IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


‘ස්වාධීන කොමිෂන් සභා ඉක්මනින් ඕනෑ‘

මාදුළුවාවේ සෝභිත නාහිමියෝ අද මල්වතු අස්ගිරි මහා නාහිමි හමුවී ලබන ජනපතිවරණයේ දී පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවයත් පොලිසිය, මැතිවරණ කොමසාරිස් හා රජයේ සෙසු ආයතන සැබෑ ලෙස ස්වාධීණත්වයට පත් කිරීමේ 17 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යළි පන ගන්වන ලෙසත් රටම ඉල්ලා සිටිය යුතු බව පැවසූහ.

වත්මන් ජනපති විධායක ජනපති බලතල අහෝසි නොකරතොත් මුළු විපක්ෂයම එක්වී එය ඉවත් කිරීමට සැරසිය යුතු බව ද ඒ හිමියෝ කීහ.

පවුල් කිහිපයක් අතර බලය රැඳී තිබීම විවේචනයට ලක් කළ සෝභිත හිමියන් පැවසුවේ විධායක ජනපතිට අසීමිත බලතල ලැබෙන ක්‍රමය වහා ඉවත් කළ යුතු බවයි.

 

 



අදහස් (0)

‘ස්වාධීන කොමිෂන් සභා ඉක්මනින් ඕනෑ‘

අනුරශාන්ත Wednesday, 27 August 2014 04:38 AM

දැන් තියෙනෙත් ශක්තිමත් රජයක්නේ. විධායකයත් හරි ශක්තිමත්නේ. එහෙම තිබිලත් මේ රට කොහාටද ගමන් කරමින් තිබෙන්නේ? (නි)

:       0       0

ගාමිණී සිරිවර්දන Wednesday, 27 August 2014 04:41 AM

දිස්ත්‍රික් මට්ටමින් අපේක්ෂකයින් පත්කිරීම අත්හැර , ආසන මට්ටමින් කරන්නේ නම්, දේශපාලන අමනාපකම්,කාර්යාල ගිනිතැබීම්,මිනීමැරුම් පවා අඩුවෙයි ! (නි)

:       0       0

සත්‍යයා Tuesday, 26 August 2014 04:36 PM

භික්ෂුන් දේශපාලනයට ඒම තහනම් කිරීම පමණක් නොවෙයි දේශපාලනය ගැන කතා කිරීමත් තහනම් කරන නීති ගේන්න ඕනේ. භික්ෂුත්වය ප්‍රති-නිර්වචන කරන්න ඕනේ. ධර්මයෙහි නොහැසිර දේශපාලනයෙහි කරක් ගහන කිසිම භික්ෂුවක් පන්සලකවත් නොඉඳිය යුතුයි. ධර්මයෙහි හැසිරෙන්නා ධර්මය විසින් රකින්න නම් සියල්ලටම කලින් ධර්මය රැක ගත යුතුයි.(නදී)

:       0       0

සත්‍යයා Thursday, 28 August 2014 12:12 AM

සිංහලයින්ට සියල්ල අමතකවෙන්න අවශ්‍ය වන්නේ සතියක් පමණයි කියලා ප්‍රභාකරන් කියූ කතාව ඇත්ත කියලා මට හිතෙනවා (නි)

:       0       0

මාකද් Tuesday, 26 August 2014 04:40 PM

බුද්දිමත් ආගමික නායකයෙක් කිසිම ආගමකට දොසක් කියන කෙනෙක් නොවෙයි. ඔබවහන්සේගේ අරමුණු සාර්ථක වේවා නිදුක් වේවා. (නදී)

:       0       0

සලීම් Tuesday, 26 August 2014 05:22 PM

කොමිසමක අගය තේරුම් ගන්ඩ විපක්ෂයකට යන්ඩ ඕනා (නදී)

:       0       0

අශෝක Wednesday, 27 August 2014 05:02 AM

ඹබ වහන්සේ තමයි මේයට මුලිකත්වය දිය හැක්කේ. දැනට තියෙන දුෂිත දේශපාලනය නැති කිරීමට ගත යුතු පලමු පියවර ඕකයි. නොභියව පෙරටම යන්න (නදී)

:       0       0

මාදව Tuesday, 26 August 2014 05:28 PM

ඔය කුවුරු මොනවා කීවත් බහු වාර්ගික සමාජයක් ඇති මේ රටට විධායක ජනාධිපති ක්‍රමය ඕනමයි (නදී)

