(යොහාන් භාසුර)
එක්ස්ප්‍රස් නිව්ස්පේපර්ස් ආයතනයේ කළමනාකාර අධ්යක්ෂ සිවකුමාර් නඩේසන් මහතා මෙම වසරේ (2023) ප්රවාසි භාරතීය සම්මානය සඳහා ඉන්දියානු රජය තෝරාගෙන ගෙන තිබේ.
ප්රවාසි භාරතීය සම්මානය ඉන්දියානු ඩයස්පෝරා සාමාජිකයන් වෙත ඉන්දීය රජය පිරිනමන ඉහළම සම්මානය වේ.
ඉන්දෝර්හිදී මේ මස 8 සිට 10 වැනිදා දක්වා පැවැත්වෙන 17 වැනි ප්රවාසි භාරතීය දිවාස් සමුළුවේදී ඉන්දියානු ජනාධිපතිනි ද්‍රෞපදි මුර්මු මහත්මිය අතින් සිවකුමාර් නඩේසන් මහතා ලබාගැනීමට නියමිතය.
ඉන්දීය උප ජනාධිපති ජග්දීප් ධන්කර් මහතාගේ සභාපතීත්වයෙන් සහ විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතාගේ උප සභාපතිත්වයෙන් යුත් සම්මාන කමිටුව සිවකුමාර් නඩේසන් මහතා මෙම සම්මානය සඳහා තෝරා ගත් අතර ඉන්දියානු ඩයස්පෝරා සාමාජිකයන් ලොව පුරා විවිධ ක්ෂේත්රයන්හි ළඟා කරගත් විශිෂ්ටත්වය අගයමින් ප්රවාසි භාරතීය දිවාස් සම්මානය පිරිනැමේ.
ප්‍රජා සුබසාධනය සඳහා නඩේසන් මහතාගේ දායකත්වය අගයමින් මෙම සම්මානය පිරිනමන අතර ඉන්දියානු සම්භවයක් ඇති ජනතාවගේ ගෝලීය සංවිධානයේ ශ්‍රී ලංකා ශාඛාවේ වත්මන් සභාපතිවරයා ද වන නඩේසන් මහතා ප්‍රජා සුබසිද්ධිය වෙනුවෙන් මහත් කැපවීමෙන් කටයුතු කරයි.
‘කොවිඩ්’ වසංගත සමයේදී ශ්‍රී ලංකාව තුළ අතරමංව සිටි ඉන්දීය ජනතාවට සහයෝගය ලබාදීම සඳහා අරමුදල් රැස් කිරීමේ කාර්ය ද ඒ මහතා ආරම්භ කළ අතර ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ව්‍යාපාරික සහ සංස්කෘතික සබඳතා ශක්තිමත් කිරීම සඳහා සක්‍රීයව කටයුතු කළේය.
ශ්‍රී ලංකාවේ වැඩසටහන් ඉදිරිපත් කිරීම් සඳහා ඉන්දියානු කලාකරුවන් රැසකට ආරාධනා කිරීමේදී පුරෝගාමීව කටයුතු කළ ඒ මහතා ශ්‍රී ලංකාවේ කර්ණාටක සංගීතය වැනි සම්භාව්‍ය සහ සාම්ප්‍රදායික ක්ෂේත්රයන්ට අදාළ විවිධ වැඩසටහන් සඳහා ද ඒ මහතා සහයෝගය දුන්නේය.
ඒ මහතා විවිධ ප්රවාසි භාරතීය දිවාස් සමුළු අමතා ඇති අතර 2019 කුම්භ මේලා උත්සවයේදී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවීමට ද ආරාධනා ලැබීය.
මෙම සම්මානය හිමි කරගන්නා දෙවන ශ්‍රී ලාංකික පුරවැසියා සිවකුමාර් නඩේසන් මහතා වන අතර 2011 වසරේදී මනෝ සෙල්වනාදන් මහතා ව්‍යාපාර ක්ෂේත්රය සඳහා දුන් අනගි දායකත්වය වෙනුවෙන් ප්රවාසි භාරතීය දිවාස් සම්මානයෙන් පිදුම් ලැබීය.
පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර
බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා
හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු වන චන්දන කත්‍රිආරච්චි මහතා නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට පත් කරන්නැයි ඉල්ලමින්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සිවකුමාර් නඩේසන්ට භාරතයෙන් සම්මානයක්