ස්විට්සර්ලන්ත සුරිච් බුලක් නගර ශාලාවේ අද (09) ඇරඹුණු තුන් දින වෙළඳ හා සංස්කෘතික ප්‍රදර්ශන භූමිය ඉදිරිපිට කොටි හිතවාදීන් පවත් වන්නට ගිය උද්ඝෝෂණය ස්විස් පොලිසිය අඩපණ කළේය.
මෙම ප්‍රදර්ශනයට විරෝධය පළ කරමින් කොටි හිතවාදීන් සූදානම් වී ඇත්තේ එම ශාලාවේ ඉදිරිපිට උද්ඝෝෂණය පැවැත්වීමටයි. පැමිණිල්ලක් ලැබීම නිසා ස්විට්සර්ලන්ත පොලිසිය උද්ඝෝෂකයන්ට නියෝග කර ඇත්තේ ප්‍රදර්ශනය පැවැත්වෙන නගර ශාලාවේ සිට කිලෝමීටරයක් ඈතින් ඔවුන්ගේ උඋද්ඝෝෂණය කළ හැකි බවත් ප්‍රදර්ශනය පැවැත්වෙන ස්ථානය අසල උද්ඝෝෂණය කිරීඹ පොලිසිය විසින් තහනම් කර ඇති අතර ඔවුන් ඒ අසලට පැමිණියහොත් අත්අඩංගුවට ගන්නා බව දැනුම් දී ඇත.
මෙම වෙළඳ හා සංස්කෘතික ප්‍රදර්ශනය සැමට නොමිලේ විවෘත අතර සුවිස් ජාතිකයන් සහ විදේශිකයන් විශාල පිරිසක් සහභාගී වනු ඇතැයි බලාපොරොත්තු වන බව මෙම ප්‍රදර්ශනය සංවිධානය කරන සුරිච් කොස්සියුලර් විදර්ශන මුණසිංහ මහතා කීවේය.
ශ්‍රි ලංකාවේ වෙසෙන සිංහල - දෙමළ - මුස්ලිම් වැසියන්ගේ ප්‍රධාන ආහාර ඇතුළු ආහාර පාවන කුටි 30 ක් සහ ශ්‍රි ලංකාවේ නිපදවන වෙළඳ භාණ්ඩ කුටි 30 ක් ද මෙහි ඇතුළත් වෙයි.
සංචාරකයන් අතර අතිශයින් ජනප්‍රිය පාරම්පරික උඩරට ජන නැටුම් සහ ශ්‍රි ලංකාවේ දමිල සංස්කෘතිය විදහා දක්වන හාරත නැටුම් සහ නාදස්වරම් - බෙරවාදන මෙම ප්‍රදර්ශනයට ඇතුලත් වන අතර, ශ්‍රී ලංකා පෙර අපරදිග සංගීත කණ්ඩායම් කීපයක් මෙම උත්සවයට සහභාගී වන්නට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහේ එළවන අයට මෙහේ නම් ලයිසන් දෙනවා. (නි)
නාමල්, ඔහෙට තමා අතීතය අමතක. ඔහේ නිව්යෝර්ක් තියා උගන්ඩාවේ හිටියත් ලංකාවට ගියාම නිදහසේ පාරේ බැහැලා යන්නේ එතුමා රට කොටින්ගෙන් බේරා ගත් නිසා නොවේද (නි)
නාමල්, ඔබලාට දිට්ට ධම්ම වේදනීය පළදෙන්නට ඉඩ තියෙනවා, කෙළෙහිගුණ නොදන්නා නිසා (නි)
ගොඩක් දෙනෙකුට අතීතය අමතක වී ඇති බව නම් පෙනෙනවා. සිංහල ජාතියේ අවාසනාව. (නි)
දෙමළ ඊළඟ ලෝක යුද්ධය පටන්ගන්න හැදුවේ ලංකාවෙන්. වාසනාවට මහින්ද සහ සෝනියා ඒක නැවැත්තුවා. නැවත බලාපොරොත්තුවන්න මැලේසියාවෙන්, නොර්වේ වලින්, කැනඩාවෙන්. කල්පනාකාරීවන්න (නි)
විකුම් වගේ විනාශකාරී මානසිකත්වයක් තියෙන මිනිස්සු මානසික රෝහලකට යවන්න වේවි. මේ වගේ අය නිසා තමා ලෝකේ සාමාන්‍ය මිනිසුන්ට කරදර (නි)
අනුන්ගෙන් කාල බීලා යැපෙන අයට නම්, යුද්ධයක් නැවත එන එක හොඳයි. (නි)
මහින්දට එන්න කියමුද? වෙන කරන්න දෙයක් නැහැනේ (නි)
යහපාලනය නැද්ද එහේ?