:       0       0

සේනක ද ඉසෙඩ් සිරිවර්ධන Wednesday, 27 August 2014 05:05 AM

රටේ ජනතාව විනාශ කල මල යක්ෂය‍ා මාස 3කින් මහමුදට (නදී)

:       0       0

සේනක ද සොයිසා Wednesday, 27 August 2014 11:08 AM

රටේ හැම මනුෂ්‍යයෙක්ම අහිංසක බලාපොරොත්තු ඇතිව ජීවත්වෙන්නේ. ඒ මිනිස්සුන්ගේ අහිංසක බලාපොරොත්තු දඩමීමා කරමින්, තම සුඛ විහරණය උදෙසා තුජ්ජ විදිහට අපේ අහිංසක ජනතාව දාමරිකයන්, කුඩ්ඩන්, කසිප්පුවන්, වනචරයින්, ගණිකාවන් කරන එකයි වැරැද්ද.(අ)

:       0       0

කලුපහන Wednesday, 27 August 2014 05:30 AM

ජයවර්දනගේ ඉදල චන්ද්‍රිකා වෙනකම් මිනිස්සුන්ගේ ජීවත්වීමේ අයිතිය ප්‍රභාකරන් උදුරාගෙන තිබ්බා. ඒ කාලේ හැංගෙන්න තැන් හොයපු කට්ටියට සම්මා දිට්ටිය තිබුනේ නැත. රාජපක්ක්ෂ ජනාධිපති යුද්දේ ඉවරකලේ ජනාධිපති බලතල යොදවලා. දැන් සම්මා දිට්ටිය පහල වී ඇත. මේ මිත්‍යා දෘෂ්ටිය යොදවන්නේ කාගේ කොන්තරත් තුවකටද? (නදී)

:       0       0

විදුර Tuesday, 26 August 2014 05:54 PM

කතාව ඇත්ත (දී)

:       0       0

සේන Wednesday, 27 August 2014 05:46 AM

අද ප්‍රශ්නය ජනාදිපති ක්‍රමය නෙවෙයි එම ක්‍රමය තුලින් බිහි වුණ දුෂණය නාස්තිය සහ අනෙකුත් සමාජ විරෝධී ක්‍රියා. මොනම ක්‍රමයක් තුල හෝ නායකයා පාලකයා වීම ස්වාභාවිකයි නමුත් නායකයා විසින් මිනිස්සුන්ගේ කැදරකම, වැරදී, පුද්ගලික අඩුපාඩු, රාජ්‍ය මුදල් දේසපාලන උපකරණ හැටියට භාවිතා කිරීම වැලැක්විය හැකියි. ඒ සදහා බොහෝවිට 17 වැනි සංශෝධනය ඉවහල් විය හෙකියි කියන එක මගේ අදහස. (අ)

:       0       0

චමත් ඉතාලිය Tuesday, 26 August 2014 06:37 PM

සත්‍යා, එදා නොවුණ දේ ගැන හිතන්න එපා. අද වෙන්න ඕනෑ දේ ගැන විතරක් හිතන්න (නි)

:       0       0

පතිරණ Wednesday, 27 August 2014 12:24 PM

වීර මහත්මයාගේ කතාවේ මුල්කොටස හරි, නීතිය ස්වාදීන කරන්න නම් 17 අවශ්‍යයි.(අ)

:       0       0

ඩොනල්ඩ් Tuesday, 26 August 2014 07:11 PM

සත්‍යා, මේක කාලීන අවශ්‍යතාවයක්. (නි)

:       0       0

වසන්ත Wednesday, 27 August 2014 06:51 AM

මාගේ පුද්ගලික අදහස ජනාදිපති ක්‍රමය හොඳයි. එහෙත් වර්තමානය එය අනිසි පුද්ගලයන් අතට පත්වෙද්දී, එහි නරක ඉස්මතු වී ඇත. 7 වැනි සංසෝදනය නැවත බලාත්මක කොට නිදහස් රජය , පොලිස්, අදිකරණ සේවයක් ස්තාපිත කරමු. ජනාදිපතිගේ අත් තටු බැඳ දමා අදිකරණය ඉදිරියේ ප්‍රස්න කිරීමට ඉඩ හල යුතුයි ජනාදිපතිවරයාගේ කාලය 2 වසරකට සීමා කල යුතු අතර කැබිනට් ඇමතිවරු 20 ක්, උප ඇමතිවරු 20කට සිමා කල යුතුයි. මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම අදිකරණයට බාර කට යුත්තක් විය යුතුයි (නදී)

