IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


සිසුන්ගේ ප්‍රහාරය හෙළා දකී

ගම්පහ  දිස්ත්‍රිකක්යේ  මාධ්‍යවේදීන්ට දිගින් දිගටම එල්ලවන තර්ජන සහ පහරදීම් සම්බන්ධයෙන්  විරෝධය පලකරමින්  ගම්පහ දුම්රිය පොළ ඉදිරි පිටට  අද  උදෑසන  පැමිණි ගම්පහ  මාධ්‍යවේදීහු  තම කැමරා ආම්පන්න බිම තබා  තමන්ට  දිගින් දිගටම සිදුවන හිරිහැර හෙළා දුටහ.

ගම්පහ පොලිසිය විසින් ආරක්ෂක රැකවල්ද  යොදා තිබිණි.

ගම්පහ බණ්ඩාරනායක විදුහලේ පිරිසක් ගෙය ගිය උද්ඝෝෂණයක් වාර්තා කිරීමට පෙරේදා (3) ගිය මාධ්‍යවේදීන් කිහිප දෙනකුට සිසුන් පිරිසක් පහර දීම සම්බන්ධයෙන් සහ වැලිවේරියේ යුද එහුදාව සහ ගැමියන් අතර පැවැති ගැටුම වාර්තා කිරීමට ගිය ගම්පහ මාධ්‍යවේදීනට සිදුවූ හිංසාවන්ට විරෝධය පළ කරමින් මෙය සංවිධානය කර තිබිණි.

එදා වැලිවේරියේදි යුද හමුදාව හැසිරුණු ආකාරයටම  මෙදා  එම පාසලේ සිසුන්ද පළමුව සී.සී.ටී.වී කැමරා කුඩු කර දෙවනුව මාධ්‍යවේදීන් සොය සොයා පහර දීමට පෙළඹීමද මෙහිදී දැඩි දෝෂරෝපනයට ලක්  විය.

මෙහිදී අදහස් දැක් වු මාධ්‍යවේදීන් කිහිපදෙනෙකුම කියා සිටියේ එම පාසලේ ශිෂ්‍ය භට ඛණ්ඩ සිසුන්ට ලබා දෙන්නේ හමුදා පුහුණුවක් බැවින් එදා වැලිවේරියේ යුද හමුදාව හැසිරුණු ආකාරය පුර්වාදර්ශයට ගෙන   සිසුන්  පාසලේ සී.සී.ටී.වී කැමරා මුලින්ම විනාශ කොට මාධ්‍යවේදීන්ගේ කැමරා උදුරගෙන දත්ත මකා දැමීමටත් සොය සොයා පහරදීමටත්  පෙළඹීම  ඉතා ශෝචනීය තත්වයක් බවයි.

පාසල් දරුවන් යනු තවත් දෙයක් අනුකරණය කිරීමට ඉතා ඉක්මනින් පෙළඹෙන බවත් පැවසු මාධ්‍යවේදීහු මෙම ක්‍රමය දිගටම පැවතුනහොත් ඉදිරියේදි මොන්ටිසෝරි දරුවන් පවා මාධ්‍යවේදීන්ට හිරිහැර කිරීමට පෙළඹෙනු ඇති බවත් කීහ.

මෙම උද්ඝෝෂණය දරුවන්ට විරුද්ධව සිදු කළ දෙයක් නොව  වැරදි පුර්වාදර්ශ ගනිමින්  හැසිරීම හෙළා දැකීමක් බවත් මාධ්‍යවේදීහු කිහ.

මෙම විරෝධතාවය සඳහා රාජ්‍ය මාධ්‍ය ආයතනවල මෙන්ම පෞද්ගලික මාධ්‍ය ආයතනවල මාධ්‍යවේදීහු රැසක් සහභාගී වුහ. 



අදහස් (0)

සිසුන්ගේ ප්‍රහාරය හෙළා දකී

සදුනි Tuesday, 04 March 2014 09:13 PM

අද ඉන්න සමහර ළමයි ගැන කතා කරන්නත් ලැජ්ජයි. ජනමාධ්‍යකරුවන්ට පහරදෙන මොවුන්, ලොකු උනාම මොනවා නොකරයිද? ඇත්තටම මේකට වගකිවයුතුවන්නේ ළමයි විතරක් නෙවි, ඒක සාධාරණීය කරන ඊනියා දෙමාපියන් ඇතුළු වැඩිහිටි පිරිස. (නදී)

:       0       0

ඈශ්ලී Tuesday, 04 March 2014 09:18 PM

පොඩ්ඩක් හිතල බලන්න ඕන අපි මේ සිද්ධියෙන් පස්සේ ඉස්කෝලේ ගැන රටට යන්නේ මොන විදිහේ පණිවිඩයක්ද කියලා.

