ක්‍රීඩා කිරීම හොඳ දෙයක් වුවත් අන් අයගේ ජීවිතවලට තර්ජනයක් වන පරිදි කරන ක්‍රීඩා නතර කරන ලෙස පානදුර ප්‍රධාන මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා පානදුර ශාන්ත ජෝන් ජාතික පාසලේ විදුහල්පති තිලක් ද සිල්වා මහතාට අවවාද කළේය.
මුදල් අය කර පිටස්තර ක්‍රීඩා සමාජවලට විද්‍යාලයීය ක්‍රීඩා පිටියේ ක්‍රිකට් තරඟ පවත්වන්නට ඉඩ දී ඇති හෙයින් ලෙදර් බෝල වැදී අසල්වැසි නිවාසවල දොර ජනෙල් සහ වෙනත් දේපොළවලට හානි වෙතියි ගම්වාසීහු පිරිසක් විදුහල්පතිට එරෙහිව පැමිණිලි කළහ.
පාසල් ක්‍රීඩා පිටියේ සෙල්ලම් කිරීමේ දී අසල්වැසි නිවාසවලට සිදුවන පීඩා වලක්වා ගැනීමට මාසයක් ඉක්මෙන්නට පෙර ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස ද මහේස්ත්‍රාත් නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් ඔව් සෙල්ලන්ද කොල්ලෝ කිවලු , පොඩි දරුවෙක්ගේ අැඟේ එහෙම වැදුනොත් බබිත් සුන් බබිගේ මමිත් සුන් ! (අ)
පිටබැද්දර ජයා ට හොඳ හැකියාවක් තියෙනවා පාඨකයින්ගේ සිත් බැඳගන්න අයුරින් අදහස් ප්‍රකාශ කරන්න. ජය වේවා!(අ)
ඉස්කෝල වලට යාබද ඉඩම් ගත්තම ඔහොම තමා. මුලින් බෝල එනවා. බොලේ ගන්ඩ කොල්ලෝ එනවා. ටැප් එක දැක්කම වතුර බොන්ඩත් ඕනේ වෙනවා. යන ගමන් ගහෙන් ජම්බුත් කඩාගෙන ඊලග සැරේ තාප්පෙන් පනින්ඩ ලේසි වෙන්ඩ පොල් පිත්තකුත් තාප්පෙට තියල යන්නේ. ඔය අතරේ ගෙදර ලස්සන කෙල්ලෙක් හිටියොත් බෝලේ වැටෙන්නේ ඒ ගෙදරට මයි. අපි ඉස්කෝලේ යන කාලේ නං එහෙමයි දැන් වෙනස් ද දන් නැහැ. (නදී)
ඒක ඇත්ත (නි)