IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


“සුළු ජාතින්ට තැනක් නෑ“

ශී‍්‍ර ලංකාවේ වෙසෙන සුළු ජාතික ජනතාවට ජාතික වශයෙන් සුදුසු තැනක් ලැබී නොමැති  බව පැහැදිලිවම පෙනෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සුළුජාතික කටයුතු භාර විශේෂ නියෝජිතවරියක වන රීටා අයිසැක් පවසයි. ශී‍්‍ර ලංකාවේ නිල සංචාරයක නිරත වී සිටින ඇය දෙමළ ජාතික සන්ධානය අතර කොළඹ පිහිටි විපක්‍ෂනායක කාර්යාලයේදී පැවති සාකච්ඡාවකදී මේ බව කීය

හමුදාව උතුරු නැගෙනහිර ප‍්‍රදේශවල වැඩි වශයෙන් රැදීම සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් සිදුකලයුතු බවත් ඇය ප‍්‍රකාශ කර තිබේ

මීට අමතරව ශී‍්‍ර ලංකාවේ වතුකම්කරු ජනතාව මුහුණ පා සිටින ගැටළු සම්බන්ධයෙන් හා යුද්ධයෙන් අවතැන් වූ උතුරු නැගෙනහිර ජනතාවගේ අර්බුද ගැන ලබන මාර්තු මස පැවැත්වෙන 34 වන ජිනීවා මානව හිමිකම් සැසිවාරයේදී වාර්තාවක් ඉදිරිපත් කරන බව ඇය කීවාය.

 



අදහස් (0)

“සුළු ජාතින්ට තැනක් නෑ“

දිමුත් Friday, 21 October 2016 01:52 AM

අනේ ඔය කියන සුලු ජාතිය ඔයොගෙ රටට අරගෙන ගිහින් මහා ජාතිය හරි කරගන්න. අපි විරුද්ධ නැහැ. (නි)

:       0       0

ජනහිත Friday, 21 October 2016 01:55 AM

රීටාට මොනවා වෙලාද? උතුරට ගියාට පස්සේද අපේ රටේ ඉන්න හමුදාව ගැන කතාකරන්නේ? අනෙක් රටවල ඉන්න හමුදාවන් තම රටෙන් බැහැරව ස්ථානගත වෙලා ඉන්න බව දන්නේ නැතුව ඇති. මේවා දකිනකොට අපට ඉවසුම් නැහැ (නි)

:       0       0

ජනහිත Friday, 21 October 2016 02:03 AM

නිව්යෝර්ක් නාමල්, ඇමෙරිකාවේ තියන නිව්යෝර්ක් වලද ඉන්නේ? ඔය කියන බොහෝ රටවල් වල සුළු ජාතීන්ට සළකන හැටි දිනපතා පුවත්පත් වලින් කියවලා බලන්න. (නි)

:       0       0

ඉමේෂ් Friday, 21 October 2016 02:43 AM

මේ කතාව සහතික ඇත්ත. සිංහලයාට තැනක් නැහැ. පන්සල් කඩනවා. බුදු පිළිම කඩනවා. (නි)

:       0       0

සජී Friday, 21 October 2016 03:30 AM

ඔව් නාමල්, ඇමරිකාවේ තියෙන්නේ වර්ණබේදනේ (නි)

:       0       0

පෙරේරා Friday, 21 October 2016 03:37 AM

ඇයි ආණ්ඩුවට පෙන්නන්න බැරි පිටකොටුවේ දෙමළ, මුස්ලිම් අය මහා ජාතියට වැඩිය වැජඹෙන හැටි (නි)

:       0       0

ජයසිරි Thursday, 20 October 2016 01:26 PM

අපේ රටේ සුළු ජාතීන් කියල කොටසක් නැති බව දන්නේ නැද්ද ඔය සුළු ජාතීන් කියන අය තමා මහා ජතියට වින කරන්නේ(අ)

:       0       0

නරාත් දේශප්‍රිය Thursday, 20 October 2016 01:36 PM

ඇමරිකාවට අවශ්‍ය වෙලා තියෙන්නේ ලංකාවත් අර ඉරාකය, ලිබියාව, සිරියාව වගේ අවුලුවන්ට. රටක පන තියන පාලකයෙක් නැති වුණාම රට නන්නත්තාර වෙනවා. (අ)

:       0       0

ප්‍රියන්ත විජේරත්න Thursday, 20 October 2016 01:43 PM

සුළු ජාතීන්ට හා අනෙකුත් ආගම වලට මෙතරම් සැලකිල්ලක් දක්වන කිසියම් රටක් තවත් තිබේද ,මෙම ශ්‍රී ලංකාව හැර (අ)

