IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


සිවු වරක් රජවුණු ‘හිතහොඳ චණ්ඩියා’

  fdh

 

මේ දිනවල මහරජ අජාසත් සමග බිම්බිසාර රජතුමා ද ඛේමා බිසව ද සමග බුද්ධ කාලයේ ජීවත් වූ තවත් බොහෝ පිරිසක් ලංකාවේ සැරිසරති. මොවුනතුරින් ‘බිම්බිසාර රජ්ජුරුවෝ’ බැහැදකින්නට යා යුතු යැයි මා සිතා සිටියේ මහරජ අජාසත් ලංකාවට පැමිණි දවස්වලම ය.
අවසානයේ දී මට ඒ අවස්ථාව ලැබිණි. මම අපේ ඇබාත් සමග කිරුලපන බලපොකුණ පාර දිගේ ගොස් බිම්බිසාර රජතුමාගේ රජමාලිගයට ගොඩ වුණෙමි.

 


”එන්න... එන්න...” 


ඔහු ඉතාම සුහද ලෙස අප සිය රජමැදුරට කැඳෙව්වේය.a3


ඒ මොහොතේ රජ ඇඳුම් ගලවා සරමකින් සහ කමිසයකින් සැරසී සිටි බිම්බිසාර රජ්ජුරුවෝ, ”රජ ඇඳුම්” පැළඳගනු පිණිස මන්දිරය ඇතුළට ගියේය.
මිනිත්තු කිහිපයකට පසු ඔහු යළි අප වෙත ආ නමුත් ඔහු ඇඳ පැළඳ සිටියේ රජ ඇඳුම් නොවේ. කලිසමක් සහ කමිසයකි.


විසල් ආලින්දයේ පසෙක ඇති ”ඔංචිල්ලා” පුටුවෙහි වාඩි වූ ඔහු මදක් එහා මෙහා පැද්දුනේය.


”ඔබ එහෙනම් රජ වුණා...”


මම කතා බහ අරඹමින් කීවෙමි.


ඔහු සිනාසුනේය.


එය රාජකීය සිනහවක් නොවේ. ”පේ‍්‍රමවන්තයකුගේ සිනාවකි, වීරයකුගේ සිනාවකි. තවත් විස්තර කළොත් වීර පෙම්වතකුගේ දඟකාර සිනාවකි”
”මම හතර පස් වතාවක්ම රජ වෙලා තියෙනවා”


ඔහු කීවේ රජකම ඔහුට ඒ හැටි දෙයක් නොවන තරමට සැහැල්ලූවෙනි.


”ඒ වුණාට මේ වතාවෙ ලොකු රජකමක්නෙ... බිම්බිසාර රජ්ජුරුවෝ”


”මම ඔය බිම්බිසාර රජ්ජුරුවො වුණේ දෙවැනි වතාවට. ඔයිට කලිනුත් මම බිම්බිසාර රජ්ජුරුවෝ වෙලා තියෙනවා.. හැබැයි එදා මේ පාර වගේ නොවෙයි, පොඩි රංගනයක් තිබුණා”


”ඔබට රජ වෙන්න කතා කළාම කැමැත්තෙන්ම රජකම බාරගත්තා ද?”


මම යළිත් ඔහුගේ මුහුණ බලමි.


‘‘නෑ, මම දෙගිඩියාවක හිටියේ. මොකද ඒ වෙද්දි කිහිප වතාවක්ම රජ වෙලා හිටපු නිසා ආයෙම රජ චරිතයක් කරනවද නැද්ද කියන දෙගිඩියාව මගේ හිතේ ඇති වුණා. නමුත් අන්තිමට මට ලැබුණු ඉල්ලීම අහකදාන්න බැරි වුණු නිසා මම ඒකට කැමති වුණා.’’

DSC_2395
”අද හිතෙනවා මම ගත්තු තීරණය හරි කියලා. අද මේ බිම්බිසාර රජ චරිතයට ලැබෙන අසීමිත ප‍්‍රතිචාරවලින් මට පේනවා, බිම්බිසාරගෙ රජකම මම හොඳට කරලා තියෙනවා කියලා.” 


බිම්බිසාර රජ්ජුරුවෝ යළිත් සිනාසෙයි.


මේ සිනාව නම්, රජකුගේ සිනාවක් නොවේ. අපේ වාණිජ සිනමාවට දිගු කලක් තිස්සේ නැතුවම බැරිව සිටි ජීවන් කුමාරතුංගගේ සිනාවයි.


