බලපත්‍රයක් නොමැතිව හොර පාරෙන් මෙරටට ගෙන් වු රූපලාවන්‍ය ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් හයක් සම්බන්ධව රේගුව පුළුල් පරීක්ෂණ සිදු කැර ගෙන යන බව විලවුන් උපකරණ ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත බෙනරගම මහතා පැවසීය.
ආයතන හයක් විසින් ඉකුත් මාස කිහිපය තුලදී මේවා ආනයනය කැර ඇත.
තම අත්සන ව්‍යාජ ලෙස යොදා මෙම කන්ටේනර් ආනයනයට අවසර දුන් බවට ලියැවිලි පවා රේගුව ඉදිරිපත් කැර තිබු බව හෙළිදරව් වී ඇති බව වෛද්‍ය බෙනරගම සඳහන් කළේය.
තම අත්සන ස්කෑන් කැර එය ව්‍යාජ ලිපි ලේඛනවලට යොදන බව පෙනේ යැයි ඔහු කීවේය.
පොලිස් වංචා විමර්ශන අංශය පරීක්ෂණයක් පවත්වාගෙන යන බවත් ඔහු කීය.
මෙම කන්ටේනර් හයේ තිබෙන රූපලාවන්‍ය ද්‍රව්‍යයන් ආනයනයට කිසිදු අවසරයක් ද දී නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආනයනය මගින් කෙරෙන හැම අපරාධයක්ම රේගුවට මැඩලිය හැක,අවශ්‍යය අවංක කමත් කැපවීමත් පමණි, (දිල්)
බල පත්‍ර අරන් කළා නම් නේද හොද (දී)
සුවඳ වැඩක් උනා නම් කොයි තරම් හොදද (දී)
අපේ ශ්‍රමිකයෝ පිට රට ගිහිල්ල දහ දුක් විඳලා කීයක් හරි හම්බ කර ගෙන පරණ වොෂින් මැෂිමක් පරණ ට් ව් එකක් පරණ ඇඳුම් ටිකක් ළමයින්ට සෙල්ලම් බඩු ටිකක් නැවට දාල ලංකාවට එනවා ඇවිල්ල බඩු ටික ගන්න වරායට යනවා අනේ දුක හිතෙනවා (දී)
හේවා විතාරණගේ කතාව හරි, පොඩි පෙට්ටියක් පවා ඇරලා එලියට ඇදල ඔබලා,මිරිකලා,ප්‍රශ්න අහල දෙන දස වදයක්? ලොකු ගණනකුත් ගෙවන්න වෙනවා, නමුත් විසාල පරිමාණයෙන් කෙරෙනා හොර මගඩි බඩු හිමි කරුවෝ ගෙදර ඉදන්ම බඩු එලියට ගන්නවා, මොකක්ද හැබෑට මේ වෙනස? (නදී)