:       0       0

ඉන්ද්‍රා Tuesday, 26 August 2014 07:59 PM

අනේ හොඳයි. මේ වගේ දේකට සහයෝගය දෙන්න ගොඩක් අය බලාගෙන ඉන්නවා. අපි ඔබ වහන්සේලා සමඟ අවසානය දක්වාම සිටිමු (නි)

:       0       0

දිසානායක Tuesday, 26 August 2014 08:34 PM

ඉක්මනින්ම 17 යළි පනගන්වා ස්වාධීන කොමිෂන් නැවත ස්ථාපිත කළ යුතුය. නැත්නම් මෙහෙම ගියොත් තව ටික දවසකින් සරසවි වරම් සහ රජයේ රැකියා සියල්ලම දැනටත් වඩා දේශපාලන හෙන්චයියන්ටම උරුම වෙයි. මේ පවත්වන මැතිවරණ වල යථාර්ථය ඕනෑම කෙනෙකුට පැහැදිලිව වැටහෙන දෙයකි. (නි)

:       0       0

කොස්වත්ත Tuesday, 26 August 2014 09:23 PM

දැන් කරන්න දෙයක් ඉතුරු වී නැහැ. කුඩු යක්ෂයා මුළු ශ්‍රි ලංකාවම වෙලාගෙන ඉවරයි. (නි)

:       0       0

ප්‍රනාන්දු Wednesday, 27 August 2014 08:07 AM

ස්වාදීන කොමිසන් සභා ජනාදිපතිවරනයට පෙර ඕනා. එ්ත් ජනාදිපති ක්‍රමය හොඳයි. ජනාදිපති බලය අඩුකළ යුතුයි. උසාවියට හා ජනතාවට වග කියන ජනාදිපති කෙනෙක් හදමු. (නදී)

:       0       0

අපොන්සු Wednesday, 27 August 2014 08:14 AM

ඉබ්බෝ පියාඹන කම් තමයි අපේ ඉවසීම (නදී)

:       0       0

ලෙස්ලි Wednesday, 27 August 2014 12:46 AM

යුක්තිය සඳහා සෝභිත හාමුදුරුවෝ කවදත් සටන් කළා (නි)

:       0       0

සමන් Wednesday, 27 August 2014 01:20 AM

මේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමෙන් සියල්ල විස‍ඳෙනවා කියලා හිතනවා නම් එය ලොකු මුලාවක්. එසේනම් එයට පළමුව එක පක්ෂයකට ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවිය හැකි පරිදි පාර්ලිමේන්තු ක්‍රමය වෙනස් කළයුතුයි. එසේ නොමැති වුවහොත් සුළුජාතික පක්ෂ සහ සුළු පක්ෂ වලට අවශ්‍ය පරිදි ඔවුන්ගේ අවශ්‍යතා අනුව රජයට ක්‍රියාකිරීමට සිදුවේවි. මගේ අදහස නම් ලංකාව වැනි දියුණුවන රටකට කවරෙකු බලයට ආවද ශක්තිමත් පාලනයක් අවශ්‍යමයි. (නි)

:       0       0

ජෙරාඩ් Wednesday, 27 August 2014 01:25 AM

ඇත්ත තිත්තයි. නමුත් පිළිගන්න වෙනවා. (නි)

:       0       0

රොකී Wednesday, 27 August 2014 01:54 AM

සමන්, අද මේ රට කවර කලකවත් නොතබුන තරම් ආර්ථික වශයෙන්, සාමාජීය වශයෙන්, සංස්කෘතික වශයෙන් සාරධර්ම වශයෙන් බැලු බැලූ හැම අතින්ම පරිහානියට පත්වෙලා. (නි)

:       0       0

රොහාන් Wednesday, 27 August 2014 02:44 AM

මේකද රටක එකම අවශ්‍යතාවය? (නි)

:       0       0

යුඑන් Tuesday, 26 August 2014 01:59 PM

නැතුව කොහොමද (දී)

:       0       0

චානක Tuesday, 26 August 2014 02:08 PM

අනේ මන්දා (දී)

:       0       0

කැළුම් Wednesday, 27 August 2014 03:18 AM

සත්‍යා,සෝබිත හාමුදුරුවෝ ජනාධිපතිට උදව් කළේ යහපත් අදහසින් (නි)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 26 August 2014 02:08 PM

නැවත නවසිය හැත්තදෙකට ගියානම් හොඳයි කියල හිතෙනවා මොකද , මේ හැම සුවාදින කොමිසමක්ම එදා තිබුනනේ ! (දී)

:       0       0

නිශාන්ත ඩබ්ලිව්.ජි Wednesday, 27 August 2014 03:20 AM

ඩොනල්ඩ් මහත්තයා නියන විදියට මේක කාලීන අවශ්‍යතාවයක් වෙලා තියෙන්නෙ ඊළඟ ජනාධිපතිවරණයටත් ප්‍රබල අපේක්‍ෂකයෙක් විපක්‍ෂයට නැති නිසා. (නි)

:       0       0

උපුල් Wednesday, 27 August 2014 03:27 AM

හිටි හැටියෙම මේ වෙන දේවල් ගැන මට නම් සැකයි. (නි)

:       0       0

පුෂ්පසිරි අල්විස් Wednesday, 27 August 2014 04:49 PM

මේකේ මේ සුදනන් වාගේ රජය හෙලා දකිමින් ප්‍රතිචාර දමන අයට අමතක වෙලා මෙයට පෙර තිබු රජයන් කරපු දේවල්. හැමදාම බලයට එන රජයට දොස් කීම පුරුද්ද කරගත් අය අපේ සිංහලයන්. ඔය අද බලයට එන්නට බැරුව කෑ ගසන සියලුම දෙනා බලයට ආවිට කරන්නෙත් මේකම තමා. ඔතනට මම ආවත් ඔයා මේකේ ප්‍රතිචාර දමන රහතුන් වහන්සේලා ආවත් මෙම ක්‍රමය වෙනස් වන්නේ නැහැ. ලංකාවේ නොවේ ලෝකයේම එහෙමයි (නදී)

:       0       0

වසන්ති Tuesday, 26 August 2014 02:23 PM

අපේ හාමුදුරුවන්ගේ අදහස හරියටම හරි, (දී)

:       0       0

නිමල් Tuesday, 26 August 2014 02:25 PM

ඇත්ත කතාව (දී)

:       0       0

සුරන්ජිත් ලාල් Wednesday, 27 August 2014 09:28 AM

සබැ වසයෙන් සොභිත ස්වාමින් වහන්සේ මේ ගන්න උත්සාහයට ලංකික අප කවුරුත් ජාති ආගම නොසලකා උදවු කල යුතුයි. මේ යන විදියට රට ගියොත් අපි අපේ දරුවන්ට දයාද කරන්නේ කුමක්ද. ඇයි අපිට හදවතට එකඟව හිතන්න බැරි අද රට කොතරම් දුරට දුසනයට මත්ද්‍රව්‍ය උවදුරට නිතිය පරිහානියට පත් වී මංකොල්ල කම් මිනීමැරුම් වැඩි වී කොතරම් අවිනිශ්චිත තත්වයකට පත් වෙළද කියන එක අප සැමට පෙන්නේන්නට ඇත පුළු පුළුවන් අය වෙනරටවල් වලට යයි එහෙත් අපේ රටට අපි ආදරය කරමු යහපත් රටක් හදන්න අපි අත් වෙල් බැඳ ගන්න කාලය පරක්කු දෝ කියලත් හිතෙනවා (අ)

:       0       0

වීරා Wednesday, 27 August 2014 09:28 AM

ඩොනල්ඩ්, හොඳ දේශපාලකයොයි ඕනේ. . තනතුර මොකක් වුණත් එන්න මිනිස්සු නැත්නම් රටට වැඩක් නැහැ . වරද 'බලේ ' නෙමෙයි මේ බලේ දෙන මිනිස්සුන්ගෙයි . නීතිය නිදි එකයි. (අ)

:       0       0

අර්ජුන Wednesday, 27 August 2014 03:45 AM

සමන් , රටේ දැන් තිබෙන පාලනය ගැන අවබෝධයක් ඔබට නැති වීම කණගාටුවට කරුණක්. (නි)