හරි! මා මේ පැමිණ සිටින්නේ අපේ ප‍්‍රවීණ නළු ජීවන් කුමාරතුංගගේ නිවෙසටය. තවදුරටත් මට ඔහු (බිම්බිසාර රජ්ජුරුවෝ) නොවේ, ජීවන් කුමාරතුංග ය.
කලෙක ඇමතිවරයෙකු ලෙස ද රටට සේවය කළ ඔහුගේ සිනමා ජීවිතයේ රස මතක හාරා අවුස්සන්නට දැන් ඉතිං අවසරයි!


”ඔබ සිංහල සිනමාවට එන්නෙ සටන් නළුවෙක් විදිහට. ඊට පස්සෙ පෙම්වතා වෙනවා. අද රජ වුණාට, ඒ රජකම ගන්න ලොකුවට කට්ට කන්න ඇති.”
මම ජීවන්ගෙ මුහුණ බලමි.


ඔහු සිනාසෙයි.


මේ හිනාව කලින් නැගූ හිනාවට වඩා දඟකාරය. ඒ ඔහු රසමුසු අතීතය සිහිපත් කරමින් නගන සුන්දරම සිනාවක් වන නිසාය.


”ඒ කාලෙ විජය බාප්පගෙ රඟපෑම් දකින කොට මටත් හිතුනෙම නළුවෙක් වෙන්න. මම මේ වෙනුවෙන් පුදුම විදිහට මහන්සි වුණා. 


මම ටේ‍්‍රල් බයික් එකක් අරගත්තා.  ඕකෙන් එක එක දේවල් පුරුදු වුණා. වීරයා කරන වැඩ පුරුදු වුණා. කඳුවල ගියා, උඩින් පැන්නෙව්වා, ඒ කාලෙ ඇලෙක්සැන්ඩර් ප‍්‍රනාන්දු, රොබින් ප‍්‍රනාන්දුලා කරන වික‍්‍රමාන්විත වැඩ තනියම අත්හදා බලන්න පටන් ගත්තා. කරාටේ වගේම විවිධ සටන් ක‍්‍රම ඉගෙන ගත්තා. අන්තිමේදී චිත‍්‍රපටියක පුංචි කොටසක් රඟපාන්න හම්බ වුණා.


ජීවන් සිනමාවට ආ ගමනේ රසමුසු පුවත්  ඕනෑ තරම් තිබෙන්නට පුළුවන. ඒවා එකින් එක මතක් කරගන්නට ඉඩ දී මම බලා හිඳිමි.
”දවසක් පත්තරේක දැන්වීමක් තිබුණා විජය 

 

ධර්මශ්‍රී ගෙ සිටු කුමරියෝ චිත‍්‍රපටියට නළු නිළියන් බඳවා ගන්නවා කියලා. සම්මුඛ පරීක්ෂණය සුදර්ශියෙ තියෙනවා කියලා. ඒක දැක්කාම මටත් සතුටු හිතුණා. මම ගියා, යන කොට කොල්ලො කෙල්ලො මහගොඩක් ඇවිත් හිටියා. මමත් පෝලිමේ.


සෝමපාල ලැනරෝල් මාව දැක්කා. තලකොටුවෙ විජය බාප්පලාගෙ ගෙදර දි සෝමපාලට මාව මුණගැහිලා තිබ්බා. ඔහු ඇවිත් මට කතා කළා.
”ඔයා ආවට මේන් රෝල් එකට ගන්න කෙනා දැන්මම තීරණය කරලා ඉවරයි.”


සෝමපාල ලැනරෝල් කිව්වා..


”අර ඉන්නෙ ප‍්‍රධාන නළුවා”


ඊළඟට එයා ඇඟිල්ල දික් කරලා එක්කෙනෙක්ව පෙන්නුවා.


ලස්සන කොලේලෙක් පැත්තක හිටගෙන ඉන්නවා. මම එයා දිහා බැලූවා. සනත් ගුණතිලක තමා ඒ.


මගේ හීනේ බිඳුනා.


මට ලැබෙන්නෙම පොඩි පොඩි චරිත. ඔන්න කදිරා චිත‍්‍රපටයෙත් මට පොඩි චරිතයක් ලැබෙනවා. මේකත් සටන් ජවනිකා එහෙම තියෙන ෆිල්ම් එකක්. ඔය සටන් ජවනිකාව රෝයි ද සිල්වා දැකලා තිබුණා.


