදී ආගමානුකුලව හැදියාවල් ඇතිකර ගනිද්දී තමයි දෙවියන්ගේ ආශිවාදයත් ..ලැබෙන්නේ ..කියලා ..? සමහර මනුෂයන් බලාගෙන ඉද්දි දියුණු වෙලා ..හුලන් බැහැපු බැලුන් වගේ බිමට වැටෙනවා ..ඒ තම දහදිය වගුරුවල යමක් ඇතිකර ගත්තත් ..එයින් පසුව ඒ සේරම අමතකයි ...හැදියාවල් කැලේ..ආගම ධර්මයක් නෑ ..යහපත් පැවැත්මවල් තමා හැමදාම දෙවියන්ගේ ආශිර්වාදයට ලක්වෙලා ..ජීවිත් බැබලෙන්නේ එය මා ලද අත්දැකීමකි ...!ඔබත් යහ පැවැත්මේ රැදෙන්න ..දේවාශිර්වාදය ඔබ කරා පැමිණෙයි ..හිරු රශ්මිය සේ ...!!!! (ස)
මේවා දැකලාවත් ..තමුන්ගේ අඩුපාඩුත් හදාගන්නවල හැමෝම .. ?අනුන්ට බණ කියන්න හැමෝම දන්නවා. බණත් අහනවා පැය 24 ම ..ඒත් කරන්නෙම ගොන් වැඩ ..දැන්වත් අනුන්ට ඇගිලි දිගු කරන එක නවත්තල ..හැදෙනවල තමුන්ගේ දරු පවුල් වෙනුවෙන්..?මේ සිදුවීම තුලින් ඔබ අපි හැමට කල යුත්තේත් එපමණයි ...? (ස)
ගැහැනුන්ගේ වැරදි. තමන් රට ගියාම ලංකාව අමතක වෙනවා. ලංකාවේ ඉන්න මිනිහා ළමයා අමතක කරනවා. (නදී)
මාගේ මතය නම් වරදකරු ලෙස ඔහු ඔප්පු වුවහොත් මරණ දණ්ඩනය ප්‍රසිද්ධියේ ලබා දෙන්නට ඕනේ. මෙම දඩුවම් ප්‍රසිද්ධියේ සහ සැවොම ඉදිරියේ ලබා දුන්නොත් පමණි. එය අපට ආදර්ශයක් වන්නේ. කාටත් හොරෙන් මරණ දණ්ඩනය ලබා දුන්නොත් එය කාටවත් ප්‍රයෝජනයක් නැහැ නේද? අප ලංකාවේ මෙතරම් කුරීරු ලෙස මනුෂ්‍ය ඝාතනයන් වැඩි වීමට ප්‍රධානම හේතුව ලෙස මා දකින්නේ දඩුවම් ප්‍රමාණවත් නොවීමයි. (ස)
මනෝජ් නිරෝෂන් .., සොයුර, ඔබ පවසා ඇති ''වරදකරු ලෙස ඔහු ඔප්පු වුවහොත් '' ඒ කියන්නේ මේක තාම සැකයක් විතරද...? නොතේරුන නිසයි ඇහුවේ .'' තරහ ගන්ට කාරී නැහැ ඕන් '' (ස)
ඇන්ටිලා සමග කොල්ලෝ යාලු වෙනකොට හොදට හිතා බලන්න ආදරයද කියා (නි)
ගැහැනු කෙනා මැරිලා . "චාන්" කියන කෙනා එයාගේ වගතුග හොයනවා. ඒ කියන්නේ මරපු එක සාධාරනීකරණය කරන්න හදනවා .කුණු හොය හොයා තව සියපාරක් මරන්න හදනවා .අනේ මෙහෙම පිරිමි ! (නි)
මේක දෙවෙනි කසාදය නොවේ . කසාද බෙන්දල සිටියා නම් එයාව ඉතාලි පහසුවෙන් ගෙන්න ගන්න තිබ්බ නීතියෙන්ම . මෙය රහසේ පවත්වා ගෙන ගිය අනිසි සම්බන්දයක් . ඉතාලියෙන් හම්බ කරන සල්ලි රුපියල් කරාම ලොකු සල්ලියක් නිසා . අඩු වයසේ කොල්ලෙක් සමග පහස පතල තියෙන්නේ . විවාහ වෙලා සිටියානම් කවදාවත් මෙය සිදුවන්නේ නැත (අ)