කැලේ කොටියෙකුට කිවිසුමත් ගියත් සිංහ වෙස් ගත් නරි ටික හූ කියමින් පන බයේ දුවනවාලු. නියම සිංහයින්ට නම්, කොටිවත්, නරිවත් ගානක් නැතිලු. (නි)
ආණ්ඩුවට තියෙන බටහිර හිතවත්කම් නිසා තමයි ඔය උද්ඝෝෂණකාරයන්ට තහනම දාලා තියෙන්නේ කියලයි අපි නම් හිතන්නේ. ඕක පැවැත්වෙන්න ඇරියොත් වාසිය කාටද කියලා තේරෙනවනේ (නි)
ඔව් නාමල්, මැදමූලන වීරයා එදත් වීරයා අදත් වීරයා තමයි අපිට (නි)
මීටකලින් තිබුණ උද්ඝෝෂණ වලට බටහිර රටවලින් මෙහෙම තහංචි දැම්මේ නැහැනේ
සුමිත්‍රා, ඇස ඇරුණු නිසා තමා අපි හොර පවුල 2015 ජනවාරියේදී පැන්නුවේ (නි)
ජනහිත, මැදමූලනේ වීරයාට උණ ගැනිලා ඇති දැන් දුමින්දට වෙච්ච වැඩේ දැකලා. තවටිකයි ඔහොම කකුලෙන් අදින්නේ. (නි)
දෙමළ ඩයස්පෝරාව විරුද්ධ මහින්ද රාජපක්ෂට නොව සිංහල බෞද්ධයින්ටයි. එය මෙහෙයවන කණ්ඩායමේ අභිමතාර්ථය කුමක්ද කියා සොයා බැලුවොත් සිතාගන්න පුළුවන් වෙයි මේ සදාකාලික විරෝධය කොහෙන්ද එන්නේ කියලා. අපේ ලංකාවේ අයට මේ ගැන කිසිම අවබෝධයක් නැහැ. (නි)
නාමල්, ඔයාට හිතෙට අමාරු රටේ ත්‍රස්තවාදය නැතිකරපු නිසාද? ඔයගොල්ලො අැමරිකාවට වෙලා ඩොලර්වලට යටවෙලා අපේ රට ජාතියට පහත් විදියට කථා කරන්න එපා. අද අැමරිකාව ප්‍රමුඛ බටහිර රටවල්වල මිනිසුන් ජිවත්වෙන්නෙ අපි අවුරුදු ගාණකට කලින් ජීවත්වුණ විදියට (නි)
නාමල් වගේ අය තවත් අපේ රටේ ඉන්නවනේ? (නි)
සුමිත්‍රා ඇස ඇරිච්ච නිසා තමා අපි හොර පවුල 2015 ජනවාරියේදී පැන්නුවේ (අ)
ජාත්‍යන්තරේ දිනුවා කිව්වේ ඔන්න ජාතික සහජීවනය දොරේ ගලනවා බොලව් (බ)
හෙට අනිද්දා වෙනකොට ලංකාවෙත් ඔය වගේ උද්ඝෝෂණයක් නොතිබුනොත් තමයි පුදුමේ. කාට, කාටත් එතකොට ඇස් ඇරේවි. (ර)
මලයාසියාවේදී හිටපු ජනාධිපති තුමාට විරෝධතා කරනකොට හිනා උන මිනිස්සුන්ට තේරේවි බරපතල කම ළඟදීම. (ර)
දෙමළ ඩයස්පෝරාව විරුද්ධ මහින්ද රාජපක්ෂට නොව සිංහල බෞද්ධයින්ටයි. එය මෙහෙයවන කණ්ඩායමේ අභිමතාර්ථය කුමක්ද කියා සොයා බැලුවොත් සිතා ගන්න පුළුවන් වෙයි මේ සදාකාලික විරෝධය කොහෙන්ද එන්නේ කියලා. අපේ ලංකාවේ අයට මේ ගැන කිසිම අවබෝධයක් නැහැ. (නි)
නාරදටයි මේ කියන්නේ. ජාත්‍යන්තරයයි කොටි හිතවාදිනුයි කියන්නේ දෙකක් කියලා නොතේරෙන්න තරම් අඳබාලයින් වෙන්න එපා. කොටි උද්ඝෝෂණයයි සහජිවනෙයි අතර සම්බන්ධය මොකද්ද කියනවද (නි)
නිදාසිටි කොටි දැන් දැන් අවදිවේගෙන එනවා (නි)