දවසක් රෝයි මට හම්බ වුණා. මගේ ළඟ ස්ක‍්‍රිප්ට් එකක් තියෙනවා. හිත හොඳ කොල්ලා කියලා. මේකට ඔයා හොඳයි කියලයි මම හිතාගෙන ඉන්නෙ. නිවාඩු පාඩුවේ මේ ස්ක‍්‍රිප්ට් කියවලා බලලා, කැමැත්ත කියන්න කො. 


රෝයි කිව්වා


මම එවෙලෙම කැමැත්ත දුන්නා.


ඔන්න ඔය විදිහට හිත හොඳ කොල්ලා චිත‍්‍රපටියෙන් මට ප‍්‍රධාන චරිතයක් ලැබෙනවා. මේ චිත‍්‍රපටියට මම දන්න කියන ශිල්ප ඔක්කොම දානවා. ටේ‍්‍රල් බයික් එක උඩින් පනන්නවා, කඳු උඩ යනවා. ඔය රඟපෑම් එක්ක ඔන්න මගේ ගැන කොල්ලො කෙල්ලො කතා කරන්න පටන් ගන්නවා.


හිත හොඳ කොල්ලා ඔයාගෙ හීනේ හැබෑ කළා!


මම ජීවන්ගෙ මුහුණ බලමි.


සිය ඔංචිල්ලා පුටුවෙහි ඉස්සරහටත් පස්සටත් දෙතුන් වරක් පැද්දුනු ජීවන් යළිත් සිනාසුනේය.


”මගේ හීනෙ තියෙන්නේ දුෂ්ටයාගෙන් මිදිලා නැටුම් ගැයුම්වලට එකතු වෙන්න. මේ කාලෙ ඩිස්කෝ ඩාන්සර් චිත‍්‍රපටිය ඇවිත් තිබුණා.  ඕකෙ රඟපානවා මිතුන් චක‍්‍රබෝර්තී. හැමෝම කිව්වා මමත් මිතුන් වගේ කියලා. ඔය චිත‍්‍රපටියෙ මිතුන් ලස්සනට නටනවා. මමත් ඔය නැටුම් දිහා බලාගෙන නටනවා. දැන් මටත්  ඕනෙ චිත‍්‍රපටියක නටන්න. ඔන්න ඔය අතරේ මට ප‍්‍රාර්ථනා චිත‍්‍රපටියට කතා කරනවා. ඒකෙත් වීරයා සනත්. මම පුරුදු විදිහටම දුෂ්ටයා. මම අධ්‍යක්ෂකගෙන් ඉල්ලීමක් කරනවා සිංදුවකට නටන්න දෙන්න කියලා.


අධ්‍යක්ෂ හිනා වුණා. ඔයා විලන්නෙ, විලන්ට කොහොමද සිංදුවකට නටන්න දෙන්නෙ. නටන්න දෙන්නෙ වීරයටනෙ.”


උත්තරේ ඒක.


ඒත් මම දිගටම අධ්‍යක්ෂකට කරදර කරලා 


සිංදුවකට නටන්න අවස්ථාවක් ලබා ගන්නවා. නටන්නෙ මැණික් එක්ක. සිංදුව කිව්වෙ ජෝතිපාල.


ප‍්‍රාර්ථනා මංගල දර්ශනය පෙන්නුවේ ඔලිම්පියා හෝල් එකේ. මම මේකට මගේ කොල්ලො ටිකක් අරන් එනවා. උන්ට තිබුණෙ මම සිංදුවට නටන කොට විසිල් ගහන්නයි අප්පුඩි ගහන්නයි. 


දුෂ්ටයා නටනකොට මාර විසිල් පාරක්  ඕඩියන්ස් එකෙන් ආවෙ. වීරයාට ඒ ප‍්‍රතිචාර නැහැ. මටත් ඉතිං මාර සතුටුයි. ෆිල්ම් එක ඉවර වෙලා මම මගේ වෑන් එකට ගියා. මෙන්න අර විසිල් ගහපු කොල්ලො ටික එතන. ඒකෙන් හැමෝම දැනගත්තා විසිල් එක ප්ලෑන් එකක් කියලා.


”ඒ නැටුමත් එක්ක ඔබේ හීන සැබෑ වුණා.”


මම යළිත් ජීවන්ගේ මුහුණ බලමි, එහෙත් තවමත් ඔහුගේ මුහුණේ කළු වලාකුළුය.


