පේරාදෙණිය විශ්ව විද්‍යාලයයේ ශ්‍රාස්ත්‍ර පීඨයේ පළමු වසරේ සිසුන් 44 දෙනෙකු නවක වදයට සම්බන්ධ බවට චෝදනා කරමින් සිදු කැර ඇති පන්ති තහනම වහාම ඉවත් කරන ලෙස ඉල්ලා එහි මහා ශිෂ්‍ය සංගමය අද උද්ඝෝෂණයක් ඇරැඹීය.
දෙසතියක පන්ති තහනමක් කළ බවත් එම උද්ඝෝෂණය දේශපාලන අවශ්‍යතා මත සිදු වී ඇති බවත් උපකුලපති මහාචාර්ය අතුග සේනාරත්න මහතා පැවසීය



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව්!මර්දනය කරන්න එපා. විශ්ව විද්‍යාලයට එනතෙක් අධ්‍යාපනය ලැබූ ක්‍රමය අමතක කරනා මොවුන්ට,ජාතික අධ්‍යාපනය සහ අනාගත පරපුරට විනකරමින් මේ ලෙසම කටයුතු කරන්න ඉඩ හරින්න.ලෝකයේ වෙන රටවලත් විශ්ව විද්‍යාල තිබෙනවා , කලට වෙලාවට හොඳින් ඉගෙනුම කර උපාධිගෙන නම්බු පිටින් පිටවෙලා යනවා (නි)
ලසිත්, මේ නවක වදයට සමහර සිසුන්ගේ සමාජ පන්තිය පිළිබඳ හීනමානයත්,අධිමානයත් දෙකම බලපානවා. නවක වදය තියෙන්නේ, එක අරමුණක් වෙනුවෙන්, මේ දෙකම නැති කරලා දෙගොල්ලොම එක තැනකට ගෙනෙන එකයි. විශ්ව විද්‍යාලයක මානුෂික නවක වදය තිබිය යුතුයි. එය මෙහෙයවිය යුත්තේ අවසන් වසර සිසුන් විසිනුයි. (නි)
ඇයි ඉන්දික, ඔබ චාන්දනිලාගේ ප්‍රතිචාර බැලුවේ නැද්ද ? මට නම් මේ ප්‍රශ්නයට බාහිර කෙනෙක් හැටියට හිතුනේ මේ නවක වදයට සමහර සිසුන්ගේ සමාජ පන්තිය පිළිබඳ හීනමානයත් සැහෙන බලපානවා කියලයි (නි)
ශෂිමාල්, බොහෝ කලකට පෙර මේ කවිය මා රෑපවාහිනී චැනලයට ලියූවක්. මා ලියා තිබුනේ මෙහෙමයි. "පියා එතෙර සිට හෙලු දහදිය ගොන්න.. සකසුරුවම මවගේ මල්පල ගන්වන්න.. දොරකඩ සිටින මල්ලිට ඇතුළට එන්න.. ආ කාරණය කරගෙන එළියට යන්න". අද ඒ අයියා විශ්ව විද්‍යාල ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක්. මල්ලී ප්‍රසිද්ධ සමාගමක පරිගණක විශේෂඥයෙක්. (නි)
ඇයි සරසවි ගිය, නවක වදයට ලක්වුණ එක් කෙනෙක්වත් මෙතන කතා නොකරන්නේ. තේරුමක් නැති නිසා. මෙයාලට තිබුනනේ ආ වැඩේ කරගෙන පාඩුවේ යන්න. ඇයි මේ පන්ති තහනම් කරගෙන අව්වේ වේලිගෙන, පාරවල් ගානේ කෑ ගහන්නේ. මේ රටේ අනාගත පරපුරට මේවා රැකලා දෙන්න. නවක වදයේ වාසි අවාසි දෙකම තියෙනවා. නමුත් ඒකේ තියෙන වාසි වැඩියි. කවුරු හරි පුද්ගලයෙක් තමන්ගේ පටු අරමුණු නවක වදය හරහා ඉටුකර ගන්නවා නම් එතකොට මේක වරදිනවා. ඒ වගේ දේවල් ඕනෑ තැනක වෙනවනේ. (නි)