මෙහෙත් ඕවා නැතුවා නොවෙයි. යාපනේ විශ්ව විද්‍යාලයේ උඩරට නැට්ටුවෝ ගුටිකෑවා. හිරේ ඉන්න කොටි නිදහස් කරන්න කියලා මේ ඊයේ පෙරේදා උද්ඝෝෂණයක් තිබුනා. වැඩිදුර ලියන්න බැහැ සංහිඳියාව පලුදුවෙන නිසා. (අ)
ඔය උද්ඝෝෂණ කොයි කාලෙත් තිබුනා.. රාජපක්ෂ ආණ්ඩුව කාලේ තමයි පිටරට ඕවා වැඩිපුරම තිබුනේ . උදය, සුමිත්‍රා තමන්ගේ මැදමුලන වීරයා ඉවරවෙච්ච නිසා හිතේ අමාරුවට අතීතය අමතක වෙලා (අ)
ලංකාව හා සම්බන්ද ඕනෑම කාරණයකට විරෝදය පලකරලා කඩාකප්පල් කරන එක දෙමල ඩයස්පෝරාවේ ජීවනෝපාය මාර්ගය වෙලා තියෙන්නේ.මේ උත්සාහය පරාජය කල යුතුයි. (ර)
නාරද,මේ උද්ඝෝෂණය කරන්නේ ජාත්‍යන්තර ප්‍රජාවත් නෙමෙයි. ලංකාවේ දෙමළ ජනයාත් නෙමෙයි. කිහිප දෙනෙක් උද්ගොෂණය කිරීම සහජීවනයට බාධාවකුත් නෙමෙයි. අපිට පේන හැටියට නම් සිංහල හා දෙමළ ජාතිවාදීන් දෙගොල්ලම එකම කාසියේ දෙපැත්ත. (බ)
උන් හිතනවා ඇති ලෝකේ හැම රටක්ම උන්ගේ කියල. ලෝක නායකයෝ උන් තැන තිබ්බේ නැත්නම් අනාගතයේ ලෝකයේ රටවල් වලට කරදරයක් වෙන එක වළක්වන්න බැහැ. මහින්ද උන් තැන තිබ්බ නිසා අපි සැනසිල්ලේ උන්නා. දැන් ආයෙත් පහුරු ගානවා. මම කරුණාවෙන් ලෝක ජනතාවට ආරාධනය කරනවා උන් පාලනය කරන්න එකතු වෙන්න කියල. (බ)
ඔව් ඔව් අපිට ඕනා ඔය සහජීවනය නෙමේ, යුද්ධයයි. එකට එකතුවී සහජීවනයෙන් ජීවත් වෙනවට වඩා වෙන්වී යුද්ධ කර වැනසෙන්න තියනවා නම් එක තමා අපේ සතුට හා සම්පත. (බ)
දෙමල ඩයස්පෝරාවට දැන් තියෙන තැන මේ සංසිද්ධියෙන්ම පේනවනේ , හැමදාමත් බොරුව කරන්න බැහැ . බටහිරයෝ දැන් දන්නවා රටේ අවුලක් නැහැ කියල , කිලෝමීටරයක් ඈතින් උද්ඝෝෂණ කළාම කාට බලන්නද කාට ඇහෙන්නද ?එසැන බලන කට්ටියනම් හරියට කලබල වෙලා වගෙයි හරියට කොරහේ කිඹුල්ලු දැක්ක ගානට (බ)
ඔය බටහිර රටවල වීසා අලුත් කරගන්න බැරි ප්‍රශ්න වලට මැදිවෙලා ඉන්න දෙමළ විතරක් නෙමෙයි, සිංහල ඩයස්පෝරාවත් මඟබලාගෙන ඉන්නේ නැවත ලංකාවේ යුද්ධයක් ඇතිවෙලා ඒ අයගේ වීසා වැඩේ ගොඩ දාගන්න. සමහරවිට ලංකාවේ පරාජිත දේශපලකයින්ව බලයට ගෙනෙන්න පෙරුම් පුරන අයටත් මේවා මහා ලොකුවට පේනවා ඇති. (නි)
සුමිත්‍රා බස්නායක ඇස්දෙක අරගෙන දවල් හීන දකිමින් සුව නින්දක ඉන්න කෙනෙක් වගෙයි කතාවෙන් නම් පේන්නේ. අනේ පව් ! (නි)
කව්රු කොහොම කිවුවත් හිටපු නායකයා නිසයි බයක් නැතුව පාරේ බැහැලා යන්න පුළුවන්. ඒ දවස්වල හැමතැනම මාර්ග බාධක. පුපුරන බෝම්බ. (නි)