”නැහැනෙ... මගේ හීනෙ වීර පෙම්වතා වීම.”


ජීවන් යාම්තමට සිනාසෙයි.


”මේ වෙද්දි මම චිත‍්‍රපට පහළොවක විතරම දුෂ්ටයාගෙ චරිතෙ රඟපාලා තිබුණා. ආයෙ නම් මම දුෂ්ඨයාට රඟපාන්නෙ නෑ කියලා තීරණයක් ගත්තා. මම ගිහින් යසපාලිත හම්බ වුණා.


පාලිත අයියෙ, මට දැන්නම් දුෂ්ඨ චරිත රඟපාන එක එපා වෙලයි තියෙන්නෙ. වීරයගෙ රෝල් එක ලැබුණෙ නැතිනම් මම ඔක්කොම දාලා රට යනවා.”
මම යසපාලිතට කිව්වා.


පාලිත අයියා මගේ දිහා බැලූවේ පුදුමෙන් වගේ.


”විලන්ට කවදාවත් වීරයා වෙන්න බැහැ මල්ලි. දැන් ඔයා වීරයෙක් විදිහට පිළිගන්න රසිකයො කැමැති වෙන්නෙ නැහැ.”


උත්තරේ ඒක.


මම සුනිල් සෝම පීරිස් හම්බ වුණා. එයාටත් කිව්වා මගේ ප‍්‍රාර්ථනය.


එයාගෙ උත්තරෙත් අරකමයි. මම තේරුම් ගත්තා දැන්නම් කිසිම චිත‍්‍රපටිකාරයෙක් මාව වීරයාවත් පෙම්වතාවත් කරන්නේ නැහැ කියලා. මං හිතුවා කොහොම හරි මමම චිත‍්‍රපටියක් කරනවා කියලා. මගේ යාලූවො හිටියා ශ්‍රීනාත් බස්නායකයි, රංජිත් සිරිවර්ධනයි. රංජිත්ට කිව්වා ස්ක‍්‍රිප්ට් එක ලියන්න. මම ප‍්‍රධාන නළුවා හෙවත් වීර පෙම්වතා.


ඊට පස්සෙ අපි ගියා ප‍්‍රීතිරාජ් වීරරත්න 


මුණගැහෙන්න. මොකද ඔහු ඒ කාලේ ජනප‍්‍රිය චිත‍්‍රපට නිෂ්පාදකවරයෙක්. අපි ගිහින් ස්ක‍්‍රිප්ට් එක ගැන කිව්වා.


”මම චිත‍්‍රපටිය කරන්නම් හැබැයි ප‍්‍රධාන චරිතයට නම් ඔයාව ගන්න බැහැ”


ප‍්‍රීතිරාජ්ගෙ උත්තරේ වුණේ ඒක. අපි ආපහු ආවා.


මේක හරියන මගුලක් වෙන්නෙ නෑ රංජියා. මේක අපිටම තමයි කරන්න වෙන්නෙ. මං කොහොම හරි සල්ලි හොයාගන්නම් කියලා මං රංජිට කිව්වා.

මම මගේ පරණ ජීප් එක තිස්පන්දාහකට වික්කා. ඔන්න දැන් ෂූටිං පටන් ගත්තා. ඇලරික් ලයනල් ප‍්‍රනාන්දු නෙගටිව් වගයක් දුන්නා. මගේ යාළු ගරාජ් එකකින් පරණ වාහනයක් ඉල්ලගෙන නළු නිළියො ගන්න යනවා. මේ නළු නිළියො කවුරුවත් මේ වෑන් කබලට නගින්නෙත් නෑ. 


මම වීර පෙම්වතා. පෙම්වතියට ගත්තෙ සබීතාව. කොහොම හරි ලක්ෂ හතරක් වියදම් කරල චිත‍්‍රපටිය කළා. චිත‍්‍රපටියෙ නම හිත හොඳ චණ්ඩියා. හිතුවටත් වඩා චිත‍්‍රපටිය සාර්ථක වුණා. ආදායමත් හොඳයි. ඔන්න ඔතනින් තමයි මගේ හීනේ හැබෑවෙලා දුෂ්ටයාගෙන් මිදිලා, මම වීර පෙම්වතා වුණේ.