මොනව උනත් මූ ලස්සන කොල්ලෙක් (නදී)
ඔය ලස්සනත් කරුමෙට ලැබෙන දෙයක් වෙන්නැති ....!! (ස)
කොල්ලත් ලස්සනයි නෝනත් ලස්සනයි . ඔය ලස්සන ඇතුලත තියෙන ඇට සැකිල්ල කාගේත් එක වාගේ .මස් වලින් සහ පාටින් පුරවල ලස්සන උනත් ඕවා ඔක්කොම තාවකාලිකයි . අර බුදුන්ගේ කාලේ සිටියා වෙසගනක් ගැන බුදුන් කිව්වා කතාවක් මේක.(නදී)
මිනිමරුවම පොලිසියට ඇවිත් භාර උනාද දන්නේ නැහැ. නැත්නම් කීයටවත් ඔච්චර ඉක්මනට මිනිමරුවව අල්ලන්නේ නැහැ. (ස)
දිල්කි, පුහුල් හොරා කරෙන් දැනේ , දීකිරට බළල්ලුත් සාක්කිලු. ප්‍රවේශමෙන් ඔයාලා වැනි අයට මේවා හොද පාඩම් (නි)
මේ වගේ මිනීමරුවන්ව මරන්න ඇයි එල්ලුම්ගහ තවම ප්‍රමාද? (ස)
මට නම් මේ සිද්ධිය ගොඩක් ආර්ථික වාසි තකා කල තවත් එක විවාහයක් හා එක මිනීමැරුමක් කියලයි හිතෙන්නේ .ගැහැණු ගොඩක් ආදරය ලඟදි හැගීම්බර වෙන එකේ ප්‍රයෝජනය ගන්නේ මේ වගේ පිරිමි. අද අපේ රටේ අම්මව වහ දීල මරණ දුවල ඉන්නවා සල්ලි වලට. මේක පුදුම ඛේදවාචකයක් .සල්ලි තියෙන මිනිහටයි ගරු කිරීම.ඒ නිසා කවුරු මරා හරි සල්ලි හෙවීම එකම අරමුණ.මේ විදියට සාර ධර්ම පිරිහිණු රටක් හිතා ගන්නවත් බැහැ. (ස)
මේ මිනීමරුවාගේ නම බලන්න. වාසනා පැතුම්! ඒ දෙමව්පියෝ දෙන්න සිතේ මොන තරම් ආදරයකින්ද ඒ නම දැම්මේ? නමුත් අද? සමාජය සල්ලි පස්සේ දුවන්න පටන් අරන්. පැටලිලි ගොඩයි. දෙගොල්ලන්ටම වැරදුණු ආදරයක්. අර දරුවන් දෙන්න ගැන දුකයි. (ස)
වැදගත් අදහස් ලිවූ චන්දිට මල් මිටක්. අපේ කන්න්තාවන් ආරක්ෂා කර ගැනීම පිරිමින්ගේ වගකීම. කතුන් නොසුරකින ලොව වැනසේ. (ස)
තබුක් හරි.රුපවති ටිකක් කල්පනා කරන්න. දරුවොත් ඉන්න අම්ම කෙනෙක් හැටියට මෙම කාන්තාව පොඩි ළමයෙක් එක්ක යාලු වෙන එක හරිද කියලා.නමුත් මේ කොල්ලත් හිතන්න ඕන ඇන්ටිලා එක්ක යාලුවෙන එක හරිද කියලා.කෙසේ වෙතත් දැන් අර අහිංසක දරුවෝ සමාජයට කොහොම මුහුණ දෙයිද?? (ස)
එල්ලුම් ගහට වතුර, පොහොර දැම්මා. මේ බලන් ඉන්නේ දළු ටිකක් එනකන්, එකෙක්ව එල්ලන්න. (ස)
