කුරුණෑගලදී පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 65 වැනි සංවත්සරයට සහභාගී නොවූ මන්ත්‍රීවරුන්ට එරෙහිව පක්ෂය මගින් කිසිදු විනය ක්‍රියාමාර්ගයක් ගන්නේ නැතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන ලේකම්, කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසීය.
පක්ෂය මගින් ඔවුන්ට එරෙහි ක්‍රියාමාර්ගයක් නොගත්තත් ජනතාව විසින් ඔවුන් සම්බන්යෙන් ඉදිරියේදී තීන්දු ලබාදෙනු ඇතැයි ද ප්‍රධාන ලේකම්වරයා සඳහන් කළේය.
කුමන් මතවාද දැරුවත් පක්ෂයේ උපන් දිනය සැමරෙන සම්මේලනයට සහභාගී වීමට ඔවුන් කටයුතු කළ යුතුව තිබූ බව කී දුමින්ද දිසානායක මහතා එසේ නොපැමිණි අය සම්බන්ධයෙන් තීන්දු දීමට සිටින සුදුසුම පිරිස වන්නේ පක්ෂය සමඟ සිටින ජනතාව බව ද කීවේය.
ශ්‍රීලනිප ප්‍රධාන ලේකම් දුමින්ද දිසානායක මහතා මේ බව පැවසුවේ කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී අද (6) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයාට එල්ල වූ ප්‍රහාරය සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එරටදී එල්ල වූ විරෝධතා හෙළා දකින බව ද හෙතෙම සඳහන් කළේය.
එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර, ශ්‍රී.ල.නි.ප ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිරත්න, අමාත්‍යවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා, සරත් අමුණුගම, මාධ්‍ය ප්‍රකාශක ඩිලාන් පෙරේරා යන මහත්වරු මෙම අවස්ථාවට සහභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසිම සුදුසු කමක් නැති කෙනෙකුට මහා ලේකම් පදවිය දීල , ශ්‍රි ලනිපයේ 2/3 ඉන්නේ වැඩ බැරි නුසුදුසු පුද්ගලයන් (අ)
අපිට ඔයාලා විනය ක්‍රියාමාර්ග ගත්තත් එකයි, නැතත් එකයි. ඔබතුමන්ලාගේ වචන තේරුමක් නැති වචන කියලා දැන් අපි තේරුම් අරන් ඉවරයි. (නි)
වයසින් මුහුකුරා නොගියත් දුමින්දගේ අදහස් ප්‍රකාශ කිරීමේ ස්වභාවය නම් මම අගය කරනවා. බොහොම සංයමයෙන් අදහස් පළ කරන්නේ. (බ)
නිදහසේ අදහස් පළකරන්න ඉඩදීම පැසසීමට කරුණක්. අනෙක් කරුණුත් නිවැරදි කරගත්තොත් පක්ෂය පමණක් නොවෙයි රටත් රැකෙයි. විනය රැකගැනීම එකිනෙකාගේ කාර්යයක්. (නි)
ඔය විනය ගැන කතාකරන කට්ටිය කණ්ණාඩියක් ඉස්සරහට ගිහින් ඔය කතා කිව්වහම හරි. (නි)
අපිට නම් මේ ප්‍රශ්න අදාළ නැහැ. මොනවා වුණත් අපිට කමක් නැහැ (නි)
දුමින්ද මහත්තයෝ, කොහොමටත් ජනතාව ඔබලාට නම් නියම පාඩම උගන්වනවා ඉදිරියේදී. (නි)
කාවද මෙයාලා මේ රවට්ටන්නේ? (අනේ මේ අපිවම තමයි) (නි)
අනේ මෙයාලගේ කතා විතරයි. (නි)
කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නැත. පොඩි චකිතයකුත් ඇතිවෙලා වගේ (නි)
ආපු නැති අයට කෙසේ වෙතත්, ගිය අය ගැනනම් ජනතාව හොදට බලා ගනී (බ)
විනය ක්‍රියාමාර්ග ගන්න පක්ෂයට කට්ටිය නැ (බ)
සංවත්සරයට ගිය අයට ජනතාව නියම වේලාවට තීරණ ගෙන සුදුසු දඩුවම් ලබාදෙයි. කොහොමත් එතනට ගිය වැඩි දෙනෙක් ජනතාවගෙන් දඩුවම් ලබපු අයයි ඒ කියන්නේ පැරදුන අයයි. (ර)
නිස්සන් පුස්සන් රටට,ජනතාවට වගකිව යුතු තනතුරු වලට පත් කළාම මොකද වෙන්නේ? (බ)
ඇයි ආවේ නැති අය වෛද්‍ය සහතික එව්වද.? (ර)
දැන් කීප පාරක්ම විනය ක්‍රියාමාර්ග ගත්ත නිසා මහන්සිද.? (ර)
තමුන්නාන්සේලා කියන මේ බහුභූත අහගෙන ඉන්න, අපි වගේ මෝඩ මිනිස්සුන්ට විරුද්ධවයි විනය ක්‍රියාමාර්ග ගන්න ඕන.(අ)
මේ සංවත්සරවලට කවුරු ගියත් කවුරු නොගියත් ජනතාවට වෙන සෙතක් නැහැ .රට හැදීම අමතක කරලා පක්ෂය හදා ගැනීමට මුල් තැන දීල වැඩකරන කොයි කව්රු ගැනත් ජනතාව බලා ගනීවි .(අ)
රටක නැති විනයක් පක්ෂයකින් බලාපොරොත්තු වන්නේ කොහොමද. පක්ෂ වල ඉන්නෙත් ලංකාවේ අයියලමනේ. (බ)
මම මහින්ද පිලේ කෙනෙකු නොවේ , රාජපක්ෂ යටතේ ශ්‍රී ල නි පෙ සාමාජිකයන් ඔහුගේ අනසකට යටත් වුහ නමුත් වර්තමානයේ ශ්‍රී ල නි පෙ සාමාජිකයන් මොන පිස්සුව නැටුවත් විනය ක්‍රියාමාර්ග නැත , තම පක්ෂයේ සාමාජිකයන් පාලනය කරගැනීමට බැරි නායකයන් කොහොමද රටක් පාලනය කරන්නේ ? රටේ ආර්ථිකය මාසයෙන් මාසයට පිරිහේ (බ)