සුරංග, මේ ඉන්න නංගිලා මල්ලිලාට තියෙන්නේ "කැම්පස් උණ". මේක ඉබේම සුවවෙනවා. (නි)
සුරංග, නවක වදය දීමෙන් අනෙක් අයට ශාරීරික සහ මානසික පීඩා ලබාදෙන්නේ නම් තමන්ගේ ප්‍රතිකාර ගතයුතු අසනීප ප්‍රශ්නයක් ඇති බවයි අපිට නම් තේරෙන්නේ. අපි මහා උගතුන් නොවුණත් සමහර සරසවි සිසුන්ට වඩා සමාජයට ප්‍රශ්නයක් නොවී ජීවත්වීමේ කලාව දන්නවා. (නි)
හැම දේකටම ප්‍රතිචාර දක්වන්න හරි දස්ෂයෝ ඉන්න මේ රටේ තමන් දන්නදේටයි නොදන්නදේටයි අදහස් දාන අය ඉන්නකන් මිනිසුන් ඇත්ත දකින්නෙ නැතිවෙයි. හැබැයි මේ ඉන්න නංගිලා මල්ලිලාට මෙහෙම කරන්න මොකක් හරි ප්‍රශ්නයක් ඇති කියලා මේ අය එක්කෙනෙක්වත් හිතුවද කියලා හදවතින් අහො බලන්න (නි)
තාත්ත පිටරට සිට හෙළුව දහදිය ගොන්න අම්මගේ සකසුරුවම දැනගන්න දොරකොඩ සිටින මල්ලිට ඇතුලට එන්න අා කාරණය කරගෙන එලියට යන්න ඉඩදෙන්න (නදී)
වැස්සකටවත් කැම්පස් නොගිය අපිට ඉතින් මේ රන්දිර්ල වගේ තාර්කික පැසුණු බුද්ධින් සමග තර්ක කරන්න අපහසුයි. අපේ රටේ ඉතින් බුද්ධිමතෙක් හැටියට සලකන්න නම් කැම්පස් එකට ගිහින් ඔය කඩදහි කෑල්ල අරන් ලෝගුවක් දාල ගහපු පොටෝ එකක් ගෙයි සාලේ තියෙන්නම ඕනා. අපේ ගෙවල් වල ඒවා නැති හින්ද අපිට හීන මානේ. කොහොම උනත් ඉතින් මේ තාර්කික පුද්ගලයින් නවක වදය වගේ ගෝත්‍රික නොගැලපෙන ක්‍රියා පිළිවෙත් මගින් අන්‍යයන් පිඩාවට පත් කරන්න කටයුතු කරන්නේ මොකද කියල නම් හිතා ගන්න බැහැ. ඒ වගේම ඔය රන්දීර් කියන ඔය තාර්කික සමාජ අසාධාරණය නොඉවසන බුද්ධිමත් ශිෂ්‍යයා ඔය කැම්පස් එකෙන් එලියට ආවට පස්සේ කොහෙද යන්නේ කොහෙද ඉන්නේ කියන එකත් මට ප්‍රශ්නයක්.(නදී)
අධ්‍යාපන අයිතීන් වෙනුවෙන් සටන් කිරීම සාධාරණයි. ඒත් ශිෂ්‍ය සංගම් කටයුතු කරන ආකාරය පිළිබද ප්‍රශ්න තියෙනවා. කොහොමත් නවක වදය අද සමාජයට ගැළපෙන්නේ නෑ. විශ්ව විද්‍යාලවල හැමදාම උද්ගෝෂණ විතරයි රටේ ජනතාව දකින්නේ. ඒත් විශ්ව විද්‍යාලවල මීට වඩා බුද්ධිමත් සංවාද ‘ ශිෂ්‍යත්ව වැඩසටහන්‘ ප්‍රදර්ශන වගේ ගොඩක් දේවල් තියෙනවා‘ ඒ දේවල් වලටත් මාධ්‍ය මගින් ඉඩක් ලැබෙනවා නම් ගොඩක් හොදයි (නදී)
