වැද්දාගල කුඩව ප‍්‍රදේශයේ වැද්දාගල ගඟේ ශ‍්‍රී ලංකාවේ ආරක්‍ෂිත මත්ස්‍යයන් මැරීමේ වරද පිළිගත් විදේශීකයකුට රත්නපුර අතිරේක මහේස්ත‍්‍රාත් චන්දන කලන්සූරිය මහතා විසින් රුපියල් ලක්‍ෂයක දඩ නියම කළේය.
මත්ස්‍යයන් මැරීම සඳහා යොදාගත් රුපියල් පහලොස් දහසක් වටිනා මසුන් මැරීම සඳහා යොදාගත් උපකරණ තොගය රාජ සන්තක කිරීමටද නියම කරන ලදි.
ඕස්ටේ‍්‍රලියා ජාතියකුවූ සැනගෝර් ඬේඩිඞ්ට මේ දඩය නියම විය.
නම් ඔස්ටේ‍්‍රලියාවේ ඉලරි ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකුටය” රාජසන්තක කළ උපකරණ අතර ගොඩබිමේ හා මුහුදේ භාවිතාකළ හැකි (ඊතල - ඉත්තෑකූරු ) දුනු හී වැනි විදුම් උපකරණයක්ද බිලීකොකු වර්ග තුන්සීයක් සහ මාළුන් මුලා කරන ඇම සහිත උපකරණ දෙසිය තිස් තුනක්ද විය”
සිංහරාජ වනජීවි කාර්යාලයේ වනජීවිනියාමකවරුන් වන ආර්” වික‍්‍රමආරච්චි එම්” ඩබ්ලිව් නිහාල් වික‍්‍රමසිංහ බි.කේ.එරංග විෂාක සහ වන ජීවි නියාමක සහකාර ජී.ජී.ඉන්දික ප‍්‍රසාද් යන මහත්වරු පැමිණිල්ල ඉදිරිපත් කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චිතකගේ අදහස සමග මාත් එකගයි (දී)
සෙනෙවිරත්න , ඕස්ට්‍රේලියාවේ මේ වගේ දේවල් සිද්ධ වෙන්නේ නැහැ.හේතුව විනෝදෙට මාළු අල්ලන්න සුළු මුදලක් ගෙවා බලපත්‍රයක් ගතයුතු වෙනවා.මාළු අල්ලන්න තහනම් තැන්වල ඒ බව පැහැදිලිව දැන්වීම් ප්‍රදර්ශනය කරනවා.මසුන් බිත්තර දාන කාලසීමාව වරකට ඇල්ලිය හැකි මසුන් ගණන පමණක් නොවේ ඇල්ලිය හැකි මසුන්ගේ වර්ගය , දිග , බර පවා ප්‍රදර්ශනය කරනවා.වැරදි වර්ගයක හෝ ප්‍රමාණයක මාලුන්ව ආපසු දානවා. ලංකාවේ දැන්වීම් ප්‍රදර්ශනය කර සංචාරකයන් දැනුවත් කළ යුතු වෙනවා (නි)
සුද්දන්ට ඕනෑ ඕනෑ විදියට නටන්න දෙන්න අපේ රටේ බැහැ.ඔය සංචාරක හෝටල් වලින් කාරුණිකව ඒ අයව දැනුවත් කෙරන්න ඕනෑ. හුගාක් සුද්දෝ නීතියට ගරු කරනවා. අපිත් ඔවුන්ට වඩා හොද වෙන්න ඕනෑ. නැත්නම් ඒ මිනිස්සු අපිට හිනා වෙනවා. (නි)
මම නම් දන්නා විදියට හුගක් රටවල් වල මාලු අල්ලන බලපත්‍රයක් ගන්න ඕනෑ අවුරුදු පතා, ලංකාවෙත් ඒ ක්‍රමයට බලපත්‍රයක් දෙන්න බැහැනේ. එහෙම වුනා නම් සංචරයකයෝ දන්නවා මාලු අල්ලන්න ඕනෑ තැන සහ අල්ලන්න බැරි තැන. (නි)
මේවට හරියට නීතියට අනුව කටයුතු කළ යුතුයි. සංචාරකයන් දැනුවත් කළ යුතුයි. විශේෂයෙන් සිංහරාජ වගේ තැන් වල මේ වගේ දේවල් සම්පුර්ණ යෙන් තහනම් කළයුතුයි. (නි)
මහගෙදර, ඕස්ට්‍රේරලියාවට කිරි හෝ චොකලට් අරගෙන ආව පලියට දඩ ගහන්නේ නැහැ. ඒවා කස්ටම් එකට ප්‍රකාශ නොකර හොරෙන් ගෙනවිත් අහු වුණොත් දඩ ගහනවා. රටට ඇතුල්වීම් පත්‍රිකාවේ ඒ බව පැහැදිලිව දක්වා තිබියදී ඒවා ගණන් නොගෙන නීතිය කැඩුවම දඩ ගහන එක වරදක් නොවේ. (නි)
මාගලි,මම දන්නේ නැහැ ඔබ මොන රටේද ජීවත් වන්නේ කියලා. මීට වඩා ආදායම් ලබන අය ඕස්ට්‍රේලියාවේ ඕනෑතරම් ඉන්නවා. ජීනා රයින්හර්ට් ගේ ආදායම පැය බාගෙට ඩොලර් මිලියන 1.5 යි . ඕනෑනම් 125 න් වැඩිකරලා රුපියල් වලට හරවා ගන්න. (නි)
සෑම්, ඔයා හරිවෙන්න පුළුවන් . නමුත් ලංකාවෙත් මාළු බාපු පලියටම දඩ ගහන්නේ නැහැ. ලෝකෙම දන්නවා සිංහරාජේ කියන්නේ යුනෙස්කෝ එකේ සහයෝගයෙන් නඩත්තු කරන ලෝක උරුමයක් කියල.
