වසර 12කට පෙර සෞදි අරාබියේ ගෘහ සේවිකාවක් ලෙස පැමිණ වසර 11ක් වැටුප්ද නිවාඩුද නොලද කාන්තාවක්සෞදි අරාබියේ නැගෙනහිර අල් කොබාර් තානාපති ජංගම සේවාවේදී සොයා ගැනිණි. ඇය අනුරාධපුරයේ කතකි.
අලුත් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සඳහා ඇයගේ හාම්පුතා යැයි සැලකෙන සිරියා ජාතිකයකු සහ ඔහුගේ බිරිය සමඟ පැමිණි අතර තානාපති කාර්යාලයයේ කම්කරු නිලධාරී රොෂාන් ගුණවර්ධන මහතා මේ කාන්තාවකගෙන් කරුණු විමසීමේදී හෙළි වුයේ තමා පැමිණ වසර 12 ක් ගත වුවද වැටුප් ලෙස මෙතෙක් ලැබුණේ එක් වසරක වැටුප් පමණක් බවයි.
වසර 12දීම ලංකාවවෙන් ලංකාවට නොගිය ඇය නිතර නිතර පහරදීම්වලට ලක්වෙන බවද කිසිදු දිනක ජංගම දුරකතනයක් පාවිච්චි කිරීමට ඉඩ නොදුන් බවද ඇය කීවාය.තමාට නැවත මෙම පුද්ගලයින් සමඟ එම නිවසට යෑමට නොහැකි බවත් කෙසේ හෝ තමා ශ්‍රීලංකාවට පිටත් කිරීමට කටයුතු යොදන ලෙසත් ඇය නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියාය.මෙම කාන්තාවට හරිහැටි සිංහල භාෂාව පවා කතා කිරීමට නොහැකි බව පෙණිනි.
වහා ක්‍රියාත්මක වු රොෂාන් ගුණවර්ධන මහතා සහ කම්කරු නිලධාරී යසීර්,නෂ්රත් ,යන නිලධාරීන් උපක්‍රමශ්‍රීලිව සිරියා ජාතික හාම්පුතාගේ සියලු තොරතුරු ලිඛිත හා වාචිකව සාක්කි ලබාගෙන සහ නීතිමය තත්ත්වයන් සහ මෙහි බරපතලකම අවබෝධ කර දී වසර 11 වැටුප් වෙනුවෙන් අවම වශයෙන් සෞදි රියාල් අසු දහසක් පමණ ( ශ්‍රී ලංකා රුපියල් ලක්ස විසිහතරක් ) පමණ ගෙවිය යුතු බවයි.නොගෙවන්නේ නම් නිතීමය ක්‍රියාමාර්ගයකින් එම මුදල් ලබා ගැනීමට කටයුතු කරන බව පැවසු අතර හාම්පුතා හදිසියේ නිලධාරීන් හට පැවසුයේ ගමන් බලපත්‍රය ලබාගෙන මුදල් සමඟ ඇය ලංකාවට පිටත් කිරීමට පියවර ගන්නා බවයි.
රොෂාන් ඔහුගේ යෝජනාවට එකඟ වුයේ නැත. කාන්තාව වහාම තානාපති කාර්යාල භාරයට ගෙන රියාද් ප්‍රධාන කාර්යාලය වෙත රැගෙන යාමට කටයුතු කළ අතර හාම්පුතා මුදා හැරියේය.
ශ්‍රී ලංකා කම්කරු නිලධාරීන් සඳහන් කළේ මෙම කාන්තාව පිළිබඳව තොරතුරක් නැති බවයි. ඇගේ පවුලේ ඥාතීන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පැමිණිලි කිහිපයක්ම කර ඇති බවයි. එම අවස්ථාවේදීම එම සටහන්ද හාම්පුතා වෙත පෙන්වන ලදි.
ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව කැබිනට් මණ්ඩලය පළමු වරට අද (30) පස්වරුවේ ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට න
ජනාධිපති ලේකම් කාර්යාලය අසල පරිශ්‍රයේ ගාල් කර තිබෙන රථ වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවා සඳහා ලබා දීමට මේ වන විටත් කටයුතු සකස් කරමින් තිබෙන බවද ජනාධිපති ක
ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් පුළුල් සන්ධානයක් ගොඩනැගීම සඳහා එක්සත් ජාතික පක්ෂය සමඟ සිදුකරනු ලැබූ සාකච්ඡා සාර්ථක නැතැයි සමගි ජන බලවේගය මහලේකම් රංජිත් ම
ටොනාඩෝවකින් හලාවත කරුකුපනේ කොරයාපුර කනිටු විදුහලේ ගොඩනැගිලි රැසක වහලයට හානි සිදුවීමෙන් ලක්ෂ 15 කට අධික හානියක් සිදුව ඇතැයි කියති.
නාසා ගගනගාමීන් වන නික් හේග් සහ ඇලෙක්සැන්ඩර් ගොර්බුනොව් ගගනගාමීන් සමඟ ස්පේස් එක්ස් සමාගමේ ඩ්‍රැගන් කැප්සියුලය ෆැල්කන් 9 රොකට්ටුව ආධාරයෙන් ජාත්‍යන්ත
හැටන් ප්‍රදේශයේ රාජ්‍ය සහ පෞද්ගලික පාසල් වෙත ළමුන් ප්‍රවාහනය කරන බස් රථ සහ වෑන් රථ හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් අද (30) දින හදිසි පරික්ෂාවට ලක්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සිංහලත් අමතක වනතුරු සෞදියේ වහල් වැඩ
විජයබාහු Monday, 09 March 2015 09:04 AM
ඔයාට විකාරද හේවගේ.. අපේ රටේ ඉන්නේ හැමදේම නිකන් ලැබෙන කන් බලන් ඉන්න ජාතියක්. ඉතින් මොන නිෂ්පාදනද. එකටම හරියන දේශපාලනයක් තියනවා ලංකාවේ. එක වෙනස් කරන්න අවොත් ගෙදර යන්න වෙනවා. ඕක පටන්ගන්නේ මහපොළ දීල. පිට රටවල ඔහොම කරන්නේ නැ. ඒ අය වැඩකරලා සල්ලි හොයාගන්නේ. අපේ අයත් පිට රට අවම කතා නැතුව වැඩ කරලා සල්ලි හොයාගන්නවා. ලංකාවේදී තම මහපොලි අර පොලයි මේ පොලයි ඉල්ලලා කැ ගහන්නේ (අ)
සමන් Monday, 09 March 2015 12:25 PM
අපි වහාම ලංකාවේ කතිකාවක් ඇති කල යුතු වනවා, පවුලේ ප්‍රශ්න වලට අම්මල රට යන්නේ නැතුව පියවරු ගියානම් තමා හොඳ. ගැහැණු රට ගිය අයගේ පිරිමි ඇත්තටම පිරිමිද කියලා හිතෙනවා (නදී)
ඒ . හේවගේ - බදුල්ල Monday, 09 March 2015 01:27 AM
අපි ජාතියක් වශයෙන් ලැජ්ජා වියයුතුයි. කිසිම නිෂ්පාදනයක් නැතුව වහල් සේවයෙන් ආර්ථික සංවර්ධනයක් සොයන ජාතියක් අපි. (නි)