පුත්තලම ,මාරවිල, හලාවත මීගමුව ,ගොකරැල්ල ආදී ප්‍රදේශයන්හි කොල්ලකෑම් රැසකට හවුල් බව කියන තිදෙනකු පෑන් පිස්තෝලක් සෙල්ලම් පිස්තෝලයක් හා තවත් අවියක් සමග අත්අඩංගුවට ගත් බව මූන්දලම පොලීසිය කියයි.
ගොකරැල්ලේ විසි ලක්ෂයේ කොල්ලයටද හවුල් බව කියන මෙම පිරිසේ නායකයා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු හතක්ද නිකුත් කැර ඇතැයි කියති.
ඔවුන් කොල්ලකෑම් විස්සකට පමණ හවුල් යැයි තොරතුරු ලැබී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න ඕකත් අත් ඇරලා දාන්න. (ස)
කාලය සමඟ ගනුදෙනුවක් ... (ස)
අපි කවුරුත් යමකට ප්‍රතිචාර දක්වන්නේ ඒ ඒ අවස්ථාවේ හැටියටනේ. මහා රැ කවුරු හරි සෙල්ලම් පිස්තෝලයක් දික් කලත් ඒ අවස්ථාවේ හැටියට අපි හිතන්නේ මේක ඇත්ත එකක් කියලා. ඒක මනුෂ්‍ය ස්භාවය. මුන් වගේ හොරු මංකොල්ලකාරයෝ ඒකෙන් ප්‍රයෝජන ගන්නවා. (ස)
අහිංසක මිනිසුන් හා දුක් විදලා හරිහම්බ කරන දේ එක රැයින් හොරකම් කර ගන්නවා.මේ මිනිස්සු හිරේ දැම්මත් ඇප දීලා ටික දිනකින් එනවා.නැවත මීට වැඩිය අපරාධ කරනවා. අනේ මන්දා! (නි)
හොඳ නරක දෙකටම තියෙන්නේ පොලිසිය. ගහනකොට යන්නෙත් පොලිසියට, ගුටිකන්න වෙන්නෙත් පොලිසියෙන්. (නි)