ජීවන් ඔහුගේ ඔංචිල්ලා පුටුවේ මඳක් ඉස්සරහට විත් යළිත් පසු පසට ගියේය. දැන් ඔහුගේ මුහුණේ ප‍්‍රසන්න සිනහවකි!


මම ඇබාගේ මුහුණ බලමි. ඔහුගේ කැමරාව ක‍්‍රියාත්මක වෙයි.


වීර පෙම්වතා විදිහට වික‍්‍රමාන්විත වැඩ කරද්දි වැරදීම් එහෙම වෙලා ඇති. 


මම අපේ පිළිසඳර යළිත් වෙනත් පීල්ලකට ගතිමි.


‘‘මොකද නැතුව....’’ ජීවන් අර ලස්සනම සිනාව ඔහුගේ දෙතොලතරට ගත්තේය.


”ඔබට දිවුරා කියන්නම්” චිත‍්‍රපටයෙ වීරයා වුණේ ශෂී විජේන්ද්‍ර, එයාගෙයි මගෙයි ෆයිට් එකක් තිබුණා. මම ශෂීගෙ බඩට ගහලා නැමෙන කොට ශෂී මට පයින් ගහන සීන් එකක් තිබුණා. එතකොට මම විසිවෙලා වැටෙන්න  ඕනේ.


පළපුරුදු සටන් නළුවො නම් දන්නවා පහරෙ සීමාව. ඒත් ශෂී අලූත් කෙනෙක්. එයා මට පයින් ගැහුවෙ ඇත්තටම. කකුල එනකොට මම අත ඇල්ලූවා. සපත්තු පාර අතේ වැදිලා අත තුවාල වුණා. මම අත ඇල්ලූවේ නැත්නම් 

එහෙම සපත්තුව වදින්නේ මගේ මූණේ. එහෙම වුණා නම් මගේ මූණේ ඇට කටුත් කැඩෙනවා.


රන්දෙනිගල සිංහයා චිත‍්‍රපටියෙ රඟපාද්දිත් එහෙම වැඩක් වුණා. මමයි විජය බාප්පයි දෙන්නම අස්සයො දෙන්නෙකුගෙ පිටේ යනවා. පිටිපස්සෙන් අපේ ගමන රූගත කරගෙන කැමරා කණ්ඩායම ජීප් එකක එනවා. අතරමගකදි අපි ගඟකින් එතෙර වෙනවා. අපේ පස්සෙන් එන ජීප් එකත් පිටිපස්සෙන් මහ හයියෙන් එනවා. 


අපේ ගමනාන්තය වුණේ එක්තරා ගෙදරක්. මම ඔය ගෙදර ළඟ අස්සයා නතර කළා. ඒත් විජය බාප්පා එතැන නතර නොකර කෑගහගෙන ඉස්සරහට ගියා. එතකොටම මාව උඩින් ගියා. අස්සයා බිම වැටුණා. අර ජීප් එක අපේ පිටිපස්සෙන් ආපු වේගෙට බ්‍රේක් අහන්නේ නැතුව අස්සයගෙ ඇෙඟ් හැප්පිලා.
මම නැගිට්ටා මං බැලූවෙ අස්සයගෙ දිහා. අස්සයව මම ගත්තෙ ලක්ෂ තුනක ඇප මුදලක් තියලා.


අස්සයට තුවාලයක් වුණොත් අර ඇප මුදල හම්බ වෙන්නෙ නෑ. හැබැයි වාසනාවකට මටවත් අස්සයටවත් තුවාලයක් වුණේ නැහැ.


ආයෙ දවසක හිට්ලර් අයියා කියලා ෆිල්ම් එකක මට කැලණි ගෙඟන් පනින්න තිබුණා. නිකම් නොවෙයි මාංචු පිටින්. ඔය සීන් එක ගන්න වෙලාවෙ සෙනඟ වටවෙලා හිටියේ. පොලිසියටත් ගහලා ජීප් එකෙන් පැනලා පාලම උඩින් කැලණි ගඟට පැන්නා. මගදි මාංචුව ගැලවෙන විදිහටයි. හදලා තිබුණේ. ගඟට පැනපු මම ගඟ යටින් පීනලා ගිහින් කැලණි පාලමේ කණ්ඩියකට මුවා වුණා. 


මට හිතුණා කට්ටියට පුංචි විහිළුවක් කරන්න. මම උඩ මතුවුණේ නැති හින්දා කට්ටිය මාව හොයන්න කැලණි ගඟට පැන්නා. එහෙ මෙහෙ පීන පීනා මාව හොයනවා. මම ටික වෙලාවක් යන්න ඇරලා මං මෙහේ කියලා කෑ ගැහුවා.


