
(සුජිත් හේවාජුලිගේ)
සිවුරේ සිද්ධියට මුවාවී කඩාකප්පල්කාරි මෙන්ම රට අස්ථාවර කිරීමේ ක්රියාවන්හි යෙදෙන විවිධ පුද්ගලයන් සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්රියාත්මක කරන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්ය ආනන්ද විජේපාල මහතා ලංකාදීපයට පැවසූවේය.
එවැනි පුද්ගලයන් සම්බන්ධයෙන් බුද්ධි අංශ කණ්ඩායම් යොදවා කරුණු සොයා බලාගෙන යන බව පැවසූ අමාත්යයවරයා එවැනි දේවලට කිසිසේත්ම ඉඩ නොදෙන බවද සඳහන් කළේය.
නිදහස් උද්ඝෝෂණ මෙන්ම පා ගමන් වලට රජයෙන් කිසිදු බාධාවක් නොකරන බවත් ඒ අයිතිය ඉතා හොදින් ආරක්ෂා කරන බවත් විජේපාල මහතා පැවසීය.
වර්තමාන රජය යටතේ දවසක් දෙකක් නොව වසර දෙක තුනක් වුව ජනතාවට බාධාවක් නොවන විදියට සාමකාමීව වාඩිවී උද්ඝෝෂණ කළ හැකි බවද හෙතෙම ප්රකාශ කළේය.
චීවරයේ ප්රශ්නය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විශේෂ කමිටුවක් පත්කර අවශ්ය සුදුසු ක්රියාමාර්ග ගෙන ඇතත් අධිකරණය දුන් තීන්දු වලට පිටින් ඔහු කටයුතු නොකරනු ඇතැයිද සඳහන් කළේය.
පසුගිය කාලයේදී නීතියට පිටින් දුන් ජනාධිපති සමාවන් අධිකරණය විසින් අහෝසි කෙරුණු බවද ඔහු සිහිපත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd