මහනුවර ස්වර්ණමාලි බාලිකා විදුහලේ මහේෂිකා රූපසිංහ වැඩ බැලූ විදුහල්පතිනිය මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සමග නඩු කියා ජය ගත්තාය.
ඇය මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරියක ලෙස කරන ලද මාරුව අවලංගු කළ මහනුවර මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා මධ්‍යම පළාත් සභාවට නියෝග කළේ ඇය එම විදුහලේම විදුහල්පති හෝ ඒ හා සමාන සුදුසුකම් ඇති වෙනත් විදුහලක විදුහල්පතිනිය ලෙස පත් කරන ලෙසයි.
මධ්‍යම පළාත් ප්‍රධාන ඇමැති, පළාත් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් හා පළාත් රාජ්‍ය සේවා කොමිසමට එරෙහිව රිට් ආඥාවක් පතමින් ඇය උසාවි ගියාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද ලංකාවේ දේශපාලනය කරන්නේ නූගත් මිනිස්සු.(නදී)
මේක සමහරුන්ට හොද කණේ පහරක්. (නි)
තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඉදිරියට එන්න ඕනේ. නැතිනම් කිසිත් නොදත් මහජන නියෝජිතයෝ යැයි කියාගන්නා අයගෙන් හැමදාම බැටකන්න වෙනවා. එතුමිය හොද ආදර්ශයක්.(නදී)
ජයවේවා සුභපැතුම් (දී)
පුළුවන් හැම කෙනෙක්ම මෙලෙස නඩු කියන්න. එවිට හුගක් ප්‍රශ්න විසදේවි. (නි)
ඇත්ත ජය ගන්නවා (දී)
උගතුන්ටත් නීතියේ පිහිටින්ම තමයි ජයගන්න වෙන්නේ (අ)
අසාධාරණය 'ඉරණම' ලෙස නම් නොකර සටන් කල යුතුයි. " වරදක් දුටු විට නිහඬ වන්නාද ,එකී වරදේම කොටස් කරුවෙකි."-ජොසේ මාටී (අ)
සුභපැතුම් ඔබතුමියට (දී)
සියල්ල සත්‍යයෙන් ජයගනී. ඔබව පහත් කරන්න ඔබේ චරිතය කෙලෙසන්න ඔබ වැරදි කරුවකු කරන්න වෙර දරන කිසිවෙකුට කවදාවත්ම බැහැ ඔබව පහත හෙලන්න.ඔබ ජය ලබන දිනය උදාවන තුරු මම බලා සිටියා . සමාජයේ දහසක් මල් පුබුදන්න ඔබට මගේ උණුසුම් සුභ ප්‍රාර්ථනා! (නි)