:       0       0

අර්ජුන Wednesday, 27 August 2014 03:53 AM

සමන්, ඔබ කියන දියුණුව කුමක්ද? (නි)

:       0       0

සෙනරත් ආනන්ද ම්ලානෝ Tuesday, 26 August 2014 02:51 PM

අද රටේ අවශ්‍යතාවය මේක තමා. කවුරු රට පාලනය කලත් මේ දේවල් ක්‍රියාත්මක කිරීම රටේ යහපත සදහා ප්‍රයෝජනවත්. (අ)

:       0       0

සත්‍යයා Tuesday, 26 August 2014 02:56 PM

මහින්ද රාජපක්ෂ මහත්තය 2005 දී විධායක ජනාධිපති වෙනකොට හරි සරත් ෆොන්සේකා මහත්තය 2010 දී මේ තනතුරට තරඟ කරන කොට නොතිබූ "සම්මා සතියක්" දැන් කොහොමද පහළ වුණේ (අ)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 27 August 2014 04:04 AM

අනිවාර්යයෙන්ම! (නි)

:       0       0

ලුම්බිණි Wednesday, 27 August 2014 04:07 AM

විධායක ජනාධිපති ක්‍රමය නැති කිරීම සියලුම ප්‍රශ්න වලට විසඳුම නොවුණත්, විධායක ජනාධිපති ක්‍රමය බොහෝ ප්‍රශ්න වලට මුලයි

:       0       0

ටිකිරි බණ්ඩාර Wednesday, 27 August 2014 04:07 AM

මේ යන විදිහට ඡන්ද තියනවට වඩා හොඳයි ජයග්‍රහණය දීලා නිකන් ඉන්න එක (නි)

:       0       0

සත්‍යපාල Wednesday, 27 August 2014 04:09 AM

මාදුළුවාවේ සෝභිත නාහිමියෝ කවදත් රටට ජනතාවට ආදරයෙන් කටයුතු කළ ස්වාමින් වහන්සේ නමක් (නි)

:       0       0

ටිකිරි බණ්ඩාර Wednesday, 27 August 2014 04:10 AM

රටේ සත්‍ය ජනතාවට දැනගන්න තිබෙන නිදහස තිබුනා නම් මේ වෙනකොටත් විශාල වෙනසක් සිද්ධවෙලා. (නි)

:       0       0

අශාන් Wednesday, 27 August 2014 04:14 AM

ඔබවහන්සේ හරි. අවනීතියට, දුෂණයට, රැවටීමට එරෙහිව රටට ආදරය කරන සියලු දෙනා පෙළ ගැසිය යුතුයි. නැත්නම් ලංකාවේ අවසානය වැඩි ඇතක නැහැ . (නි)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Wednesday, 27 August 2014 04:13 AM

විධායක බලතල වලට වඩා දරුණුම දේ තමා මන්ත්‍රීවරුන්ට සහ ඇමතිවරුන්ට තියෙන බලතල සහ වරප්‍රසාද. (නි)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 27 August 2014 04:15 AM

රටට ආදරය කරන සියලුම දෙනා පාට පක්ෂ කුල මල බේදයෙන් තොරව එකට එකතු වෙන්න ඕනෑ කාල‍ය මෙයයි (නි)

:       0       0

සේනක ද සොය්සා සිරිවර්ධන Tuesday, 26 August 2014 03:26 PM

ජයවේව උන්වහසේ ගේ බලපොරොත්තුව රටේම බලපොරෝත්තුවයි! (අ)

:       0       0

නිමල් ලලිත් Wednesday, 27 August 2014 10:28 AM

අද ලංකාවේ දේසපාලන නියම මහත්වරුන් නැති බැවින් විධායක බලතල එකම පුද්ගලයෙකු වෙත පැවරෙනා ව්‍යවස්ථාව අනිවාර්යයෙන්ම ඉවත් කළයුතු අතර දේශපාලන යට නියම මහත්වරුන් ඇතුළුවීමට මග පැදීම සඳහා දුෂිත මැර පුද්ගලයන් මැතවරණ වලට ඉදිරිපත්වීමේ ඉඩකඩ මුළුමනින්ම අසිරිය යුතුයි.අද චරිතය ගැන නොසොයන නොබලන එකම රැකියාව දේසපාලනය නේ. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 1080 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 740 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 1141 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 832 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 504 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 913 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37953 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25012 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 275 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site