:       0       0

ඉසුරන්දි Thursday, 20 October 2016 01:50 PM

මේ පිටින් එන එවුන් තමයි විෂබීජ පතුරුවන්නේ.සුළු ජාතින් හා මහා ජාතින් කියලා අපේ රටේ කොහෙද වර්ගකිරීමක් කරලා තියෙන්නේ.ඕවා දේශපාලන වාසිතකා හදාගත්තු විෂයෙන් පරිභාහිර වචනනේ. මෙවැනි උදවියට ඇයි මෙහෙම කතා කිරීමේ බලයක් තියෙන්නේ අපේ රට තුලම.අරාබිකරේ වගේ රටක්නම් මෙලහටත් තොන්ඩුව දාලා ඔය තැනැත්තිට. (අ)

:       0       0

ජයන්ත Thursday, 20 October 2016 01:52 PM

තව කොහේ කොහේ ඇඟිලි ගහල බලාවිද දන්නේ නෑ.(අ)

:       0       0

ලංකා Thursday, 20 October 2016 02:04 PM

අය්යෝ දෙනවා දෙනවා බය වෙන්න එපා. දැන් උතුරේ ඉන්න අපේ අයට තමයි වැඩිපුරම වැඩ කරන්නේ. තවත් කාලයක් ඕන මේවා නිරවුල් කරන්න (අ)

:       0       0

රොකි Thursday, 20 October 2016 02:07 PM

සුළු ජාතීන්ට මහා ජාතියටත් වඩා ඉහල තැනක් ලැබිය යුතුයි කියලද කියන්නේ? (අ)

:       0       0

කුළුආරච්චි Thursday, 20 October 2016 03:07 PM

අපේ රටේ ඉතිහාසය අරන් බැලුවොත් බටහිරට වඩා අපේ රටේ සුලු ජාතීන්ට සලකන රටක් බව ඔප්පු කර පෙන්වන්නට අපට පුලුවන්. විපක්ෂ නායක, අග විනිසුරු කියන්නෙ රටේ වැදගත්ම නිලතල දෙකක් සුලු ජාතින් පත්කර තිබෙනවා.මෙය වසර ගනනාවක තිස්සේ සිදු වෙනවා.ඇමතිවරු නියෝජනය වෙනවා පාර්ලිමේන්තුවෙත් ,පලාත් සභාවලත් ,පාසල් ,කාර්යාලවල නිලධාරීන් ගත්තත්,ඕනැ තරම් උදාහරණ පෙන්වන්න පුලුවන්. අගනගරයේ වැඩි ජනතාව සුලු ජාතීන්,වෙලඳාමෙ ඔවුන්ගේ වැඩි දෙනෙක් ඉන්නෙ ඔවුන්.අපේ අවසන් රජු පවා සුලු ජාතිකයෙක්.මෙයලගෙ රටවල තරම කොතරම් ද කීවොත් කලු ජාතිකයන් පොලීසිය අතර වන ගැටුම් වලින් පේනවා.නෙල්සන් මැන්ඩෙලා වසර 20 පන හිරකර තැබුවා., මාටින් ලුතර් මරා දැමුවා. එංගලන්තෙ කිසිදු කලු ජාතිකයෙක් ඉහල උසාවියට පත්කර නැහැ.කවුරුත් ආසියාතිකයන් සුද්දන් විසින් පකියන්කා ලෙස හැදින්වීම කාලන්තරයක් තිස්සේ සිදුවෙනවා.මෙයගෙ වැඩ ගැන කටවත් කතා කරන්න තහනම්.පුංචි රටවල් වලට කරන කැනැහැලිකම කාලාතරයක් ගිහිල්ලත් එහෙමයි සුලු ජාතින්ගේ ඇඟේ එල්ලිලා ඡන්ද බාගන්න මේ හැමෝම මේ රටවල ඇබිත්තයෝ ,රුකඩ පාලකයො පත්කර ගන්නවා.ණය දීලා ඇමදාලා කට වහනවා.රතු කාපට් පස් දානවා.අපේ ටේ ඉතිහාසයෙත් මේවා වුණා.මුදලි,මුහන්දිරම් කස්තාන පැලැඳුවා.අද ඊට වෙනස්.රටේ නීති වෙනස් කරන්න මුන් ඔනෑම බලු වැඩක් කරනවා.ඈනේ අපේ රට (අ)

:       0       0

සිරි Thursday, 20 October 2016 03:09 PM

මේ අයට විස දීල අපේ රටට එන්න දුන්න එවුන් මේවට වග කියන්න ඕන .මුන්ට කියන්න ඕන සබැ ජාති වාදීන් කියල. (අ)

:       0       0

ලාල් Thursday, 20 October 2016 03:14 PM

අරන් ගිහින් කැල්ලක් දුන්නානම් හරි (අ)

:       0       0

නිමල්ලලිත් Thursday, 20 October 2016 03:14 PM

මොලේ අමාරු වක්ද?කෙලින් සිටීමට බැරි යහ පාලනයේ අනිසි පල විපාක. (අ)

