IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


ස්විස් කඨින පෙරහර ස්විස් මනනුවන් බඳී

ස්විට්සර්ලන්තයේ ශ්‍රී ලංකා මහා විහාරයේ වාර්ෂික කඨින පූජෝත්සවය විහාරාධිපති ලේඩියන්ගල සුදස්සි හිමියන්ගේ අනුශාසකත්වයෙන් මෙවරත් පසුගිය 13, 14 යන දෙදිනේ සූරිච්හි හිර්සන් බක් හෙලන් කෙලර් ස්ට‍්‍රාස්හිදී පැවැත්විණි. පංචතුර්ය නාදයෙන් සමන්විත වූ පෙරකින් චීවරය සහ සධාතුක කරඬුව වීදි සංචාරය කිරීම  ස්විස් ජාතිකයන්ගේ නෙත් සිත් පැහැරගත්තේය. ශ්‍රී ලාංකික බෞද්ධයින්ගේ ආගමික හා සංස්කෘතික අනන්‍යතාවය මැනවින් පිළිඹිබු වූ මෙම දර්ශනීය පෙරහර, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ස්විට්සර්ලන්ත ජාතිකයන් අතර  ප‍්‍රබෝධයක් ඇති කරවීමට සමත්විය. ස්විට්සර්ලන්තයේ වාණිජ අගනගරය වූ සුරිච්හි ශ්‍රී ලාංකික බෞද්ධයින්ගේ මෙවැනි විචිත‍්‍ර වූ කඨින පෙරහරක් පැවැත් වූ ප‍්‍රථම අවස්ථාව මෙයයි. ශ්‍රී ලංකා වාසීන්ටත් ස්විට්සර්ලන්තය ඇතුළු සමස්ත ලෝක වාසින්ටත් සෙත් පතා 13 දින රාත‍්‍රියේ සිට පසුදින පහන් වන තුරු  පැවැත් වූ සර්වරාත‍්‍රික පිරිත් දේශනය සහ පසු දින සපිරිකර සංඝගත දක්‍ෂිණාවක් පිරිනැමීම ද මෙම පුජෝත්සවයට අයත් විය. සූරිච් හි පදිංචි ශ්‍රී ලාංකික බෞද්ධ යුවළක් වන සරත් කුමාර සහ අනෝමා අදිකාරි, ජර්මනියේ ක‍්‍රවුසන්විස්හි පදිංචි නෝමන් පෙරේරා සහ ඔහුගේ ජර්මන් ජාතික බිරිඳ වන ක‍්‍රිස්ටිනෝ පෙරේරා යන මහත්ම මහත්මීහු සුරිච් හි පදිංචි ශ්‍රී ලාංකික බෞද්ධ පිරිස් සමග මෙම පිංකම සංවිධානය කළහ. කඨිනානිශංස ධර්ම දේශනාව කඹුරාවෙල රේවත එක්සත් රාජධානියේ ප‍්‍රධාන සංඝනායක හා ස්කොට්ලන්ත බෞද්ධ විහාරාධිපති  හිමියෝ පැවැත්වූහ. පැරිස් බෞද්ධ විහාරාධිපති කෝ. ආනන්ද ප‍්‍රංශයේ ප‍්‍රධාන අධිකරණ සංඝනායක මුරුංගස්යායේ ඥාණිස්සර, ප‍්‍රංශයේ ප‍්‍රධාන සංඝනායක පරවාහැර චන්දරතන, ජර්මනියේ ප‍්‍රධාන සංඝනායක වල්පොල කල්‍යාණතිස්ස, එක්සත් රාජධානියේ ප‍්‍රධාන සංඝනායක කඹුරාවෙල රේවත රත්මලානේ සමාධි බෞද්ධ මධ්‍යස්ථානාධිපති මාපලගම බුද්ධසිරි, ජර්මනියේ මයින්ස් නුවර ජොහැනස් ගුටන් බර්ග් විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය රත්මලේ පුඤ්ඤරතන ජිනීවා ජාත්‍යන්තර බෞද්ධ විහාරාධිපති හාලිඇලේ වනරතන, ජර්මනියේ වැඩ වෙසෙන තම්මැන්නාවේ ධම්මානන්ද, කන්නිමහර පියසිරි මහ දමනේ ජීනානන්ද මහ දමනේ අස්සජි සහ ඉතාලියේ මිලානෝ නුවර ශ්‍රී ලංකාරාමයේ බඩල් කුඹුරේ ධම්මසිරි යන හිමිවරු වැඩම කර සිටියහ. ජර්මනිය ප‍්‍රංශය ඉතාලිය යන රටවල ශ්‍රී ලාංකික බෞද්ධ පිරිස් ස්විට්ස්ටර්ලන්ත ජාතිකයෝ ඊට සහභාගි වූහ.