ඒ වෙද්දි, කැලණි පාලම උඩ හිටපු ඔක්කොම බය වෙලා හිටියේ.’’


සිනමාවේ කතාන්දර අතිශයින්ම රස්වත් ය. වීර පෙම්වතකුගේ කතන්දරවල ත‍්‍රාසයත් භීතියත් මුසුව තිබෙන බැවින් ඒ කතා වඩාත් රසවත් ය. විචිත‍්‍රය.
එහෙත් ජීවන් කුමාරතුංග සමග කතාබහ පටන්ගෙන දැන් පැයකටවත් වඩා ගතව ගොසිනි. දැන් ඉතින් ඔහුගෙන් සමුගත යුතුය.


බිම්බිසාර රජු මුණගැසෙන්නට පැමිණ දුෂ්ඨයා ද වීර පෙම්වතා ද මුණගැසුනෙමු. දැන් ඉතින් මේ තුන්දෙනාගෙන්ම සමුගෙන යන්නෙමු.


‘‘ඔයාට තව පින්තූර ගන්න  ඕනෑද?’’


ජීවන් ඇබා දෙස බැලූවේය.


‘‘වෙන ඇඳුමකින් ගම්මු දෙක තුනක්, කහපාට ෂර්ට් එකක් වගේ එකක් අඳින්නකො.”


ඇබා කීවේය.


තවත් මොහොතකින් ඒ පින්තූර සැසිය ද නිමා වූයෙන් අපි බිම්බිසාර රජ මැදුරෙන් එළියට බැස්සෙමු.


‘හිත හොඳ චණ්ඩියා’ අපට අත වැනුවේය.

 

m



අදහස් (0)

සිවු වරක් රජවුණු ‘හිතහොඳ චණ්ඩියා’

රොෂාන් Monday, 28 September 2015 04:58 AM

රංදෙනිගල සිංහයා මතකනම් මෙයාට මාවත් මතක ඈති (බ)

:       0       0

රනිල් වික්‍රම Sunday, 11 October 2015 10:12 AM

නියම මැටි ගොඩ (බ)

:       0       0

ටිෂාන් Saturday, 26 September 2015 02:44 PM

මෙයා විජයගේ නමත් කාල රටත් කනවා.(අ)

:       0       0

ගුණවතී Monday, 28 September 2015 07:32 AM

මෙයා අති දක්ෂ නළුවෙක්. මෙයාට දොස් කියන අය මෙයාගේ ෆිල්ම්ස් බලල නැහැ (අ)

:       0       0

ලේක්කෝ ගලබඩ Saturday, 26 September 2015 09:06 AM

විජයගේ පහනෙන් බැබලෙන්න හදන මෙයා කිසිම රසයක් නැති නළුවෙක්. (අ)

:       0       0

පිටිගල මිලානෝ Saturday, 26 September 2015 09:37 AM

මේ අයට නළුවෝ කියනවනම් මට ජේම්ස් බොන්ඩ් කියල බය නැතුව කියා ගත්ත හැකි. (අ)

:       0       0

පේදුරු Sunday, 27 September 2015 10:12 PM

ලංකාවේ සමහරු නම් දන්නේ විවේචනය කරන්න විතරයි.අගය කිරීමක් දන්නෙම නැහැ (නි)

:       0       0

රුචිර Tuesday, 29 September 2015 02:20 PM

රිදී තිරයේ වීරයා වුනාට හරියට රැවුලවත් තිබිල නෑනේ (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට බලපෑම් කළ සංවිධායක අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 750 0

තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ


ඡන්දය දාන්න උනන්දුවෙන් නිවෙසට
2024 සැප්තැම්බර් මස 20 668 0

ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ


මැතිවරණය නිරීක්ෂණයට පිටරටින් 116ක්
2024 සැප්තැම්බර් මස 20 143 0

ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.


වෝකි ටෝකි පිපිරීම පිටුපස ඊශ්‍රායලය?
2024 සැප්තැම්බර් මස 20 941 0

වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්


හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 197 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


පත්තලගෙදරට ජ්‍යෙෂ්ඨ නිලධාරින් 20ක් ඇවිත් නෑ
2024 සැප්තැම්බර් මස 20 1145 0

ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14557 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 141 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 95 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 139 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site