ඉකුත් ජනපතිවරණ සමයේ මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ රැස්වීම් සඳහා ලංගම බස් රථ යොදා ගැනීමෙන් ලංගමයට අය විය යුතු රුපියල් මිලියන 143ක මුදලක් ලබානොදීම සම්බන්ධයෙන් සුසිල් ප්‍රේම්ජයන්ත් හා අනුර ප්‍රියදර්ශන යාපා යන මන්ත්‍රීවරුන් වගඋත්තරකරුවන් කරමින් පවරා තිබූ නඩුවෙන් ඔවුන් නිදහස් කිරීමට කොළඹ වාණිජ මහාධිකරණය අද නියෝග කළේය.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ, හිටපු ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් ඇතුළු පස් දෙනකු වගඋත්තරකරුවන් කරමින් පැමිණිල්ලේ නීතිඥවරු පැමිණිල්ල සංශෝධනය කිරීමට අවසර ඉල්ලීම ඊට හේතුවයි.
වගඋත්තරකරුවන්ට විරෝධතා ගොනු කිරීමට නොවැම්බර් 22 දක්වා කල් ලබාදීමට වාණිජ මහාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න මහතා තීන්දු කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහරුන්ට නම් කාටහරි කමක් නැහැ නඩු දානවා නම්. (නි)
කතෘතුමනි, මෙය පළකිරීම ගැන ඔබට බෙහෙවින් ස්තුතියි! වර්තමානයේ පාලනය කරන හෝ අනාගතයේ ඒ යැයි සිතන හෝ දේශපාලකයන්ට බියනොවී ඔබේ පාඨකයන්ට සත්‍යය පිළිගන්වන්න. සිත් රිදීමක් වී නම් සමාවන්න. ස්තුතියි! (නි)
හාල්මැස්සන්ව පැත්තකට දාලා මෝරුන්ව අල්ලන්න ක්‍රියා කරන එක තමයි වඩා නිවැරදී. (ර)
වැටත් නියරත් ගොයම කා නම් කාට කියමුද ඒ අමාරුව ? ඒ කට්ටියත් එකයි මෙකට්ටියත් එකයි, බලයේ ඉන්නකොට සුද්දකරනවා ඊට පස්සේ පැත්ත මාරුකරලා නිදොස් කොට නිදහස් වෙනවා.(අ)
දහම්ට අමතක දෙයක් මතක් කරලා දෙන්න හිතුන.යහපාලනයෙන් නෙවෙයි ආශ්චර්යෙන් පටන් ගත්ත සෙල්ලමක් ඔය. ආණ්ඩුවට පක්ෂ නම් නිර්දොස්යි.විරුද්ධනම් වැරදිකරු.එකයි මම කියන්නේ වෙනස් කළ යුත්තේ පාලකයන් නොවෙයි. පාලකයන් පත් කරන මිනිස්සුයි. (අ)
මේවට මොකුත් එහෙම කියනවා නෙමෙයි ඔන්න. අර සංහිදියාවට මොනවා හරි වුණොත් ඉතින් වැඩක් තියෙනවායි.(ම)
උනුත් එකයි, මුනුත් එකයි මෙදා පාර දෙන්න කෙනෙක් හොයමුද (බ)
ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජයෙන් ඔවුන්ගේ දැන් සහ හිටපු මන්ත්‍රීන් සහ ඇමතිවරුන් තොගයක් වංචා සහ දුෂණ වලට සම්බන්ධයි කියලා හඳුන්වනවා. (බ)
වැරදි නැත්නම් අනිවාර්යයෙන් නිදහස් කරන්න වෙනවා. බොරුවට දේශපාලනය පටලවා ගන්න එපා හැමදේටම. (ම)
ආණ්ඩුවට මුක්කු ගහන හැමෝම පිවිතුරුයි, නිර්දෝෂියි , මේ තමයි යහපාලනය ලෝකෙටම පෙන්වන කදිම උදාහරණය, (ම)
දැන් ඔබට සතුටුද ජනවාරි වෙනසට (බ)
විජේ, ඉස්සර ඕවා දැනගත්තේ නැත්තේ ඔහොම යාලුකමට නිදහස් කිරීමක් වුණේ නැති නිසා වෙන්න බැරිද? (නි)
විජේ 2005න් පස්සේ වෙන්න ඇති ඉපදෙන්න ඇත්තේ. උස්සපු සහ මරපු අයව දැනගන්න ඕනෑ නම් පාර අයිනේ පිච්චුණ මළකඳන් ගනින්න ඕනෑ කාලෙකුත් තිබුනා. (නි)
ඔන්න දැක්ක නේද යහපාලනය. හෙට මහින්ද සිරිසේනට යටත් වුණොත් ඔය නඩුවම ඉල්ලා අස් කර ගන්නවා. (අ)
මොනවා ..? ඔහොම කොකා පෙන්නන්න එපා අපිට..! (නි)
ඔන්න මම කිව්වා... කවුරුත් වැරදිකාරයෝ වෙන්නේ නැහැ අන්තිමට. කිහිප දෙනෙක් විතරක් නඩු වලිනුත් හම්බකර ගන්න එක විතරයි සිද්ධවෙන්නේ (නි)
අනේ ඉතින් මේක සිරි ලංකාවනේ! (නි)
එ්කනේ මේ වැරැද්ද කරලා තියෙන්නේ ජනතාවනේ. එ්කනේ මේක ගෙවන්න වෙන්නේ ජනතාවට. දැන්වත් තේරෙනවද මේ දෙගොල්ලොම එකයි කියලා. මේගොල්ලෝ පත්කරගත්තට ජනතාවට තමය වන්දි ගෙවන්න වෙන්නේ. ඉතින් ගෙවමු. (නි)
දැන් මෙහෙම වෙනවා කියලා හරි දැනගන්න ලැබෙනවා. ඉස්සර ඔය මොකුත් නැහැනේ. හොරාට මොනවා වුණාද කියලා දන්නෙත් නැහැ. කවුරුහරි කෑගැහුවොත් අර වෑන් එක එනවා (නි)
පෙනේද යහපාලන නීතියේ සාධාරණය. (නි)
අැත්තටම යහපාලනය කියන එකේ තේරුම කියලා දෙනවද දන්නා කෙනෙක්. දන්නේ නැති නිසයි අහන්නේ. අහන්නත් මොකක්දවගේ, අනේ මන්දා. එතකොට යහපලානේ අදාල වෙන්නේ ආණ්ඩුවේ අයට විතරමද? (නි)
ඕවා ඔහොම තමයි. අනෙක් ඒවත් ඔහොමම වේවි (නි)
නියාමොයි. හූ කියන්න එපා ගහමුද අප්පුඩියක්? ඒ අය වැරදි කරලා නැහැනේ. එහෙනම් අනෙක් අය ගැන මොන කතාද? (නි)
මේ දෙන්න අාණ්ඩුවෙනි.ඒ නිසා නිදහස්. නීතිය සාධාරනයි. (අ)
එතකොට කවුද මේ වැඩේ කරලා තියෙන්නේ? (අ)