චන්දි නංගි බොහොම වටිනා අවවාදයක් කාන්තාවන්ට දෙන්නේ. 'පුරුෂාධිපත්‍යය' කියන්නේ කාන්තාවන්ට හිංසා කිරීමට, ඔවුන් රැවටීමට පිරිමින්ට තිබෙන අයිතියක් හැටියට හිතන, මිනිස් වෙස් ගත් තිරිසන්නු බොහොම ඉන්නවා. උන්ව හදන්න බැරි නිසා කාන්තාවන් හැකිතාක් දුරට ප්‍රවේශමෙන් ඔවුන් සමඟ කටයුතු කල යුතුයි. ආදරය පෙන්වන්නේ තමන්ටද, තමන්ගේ සල්ලි ටිකටද, දේපලවල්ටද කියල ටිකක් ඇසුරු කරන කොට තේරුම් ගන්න බැරිවුනොත් විනාශයි. මේක තමයි ලැබෙන විපාකය. (ස)
රටේ සල්ලිකාර ගැණු උදවිය ගොඩක් වෙලාවට හොයන්නේ තමුන්ට වඩා වයසින් බාල පිරිමින්ව ඇසුරු කරන්න .මේ සිදුවීමෙන් පේනවා එවැනි සම්බන්දකම් වල තියන භයානකකම හා නොගැලපීම .සල්ලි අතේ තිබුන පලියට මේ විදියට දරුවන්ටත් පිටුපාල කරගෙන තියන දේ හරිම දුක් මුසුයි .මෙවැනි මට්ටමේ ඉන්න සියලුම ගැහැනුන්ට මේ සිදුවීමෙන් බරපතල අනතුරු ඇඟවීමක් ලැබිල තියනවා .කරුණාකරලා ඒ අය මේවා හිතට ගන්න. ඒ අතරේ මිනීමරුවන්ට නීතිය ක්‍රියාත්මක කරන්න. (ස)
රූපවතී, මමත් රැකියාව කරන්නෙ පිට රටක. අවුරුදු 23 වෙනවා. අද වෙනතුරුත් මගේ අතින් වරදක් මගේ බිරිඳටවත් බිරිඳගෙන් මටවත් අබ මල් රේණුවකින් වත් සිද්ධ වෙලා නැහැ.ආදර ළමයින්ට ආදර දෙමාපියන් දෙන්නෙක් අපි. (ස)
හොඳ දඬුවමක් දෙන්න ඕන. (ස)
රූපවති, අද දැක්කද පත්තරය.අවුරුදු 14/16 ළමයි දෙන්නෙක් දෙමාපියන් බැන්නා කියලා ගෙදරින් ගිහින් අමාරුවෙ වැටිච්ච කතාව.කවුද වැරදි? හිතුවක්කාර වැඩ වලින් අමාරුවෙ වැටෙන්නෙ ඒ අයගෙ වරදින්. (ස)
රන් බිත්තර ගන්න කිකිළිය මැරුවා වගේ.මේ කාන්තාව අතින් මහා භයානක වරදක් සිදුවී ඇති බවක් නොපෙනේ. (ස)
අයුතු සම්බන්ධකම් පැවැත්තුව නිසා කාන්තාවට හොඳ පාඩම මේක.... මමත් එකඟයි තබුක් එක්ක.... (ස)
අක්කේ, නංගියේ, දුවේ ., දෙවැනි විවාහයක් ගැන හිතන විට, කර ගැනීමට පෙර, එක් වරක් නොව දහස් වරක් සිතන්න. විශේෂයෙන් දරුවන් සිටින විට., අනෙක තමයි, තමන්ට වඩා වයසින් බාල පිරිමියෙක් අනුකම්පාවක් හෝ ආදරයක් පෙන්නන්නේ නම්., ගොඩක් සැලකිලිමත් වෙන්න., රට සේවය කරන ගැහැනුන් විශේෂයෙන් පරිස්සම් වෙන්න. මෙවැනි අපරාධයක් සිදු වීමෙන් රටක් වටිනා දරුවන් ගොඩක් අසරණ වෙනවා., දස මාසයක් කුස තුල දමාගෙන අපි දස වදයක්, වේදනාවක්, විදලා මේ ලෝකෙට බිහිකරලා, ඇග ලේ කිරි කරලා දෙන්නේ මොන තරම් ආදරේකින්ද, බලාපොරොත්තුවකින්ද.., අද මේ ළමයි මොන තරම් වේදනාවක් විදිනවා ඇද්ද , ඒ වගේම කේන්තියක් ඇද්ද ....? දැඩි දඩුවම් දේවි යයි සිතමු මිනීමරු හොරාට...!!! (ස)
