(සුනිල් එස්. පැල්ලන්දෙණිය)
නීති විරෝධී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමක් පිළිබඳව ලද තොරතුරක් මත හදිසි මාර්ග සෝදිසියක ගිය ගොකරැල්ල පොලිසියේ තිදෙනෙකුට මැල්සිරිපුර බස් නැවතුම්පල අසලදී පිරිසක් විසින් වට කර සිදුකළ පහර දීමක් හේතුවෙන් එම නිලධාරින් තුවාල ලබා රෝහල් ගත කළ බව ගොකරැල්ල පොලිසිය කියයි.
මෙසේ පහර කෑමට ලක් වූ නිලධාරින් අතර උප පොලිස් පරීක්ෂකවරයකු හා කොස්තාපලවරුන් දෙදෙනකු සිටින බව පොලිසිය කියයි.
මැල්සිරිපුර නගරයට අයිස් මත්ද්‍රව්‍ය පාර්ශලයක් රැගෙන මදුරාගොඩ ප්‍රදේශයේ සිට සැකකරුවන් පිරිසක් ත්‍රී රෝද රථයකින් එන බවට ලද තොරතුරක් ඔස්සේ උප පොලිස් පරීක්ෂකවරයා තවත් නිලධාරීන් පිරිසක් සමග මැල්සිරපු නගර ආසන්නයේ හදිසි සෝදිසි මෙහෙයුමක නිරතව තිබේ.
එම සෝදිසි මෙහෙයුම් අතරතුර පැමිණි සැක සහිත යතුරු පැදිකරුවකු පොලිස් නිලධාරින් මගහැර පලා ගොස් තිබේ.
ඒ අනුව අදාල සැකකරු හඹා ගිය පොලිස් නිලධාරිහූ, ඔහු මැල්සිරපුර බස්නැවතුම්පළ ආසන්නයේ අතුරු මාර්ගයකදී අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබේ.
එහිදී සැකකරු පරීක්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබී ගංජා මිටි කීපයක් හමුවීමෙන් පසු සැකකරු පොලිස්භාරයට ගෙන අත් විලංගු දැමීමට සූදානම් වූ මොහොතේ දී හදිස්සියේම එම ස්තානයට කඩා වැදුනු තවත් තරුණයන් 20ක පමණ යුත් පිරිසක් පොලිස් නිලධාරීන් වටකර පොලුවලින් සහ අතින් පයින් පහර දීමට පටන් ගෙන ඇත.
පහරදීමෙන් තුවල ලත් පොලිස් නිලධාරීන් විසින් වහාම 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට අමතා ආධාරක පොලිස් නිලධාරින් කංඩායමක් ගෙන්වා ගෙන සැකකාර තරුණයන් තිදෙනකු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.
මෙය සැකකරුවන් පොලිසිය හිතාමතාම නොමඟ යවා පහරදීමට සිදුකළ සැලසුමක් බව පෙනී යන බැවින් සිද්ධිය පිළිබඳවම වහාම පරීක්ෂණයක් ආරම්භ කළ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
හම්බන්තොට මයුරුපුර මහවැලි බල ප්‍රදේශයට අයත් හොඬවැල් පොකුණ වැවේ පිටවාන පසුගියදා ඇති වූ අධික වැස්සට හසුව කඩාගෙන ගොස් ඇතැයි ප්‍රදේශයේ ජනතාව පවසති.
දින තුනක කාලයක් පුරා පොළොන්නරුව දිස්ත්‍රික්කයට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පවුල් 970 ක පුද්ගලයන් 3742 නෙකු පීඩාවට පත්ව ඇති බව පොළොන්නරුව දි
දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමත් සමඟ දැදුරු ඔය පිටාර ගැලීමෙන් ආණමඩුව හලාවත මාර්ගය පල්ලම පහලයාය ප්‍රදේශයෙන් ප්‍රධාන මාර්ගය ජලයෙන් යටවිමත් සම
අයහපත් කාලගුණය මධ්‍යයේ ජලයෙන් පිරී තිබූ කන්තලේ, සූරියපුර පිහිටි සිංහ වැවේ පිටවානේ කොටසක් කැඩී ගිය බව ගොවිහු පවසති.
තාවකාලික වාහන අංක තහඩු භාවිතා කිරීම දෙසැම්බර් 15 වැනිදායින් අවසන් වන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.
දීග ජන්තු නමින් ප්‍රසිද්ධියට පත්ව සිටි ඇති රජකු පලාගල මීගස්වැව ප්‍රදේශයේ නිවසක් වටේ ඇද තිබූ අනවසර විදුලි රැහැනක පැටලීමෙන් මියගොස් ඇතැයි පොලිසිය කියය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සැලසුම් කර පොලිසියට ගහලා
Prabha Saturday, 17 August 2024 10:30 PM
පොලිසියට ගරුත්වයක් තිබුණා නම් ඒක නැතිකරලා ගත්තෙත් ඔවුන් විසින්මයි.
රංබොඩ Sunday, 18 August 2024 02:09 AM
විශාල වරදක් වග පෙනේ. මේ පොලු පහර දුන්නේ රටේ නීතියට. ඔවුන්ට සුදුසු දඬුවම් ලැබෙනු ඇත.