වැට් බද්දෙන් නිදහස් කෙරෙන අත්‍යවශ්‍ය භාණ්ඩ ගැසට් නිවේදනය අද (14) නිකුත් කිරීමට සියල්ලල සූදානම් යැයි කර්මාන්ත හා වාණිජ ඇමැති රිෂාඩ් බදියුද්දීන් කියයි.
මේ අනුව සීනි කිලෝව රුපියල් 95ක් වේ. තිරිඟු පිටි රුපියල් 87, රතු පරිප්පු රුපියල් 169, හාල්මැස්සන් (තායිලන්ත) රුපියල් 495, හාල්මැස්සන් (ඩුබායි) රුපියල් 410, රට හාල්මැස්සන් රුපියල් 260, මුං ඇට රුපියල් 220, හම සහිත කුකුළු මස් කිලෝව රුපියල් 410, හම රහිත කුකුළු මස් රුපියල් රුපියල් 495, අර්තාපල් (රට) රුපියල් 120, ලොකු ලූනු රුපියල් 70, වියළි මිරිස් රුපියල් 395. ග්‍රීන් පීස් රුපියල් 260, ටින් මාළු ග්‍රෑම් 400 රුපියල් 140, ග්‍රෑම් 150 රුපියල් 70, යොදය සහිත කිරිපිටි (ආනයනය කළ) කිලෝව රුපියල් 810, කිරි පිටි (දේශීය) රුපියල් 735, කට්ට කරවල රුපියල් 1100, සාලයා කරවල රුපියල් 425, උම්බලකඩ රුපියල් 1500, සස්ටජන් රුපියල් 1500
ගැසට් නිවේදනයට අනුව මෙම ද්‍රව්‍ය පාලන මිලට වඩා වැඩියෙන් විකිණීම සපුරා තහනම්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බඩු ගන්න ගියාම මිනිස්සු පාලන මිල බල බලා ඉන්නේ නැහැ බඩු ටික අරගෙන ගණන කීයද කියලා මුදල ගෙවනවා මිසක්. මිනිසුන්ට සහන සළස්වන්න ක්‍රම ඕනෑතරම් තියනවා ඔය පාලන මිලට වැඩිය. කොහොමටත් බඩු ගන්න ගියාම කඩේ මුදලාලිගේ ගණන් බලන්න වෙනවාමයි (නි)
ඇත්තම කිව්වොත් ඒ කාලේ මීට වඩා හොදට කාල බීල හිටිය විතරක් නෙවෙයි, රටේ සීග්‍ර සංවර්ධනය ගැන හිතේ සතුටිනුත් හිටියා (ම)
හැමදේම මිල 15% කින් වැඩිකරලා බඩු ටිකක මිල අඩු කළාම හරිද? එතෙකොට අපි මේවා විතරද කන්න ඕනෑ? (නි)
සුසන්ත, ඒ කාලේ කිව්වේ සිංහල රජ කාලේද? (නි)
හොඳම දේ කිව්වෙ නුවරඑළියේ වසන්ත (නි)
දැනුත් කුකුළු මස් හම රහිත කිලෝ එකක් 400 ට 420 ට ගන්න පුළුවන්නේ (නි)
මේ රටේ මිනිස්සු බත් කන්නෙ නැද්ද? (නි)
අනේ මන්දා! මට නම් මේ මිල ගණන් වල පොඩි අවුලක් වගේ පේනවා. සමහර බඩුවල පවතින මිලත් එක්ක සසඳා බලනවිට (නි)
සස්ටජන් අතවශ්‍ය භාණ්ඩයක්ද? අනික කොහොමටත් මේක රු.1300.00 ට අඩුකරලානේ වෙළෙන්දෝ දුන්නේ. දැන් රු. 1500.00 ක් වුණාම හරිද? (නි)
මොකක්ද මේ විහිළුව? සමහර බඩු දැන් තියනවටත් වැඩිය වැඩියි. මිනිස්සු ගොනාට අන්දන එක නවත්වන්නේම නැහැ නේද ? (නි)