සුමේධ, මා ඔබගේ අදහසට එකඟ වෙමි .., එයයි විය යුත්තේ., මෙම පාපතරයා ජීවිතාන්තය දක්වා හිරේ දැමිය යුතුයි (එල්ලුම් ගස නොමැති බැවින්) (ස)
තබුක් සිල්වා...? ඒ කියන්නේ ඔබ මේ මිනීමැරුම හරියි කියා හදවතින්ම අනුමත කරනවා..?ඒ කියන්නේ ඔබත් මිනී මරුවාව නිවැරදි කරනවා ..?ගෙදර ඉන්න ගෑනිට දෙවියන්ගේම පිහිටයි ..! කාන්තාවන් ගැන ඔයිට වඩා භක්තියෙන්, ආරක්ෂාවෙන් දකින්න ඉගෙන ගන්න ..? ඔබේ සොහොයුරියට දියණියට මේ දේ වෙන්න පුළුවන් තව වසර කීපයකින් ..ඔබ වැනි පුද්ගලයන් රටේ හිටියොත් ...?????? (ස)
දුර දිග නොබලා සම්බන්ධකම් ඇති කරගන්නවට හොඳ පාඩම් කාන්තාවන්ට. (ස)
මේ මිනී මරුවා ඒ මරා දැමු කෙනාගේ ගෙදරත් හොරට විකුණා ඇත.රටේ පවතින නිතිය අනුව හොර අත්සන් යෙදිම තහනම්. ඇටෝර්නි බලපත්‍රය උසාවිය මගින් තහනම් කළ යුතුය. මෙම නිවස නියම අයිතිය මියගිය අයගේ දරුවන්ට හිමිවිය යුතුය. දරුවන් දෙදෙනාට මේ පිලිබදව නිතියේ පිහිට ලබාගත යුතුය. (ස)
වයසින් වැඩි පිරිමින් නිතරම බලන්නේ අඩු වයසේ පොඩි ගැහැණු ළමයින් වාගේම ගැහැනුන් විශේෂනේ සල්ලි අතේ ගැවසෙන ගැහැනුන් සොයන්නේ තමාට වඩා බොහෝ වයසින් වැඩි පිරිමින්ය . පිරිමින් බහු බාර්යා සේවනය කරනවා සේම ගැහැනුන්ද අද බොහොමයක් බහු පුරුෂ සේවනය කරනවා. ඕකට තම සමාන අයිතිවාසිකම් සහ කාන්තා නිදහස් සටන් සහ සංවිදාන කරන්නේ. වැරදී කවුද හරි කවුද කියා මෙලෝ දෙයක් මට නොතේරෙයි.(නදී)
දෙවැනි විවාහයක් කරගන්න කලින් අපි සිතන්න ඕනේ කීප වරක්ම.මේ පිරිමියාත් කාන්තාවගේ වයසත් සමඟ බලද්දී ඇයට වඩා අඩු වයසක්. මන් හිතන්නෑ මෙතන ආදරයක් මත විවාහයක් කියා.මුදලට ආසාවෙන් රඟපෑමක යෙදුනු පුද්ගලයෙක්.අන්තිමේට ජීවිතේ නැති උන වගේම අහිංසක දරුවන්ට මව අහිමි උනා.දරුවන් සිටිනවා නම් පලවෙනි විවාහය අසාර්තක නම් දෙවැනි විවාහයක් කර ගන්න හැම පැත්තෙන්ම හිතන්න ඕනේ.විශේෂයෙන් දරුවන්ට වෙන දේවල් සුළු පියාගෙන්.අපේ කාන්තාවන් කොච්චර දැනුවත් කලත් මේ වගේ දේවල් වලට හසු වන්නේ ඇයිද මන්දා.මේ වගේ මිනි මරුවන්ට උපරිම දඩුවන් ලබා දෙන්න. (ස)
