දඹුල්ලේ රිය අනතුරකින් තුවාල ලැබු සඳලි පුන්සරණි සිසුවියට දඹුල්ල රෝහලේදී ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටිමේ අවස්ථාව ලබා දීමට විභාග දෙපාර්තමේන්තුව ද වෛද්‍යවරු ද පියවර ගත්හ.
මේ අතර බෝපත්ඇල්ල ගැලීම නිසා දෑරංගල සිසුන් දෙදෙනකුට ද අද ශිෂ්‍යත්ව විභාගයට යෑමට නොහැකි විය.
මේ බව දැනගත් විභාග දෙපාර්තමේන්තුව ප්‍රාදේශිය නිලධරයින්ගේ සහායෙන් ඩිංගි බෝට්ටුවකින් විභාග නිලධරයින් තිදෙනකු දෑරංගල ප්‍රජාශාලාව වෙත යවා විභාගය පැවැත්වීය.
ඡායාරූප ප්‍රියන්ත දසනායක






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පවූ ,පොඩි කෙල්ල .අකුරු ලියන අතම තුවාල වෙලා .කොහොම විභාගය ලීවද දන්නේ නැ.දුවේ ඔයා අනිවාර්යෙන්ම පාස් වෙනවා .ඒ පුවතත් ලංකාදීපේ බලන්න අපිට පුළුවන් වෙයි .දුවේ ඔයාට ඉක්මන් සුවය ලැබේවා .මේ සත් කාර්යයට සම්බන්දවූ සියලු දෙනාට බුදු සරණයි .(ස)
අනේ පුතේ ඔයාට ඉක්මන් සුවය ලැබෙන්න ඕනි (දිල්)
තෙරුවන් සරණින් දුවට ජය ලැබේවා. උදව් කල නිලධාරින් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයටත් යහපතක්ම වේවා. (දී)
මට නම් මේ පුවත ඉතාමත් සංවේගජනක සිද්ධියක්. කොයිතරම් වේදනාවක් මුනේ පේනවද? මේ දරුවට මේ මොහොතේ විභාගයක් ලියන්න මානසික හෝ කායික ශක්තියක් තිබෙනවද? නිලධාරීන්ට මේ දරුවා ගැන අනුගමනය කරන්න විකල්පයක් තිබුනෙම නැද්ද? (දී)
ආඩම්බරයි (දිල්)
මේ දරුවට කල් තියා විබාගෙට සුදානම් වුනත් මෙසේ වේදනාකාරී තත්වයකින් විබාගෙට ලියන්න වුනේ මේ දරුවාගේ වැරද්දකින් නොවේ. ඒ නිසා ප්‍රතිපල වලින් පස්සේ යම් සහනයක් දීම සුදුසුයි. මේ දරුවා රටට අනාගතේ වටිනා කෙනෙක් වෙන්න ඉඩ තියනවා (දී)
අනේ පුතේ ඔයාට ඉක්මන් සුවයත් විභාගේ ඉහලම ලකුණුත් ලැබේව. බුදු සරණයි දෙවි පිහිටයි (දී)
ඉතාම හොද වෙඩක්..ඉක්මන් සුවය ලැබේවා (දී)
ඔබල වැනි නිලදාරීන්ට මගේ ප්‍රණාමය. දුවට ඉක්මන් සුවය.ඔබට ඉහලම ජය ලැබෙන්න කියල මම සුබ පතනවා. (දී)
අනේ දුවේ බුදු සරණි (දී)
පුංචි හිත් වලට කොච්චර සතුටක්ද ? (දී)
ඉතා අගනා දෙයක් , මෙම සිසුවන්ට සියලු දෙවි දේවතා පිහිටෙන් , විභාගය ජය ගැනීමට සියලු ශක්තිය ලැබෙන්න ප්‍රාර්ථනා කරමි (දිල්)
පිදිය යුත්තන් පිදිය යුතුයි. කාලෙකට පස්සේ සතුටුදායක පුවතක්.දුවට ඉක්මන් සුවයත් උතුම් කාර්යයට දායක වූ සැමට ප්‍රණාමයත් මගෙනුත් එවමි...!! (නි)