අදහස් (0)

ස්විස් කඨින පෙරහර ස්විස් මනනුවන් බඳී

ඉරේෂ් Thursday, 18 October 2012 08:29 AM

හරිම ලස්සනයි

:       0       0

මුලනේ ගුණානන්ද හිමි Wednesday, 17 October 2012 04:47 PM

පිළිවෙත් සරු මහ සඝගණ සොබනා - මුදුනත් බැඳ නමදිමු බැති පෙමිනා... (නි)

:       0       0

ශාන්ති Wednesday, 17 October 2012 04:48 PM

පිටරට වල ධර්මය දේශනා කරන අයට කරදර කරන්නේ නැහැ.(නදී)

:       0       0

ලාල් ගලබඩ Wednesday, 17 October 2012 04:59 PM

ගලබඩ යුවල ...ඉතාලියේ ලෙක්කෝ නගරයේ සිට... මෙයයි අපිට ඉතිරිව ඇති අපේ යයි කිවහැකි,සැමට සුවසෙත දෙන [ලෝක වාසි ] අපේ උරුමය.මෙය රැක ගනිමු.කටින මාසයේ යහපතක්ම වේවා.(නදී)

:       0       0

තිලක් Wednesday, 17 October 2012 05:55 PM

සාදු සාදු සාදු! මේ වගේ උතුම් කටයුතු කිරීමට‍ සුදස්සී හිමියන්ට සහ දායක පින්වතුන්ට තෙරුවන් සරණ ලැබේවා! මෙය ස්විස් බෞද්ධ ඉතිහාසයේ රන් අකුරින් ලියවෙන පින්කමකි. ස්විස්ටර්ලන්තයේ සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනාවක් පවත්වන ලද ප්‍රථම අවස්ථාව මෙය විය යුතුයි. වසර පහක කෙටිකාලයකට ඔබවහන්සේ පැමිණි දුර ප්‍රශංසනීයයි අපේ හාමුදුරුවනේ! මෙවැනි උතුම් මහා සඟරුවනක් වඩම්මවා ගැනීමත් ඉතාම දුර්ලභ අපහසු කටයුත්තක්. (නි)

:       0       0

සුගන්ධී Wednesday, 17 October 2012 07:28 PM

සාධු සාධු! බොහොම පින්! (නි)

:       0       0

අජිත් Friday, 19 October 2012 10:09 AM

ශ්‍රියාණි, අන්ධ භක්තිකයෙක් වෙන්න එපා (නි)

:       0       0

ශ්‍රියාණි Thursday, 18 October 2012 01:04 PM

1 මෙ හාමුදුරුවරු සියලු දෙනාම ලංකාවේ. ලංකාවේ හාමුදුරුවරු වස්වැසිම මේ වර්ෂයේ මාසයක් පසුකරලයි සිදුකළේ. ඒ සම්මුතිය මේ හාමුදුරුවරු බිඳලා තිබේ. ස්විස්ටර්ලන්තයට වැහිකාලේ කලින් ආවානම් කමක් නැහැ. ඒත් සංඝ සම්මතය තමයි වැදගත්. 2 ථෙරවාදී හාමුදුරුවරු කඨින පෙරහැරේ යන්නේ නැහැ. කඨිනය දායකයො කරන වැඩක්. හාමුදුරුවො කඨිනය ගැන දන්නේ දායකයෝ කඨින චීවරය පන්සලට ගෙනවිත් දුන්නාමයි. කඨින චිවරය මහන්න උපදෙස් දෙන්නෙ හාමුදුරුවො. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රතන් ටාටා දිවි ගමන අවසන් කරයි
2024 ඔක්තෝබර් මස 10 297 0

ඉන්දීය ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා දිවි ගමන අවසන් කළේය. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මියයනවිට ඔහුගේ වයස 86 ක් බවය.


අතරමඟදී හමුවූ තරුණිය දරුවකු තෑගි කරලා
2024 ඔක්තෝබර් මස 09 1408 0

අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරු


බිරිය වී ගෝනියේ සැඟවු ලක්ෂ 15ක් සමඟ සැමියා වී ගෝනිය විකුණලා
2024 ඔක්තෝබර් මස 09 1932 0

තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය


යතුරුපැදි අනතුරෙන් පොලිස් සැරයන්වරයෙකු මරුට
2024 ඔක්තෝබර් මස 09 442 0

පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය


ජනපති - රේගු සහ දේශීය ආදායම් නිලධාරීන් අතර හමුවක්
2024 ඔක්තෝබර් මස 09 1682 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන


යතුරුපැදි දෙකක් ගැටී කාන්තාවක් මරුට
2024 ඔක්තෝබර් මස 09 551 0

අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39646 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25786 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 367 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1210 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site