IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


සහෝදර සහෝදරියෝ බුරුවා ගසා දඩ කති

මුදල් ඔට්ටුවට  බුරුවා ගැසු එකම පවුලේ පස්දෙනකුට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා රුපියල් සියය බැගින් දඩ නියම කළේය.

දුලානි  මහේෂිකා,මංජුලා ප්‍රියදර්ශනි,සුගන්දි පෙරේරා,සාලිය පෙරේරා හා අසිත කුමාර යන සහෝදර සහෝදරියන්ට මෙසේ දඩ නියම විය.

 



අදහස් (0)

සහෝදර සහෝදරියෝ බුරුවා ගසා දඩ කති

චමල් Monday, 14 October 2013 12:13 PM

එතකොට කැසිනෝ සූදුව . ඒවා හොඳයිද? එකම පවුලේ අය මෙහෙම එකතුවෙලා ඕන තරම් සල්ලි ඔට්ටුවට සෙල්ලම් කරනවා. (දිල්)

:       0       0

ඉන්දික Monday, 14 October 2013 12:14 PM

මේ ගොල්ලන්ගේ නම් ගම ඔක්කොම දානවා. එත් ලොකු කෙනෙක්ගේ නම් ඒ මුකුත් දන්නේ නෑ.(දිල්)

:       0       0

සමීර සාලින්ද Monday, 14 October 2013 04:50 PM

අනේ මන්දා ඔහොම ගියොත් ලංකාවත් ඉවරයි.. (ස)

:       0       0

චමත් Monday, 14 October 2013 12:17 PM

චන්දී හොදට බලන්න මේ නම් දෙස. දෙදෙනෙකුට නම් වලට වාසගම් තිබෙනවා.අනිත් අයගේ නම් වලට වාසගම් නැහැ. මේ ගොල්ලෝ එකම පවුලේ කට්ටිය වෙන්න බැහැ. අහළ පහළ අය වෙන්න ඇති. එකම පවුලේ අය , තමන්ගේ ගෙදර බුරුවා ගහනකොට කවුද පොලිසියට ඔත්තුව දෙන්න යන්නේ? පිට අය බුරුවා ගහනකොට නම් ඔත්තු දෙන්න ගමකට කට්ටිය ඉන්නවා. බොරුද මම කියන්නේ. (නි)

:       0       0

ටිරෝන් Monday, 14 October 2013 12:19 PM

පුදුම පවුලක්නේ (නි)

:       0       0

උපාලි Monday, 14 October 2013 12:25 PM

චන්ද්‍ර කියනදේමයි මටත් කියන්න තියෙන්න. මේක නම් විහිළුවක්. මං අහලා තියෙන්නේ නම් "පොදු ස්ථානයක" සුදු ක්‍රීඩාව තහනම් බවයි. 'පොදු ස්ථානයක්' කියන්නේ 'මහජනයාට ඇතුළුවිය හැකි' තැනකට. තමන්ගේ ගෙදර කියන්නේ "පොදු ස්ථානයක්" නෙමෙයි. මේකට නීතිඥයෙක් කතාකළේ නැද්ද දන්නේ නැහැ. (නි)

:       0       0

ගජමන් Monday, 14 October 2013 12:28 PM

ලැජ්ජයි ! මෙච්චර දූෂණ, හොර මැරකම් වෙන රටේ වෙන වැඩ නැතුවාටද? (නි)

:       0       0

රුවන් Monday, 14 October 2013 12:35 PM

මේ දේ මට වුණා නම් මම පොලිසියට විරුද්ධව නඩු දානවා.1 .අනවසරයෙන් නිවසට ඇතුළුවීම 2.වරෙන්තුවක්,උසාවි නියෝගයක් නොමැතිව අත්අඩංගුවට ගැනීම 3.සුලු මුදලක් නඩු භාණ්ඩයක් කිරීම 4.තමන්ට සිදුවූ අවමානය,ලැජ්ජා... පොලිසියට බැහැ උසාවි නියෝගයක් නොමැතිව නිවසකට ඇතුළු වීමට (නි)

:       0       0

වලල්ලාවිට Monday, 14 October 2013 01:25 PM

අපේ පොලිසිය ඉතින් ලෝකයේ තිබෙන හොඳම පොලිසි වලින් තුන්වෙනි තැනනේ! (නි)

:       0       0

ඇන්ටන් Monday, 14 October 2013 06:48 PM

මේ විදියට පවුලේ සහෝදරන් එකතු වුණාම අරක්කු ටිකක් බොන්නත් බැරුව යයිනේ. ඒකටත් නඩු දාලා උසාවි ගෙනියන්න පුළුවන් (නි)

:       0       0

කුසුම් Monday, 14 October 2013 02:23 PM

මෙතන ගැටලුවකට තියෙන්නේ, මුදල් ඔට්ටුවට ඔය කාඩ් ක්‍රීඩාව කිරීමම නොවේ, ඔය වැටලීමට හා දඬුවම් දීමට සම්බන්ධ අයට හිමි විශේෂ ගෞරව නාමය මෙම ක්‍රීඩාවට යොදාගෙන තිබීමයි. (ස)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Monday, 14 October 2013 02:30 PM

පුංචි පවුල රත්තරන්.... (ස)

:       0       0

මනෝජ් සාජා Monday, 14 October 2013 08:15 PM

පොලිසියටත් ඔන් නැති දෙයක් නැනේ.(නදී)

:       0       0

චන්දි Monday, 14 October 2013 03:31 PM

අපිත් ලංකාවට ගියාම ගෙදර අය සමග එකතු වෙලා 31 අදිනවා ,ඕමි බලනවා, විනෝද වෙනවා. (නි)

:       0       0

ලාරා Monday, 14 October 2013 11:27 AM

අපේ අර මහත්තයාගෙ දරුවො වෙන්න ඇති. (නි)

:       0       0

චන්ද්‍ර Monday, 14 October 2013 11:42 AM

මේක හරි වැඩක්නේ. අපි මොන තරම් සල්ලි ඔට්ටු තියනවද සහෝදර සහෝදරියෝ එකතුවෙලා ගෙවල් වලදී.කෝ මේ අයිතිවාසිකම් සුරකින ආයතන. බූරුවා ගසනවා කියන්නේ කොළයක් ඉල්ලන එකනේ.අපි සල්ලි ඇතුවත් නැතුවත් ඕක ගෙවල් වල කරනවා. (නි)

:       0       0

සුනෙත් Monday, 14 October 2013 11:42 AM

කැසිනෝ ගැහුවට කමක් නැහැ, හැබැයි බුරුවා ගහලා නම් අහුවෙන්න එපා (නි)

:       0       0

චන්දි Monday, 14 October 2013 11:52 AM

අම්මෝ!! මෙච්චර ගානක් දඩ ගැහුවේ ඇයි..? මේ කට්ටියට මේ ගණන ගෙවන්න පුළුවන් වෙයිද...? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 2662 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 2340 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 2920 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5844 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1967 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 6648 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18596 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 91 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 281 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site