බලන්නකෝ මේ මිනිහගේ මුණ අංගුලිමාලගෙ වාගේ. ලංකාවේ මිනි මැරුම් වැඩි හේතුව එල්ලුම් ගස ක්‍රියාත්මක නොමැතිකමයි. ජීවිතය දක්වා හිරේ යන අයත් අවුරුදු ගාණකින් එළියේ. හිරේ ඉන්න උන් ටික ඉන්නේ එළියේ ඉන්න අපිට වඩා සැපෙන් මිනිමරා ගිය උන් උන්ට ලොකු සැලකිලි ඇතුලේ වැඩ කාරයෙක් කියලා. යුක්තිය ඉටු කරන හැම තැනක්ම අද මේ වගේ. හිර ගෙදරත් එහෙමයි. දෙයියෝ දනී අපි නොදනී. (ස)
මේ ගැන අදාල තරුණාය සමග සාකච්ඡා නැතිව අදහස් දැමිය නොහැක. පේන විදියට මේ කාන්තාව මෙම තරුණයාට ද්‍රෝහී වී ඇත. විවාහයෙන් පසුවත් ඉතාලියේ ජීවත් උන විදිය සොයා බල අදහස් පලකිරීම කාලෝචිතය. මිනිමරා ඉඩම විකුණා දැමීම අධම ක්‍රියාවකි.(නදී)
මෙලොව වැරදි නොකරන්නේ කවුද? සමහරු දැන දැනත් කරනවා. සමහරු නොතේරෙන මෝඩ කමටත් කරනවා. කොහොම කලත් සියයට සීයක් නිවැරදිව ජීවත් වෙන්ඩ පුළුවන් කාටද මේ ලෝකෙ. ඔය කථා කරන අපි කොයි කවුරුත් වැරදි කරන අය. පෘථග්ජන කම නිසා කෙරෙන වැරද්දකදී කාව හරි ඝාතනය වුනොත් ඒකට හොඳ වැඩේ කියන්ඩ බැහැ. නොමරා ප්‍රශ්න විසඳා ගන්ඩ පුලුවන්. කොහොමත් මේ ලෝකෙ මාර පාක්ෂිකයි. (ස)
කරුණාකර ඇප නොදෙන්න.මතුවත් මෙහෙම නොවෙන්න කාන්තාවන්ට මොලේ පෑදේවා! (ස)
රූපවතී කට වහගෙන හිටියොත් හොදයි (නි)
පවු අනේ මේ මනුස්සයා! (නි)
ඔය වගේ කෙරුවාවල් අවසන් වෙන්නේ ඔය විදියට තමා (නි)
පවු. මේ අයියා. හොදට හොයලා බලලා දඩුවම් කරන්න. (නි)
ඔය උපදෙස්, යෝජනා, චෝදනා ඔවැනි සිද්ධියක් වුණහම අපේ රටේ අපි ඕනෑතරම් දකිනවා (නි)
එල්ලා මරණ නීතිය ලංකාවට ගෙනෙන්න මේ වගේ ක්‍රියාවන් නැති වෙන්න නම් (නි)
රූපවතී ,තබුක් සිල්වා මිනීමැරුම සාදාරණීකරනය කරලා නැහැ.ඒක තේරුම් ගන්න බැරි ඔයාගේ මොළෙත් වපසරිය බලාගත්තොත් හොදයි .නැත්නම් පිට රටක සිටින ඔයා ගැනත් කණගාටුදායක ආරංචි අපට ලැබෙයි. (නි)
පිටිගල මිලානෝ ගැන මට සැකයි.
මෙම කාන්තාව ගැන දන්නා ඉතාලියේ ඉන්න අයගේ අදහස් ටිකක් දුන්නොත් ඉතා වටිනවා, (දී)