මාගලී , ඔබ නොදන්නවා උනාට ඕස්ට්‍රේලියාවේ ජීවත් වන රැකියා කරන අයගෙන් 95% හෝ ඊටත් වැඩි ප්‍රමාණයක් සතියකට රු ලක්ෂයක් එනම් ඔස්. ඩොලර් 800 කට වඩා පඩි ගන්නවා. දින 4 කට රු, 100000 කියන්නේ පහල අදායමක් ඇති කෙනෙකුටත් ලැබෙන මුදලක්. (නදී)
එතකොට රක්ෂිත සිංහරාජ අඩවිය ඇතුලේ ලොජ් එකක සුද්දන්ට නවාතැන් දෙන ගමේ පුද්ගලයෙක් කැලේ ඉන්න සත්තු මරල සුද්දන්ට කන්න දෙන කොට ඒක මේ නියාමක වරු දන්නේ නැතුව ඇති. දන්නවා නම් දඬු කඳේ ගසාවි .ඔව්!(නදී)
ඕස්ට්‍රේලියාවේ සමහර ප්‍රාන්තවල මුහුදෙහි හෝ රට ඇතුලත ඇති ගංගාවක මාළු ඇල්ලීම පිණිස අවසර පතක් ගත යුතුය. (නි)
අපේ රටේ අය 100ක් නිවැරදියි, විදේශිකයන් කරන වැඩ 100ක් වැරදියි කියල මෙතන කොමෙන්ටු පළකරපු ගොඩක් හිතනවා ඇති, ඔය කියන සින්හරාජයේම තියන දොළවල්වල අපේ අය ඩයිනමයිට් දමලා මාළු අල්ලනවා, සමහරු ඉස්සන් අල්ලන්න හරකුන්ගේ ඇගේ කිනිතුල්ලන් මරණ බෙහෙතක් දමනවා වතුරට ඒවා වතුරට දාපුගමන් කූනිස්සගේ සිට ලොකු ඉස්සා දක්වා මැරෙනවා, සමහරු වලවල් ඉහලා හැම මාලුවාවම අල්ලාගෙන කනවා, සිංහරාජයේ තියන වල්ල පට්ට ගස්ටික නිකරුනේ කපාගෙන යනවා, එත් එයාල හුගදෙනෙක් දන්නේ නැහැ එහෙම කැපුවාට ආර්ථික වටිනාකමක් ඒ ගස්වලින් ලැබෙනවා කියලා, ඌරන් ගෝනුන් මරන්න හක්කපටස් දමනවා වෙඩි බඳිනවා, උගුල් අටවනවා විදුලිය දමනවා, ගස්කපනවා ලෝකයේ හැම රටකම නීති එක සමාන නැහැ, ඒ ගැන ඔවුන්ව ගුවන් තොටුපලේදී මෙන්ම සංචාරක මගපෙන්වන්නන් හරහා දැනුවත් කලයුතුයි ලංකාදීපයෙන් මම දැක්කා දුර්ලබ දිවියකු උගුලට අහුවෙලා මැරුනහම ඒ සතාගේ හක්ක කපාගෙන ගිය පුවතක්, සිංහ රාජයේ හිටපු අලි 3න් දෙනාගෙන් එකකු අතුරුදහන්ලු. මට මතක් උනා ගීතයක කොටසක්.. (මේ රටේ මිනිස්සු තනිකර .....)(නදී)
අපරාදේ ,එයාට රුපියල් දාහකින් ඕක ගොඩින් බේරගන්න තිබුන. (දී)
උසාවීත් ගිහින් අම්පන්නත් රාජසන්තක කරගෙන ,රුපියල් ලක්ෂයක දඩයකුත් ගෙවලා.....! " වරද මාලුවෙක් මැරීම ". බලන් හිටහල්ලා විදේශිකයෝ එයි .අල්ලපියකෝ මෙහෙ ඇවිත් නිල් චිත්‍රපට හදන එඋන්ව . (දී)
මෙතන වැරැද්ද කරලා තිඑන්නේ මාළුවා. ඒ නිසා සුද්ද නිදහස්කර මාළුවට දඩ ගසමු (නදී)
සිංහරාජ කැලේ සත්තු මරල සුද්දන්ට දඩ මස් කන්න දුන්නට කමක් නැද්ද? සංචාරක ව්‍යාපාරය දියුණු වෙනවනම් කමක් නැතුව ඇති මයේ හිතේ? (දී)
සුද්ද ගන් ඉවුරේ ,මග පෙන්වූ නියාමක ගහ උඩ (දී ) .