මීට උදව් කර තිබෙන සියල්ලන්ම ඇගයීමට ලක්විය යුතුයි (නි)
මේ වගේ අවස්ථාවල බොහොම කැපවීමකින් වැඩ කරන අනේ පවු කියල සිතෙන මනුස්සකම් වලින් පිරිණු ඒ පින්වත් උත්තමයන්ට, හොඳ දේ අගයන අපි සැමදෙනාගේම ප්‍රණාමය. (නදී)
පව් ඒ දරුපැටියගේ මුණ දකිද්දී මගේ සිතට දැනුන වේදනාවේ තරම මටවත් සිතාගන්න බැහැ. රටේ අනාගතය බාර ගන්න ඉන්න අසරණ දරු පැටව් කොහෙන් හරි කාගේ හෝ ගොදුරක් වෙලා මිය යන තරමයි අබ්බගාතයින් වන තරමයි. රටේ මිනිසුන්ගේ කිසිම විනයක් නැහැ. වාහනයක් පාරට ගත් විට ඒක ධාවනය කරන්නේ ෆයිලට් කෙනෙක්ය කියල හිතාගෙන පාරේ යන මිනිසුන් හරියට කුහුඹි පැටවුන් වගේ අනේ දෙවියනේ මගේ දේශයට ගිය කල (නදී)
අහිංසක දරුපැටවුන්ගේ අනාගතය සාර්ථක වේවා. ඔවුන්ගේ අනාගතය එලිය කරන්න කැප උණු සියලු දෙනාටම අප සැමදෙනාගේම ප්‍රණාමය. සඳලි පුන්සරණි දුවේ ඔයාට ඉක්මන් සුව...! (නදී)
ඔබ සැමට ගොඩක් පින්! (නි)
මෙන්න නියම රාජ්‍ය සේවය.හැමෝම මෙහෙම නම් කොච්චර හොඳද? (නි)
හැමදෙනාටම බොහොම පින්. මේ පුංචි දරුවන් හැමදෙනාම ඉහළින්ම සමත් වේවා! (නි)
සියලු දෙවියන්ගේ පිහිට ඔබට ඇත දුවේ! ඒ වගේම මෙම පියවර ගත් සෑම දෙනාටම ස්තුතිය පිරිනමමි (නි)
ඉහළින්ම ප්‍රශංසා කල යුතු වැඩ. මෙම දෙපාර්තමේන්තු දෙකේම නිලධාරීන්ව ඉතාමත් අගය කල යුතුයි. එම නිලධාරීන්ගේ දරුවන්ගේ අනාගත කටයුතු සර්වප්ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!! (නදී)
ඇත්තටම මෙහෙම හරි සාධාරණයක් කරන්න හිතුන එක ගැන විබාග දෙපාර්තමේන්තුවට ප්‍රශංසා කල යුතුයි මෙවන් දුෂ්කරතා මැද මෙම දරුවන්ට විභාගය කරන්න දීම ගැන (දී)
කාලෙකින් සතුටුදායක ආරංචියක් . මෙයට සම්බන්ද මානුෂිය ගති ඇති නිලධාරීන වෙත අපේ ප්‍රණාමය. (දී)
ලොකු දෙයක් ඒ දරුවන්ට කලේ. (දී)
මෙම ප්‍රවෘත්තියට විශාල ප්‍රචාරයක් ලබාදෙන්න මොකද රාජ්‍ය සේවකයා ප්‍රායෝගික බුද්ධිමත් රාජකාරියට භියනැති පුද්ගලයෙකි නමි අපේ රාජ්‍ය සේවය ඉතාමත් කාර්යක්ෂම එකක් කියල ඔප්පු කරන ලද අවස්තාවක් නිසා(දී)
ඔබ සියලු දෙනාටම ජාතියේ ප්‍රණාමය (දී)
ඇත්තටම පුදුම සතුටුයි.. ලංකාව කියන්නෙ කරනවනම් ඕන දෙයක් කරන්න පුලුවන් මිනිස්සු ඉන්න රටක් දුකට හේතුව ගොඩක් අය ඒ ශක්තිය අමතක කරලා දාන එක. ප්‍ර්ශ්න පත්තර අවුල් අර අවුල් කියලා හැම වේලාවෙම මඩ ගහනවා වගෙම මෙවත් පත්තරවල වැටෙන්න ඕන ඇගෙයෙන්න ඕන. විභාග දෙපාර්තුමේන්තුවට අදාල කැපවීම කල නිළධාරීන්ට සමස්ත ජනතාවගේම ප්‍රණාමය (දී)