:       0       0

ලලිත් අපොන්සු Tuesday, 04 March 2014 09:58 PM

අද සමහර ජන මාධ්‍යකරුවන් කැමරාවයි පෑනයි අතේ තියන් කෙන්ද කන්ද කරනවා. (නදී)

:       0       0

ජයකොඩි Wednesday, 05 March 2014 09:14 AM

මෙලෙස හෑසිරුනු සිසුන් සම්බන්දව දෑඩි ක්‍රියාමාර්ගයක් රජය සහ පොලිසිය ගත යුතුයි..කිසිදු අවස්තාවක සිසුන්ගෙ ක්‍රියා කලාපය සාදාරනි කල නොහෑකියි.(නදී)

:       0       0

කළණ Wednesday, 05 March 2014 11:26 AM

මේ ළමයි නීති ගැන දන්නේ නැහැ. (නදී)

:       0       0

පද්මිණි Wednesday, 05 March 2014 11:43 AM

නිතිය අවනීතිය වුණු රටක මේවා තව තවත් බලාපොරොත්තු වෙන්න පුළුවන් (දිල්)

:       0       0

සමීර Wednesday, 05 March 2014 12:53 PM

එක දෙක කරලා පෙන්නන්න එපා. කවුරුවත් විදුහලේ සැබෑවටම වුනේ මොකක්ද කියල කීවේ නැහැ. ළු පාසලේම සිසුන්ට මඩ ගහන්න එපා. ගුරුවරු කිහිප දෙනෙක්ගේ මෙහෙයවීමෙන් පැමිණි මැරයන් තමයි දොරවල් කඩලා,තර්ජනය කරලා සිසුන්ව බලහත්කාරයෙන් උද්ගොෂණයට ඇදලා ගත්තේ. මාධ්‍යවේදීන්ට ගැහුවේ මැර සිසුන් කිහිප දෙනෙක්. අර ගුරුවරුන්ට උවමනා වුනේ මාධ්‍යවේදීන්ට ගහලා විදුහල්පතිගේ පරිපාලනය දුර්වලයි කියලා ප්‍රසිද්දියක් ගන්න. බොහොමයක් උසස්පෙළ සිසුන් මේ සිද්දියට විරුද්දයි. නමුත් ආයුද සන්නද්දව ආපු මැරයන් සමග අනවශ්‍ය ගැටුමක් ඇතිකරගන්න ගියේ නැහැ. කරුණාකර බාහිරින් සිද්දිය බලන්නේ නැතිව පාසල් පරිපාලනය තුල ඇතිවුණු ආරවුල් ගැන, විදුහල්පතිගේත් ඔහුට විරුද්දව උද්ගෝෂණ සංවිදානය කල ගුරුවරු කිහිපදෙනගේත් වංචා හා දුෂණ ගැන සහ සිසුන්ට බලපෑම් කල මැරයන් ගැන සොයන්න.(නදී)

:       0       0

සමීර Wednesday, 05 March 2014 12:58 PM

දිගින් දිගටම කෙන්ද කන්ද කරලා සමස්ත පාසලටම අපහාස කරනවා නම් මීට පස්සේ ඔය පින්තුර වල ඉන්න අයට ගම්පහ තහනම් නගරයක් වෙයි.(නදී)

:       0       0

පුෂ්පා Tuesday, 04 March 2014 03:32 PM

මේ අයට දඩුවම් කලේ නැත්නම් සියලු දරුවන්ම අනතුරේ.(නදී)

:       0       0

දමිත් Tuesday, 04 March 2014 03:53 PM

ඇමති කෙනෙක් ගැහුවාමත් මෙහෙම කරනවද? (නදී)

:       0       0

ලන්කා Tuesday, 04 March 2014 04:03 PM

ඕනෑම දෙයක් ඕනාවට වඩා ඕනෑම නැත. හමුදාව යෙදවීමද, මාධ්‍ය එබීමද එලෙසමය. (නදී)

:       0       0

කෝසල Tuesday, 04 March 2014 04:07 PM

ගොඩක් ජනමාධ්‍ය වේදියෝ අද ඉන්නේ පිටරට.(නදී)

:       0       0

දිසානායක. Tuesday, 04 March 2014 04:19 PM

දරුවන්ට තමන්ගේ පාඩුවේ ඉගන ගන්න ඉඩ දුන්නා නම් ඔය කිසි අවුලක් වෙන් නැහැ.(නදී)

:       0       0

ඇම්ඩන් Tuesday, 04 March 2014 04:35 PM

අනේ මාමේ කව්ද මාධයට අත තිබ්බේ. අපි අත තිබ්බේ ඔය ගොල්ලන්ටනේ.(නදී)

:       0       0

සමන්ත Tuesday, 04 March 2014 05:31 PM

ජනමාධ්‍යකරුවන් කඩේ නොයා යුතුයි. යතාර්ථය තේරුම්ගන්න.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 913 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 1841 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 2304 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5700 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1710 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 6277 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18164 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 89 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 278 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site