මේක සහන මිලක් නෙමෙයි පාලන මිලක්. කොහොමත් පාලන මිලට කඩේ බඩු නැහැ. අපි ඒ ගානට ඉල්ලුවම ගිහිල්ලා ආණ්ඩුවෙන් ඉල්ලා ගන්න කියනවා. (නි)
හෙට උදේට තොග සහ සිල්ලර වෙළෙන්දන් පාරවල් වහලා උද්ඝෝෂණය කරයිද දන්නේ නැහැ මේ ගානට බඩු විකුණන්න බැහැ කියලා. ඒකාබද්ධ කට්ටියත් සහයෝගයට එයිනේ (නි)
මේවා අතීසාරයට අමුඩ ගහනවා වගේ වැඩ. කලිනුත් සමහර භාණ්ඩ වලට මිල පාලනයක් කියලා එකක් තිබුනා. පහුවෙනකොට ඒවා කැලේ. අනික රනිල්ගේ ලිබරල්වාදී ක්‍රමයට මිල පාලනය ගැළපෙන්නේ නැහැ. (නි)
මේ තරම් පාරිභෝගිකයා මෝඩයෝ කියලා හිතලද පාලන මිලක් නියම කළේ? සීනි සදහා දැනට අයකරන රුපියල් 30 බද්ද ඉවත් කළොත් පමණයි මිල අඩු කළහැක්කේ. පරිප්පු සහ හාල්මැස්සෝ වර්ග කීපයක් තිබෙනවා. මිල පාලනය නිසා මිලෙන් අඩු බාල වර්ග පමණක් අළෙවි කරයි. (නි)
ගැසට් එකේ නම් තියෙයි. කඩේ තමයි නැත්තේ (නි)
මිනිස්සු ශරීර සෞඛ්‍යයට අහිතකර කෑම කන්නේ මෙන්න මේ මිල පාලනය නිසා තමයි. ඊටපස්සේ මේ වගේ දෙතුන් ගුණයක් බේත් වලට වියදම් කරනවා. ව්‍යාපාරිකයෝ අඩුවට පෝර ගිල්ලනවා. මිනිසුන්ට ඊටපස්සේ ලෝකේ නැති ලෙඩ (නි)
සුසන්තලා ඒ කාලේ එහෙම කාපු හින්දා තමයි මේ කාලේ අපිට මෙහෙම වුණේ. ඒ කාපු පෙරේතකම තාම ඇරිලා නැහැ වගෙයි. (නි)
සුසන්ත, එහෙනම් ඔයත් අරගොල්ලෝ වගේ හොරෙන් කන්න ඇති. අපිට නම් ඒ කාලෙට වැඩිය මේ කාලේ හොඳයි (නි)
ජෙරමි, සුසන්ත කියලා තියෙන්නේ රටේ බහුතර ජනතාවට දැනෙන විදිහ මිසක් ඔහෙලා වගේ ඡන්දෙ දීලා ලැජ්ජාව වහගන්න විකාර කියවිල්ලක් නෙමෙයි! (නි)
දැන් තියෙන මිලට වඩා පාලන මිලේ වැඩිවීමක් තියෙන නිසා වෙළෙන්දෝ පාලන මිලට බඩු ටික විකුණයි. මේ පක්ෂ දෙකම කළේ, කරන්නෙත් සාමාන්‍ය ජනතාව රැවටීම පමණි. (නි)
මේ කාලේ හොඳයි කියලා කාලෙකින් මාත් ඇහුවේ ජෙරමි. (නි)
මෙවැනි පාලන මිලක් වෙන කිසිම ආණ්ඩුවක දමා නැත. එයට හේතුව පවතින මිලට වඩා අඩුවෙන් මිල දැමීම සාමාන්‍ය වුවත් සමහර භාණ්ඩ පවතින මිලට වඩා වැඩි මිලක් යොදා ඇත (නි)
මෙතන තියෙන සමහර ඒවා මේ මිලට වඩා දැනට කඩේ අඩුයි මෙකෙන් ඒවයෙ මිල ටිකක් වැඩිවෙලා. (ර)
පළමුව රටේ ජීවත්වෙන ලොකු පොඩි සැමටම එක සේ ක්‍රියාත්මක වෙන නීතියක් හදන්න. ඉන්පස්සේ ඔය කියන සහන දෙන්න. (නි)
ඡන්දයක්වත් තියන්නද මේ සූදානම් වෙන්නේ (නි)
කී දවසකටද දන්නේ නැහැ, ඔය ගානට වැඩිය විකුණුවොත් මොකද කරන්නේ? (නි)
