මාදුළුවාවේ සෝභිත නාහිමියෝ අද මල්වතු අස්ගිරි මහා නාහිමි හමුවී ලබන ජනපතිවරණයේ දී පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවයත් පොලිසිය, මැතිවරණ කොමසාරිස් හා රජයේ සෙසු ආයතන සැබෑ ලෙස ස්වාධීණත්වයට පත් කිරීමේ 17 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යළි පන ගන්වන ලෙසත් රටම ඉල්ලා සිටිය යුතු බව පැවසූහ.
වත්මන් ජනපති විධායක ජනපති බලතල අහෝසි නොකරතොත් මුළු විපක්ෂයම එක්වී එය ඉවත් කිරීමට සැරසිය යුතු බව ද ඒ හිමියෝ කීහ.
පවුල් කිහිපයක් අතර බලය රැඳී තිබීම විවේචනයට ලක් කළ සෝභිත හිමියන් පැවසුවේ විධායක ජනපතිට අසීමිත බලතල ලැබෙන ක්‍රමය වහා ඉවත් කළ යුතු බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ ජනතාව විනාශ කල මල යක්ෂයා මාස 3කින් මහමුදට (නදී)
සමන්, ඔබ කියන දියුණුව කුමක්ද? (නි)
අනිවාර්යයෙන්ම! (නි)
විධායක ජනාධිපති ක්‍රමය නැති කිරීම සියලුම ප්‍රශ්න වලට විසඳුම නොවුණත්, විධායක ජනාධිපති ක්‍රමය බොහෝ ප්‍රශ්න වලට මුලයි
මේ යන විදිහට ඡන්ද තියනවට වඩා හොඳයි ජයග්‍රහණය දීලා නිකන් ඉන්න එක (නි)
මාදුළුවාවේ සෝභිත නාහිමියෝ කවදත් රටට ජනතාවට ආදරයෙන් කටයුතු කළ ස්වාමින් වහන්සේ නමක් (නි)
රටේ සත්‍ය ජනතාවට දැනගන්න තිබෙන නිදහස තිබුනා නම් මේ වෙනකොටත් විශාල වෙනසක් සිද්ධවෙලා. (නි)
ඔබවහන්සේ හරි. අවනීතියට, දුෂණයට, රැවටීමට එරෙහිව රටට ආදරය කරන සියලු දෙනා පෙළ ගැසිය යුතුයි. නැත්නම් ලංකාවේ අවසානය වැඩි ඇතක නැහැ . (නි)
විධායක බලතල වලට වඩා දරුණුම දේ තමා මන්ත්‍රීවරුන්ට සහ ඇමතිවරුන්ට තියෙන බලතල සහ වරප්‍රසාද. (නි)
රටට ආදරය කරන සියලුම දෙනා පාට පක්ෂ කුල මල බේදයෙන් තොරව එකට එකතු වෙන්න ඕනෑ කාලය මෙයයි (නි)
දැන් තියෙනෙත් ශක්තිමත් රජයක්නේ. විධායකයත් හරි ශක්තිමත්නේ. එහෙම තිබිලත් මේ රට කොහාටද ගමන් කරමින් තිබෙන්නේ? (නි)
දිස්ත්‍රික් මට්ටමින් අපේක්ෂකයින් පත්කිරීම අත්හැර , ආසන මට්ටමින් කරන්නේ නම්, දේශපාලන අමනාපකම්,කාර්යාල ගිනිතැබීම්,මිනීමැරුම් පවා අඩුවෙයි ! (නි)
ඹබ වහන්සේ තමයි මේයට මුලිකත්වය දිය හැක්කේ. දැනට තියෙන දුෂිත දේශපාලනය නැති කිරීමට ගත යුතු පලමු පියවර ඕකයි. නොභියව පෙරටම යන්න (නදී)
සමන් , රටේ දැන් තිබෙන පාලනය ගැන අවබෝධයක් ඔබට නැති වීම කණගාටුවට කරුණක්. (නි)
