ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ දෙබඩි ස්ථාවරයක් නැති බවත් , එක්සත් ජාතීන් ගේ සංවිධානය තම සෑම සාමාජිකයෙකු වෙනුවෙන්ම පොදු ප‍්‍රතිපත්තියක සිට කටයුතු කිරීම බැඳී සිටින බවත් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කී මූන් අද (02) කොළඹදී පැවසීය.
දශක කිහිපයක් පුරා ලංකාවේ පැවති ගැටලූ විසඳීම වත්මන් රජය හැකි උපරිමයෙන් කටයුතු කරන ආකරය තමන් අගය කරන බවද රටේ වගවීම හා සංහිඳියාව වර්ධනය කරගැනීමේ රජයේ කටයුත්තට එක්සත් ජාතීන්ගේ සංවිධානය නිරන්තරයෙන් අවශ්‍ය සහයෝගය ලබා දෙන බවද මූන් මහතා කීවේය.
ශ්‍රී ලංකාවේ සංහිඳියා යාන්ත‍්‍රණය සඳහා විදේශීය විනසුරුවරුන්ගේ සහාය ලබා දීම සම්බන්ධයෙන් නැඟූ ප‍්‍රශ්නයට පිළිතුරු දීමෙන් මහ ලේකම්වරයා වැළකී සිටියේය.
එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා මේ බව කියා සිටියේ සිය දෙදින නිල සංචාරය අවසන් කරමින් අද (02) කොළඹ ගාලූමුවදොර හෝටලයේ පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගී වෙමිනි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බමුණුසිංහ, ඔබ හරි. සංහිඳියාව තුළ සිංහලයා වැනසීම ඉතාමත් ඉහළින් කෙරෙනවා. එදා සොළීන්ටත්, ද්‍රවිඩ ආක්‍රමණිකයාට අවුරුදු තිස් ගණනක් තිස්සේත්, යුරෝපිය ආක්‍රමණිකයන්ට අවුරුදු සිය ගණනක් තිස්සේත් කරගත නොහැකිවූ දෙය අද ඉතාමත් හොඳින් කෙරෙනවා. දැන් සතුටු ඇති. අද සිදුවෙන දෙයට ආවඩන්නවුන්ගේ ලෙයින් මසින් අනාගතයේදී ඉපදෙන සිංහලයන් අද සිංහලයා වනසන අයට ශාප කරාවි. (නි)
මුන්ට බැනල වැඩක් නැ, මුන් තවත් අතකොළුවක් විතරයි බටහිර රටවල් වලට ඕනේ විදියට නැටවෙන. අපේ ජනතාව දැනගන්න ඕනේ රටට හිතවත් රට ගැන කැක්කුමක් තියෙන නායකයෝ පත්කරගන්න. (බ)
සංහිඳියාවයි, වගවීමයි මහා ආණ්ඩුවට වගේම අයිතිය ඉල්ලන පාර්ශවයටත් තියෙන්න ඕන නේද. දෙපැත්තම සියලු ජාතීන්ගේ අයිතියට ගරු කරන්න ඕන. රජය කෝවිල් ඉවත් කරන්න කතා නොකරන වෙලාවේ, අනිත් පාර්ශවය බුදු පිළිම සහ පන්සල් ඉවත් කරන්න කතා කරන එක හරිද. මූන් ට තියෙන්නේ අපාක්ෂික මනසක් නොවේ. ප්‍රශ්නය තවත් වැඩි කිරීමේ වුවමනාවක් කියල තමයි වැටහෙන්නේ. (බ)
සංහිඳියාවයි, වගවීමයි වගේම සිංහලයා වඳවීමත් වෙනවා. පාලකයන්ට පෙනෙන්නේ නැහැ මේවා.... (නි)
මිස්ටර් මූන්! දැන් ඔබට සතුටුද?\nඔබලා මුළු ලෝකය පුරාම කරන විකාර නිසා පුංචි රටවලට දන නොනමා ජීවත් වෙන්න බැරිද? (රේ)
නියමෙට වෙනවා මහත්තයෝ, දැනට බුදු පිළිම දෙකයි කඩලා තියෙන්නේ. .(රේ)
රට පුරා මල මිනි මේවා පෙනෙන් නැද්ද මෙයාලට.(රේ)
නිමල් ලලිත මෙතන ලියන කී දෙනාටද ඕක තේරෙන්නේ.කී දෙනාද ඔය ගැන හිතන්නේ?(රේ)
ලලිත, ඔබ හරි.(රේ)
ඔව්, ඔව්, යුද්ධයෙන්වත් බිම දාන්න බැරිවුණු අපේ රටට වෙන්න යන දේ, අපිට හොඳින් පේනවා! කමක් නෑ ලක්ෂ 62 ගේ බලපොරෝත්තුවනේ! (රේ)
ආපොයි ඔව් එහ ටික දැන් හොඳට කෙරෙනවා. ඇයි රජය ඇල් වතුරත් නිවලනේ බොන්නේ(රේ)
අනේ නිමල් ලලිත තවත් මොනවද සිංහලයන්ගේ වැනසෙන්න තියන්නේ ?(රේ)
නිමල් ලලිත ඔබ නිවැරදිය (රේ)
ඇයි මෙතුමාගෙන් උත්තර දෙන්න බැරි ප්‍රශ්න ඇහුවේ. ඒක හරි නැහැනෙ අනේ. (නි)
චමීර, ඒ මොකද? තෙවැනි විනිසුරු උඩ ඉන්නවා. දෙන තීන්දුව ලැබෙන්නේ රටටම බව අමතක කරන්න බැහැ (නි)
ඉතින් අපිට අපේ ප්‍රශ්න විසඳන්න එයාලගේ සහය මොකටද? (නි)
පවතින රජයට ඔස්ට්‍රේලියාව හැර අනෙකුත් සියලුම රටවල් ජයගන්න හැකිවුණා. සුභ පැතුම්! (නි)
ඔව් ඔව්, සිංහල අපිට එ්ක හොඳට පෙනෙනවා. (නි)
මෙයත් ප්‍රශ්න වලින් හොඳට ලිස්සලා යන්න දන්නවා වගේ, මේ ආණ්ඩුවයි මෙතුමායි හරියට "ජාඩියට මූඩිය වගේ" කියලා අපිට හිතෙනවා (නි)
එක අතකට මෙතුමාගේ කතා වල සාධාරණයක් තිබෙනවා (නි)
හොඳටම ඇති ඔය. දැන් හනික ගෙදර යන්න (නි)
අනේ! ඔය කතා ඇති මහත්තයෝ (නි)
අනේ එයාලගේ ප්‍රශංසා අපිට මෙකටද? (නි)
අනේ මොකටද අපිට තවත් කතා? (නි)
පිළිතුරුදීමෙන් වැළකීමේ අදහස මොනවට පැහැදිලියි. (නි)
මහලේකම්වරයා මෙහෙම කියන්නේ අහලද? දැකලද? (නි)