:       0       0

සමන් Thursday, 20 October 2016 03:29 PM

ඇමරිකාවේ කළු ජාතිකයන්ට නිසි තැන දීලා එන්න නෝනේ අනුන්ගේ රටවල ඒවාට ඇඟිලි ගහන්න (හේ)

:       0       0

සෑම් ජයා Thursday, 20 October 2016 03:42 PM

මොලේ නැති කෙනෙක් විභාග පාස් කලාම තමන්ට වඩා දන්න එවුන් නැහැ වගේ . හීන‍ෙග් නැගිටලා. යන්නේ කොහෙද මල්ලේ පොල්. (අ)

:       0       0

ශශිකා Thursday, 20 October 2016 03:51 PM

අර ඇමරිකාවේ කළු ජාතිකයින්ට පොලීසියෙන් අමු අමුවේ වෙඩි තියලා මරණ ඒවා මේ නෝනා දැකලම නැද්ද.. (නි)

:       0       0

සිසිර Thursday, 20 October 2016 04:24 PM

ලංකාවේ සුළු ජාතීන්ට තරම් නිදහසක් වෙන මොන රටකවත් නැහැ (නි)

:       0       0

සිල්වි Thursday, 20 October 2016 04:25 PM

ලංකාවේ සුළු ජාතියක් කොහෙද ඉන්නේ? (නි)

:       0       0

සුසන්ත Thursday, 20 October 2016 04:28 PM

රටේ සුළු ජාතීන්ට නැති සිංහලයින්ට විතරක් තියෙන විශේෂ අයිතිවාසිකම් මොනවද කියල අහන්න තරම් කෙනෙක් නැහැනේ ඉතින් ආණ්ඩුවේ. (නි)

:       0       0

සුසන්ත Thursday, 20 October 2016 04:31 PM

අපේ රටේ මහා ජාතියට වඩා අයිතිවාසිකම් තියෙන්නේ සුළු ජාතීන්ට. මහා ජාතියට තියනවද වෙනම බැංකු ක්‍රමයක්, අඩු වයස්කාර ගැහැණු ළමයින් අාවාහ කරගන්න බලතල, වෙනම කෑම, වගේ දේවල්? හැබැයි සමහර සුළු ජාතීන්ට තියනවා. හරිනම් මහා ජාතියයි ජිනිවා යන්න ඕනෑ අපේ අයිතිවාසිකම් මදි කියලා. (නි)

:       0       0

අනුල Thursday, 20 October 2016 04:37 PM

ගිහින් සුළු ජාතීන්ට අයිතිවාසිකම් දෙන්න කියන්න ඇමරිකාවට. ලංකවේ සුළු ජාතීන්ට නැති අයිතිවාසිකම් මොනවද? මහා ජාතියටත් වැඩි අයිතිවාසිකම් තියනවා එයාලට. මේවා පෙන්නලා දෙන්න, මේ බොරු වලට උත්තර බඳින්න කොන්ද පණ ඇති ආණ්ඩුවක් තිබුනා නම් අනේ අපිටත්! (නි)

:       0       0

අනිල් Thursday, 20 October 2016 04:41 PM

රටක හමුදා කඳවුරු තියන තැන ගැන තීරණය කරන්න කිසි අයිතියක් නැහැ රීටාට හෝ බටහිර ගැති එක්සත් ජාතීන්ට. එ්ක රට ඇතුළේ ආණ්ඩුවට සහ ආරක්ෂක අංශයට අයිති නිදහස් කටයුත්තක්. ඒ සෛවරිභාවයට ඇඟිලි ගහන්න කිසි අයිතියක් නැහැ. (නි)

:       0       0

සුසන්ත Friday, 21 October 2016 07:15 AM

නිව්යෝර්ක් නාමල්, ඔය නිව්යෝර්ක් ඉන්න නිස සමහරවිට ලංකාවේ තත්ත්වේ දන්නේ නැතුව ඇති. ලංකාවෙත් ඕන තරම් ආයතන වල ඉන්නවා සුළු ජාතිකයින් ප්‍රධාන විධායක නිළධාරීන් ලෙස, රජයේ සහ පෞද්ගලික ආයතන වල. ලංකාවෙත් බොහොමයක් සාර්ථක ව්‍යාපාරිකයින් සුළු ජාතිකයින්. ලංකාවෙත් ආණ්ඩුවේ දෙපාර්තමේන්තු, සංස්ථ වල ඉන්නවා ඕනේ තරම් සුළු ජාතිකයෝ ප්‍රධාන පුටුවල. ජාතිය වෙනස් නිසා එවන් තනතුරු වලට පත් නොකර සිටීමේ පිළිවෙතක් ලංකාවේ නැහැ. කරුණාකර ලංකාවට ගිහින් ඇත්ත තත්ත්වේ බලල එන්න. ගොඩක් කල් බටහිර ඉන්නකොට සමහර වෙලාවට ලංකාවේ ඇත්ත තත්ත්වේ අමතක වෙනවා සමහරුන්ට එකයි. (අ)