ජයවර්දනගේ ඉදල චන්ද්‍රිකා වෙනකම් මිනිස්සුන්ගේ ජීවත්වීමේ අයිතිය ප්‍රභාකරන් උදුරාගෙන තිබ්බා. ඒ කාලේ හැංගෙන්න තැන් හොයපු කට්ටියට සම්මා දිට්ටිය තිබුනේ නැත. රාජපක්ක්ෂ ජනාධිපති යුද්දේ ඉවරකලේ ජනාධිපති බලතල යොදවලා. දැන් සම්මා දිට්ටිය පහල වී ඇත. මේ මිත්‍යා දෘෂ්ටිය යොදවන්නේ කාගේ කොන්තරත් තුවකටද? (නදී)
අද ප්‍රශ්නය ජනාදිපති ක්‍රමය නෙවෙයි එම ක්‍රමය තුලින් බිහි වුණ දුෂණය නාස්තිය සහ අනෙකුත් සමාජ විරෝධී ක්‍රියා. මොනම ක්‍රමයක් තුල හෝ නායකයා පාලකයා වීම ස්වාභාවිකයි නමුත් නායකයා විසින් මිනිස්සුන්ගේ කැදරකම, වැරදී, පුද්ගලික අඩුපාඩු, රාජ්‍ය මුදල් දේසපාලන උපකරණ හැටියට භාවිතා කිරීම වැලැක්විය හැකියි. ඒ සදහා බොහෝවිට 17 වැනි සංශෝධනය ඉවහල් විය හෙකියි කියන එක මගේ අදහස. (අ)
මාගේ පුද්ගලික අදහස ජනාදිපති ක්‍රමය හොඳයි. එහෙත් වර්තමානය එය අනිසි පුද්ගලයන් අතට පත්වෙද්දී, එහි නරක ඉස්මතු වී ඇත. 7 වැනි සංසෝදනය නැවත බලාත්මක කොට නිදහස් රජය , පොලිස්, අදිකරණ සේවයක් ස්තාපිත කරමු. ජනාදිපතිගේ අත් තටු බැඳ දමා අදිකරණය ඉදිරියේ ප්‍රස්න කිරීමට ඉඩ හල යුතුයි ජනාදිපතිවරයාගේ කාලය 2 වසරකට සීමා කල යුතු අතර කැබිනට් ඇමතිවරු 20 ක්, උප ඇමතිවරු 20කට සිමා කල යුතුයි. මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම අදිකරණයට බාර කට යුත්තක් විය යුතුයි (නදී)
ස්වාදීන කොමිසන් සභා ජනාදිපතිවරනයට පෙර ඕනා. එ්ත් ජනාදිපති ක්‍රමය හොඳයි. ජනාදිපති බලය අඩුකළ යුතුයි. උසාවියට හා ජනතාවට වග කියන ජනාදිපති කෙනෙක් හදමු. (නදී)
ඉබ්බෝ පියාඹන කම් තමයි අපේ ඉවසීම (නදී)
සබැ වසයෙන් සොභිත ස්වාමින් වහන්සේ මේ ගන්න උත්සාහයට ලංකික අප කවුරුත් ජාති ආගම නොසලකා උදවු කල යුතුයි. මේ යන විදියට රට ගියොත් අපි අපේ දරුවන්ට දයාද කරන්නේ කුමක්ද. ඇයි අපිට හදවතට එකඟව හිතන්න බැරි අද රට කොතරම් දුරට දුසනයට මත්ද්‍රව්‍ය උවදුරට නිතිය පරිහානියට පත් වී මංකොල්ල කම් මිනීමැරුම් වැඩි වී කොතරම් අවිනිශ්චිත තත්වයකට පත් වෙළද කියන එක අප සැමට පෙන්නේන්නට ඇත පුළු පුළුවන් අය වෙනරටවල් වලට යයි එහෙත් අපේ රටට අපි ආදරය කරමු යහපත් රටක් හදන්න අපි අත් වෙල් බැඳ ගන්න කාලය පරක්කු දෝ කියලත් හිතෙනවා (අ)
