IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


ස්වීඩන් පොලීසිය ලාංකිකයෙක් අල්ලයි

ඩුබායි සිට ස්වීඩනය බලා පියාසර කරමින් සිටි  ගුවන් යානයක  ශ්‍රී ලාංකිකයකු තමා ළඟ බෝම්බයක් ඇතැයි කියමින් එහි නියමු කුටියට කඩා වදින්නට යද්දී මෙල්ල කැර ගත් බව ස්ටොක්හෝම් පොලීසිය කියයි.

ගුවන් යානය ඉරිදා දහවල් ආලන්ඩා  ගුවන් තොටට ළඟා වෙමින් සිටියදී මොහු කෑ ගසමින්  නියමු කුටිය වෙත දුවද්දී  ගුවන් යානා කාර්ය මණ්ඩලය විසින් ඔහු මෙල්ල කැර බිම දමා ගනු ලැබීය.

ගුවන් යානය ආලන්ඩා ගුවන් තොටට බස්වන තුරු ඔහු මර්දනය කැර ගැනීමට සේවකයෝ සමත් වුහ.

ස්ටොක්හෝම් පොලීසිය පැවසුයේ  ගුවන් යානයේ කලබල කළ ශ්‍රී ලාංකිකයා විලංගු දමා මෙල්ල කැර ගැනීමට ගුවන් සේවකයන් සමත් වු බවයි.එම පුද්ගලයා අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

 

 

 

 



අදහස් (0)

ස්වීඩන් පොලීසිය ලාංකිකයෙක් අල්ලයි

මනෝජ්-සාජා Monday, 03 February 2014 08:54 PM

ගුවන් මගීන් ,කාර්ය මණ්ඩලය මොනතරම් බය වෙන්න ඇද්ද?.හොද දඩුවමක් ලැබෙයි .(අ)

:       0       0

සජිත් පන්ඩුක Monday, 03 February 2014 09:16 PM

ඕක ලොකු වැඩක් නෙමි. අපේ එවුන් ඉන්නවා සුද්දගේ ඇවුරෝ 50 ගන්න අම්ම අප්පා ඉස්කෝල පවල දුන්න එවුන්. ඕක අඩු ගානේ නිවටයෙක් නෙවෙයි. මතකද සේපාල එකනයාකේ? රට පාවලා දෙන්නේ මේ සරණාගතයෝ.(අ)

:       0       0

චමි Monday, 03 February 2014 10:40 PM

මීට කලින් කෙනෙක් ගුවන් යානයේ දොර අරින්න ගිහින් නා ගත්තා..මෙයා නමි එහෙම කෙනෙක්ගේ පුතෙක් නෙවෙයි වෙන්නැති (අ)

:       0       0

ජයමාන්න කැකුලාවෙල Tuesday, 04 February 2014 03:27 AM

සජිත් පණ්ඩුක, සේපාල ඒකනායක කියන්නේ රට පාවලා දුන් කෙනෙක් නෙමෙයි. තමාගේ ලෙයින් උපන් දරුවා වෙනුවෙනුයි ඔහු ඒ දේ කළේ.(නදී)

:       0       0

සත්‍යයා Tuesday, 04 February 2014 07:32 AM

මේ වගේ මොළ කාරයින්ට ලංකාව පල දෙන්නේ නැහැ. ඒකයි මිනිහ ඔය ක්‍රමය යොදාගෙන තියෙන්නේ රටින් පනින්න . ස්වීඩනය වැනි රටක හිරේ යනවා කියන්නේ, ලංකාවේ දෙපාර්තමේන්තුවක අධ්‍යක්ෂක තනතුරක් ලැබුන වගේ. කාර් එකක් විතරයි අඩු. (නදී)

:       0       0

අනෝජ් Monday, 03 February 2014 02:33 PM

රටේ ඉදල නම කන අය ලෝකේ හැමතැනම ගිහිනුත් නම කනවා. (නදී)

:       0       0

සමන් Monday, 03 February 2014 03:04 PM

මොකක්ද නම? හේතුව මොකක්ද? (නදී)

:       0       0

සුනිල් යහම්පත් Monday, 03 February 2014 03:45 PM

මම හිතන්නේ දේශපාලන රැකවරන පැතීම සඳහා යන අයෙකු විය යුතුය.(නදී)

:       0       0

විරාජ් කාලිංග Monday, 03 February 2014 03:48 PM

ගහල මරන්න ඕන ලංකාවේ කෙනෙක් නම්.(නදී)

:       0       0

සරත් Monday, 03 February 2014 04:06 PM

දන්න කෙනෙක් ඉන්නවා නම් මෙයාගේ නම දාන්න.(නදී)

:       0       0

සරත් Monday, 03 February 2014 04:07 PM

මෙයාගේ නම මොකක්ද? (නදී)

:       0       0

රොෂාන් ජෝන් Monday, 03 February 2014 04:50 PM

මෝඩයෙක්නේ.(නදී)

:       0       0

ධම්ම Monday, 03 February 2014 04:56 PM

ආගමන විගමන කටයුතු කිසිවක් නැතුව මාංචු පිටින් රට ඇතුලට යන්න නියම උප්පරවැට්ටිය. ඇතුලට ගියාට පස්සේ උදවු කරන්න ඕන තරම් මිනිස්සු ඉන්නවා.(නදී)

:       0       0

ලේක්කෝ ගලබඩ Monday, 03 February 2014 06:08 PM

අලුත්ම තාලයේ උපක්‍රමයක් 'පිටුවහල්' නොවී රට ඇතුලට යන්න. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කන්කසන්තුරේ සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 17 0


කරන්දෙනිය අනුරට
2024 සැප්තැම්බර් මස 22 33 0


තිස්සමහාරාමය අනුරට
2024 සැප්තැම්බර් මස 22 134 0


චාවකච්චේරි සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 98 0


කඹුරුපිටිය අනුරට
2024 සැප්තැම්බර් මස 22 189 0


මින්නේරිය අනුරට
2024 සැප්තැම්බර් මස 22 285 0


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14656 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 56 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 226 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 121 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site