IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


සිවිල් ක්‍රියාකාරිකයෝ පොහොට්ටු කාර්යාලය ඉදිරිපිට පොල් ගසති

(යොහාන් භාසුර සහ ජයමාල් චන්ද්‍රසිරි)

බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටට සිවිල් සංවිධාන නියෝජිතයන් කීපදෙනෙක් පැමිණීමෙන් උණුසුම් තත්වයක් අද (28) පෙරවරුවේ ඇති විය.

සිවිල් සංවිධාන ක්‍රියාකරුවන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානය ඉදිරිපිට පොල් ගැසීමට සූදානම් වීමත් සමඟ උණුසුම් තත්වයක් ඇති විය. එම කාර්යාලයේ සිටි පිරිසක් සහ සිවිල් සංවිධාන ක්‍රියාකරුවන් අතර ගැටටුමක් ඇතිවීමට ගිය ද පොලිසිය මැදිහත්ව පිරිස විසුරුවා හැරීය.

එම පොල් ගෙඩිවල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබලයන් දෙදෙනෙක්ගේ නම් සහ පොහොට්ටුව ලෙස සටහන් කර තිබූ අතර ඔවුහූ පාරේ පොල් ගසා විසිර ගියහ.

දෙපිරිස අතර ගැටුමක් ඇතිවීම වැලැක්වීම සඳහා කැරලි මදර්දන පොලිසිය ද කැඳවා තිබුණි.

එහිදී එම ස්ථානයෙන් වාහනයකින් ගිය අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට ද විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වූ අතර එහිදී අමාත්‍යවරයා පැවසවේ නැවතත් රට විනාශ කිරීමට එම පිරිස උත්සහ කරන බවයි. 



අදහස් (9)

සිවිල් ක්‍රියාකාරිකයෝ පොහොට්ටු කාර්යාලය ඉදිරිපිට පොල් ගසති

Nimal Tuesday, 28 May 2024 01:37 PM

නියමයි. මම හිටියනම් මමත් ඔතන තමයි !!

:       17       16

අරවින්ද මොනරවිල Tuesday, 28 May 2024 02:16 PM

පොහොට්ටුවට රටේ බහුතරයකගේ විරෝධයක් තිබෙන නමුත් මේ සිවිල් ක්‍රියාකාරීන් ලෙස දැන් සමාජයේ රගන්නේ බහුතර සමාජ මතය නියෝජනය කරන පිරිසකට වඩා වෙනස් , බොහො වෙලාවට කිසියම් විජාතික බලවේගයක අතකොලුවක් විය හැකි පිරිසක් විය හැකි බැවිනුත් ඔවුන්ගේ අරමුණ කුමක්ද කියා පැහැදිලි නැති බැවිනුත් ඔවුන්ට ආවඩන්න හො හුරේ දමන්නට පෙර ඔවුන් හදුනාගන්න අපි ප්‍රවේශම් විය යුතුය.

:       9       27

NAMAL Tuesday, 28 May 2024 02:19 PM

මහා ජන මුදල් කොල්ල කාපු දේශපාලකයින්ට , රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ල කාපු දේශපාලකයින්ට සහා මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාට ම ශාප වේවා ! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන් . දෙවියන්ගේ ශාපය අත්වේවා !! බලු රාජපක්ෂ පවුලට කඩේ යන වල් වහල් බයියන්ටත් හෙණ හතම වැදියන් , ශාප වේවා! දෙවියන්ගේ ශාපය අත්වේවා !! දැන් බලු රාජපක්ෂ පවුලට බනිනකොට දැන් වල් වහල් බලු මැක්කෝ බය්යෝ ටික ඇවිස්සෙයි .

:       16       17

රංබොඩ Tuesday, 28 May 2024 02:29 PM

පොල් බිම තියලා වාඩි වුණා නම් හරි. ටිකක් හයියෙන්. පිස්සු විකාර කරනවා කිසි වැදගත් කමක් නැති මිනිසුන් .

:       12       21

NAMAL Tuesday, 28 May 2024 02:35 PM

කොටි ත්‍රස්තවාදය පැරද්දුව නමුත් දේශපාලන ත්‍රස්තවාදය තමයි අදත් රට පාලනය කරන්නේ . කවද්ද ජනතාව සත්‍ය අවබෝද කරන්නේ අන්න එදාටයි දේශපාලන ත්‍රස්තවාදය නැතිවෙන්නේ . මහා ජන මුදල් කොල්ල කාපු දේශපාලකයින්ට , රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ල කාපු දේශපාලකයින්ට සහා මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාට ම ශාප වේවා ! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන් . දෙවියන්ගේ ශාපය අත්වේවා !! බලු රාජපක්ෂ පවුලට කඩේ යන වල් වහල් බයියන්ටත් හෙණ හතම වැදියන් , ශාප වේවා! දෙවියන්ගේ ශාපය අත්වේවා !! දැන් බලු රාජපක්ෂ පවුලට බනිනකොට දැන් වල් වහල් බලු මැක්කෝ බය්යෝ ටික ඇවිස්සෙයි .

:       17       15

Kasun Tuesday, 28 May 2024 05:10 PM

මේ කියන එන්ජිඕ මිනිස්සු කවුද කියලා විස්තර දාන්නේ නැත්තේ ඇයි? අනිත් අයගේ දේවල් ගිනි තියලා මෙයාලා දරුවෝ එක්ක ගෙදරට වෙලා ඉන්නවා

:       1       2

Manjula Pradeep Tuesday, 28 May 2024 07:09 PM

සිවිල් ක්‍රියාකාරී කියලා මොවුන් කරන්නේ එන්ජීඕ වලින් එන ඩොලර්වලට කෑදරකමින් tv එකේ මුහුණ දාගන්න කාලකන්නි රොත්තක්... අනිත් අයටත් යම් දේශපාලන මතවාදයක් දරන්නත් ඒකට අනුව කටයුතු කරන්නත් අයිතියක් තියෙනවා කියලා මේ අයට තේරෙන්නේ නෑ..

:       3       10

Mithrasiri Tuesday, 28 May 2024 08:06 PM

අර මහාචාර්‍රය කියලා කියාගන්න අය හැම ගුබ්‍බෑයකම ලගිනවා. ඩොලර් වලට ඕනෑම තුප්‍පහි වැඩක්‍ කරයි...

:       1       3

Lelwala Wednesday, 29 May 2024 03:01 AM

පොල් ගෙඩියක් රුපියල් 130යි. ඒවා දුප්පත් මිනිසුන් අතරට දීම වඩා හොඳය. කරුණාකර පොදුජන පෙරමුණ වෙනුවෙන් නාස්ති නොකරන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මල්වතුඔයෙන් ටී 56 පතුරම් 120ක් සොයා ගනියි
2024 සැප්තැම්බර් මස 28 190 0

ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට


ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 1079 4

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


පැන්ෂන් ජනපතිලා නඩත්තුවට වසර 3ට කෝටි 27ක් පුදලා
2024 සැප්තැම්බර් මස 28 3800 8

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම


ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 2911 2

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 3378 3

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 1483 1

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37897 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24976 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 761 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 271 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site