මහගෙදර , මේක සිංහරාජ අඩවිය කියල කිව්වට රක්ෂිතය ඇතුලත නොවේ. වැද්දාගල ගඟේ වෙච්ච දෙයක්. අහුවෙච්ච මාළුවා ආරක්‍ෂිත එකෙක් මිසක් අල්ලපු ස්ථානය රක්ෂිතය ඇතුලේ නොවේ. (දී)
ලෝක උරුමය කියන්නේ නමින් විතරයි. මේකත් අර නුරි වත්ත වගේ. අයිති ඇමෙරිකානු සමාගමකට උනාට අවුරුදු 15 ක් වෙලා තිබුන දේ කවුරුවත් දන්නේ නැහැ. ලෝක උරුමයත් ඒ වගේ තමයි. නීතිය ක්‍රියාත්මක නොවෙන පුද්ගලයින් කොටසක් ලෝක උරුමයේ එල්ලීගෙන ඒකම කාගෙන ඉන්නවා.මාලුවෙක් මැරුවොත්, ගැමියෙක් කෝටුවක් කැපුවොත් නීතිය හරි තදයි. අල්ලලා කුදලලා.දඬු කඳේ ගහල මහා උළු ගෙදරත් යවල තමයි පස්ස බලන්නේ.(නදී)
එහෙනම් මුහුදේ ඉන්න ඔක්කොම මාළු අල්ලන්නේ
කින් බෙනට් බිලි කොක්කකට ඇමිණිලා මොලේ කචල් වෙලාද? සජී ඔය දන්නේ නැති උනාට ඔය එන හැම සංචාරයකයෙක්ම ඕව ගැන දැනුවත් කරනවා (දී)
තව ඉදිරියට ලංකාවේ බිලිබාන්නත් ලයිසන් ගන්න වෙයි වගේ.අයියෝ රටකට යන්න යන කලක් .. (නි)
ඇත්තටම ඔය රාජසන්තක කරන උපකරණ වලට මොනවාද කරන්නේ? (නි)
2016දි මිලියන ගණනක් ගෙනෙන්නයි සංචාරක මණ්ඩලයේ සැලසුම. එහෙත් මේ වගේ දඩ ගහනකොට මොන සුද්දද ලංකාවට එන්නේ?ලංකාවේ සංචාරය කරන්න එන හැම පුද්ගලයකුවම ගුවන් තොටුපලේදීම අත්පත්‍රිකා දී දැනුම්වත් කිරීමට කටයුතු කරනවා නම් හොදයි. ලංකාවේදී කළයුතු දේවල්,නොකළයුතු දේවල් මොනවාද කියලා. විශේෂයෙන්ම ලංකාවෙන් පිටත්වන විට ගෙන යාහැකි දේවල් පිළිබදවත්.. (නි)
සජී, ඔයා දන්නේ නැතුවට සුද්දෝ ඔය දේවල් හොදට දැනගෙන තමයි ලංකාවට එන්නේ (නි)
සුද්දත් බිලී කොක්කට ඇමිනිලා (නි)
බොහෝ සංචාරකයෝ එන රටවල ඔය වගේ දේවල් වලට ඔවුන්ගේ රටවල නීතියෙන් ඉඩ නැහැ. ඒ වුනත් ලංකාවට ඇවිල්ලා ඕනෑ දෙයක් කරන්න පුළුවන් කියලා හිතන්නේ. සංචාරකයෝ එන රටේ නීතියට ගරු කරන්න, ඒවා පිළිපදින්න බැඳිලා ඉන්නවා විසා ලබා ගන්න විටම. සංචාරකයෝ අඩු වෙයි කියලා කරන වැරදි වලට දඬුවම් නොකර ඉන්නවා නම් මේක රටක්ද? අත් පත්‍රිකා දෙන්න ඕනෑ නැහැ. පරිසර නීති ලෝකේ කොහෙත් එකවගේ. (නි)