මේ බඩු ලංකාවේ කොහෙන් ගත්තත් මිල එකක් වේවිද? මේවා බොරු වැඩ (නි)
මේක සහනයක් නෙමෙයි. අසහනයක්. (නි)
ඔය යහපාලනේ කපටි වැඩ. ඡන්දයක් තියන්නද සුදානම? (නි)
මෙයාලා මේ නටන නාඩගම මොකක්ද? ඕනෑ ගොනෙකුට යුද්ධ කළ හැකියි වගේ මේකත් සීනි බෝලයක්ද? (නි)
මහින්දගේ කාලේ තමයි බඩු අඩුකරලා ඡන්ද තිබ්බේ. සමහරු දාන අදහස් දැක්කහම පෙනෙන්නේ ඔවුන් තවම ඉන්නේ රාජපක්ෂ පාලනය කාලේ කියලා. (නි)
අපි මෙතෙක් කල් සම සහිත කුකුල් මස් කිලෝ එක ගත්තේ රු.380 ට. දැන් පාලන මිලෙන් කිලෝ එක රු. 410 ට තමයි ගන්න වෙන්නේ. (ම)
පැහැදිලි නියාමනයක් හා ඒ සඳහා ක්‍රියාකාරී යාන්ත්‍රණයක් නැතුව පාලන මිල පනවන එක විහිළුවක් වගේම රැවටීමක්. (ම)
අයියෝ ඇයි මේ සහන මිළ කියලා කුකුල් මස් මිල ඉහල දැම්මේ.දැනට අපි ගන්නේ 365 ට. (බ)
දැන් මේ ගානට වැඩිය විකුණනවා නම් අපි මොකද කරන්න ඕනෑ? නොගෙන බඩගින්නේ ඉන්න එකද? (නි)
දින 100දිත් අපි ගැසට්කළ මුදලින් කෑවා බිව්වා සිහිනයෙන් (නි)
හාල්මැස්සන් (ඩුබායි) රුපියල් 410. මෙහෙ කිලෝ එකක් වෙන්නේ දිරාම් 7 යි. ඒ කියන්නේ රුපියල් 275 යි. වැඩියෙන් ගෙවන රුපියල්135 මොනවද? (නි)
රටේම සියලුම කඩවලට එකම මිලක් දෙන්න බැරිනම් මොකටද? (නි)
මේ කොච්චර කිවුවත් මේ ගාණට වෙළඳපොළේ ගන්න බැහැ (නි)
අනේ අපොයි මේවායේ ගණන් ?? මම පොඩි කාලේ කඩේ (සමුපකාරේ ) ගිහින් සත හැත්තෑ දෙකට සීනි රාත්තලකුත් සත විසි අටකට මයිසුර් පරිප්පු හුන්ඩුවකුත් ගෙනාපු හැටි හොඳට මතකයි (ම)
අපේ අයට නිකන් දුන්නත් සන්තෝෂ කරන්න බැහැ (නි)
මේ බඩුවල පාලන මිල දැන් තියෙන ගානට වැඩිනේ (හේ)
උම්බලකඩ සහ ග්‍රීන් පීස් අත්‍යවශය ආහාරයක් කියලා මම අද දන්නේ (හේ)
කිරිපිටි, ටින් මාලු වගේ දේවල් වලට මිල නියම කලත් මෙහි වැඩියෙන්ම සදහන් වන කරවල වල මිල පාලනයක් කල හැකිද? එකම වර්ගයේ කරවල වුනත් ඒවායේ සොබාවය අනුව මිල වෙනස් වෙනවා. (හේ)
මහ බැංකු බැඳුම්කර වංචාව හැර විශාල විවේචනයක් මේ රජයට නැහැ. මීට කාලෙකට ඉහත පාරිභෝගික භාණ්ඩ රාශියක මිල පහත දැමු බව ගොඩක් අයට අමතක වෙලානේ. අපේ රටේ වෙළෙන්දෝ හරිම කපටියි. රජයෙන් භාණ්ඩ මිල අඩු කළොත් ඒ අය මිල අඩු කරන්නේ නැහැ. මිල වැඩි කළොත් රජය වැඩිකළාට වඩා දෙතුන් ගුණයකින් වැඩිකරනවා. ඒ නිසා භාණ්ඩ කීපයකට හෝ රජය විසින් පාලන මිලක් නියම කිරීම කාලෝචිත ක්‍රියාවක්. (නි)