ඩොනල්ඩ්, හොඳ දේශපාලකයොයි ඕනේ. . තනතුර මොකක් වුණත් එන්න මිනිස්සු නැත්නම් රටට වැඩක් නැහැ . වරද 'බලේ ' නෙමෙයි මේ බලේ දෙන මිනිස්සුන්ගෙයි . නීතිය නිදි එකයි. (අ)
අද ලංකාවේ දේසපාලන නියම මහත්වරුන් නැති බැවින් විධායක බලතල එකම පුද්ගලයෙකු වෙත පැවරෙනා ව්‍යවස්ථාව අනිවාර්යයෙන්ම ඉවත් කළයුතු අතර දේශපාලන යට නියම මහත්වරුන් ඇතුළුවීමට මග පැදීම සඳහා දුෂිත මැර පුද්ගලයන් මැතවරණ වලට ඉදිරිපත්වීමේ ඉඩකඩ මුළුමනින්ම අසිරිය යුතුයි.අද චරිතය ගැන නොසොයන නොබලන එකම රැකියාව දේසපාලනය නේ. (අ)
රටේ හැම මනුෂ්‍යයෙක්ම අහිංසක බලාපොරොත්තු ඇතිව ජීවත්වෙන්නේ. ඒ මිනිස්සුන්ගේ අහිංසක බලාපොරොත්තු දඩමීමා කරමින්, තම සුඛ විහරණය උදෙසා තුජ්ජ විදිහට අපේ අහිංසක ජනතාව දාමරිකයන්, කුඩ්ඩන්, කසිප්පුවන්, වනචරයින්, ගණිකාවන් කරන එකයි වැරැද්ද.(අ)
වීර මහත්මයාගේ කතාවේ මුල්කොටස හරි, නීතිය ස්වාදීන කරන්න නම් 17 අවශ්‍යයි.(අ)
මේකේ මේ සුදනන් වාගේ රජය හෙලා දකිමින් ප්‍රතිචාර දමන අයට අමතක වෙලා මෙයට පෙර තිබු රජයන් කරපු දේවල්. හැමදාම බලයට එන රජයට දොස් කීම පුරුද්ද කරගත් අය අපේ සිංහලයන්. ඔය අද බලයට එන්නට බැරුව කෑ ගසන සියලුම දෙනා බලයට ආවිට කරන්නෙත් මේකම තමා. ඔතනට මම ආවත් ඔයා මේකේ ප්‍රතිචාර දමන රහතුන් වහන්සේලා ආවත් මෙම ක්‍රමය වෙනස් වන්නේ නැහැ. ලංකාවේ නොවේ ලෝකයේම එහෙමයි (නදී)
සිංහලයින්ට සියල්ල අමතකවෙන්න අවශ්‍ය වන්නේ සතියක් පමණයි කියලා ප්‍රභාකරන් කියූ කතාව ඇත්ත කියලා මට හිතෙනවා (නි)
සත්‍යා, එදා නොවුණ දේ ගැන හිතන්න එපා. අද වෙන්න ඕනෑ දේ ගැන විතරක් හිතන්න (නි)
අනේ මන්දා (දී)
නැවත නවසිය හැත්තදෙකට ගියානම් හොඳයි කියල හිතෙනවා මොකද , මේ හැම සුවාදින කොමිසමක්ම එදා තිබුනනේ ! (දී)
අපේ හාමුදුරුවන්ගේ අදහස හරියටම හරි, (දී)
ඇත්ත කතාව (දී)
අද රටේ අවශ්‍යතාවය මේක තමා. කවුරු රට පාලනය කලත් මේ දේවල් ක්‍රියාත්මක කිරීම රටේ යහපත සදහා ප්‍රයෝජනවත්. (අ)
මහින්ද රාජපක්ෂ මහත්තය 2005 දී විධායක ජනාධිපති වෙනකොට හරි සරත් ෆොන්සේකා මහත්තය 2010 දී මේ තනතුරට තරඟ කරන කොට නොතිබූ "සම්මා සතියක්" දැන් කොහොමද පහළ වුණේ (අ)
ජයවේව උන්වහසේ ගේ බලපොරොත්තුව රටේම බලපොරෝත්තුවයි! (අ)
භික්ෂුන් දේශපාලනයට ඒම තහනම් කිරීම පමණක් නොවෙයි දේශපාලනය ගැන කතා කිරීමත් තහනම් කරන නීති ගේන්න ඕනේ. භික්ෂුත්වය ප්‍රති-නිර්වචන කරන්න ඕනේ. ධර්මයෙහි නොහැසිර දේශපාලනයෙහි කරක් ගහන කිසිම භික්ෂුවක් පන්සලකවත් නොඉඳිය යුතුයි. ධර්මයෙහි හැසිරෙන්නා ධර්මය විසින් රකින්න නම් සියල්ලටම කලින් ධර්මය රැක ගත යුතුයි.(නදී)