ලක්ෂය කොහෙත්ම මදි (නි)
බරපතල වැඩ ඇතුව මසතුනක සිරදඩුවමක් දීපු නැති එක ලොකු අඩුවක්. මේ අය හිතාගෙන ඉන්නේ ලංකාව වනචාරීන් ඉන්න රටක් කියලා (නි)
චින්තකේ පෙරේරා ඔයාගේ අදහස හරියටම හරි .(දී)
මිනිහට නම් දඩ මුදල ගානක් නැතුව ඇති. මොකද මිනිහගේ දවස් හතරේ පඩිය. (නි)
සංචාරකයෝ අපට සම්පතක් බව ඇත්ත.නමුත් ඔවුන් අපේ රටේ නීතියට ගරු කල යුතුයි.(අ)
රාජසන්තක කල උපකරණ අරගෙන අපේ ලොකු එක්කෙනෙක් මුර කාරයොත් දාගෙන ඔතනම මාලු ඇල්ලී ම කරනවා අමතිකෙනෙක් හරි මදාවි පුතක් හරි (දී)
අපි මේගොල්ලන්ගේ රටට ගිහින් මේවා කලානම් බලා ගන්න තිබුනා වැඩේ. මොනවා කරන්නද අපි ශ්‍රී ලාංකිකයෝනේ (දී)
ලංකාව තුල මසුන් අැල්ලීම සම්පුර්ණයෙන්ම තහනම් කළ යුතුයි. (නි)
චමින්ද ඕස්ටේ‍්‍රලියාවේ පඩි ගැන හොද අවබෝධයකින් ඉන්නවා වගේ . දවස් හතරට රුපියල් ලක්‍ෂයක් හොයන්න ... නීත්‍යානුකූලව නම් දවස් හතරට රුපියල් ලක්‍ෂයක් හොයන්නත් බැහැ (නි)
අපේ රටේ ඕනෑම දෙයක් කරන්න නම් මුලින්ම ඇමතිකමක් ගන්න ඕනෑ.සුද්දෝ දන්නවා ඕවා. (නි)
සජි, අපේ රටට ඇවිල්ලා ඕස්ට්‍රේලියාකාරයා වැරදි වැඩ කළා නම් අනිවාර්යයෙන්ම දඩ ගහන්න ඕනෑ. ඒක සංචාරක ව්‍යාපාරයට බලපෑමක් නැහැ. අනෙක පිටරට ඉඳලා ඕස්ට්‍රේලියාවට යන අය චොකලට් එකක් හෝ කිරි වලින් හදපු මොනවා හරි කෑමක් අරගෙන ගියොත් ලොකු දඩයක් ගහනවා. ගෙනියන බඩු වල පොඩ්ඩක් හරි පස් හෝ දුවිලි තිබුනොත් දඩ ගහනවා. එහෙම රටේ ඉඳලා ආ කෙනා දැනගන්න ඕනෑ අනෙක් රටවලත් යම්කිසි රීති පද්ධතියක් තියෙනවා කියලා. (නි)
චින්තක පෙරේරා, ඔබේ කීම සම්පුර්ණ ඇත්ත. ලෝකේ සංචාරයක් පටන්ගන්න ඕනෑම සිහි මොලේ ඇති එකෙක් දන්නවා තමන් ඒ යන රටවලදී ඒ රටේ නීති පිළිපදින්න ඕනෑ බව. කින් බෙනට්, සජී වගේ අය හිතනවද සුද්දෝ කිව්වහම මල් වගේ අහිංසක බබ්බු, අපි වැඳ වැටිලා හරි ඒ ගොල්ලන්ව ගෙන්න ගන්න ඕනෑ කියලා? (නි)
මාලුවෙක් මැරුවට රුපියල් ලක්ෂයක් දඩගහන රටේ, අර බ්‍රිතාන්‍ය ජාතිකයෙක් මරලා ඔහුගේ පෙම්වතිය දුෂණය කළ එකාට කියක් දඩ ගැහුවද මතක නැහැ මට (නි)