මාව නවක වදයට ලක්වුණ හේතුව විදියට මම දකින්නේ , මම කොළඹ පාසලකින් සරසවියට පැමිණි නිසා. අනෙක සමහර ජේෂ්ඨ ශිෂ්‍යයන්ට ඉංග්‍රීසි පිළිබඳ හීනමානයක් තිබුනා . ඒක මගේ පුද්ගලික අත්දැකීමක්. මම අපේ කණ්ඩායමේ ඉංග්‍රීසි දුර්වල සහෝදර ශිෂ්‍යාවන්ට ඉංග්‍රීසි කියා දුන්නා. ඒ වැඩේ නවත්වන ලෙසත් ඉංග්‍රීසි භාෂාවෙන් කතා නොකරන ලෙසත් මට තර්ජනය කළේ මෙතන ලිවිය නොහැකි සිංහල භාෂාවෙන්. ඔවුන්ට කිසිම කෙනෙකුගේ හැකියාවක් හෝ වෙන කෙනෙක් කාගෙන්හරි උදව් ලබා ඉහළට යනවා දැකීම වහකදුරු වගේ වුණා. (නි)
අපිට සදහටම ඉහළින් බැබළෙන්න ක්‍රමය හැදුනේ අන්තරය නිසයි. අපි අන්තරයට හරිම කැමැතියි. අන්තරයට ජය වේවා! (නි)
මේ තරම් දැඩි නීතිරීති තියෙද්දීත් නවක වදය පවතිනවා නම් පාලකයෝ තේරුම් ගන්න ඕනෑ නීතිරීති පනවලා එය නතර කරන්න බැරි වග. ඔවුන් වෙනත් විකල්පයකට යා යුතුයි. (නි)
රන්දීර් ,ඔබත් විශ්ව විද්‍යාලයට ගිය අයෙක් බව, ඔබේ අදහසෙන් පැහැදිලි වෙනවා.නවක වදය දීම පිලිබදව ඔබේ අදහස කුමක්ද ...? (අ)
දැන් අර බොහොම කලකට කලින් නවක වදයෙන් බේරෙන්න ඉහල මහලකින් පැනලා සිසුවියක් රෝද පුටුවකට වුනේ රන්දීර ලා ඔය ඇති කරන්න යන සමාජ සාධාරණය නිසා වෙන්න ඇති. (අ)
චමින්ද, ඔය නවක වදය දෙන්නෙ ජ්‍යෙෂ්ඨයන්ගෙ උද්දච්චකමට මිස වෙන මෙලෝ වැඩකට නෙමෙයි. කැන්ටින් වගේ තැන් වල කරන විහිළු තහළු වගේ ඒොයේ නම් හානියක් නැහැ. ඒත් කාමර සහ නවාතැන් වලට රැගෙනගොස් කරන වදහිංසා කොයිතරම් පිළිකුල්සහගත සහ අමානුෂිකද කියලා බාහිර සමාජය තාම හරියට දන්නෙ නැති එක මේ අයට වාසියක්. (නි)
ඇත්තද රන්දීර් ? ඉහනිකට පැහුණ වැඩිහිටියන්ටත් වඩා හරි දේ දන්නේ ඔයගොල්ලෝද ? ගෙවල් වල ඉන්න වැඩිහිටියොත් දැන් ඔයගොල්ලන්ගෙන් වෙන්න ඇති උපදෙස් ගන්නේ. (නි)
රන්දීර්, තමන් හරි කියලා හැමවිටම හිතන එක බුද්ධිමතුන්ගේ ලක්ෂණයක් නෙමෙයි. මොකද්ද ඔය ඉල්ලන අයිතිය? අනෙකුත් සිසුන්ව ශාරීරිකව මානසිකව තලා පෙලා දාන්න බලපත්‍රයක්ද? (නි)