බුද්දිමත් ආගමික නායකයෙක් කිසිම ආගමකට දොසක් කියන කෙනෙක් නොවෙයි. ඔබවහන්සේගේ අරමුණු සාර්ථක වේවා නිදුක් වේවා. (නදී)
කොමිසමක අගය තේරුම් ගන්ඩ විපක්ෂයකට යන්ඩ ඕනා (නදී)
ඔය කුවුරු මොනවා කීවත් බහු වාර්ගික සමාජයක් ඇති මේ රටට විධායක ජනාධිපති ක්‍රමය ඕනමයි (නදී)
කතාව ඇත්ත (දී)
නැතුව කොහොමද (දී)
සත්‍යා, මේක කාලීන අවශ්‍යතාවයක්. (නි)
අනේ හොඳයි. මේ වගේ දේකට සහයෝගය දෙන්න ගොඩක් අය බලාගෙන ඉන්නවා. අපි ඔබ වහන්සේලා සමඟ අවසානය දක්වාම සිටිමු (නි)
ඉක්මනින්ම 17 යළි පනගන්වා ස්වාධීන කොමිෂන් නැවත ස්ථාපිත කළ යුතුය. නැත්නම් මෙහෙම ගියොත් තව ටික දවසකින් සරසවි වරම් සහ රජයේ රැකියා සියල්ලම දැනටත් වඩා දේශපාලන හෙන්චයියන්ටම උරුම වෙයි. මේ පවත්වන මැතිවරණ වල යථාර්ථය ඕනෑම කෙනෙකුට පැහැදිලිව වැටහෙන දෙයකි. (නි)
දැන් කරන්න දෙයක් ඉතුරු වී නැහැ. කුඩු යක්ෂයා මුළු ශ්‍රි ලංකාවම වෙලාගෙන ඉවරයි. (නි)
යුක්තිය සඳහා සෝභිත හාමුදුරුවෝ කවදත් සටන් කළා (නි)
මේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමෙන් සියල්ල විසඳෙනවා කියලා හිතනවා නම් එය ලොකු මුලාවක්. එසේනම් එයට පළමුව එක පක්ෂයකට ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවිය හැකි පරිදි පාර්ලිමේන්තු ක්‍රමය වෙනස් කළයුතුයි. එසේ නොමැති වුවහොත් සුළුජාතික පක්ෂ සහ සුළු පක්ෂ වලට අවශ්‍ය පරිදි ඔවුන්ගේ අවශ්‍යතා අනුව රජයට ක්‍රියාකිරීමට සිදුවේවි. මගේ අදහස නම් ලංකාව වැනි දියුණුවන රටකට කවරෙකු බලයට ආවද ශක්තිමත් පාලනයක් අවශ්‍යමයි. (නි)
ඇත්ත තිත්තයි. නමුත් පිළිගන්න වෙනවා. (නි)
සමන්, අද මේ රට කවර කලකවත් නොතබුන තරම් ආර්ථික වශයෙන්, සාමාජීය වශයෙන්, සංස්කෘතික වශයෙන් සාරධර්ම වශයෙන් බැලු බැලූ හැම අතින්ම පරිහානියට පත්වෙලා. (නි)
මේකද රටක එකම අවශ්‍යතාවය? (නි)
සත්‍යා,සෝබිත හාමුදුරුවෝ ජනාධිපතිට උදව් කළේ යහපත් අදහසින් (නි)
ඩොනල්ඩ් මහත්තයා නියන විදියට මේක කාලීන අවශ්‍යතාවයක් වෙලා තියෙන්නෙ ඊළඟ ජනාධිපතිවරණයටත් ප්‍රබල අපේක්‍ෂකයෙක් විපක්‍ෂයට නැති නිසා. (නි)
හිටි හැටියෙම මේ වෙන දේවල් ගැන මට නම් සැකයි. (නි)