ඉදලා හිටලා මොලේ ඇති වැඩකුත් කරනවා.... (දී)
පිට රටවලද මෙවැනි තීරණ ගන්නවා ..අනන්‍ය තාවය තහුරු කිරීමෙන් පසුව ..හොද ක්‍රියාවක් ..! දරුවාට සාධාරණය ඉෂ්ට කිරීම .. (දී)
අනුන්ගේ දුක දන්නා නිලදාරීන් මෙහෙම සැලැස්මක් යොදල ඒ දරුවන්ට විබාගේ ලියන්න සලස්සුවට ඉතාම සතුතුඉ. ඔව්න්ට මගේ උපහාරය. (දී)
විභාග දෙපාර්තමේන්තුව වගේම සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේත් තවමත් කාර්යක්ෂම මානුෂික නිලදාරීන් ඉතිරිවී ඇති බවට කාලෙකින් වාර්තාවුන සතුටුදායක පුවතක්. (දී)
කුණු ඕජස් ගලන දේශපාලන පුවත් දකින යුගයක දැකපු නෙතට හිතට ගොඩක් සතුට දනවන පුවතක්. ඩොක්ටර් ලා හෙදියෝ විභාග දෙපාර්තුමේන්තුවේ ඇතුළු සියලු නිලදාරීන් දන්නවා ඉගැනුමේ අරුත. ''උගත මනා ශිල්පයමයි මතු රැකෙනා'' ඔබ සියලු දෙනාට අපගේ ආචාරය. මෙය තාම රාජ්‍ය සේවය. (දී)
ඒ මනුසත් ක්‍රියාවට දායක උණු අයට බොහොම ස්තුති ! (දී)
අනවශ්‍ය නීති රීති රෙගුලාසි ඉස්සරහට දාල වැඩ නොකෙරෙන්න සලස්වන බහුතරයක් අතර හරි දේ අවශ්‍ය වෙලාවට භය නැතුව කල මේ සියලු නිලධාරීන්ට රටේම ස්තුතිය හා ගෞරවය හිමි විය යුතුයි . ඊට අමතරව රාජකාරි මට්ටමින් නිසි ඇගයීමක් ද සිදු විය යුතුයි පසුව පලවෙන ප්‍රවුර්තියක හරි ෆොටෝ සහ නම් සඳහන් කලානම් වඩාත් හොඳය. (දී)
ඉතා හොඳ වැඩක් (දී)
නරක දේට දොස් කියනවා වගේම හොදවැඩ අගයන්න පසුබට වෙන් නැහැ මෙම කාර්ය සර්තකකර ගැනීමට ක්‍රියා කල සියලුම නිලදරිනට හා සේවකයන්ට ලංකාදීප පාටක අපගේ ප්‍රණාමය (දී)
ඉතා හොඳ වැඩක් සුභපතනවා (දී)
ගොඩක් කාලෙකට පස්සේ අහන්න ලැබුන සතුටුදායක පුවතක් (දී)
හරි කණිසමට හරි තැනදී හරි ක්‍රමය හරි ශ්‍රමය යොදා ගැනීමෙන් හරි ප්‍රතිඵල ලැබීම විශිෂ්ඨය. නැවතත් කිවයුතුය. කොළොඹ පුරවරයේ සීතල කාමර වලට වෙලා නිදිකිරමින් රටේ ධනය සුරගෙන කන අයට වඩා ඈත ගම් දනව් වල නොයෙකුත් දුක්ඛ දෝමනස්සයන් කරපිට හොවා ගෙන තමන්ගේ රාජකාරිය දේව කාරියක් සේ සලකා ඒවායේ නියැලෙන මානුෂිකත්වය පෙරට තබා ගෙන සිට්න නිලධාරීන් සිටින බවට මෙය කදිම උදාහරණයකි. මේ එකී උතුමන්ට පිදෙන උපහාර තිළිණයකි . (දී)
ගොඩක් හොද වැඩක් විබාගය සමත් වෙන්න අපි ඔයාට සුබපතනවා දුව. (දී)