විශ්ව විද්‍යාල ශිෂ්‍යයා කියන්නේ තාර්කික පුද්ගලයෙක්.රටේ ප්‍රශ්න ගැන,අසාධාරණය ගැන ක්‍රියාත්මක වෙන්නේ නැති බුද්ධිමතුන් බිහි වුණොත් පාලකයින්ට,රජයට අත්තනෝමතික වෙනවා. රටේ ප්‍රධාන බලපෑම් කණ්ඩායම විදියට ඔවුන් කරන්නේ හරි දේ.සාධාරණය වෙනුවෙන්,අයිතීන් වෙනුවෙන් සටන් කිරීම. (නි)
චමින්ද , මාව නම් නවක වදයට ලක් වුණේ මම කොළඹ අංක එකේ සුපිරි පාසලකින් උගත් මධ්‍යම පන්තික පවුල් පසුබිමකින් සරසවියට ගොඩ බැහැපු නිසා. එවැනි දේවල් නුරුස්සන සහ තමන්ට නැති හීනමානය සහිත එක්තරා ජ්‍යෙෂ්ඨයෙක් නිසා මගේ ඉගෙනීම එකවරක් නවතින්නම ගියා. මම දන්නේ නැහැ අනෙකුත් පාඨකයන්ගේ අත්දැකීම්. අපි කැමතියි දැනගන්න. (නි)
ඇමතිතුමනි, මේ ශිෂ්‍යයින්ට මීට වඩා ටිකක් තදින් සිටින්න. ඔබතුමාට පුළුවන් විශ්ව විද්‍යාල වල විනය හදන්න. එක පාරක් කියන්න, දෙවැනි පාර සාමාන්‍ය දඬුවමක් දෙන්න, අහන්නේ නැත්නම් නීතිය තදින් ක්‍රියාත්මක කරන්න. (නි)
මේවාට අදහස් ලියන අයට වැස්සකටවත් සරසවියට ගොඩවෙලා නැහැ කියලා මෙතන අදහස් ලියන සමහරු පාච්චල් කරනවා මම දැකලා තිබෙනවා. සමාජයේ ඉන්න එකම බුද්ධිමතුන් කොටස උපාධිදාරීන් කියලා හිතන්න එපා. උගත්කමට වඩා සමාජයට වැඩදායක වෙන්නේ බුද්ධිමත්කම කියන එකයි මගේ අදහස. විචක්ෂණ බුද්ධියකින් ප්‍රායෝගික දැක්මකින් තොර උගත්කමකින් තමන්ටත් රටටත් වැඩක් නැහැ. (නි)
තමන්ගේ වැරැද්දට ලැබෙන දඩුවමටත් උද්ඝෝෂණ තියන නිසා දැන් නිකන් කුකුළාගේ කරමලය වගේ වෙලා.හැබැයි මේ හැම දෙයක්ම පිටුපස ඉඳගෙන නොයෙකුත් වාසිගන්න පිරිසකුත් ඉන්නවා. සමහර පීඨ වලට දැන් කිසිම ගෞරවයක් නැහැ සමාජයෙන් (නි)
මේ ගොල්ලෝ නවක වදය දීමෙන්, බලාපොරොත්තු වන දේ කුමක්ද? මෙතන විශ්ව විද්‍යාලයට ගිය අයත් අදහස් දානවනේ. කියන්නකෝ බලන්න හේතුව. මේ ප්‍රශ්නය මම මීට කලිනුත් අහලා තියෙනවා. නමුත් විශ්ව විද්‍යාලයකට ගිය කිසිම කෙනෙක්, ඒකට පිළිතුරු දුන්නේ නැහැ. මම විශ්ව විද්‍යාලයට ගිය කෙනෙක් නෙමෙයි.නොදන්නා නිසයි අහන්නේ. (නි)
අනේ මල්ලිලා නංගිලා මව්පියන් මහන්සියෙන් හොයල ගෙදරින් දෙන දෙයක් කාලා වෙනදෙයුක් බලාගෙන පොතේ පතේ වැඩ ටික ඉවරකර ගන්න ...ඔය බොරු විකාර නැතිව (දිල්).