:       0       0

සුසන්ත Thursday, 20 October 2016 04:44 PM

පහුගිය අවුරුද්ද තුළ උතුරේ හමුදා කඳවුරු සෑහෙන ගණනක් ගළවා ඉවත් කළානේ. මෙයාලා මේ හදන්නේ තියන ටිකත් ගළවා ඉවත් කරවන්නයි. ඊටපස්සේ පුළුවන්නේ එයාලගේ දුරදක්නා සැළසුමේ පිළිවෙලට අාපහු යුද වැඩපිළිවෙල පටන්ගන්න. මේ සැලසුම් තේරුම් ගන්න ඔලුවක් නැති සිංහලයන් සහ ආණ්ඩු තියනකන් අනේ අපට සුමන සමන් දෙවි පිහිටයි! (නි)

:       0       0

අනිල් Thursday, 20 October 2016 04:48 PM

ආණ්ඩුවත් මේවට පක්ෂ එකේ අනේ මේ බොරු චෝදනා වලට කවුරුනම් උත්තර බඳින්නද ඉතින්! අපේ රටේ අයිතිවාසිකම් නැත්නම් කොහොමද අරාබිකරේ? මොනම අයිතිවාසිකමක්වත් තියනවද ඒ රටවල සුළු ජාතීන්ට? අපේ රටේ මොනවද නැති අයිතිවාසිකම්? (නි)

:       0       0

සුනිමල් Thursday, 20 October 2016 04:51 PM

ආ, වෙනසක් ඕනෑ වුණානේ නේද...? (නි)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Thursday, 20 October 2016 04:57 PM

ප්‍රියන්ත විජේරත්න මහතාගේ අදහස් සමඟ මා එකඟ වෙමි. හදවතින්ම මම පිළිගන්න දෙයක් තමා ලෝකයේ සෙසු රටවල් හා සංසන්දනය කළවිට අපේ රටේ ජීවත්වන සුළු ජාතීන් ඉතාමත් වාසනාවන්ත කොටසක් කියන එක. අපිව ආගම් වශයෙන් හෝ ජාතීන් වශයෙන් බෙදා වෙන්කරන්නේ ආත්මාර්ථකාමී දේශපාලුවෝ. ලංකාවේ වෙසෙන සියලු ජනකොටස් වලට දැන් තිබෙන වගකීමක් තමා බාහිර ඇඟිලි ගැසීම් වලට ඉඩ නොතැබීමට වගබලා ගැනීම. එක්සත්භාවයෙන් පමණක් අපිට ලොව ජග්‍රහණය කළ හැක. (නි)

:       0       0

ධම්ම Thursday, 20 October 2016 04:59 PM

එනකොටම මම කිව්වා අංචියක් අදින්නයි එන්නේ කියලා. හොඳ වැඩේ ඇතුළට එන්න දොර ඇරියට. (නි)

:       0       0

හසිත Friday, 21 October 2016 07:33 AM

කළුආරච්චි, ගෆුර් සහෝදරයන් දෙපළගේම අදහස් වලට මගේ ප්‍රණාමය! (නි)

:       0       0

දුශාන්ත Friday, 21 October 2016 07:42 AM

සිංහලයන්ට තමා ඔක්කොම වෙන්නේ. බොරුවට නාහෙන් අඩනවා (නි)

:       0       0

රොකී Friday, 21 October 2016 08:01 AM

නිව්යෝර්ක් නාමල්, මුළු ඇමරිකාව ගැනම හස්තසාර දැනුමක් ඇති කෙනෙක් වගෙයි.

:       0       0

භද්‍රානි Thursday, 20 October 2016 07:35 PM

ඇත්තම කියනවා නම් මේ රටේ සුළු ජාතීන්ට විතරක් නෙමේ, මහා ජාතීන්ටත් කිසිම තැනක් හෝ අයිතිවාසිකමක් නැහැ. මහා ජාතිය දේශපාලකයින් පසුපස ගොස් හිඟමන් යදින තත්වයකට මේ රට පත්කොට තියෙද්දී සුළු ජාතිය ගැන කවර කතාද? හැබැයි නිදහසින් පසුව පත්වුණේ නම් සිංහල බෞද්ධ නායකයින්? කුහකකම් නිසා සිංහලයින් විඳවන දවස වැඩි ඈතක නැහැ. (නි)

:       0       0

නාමල් නිව්යෝක් Thursday, 20 October 2016 09:37 PM

මෙයාගේ කතාව එච්චර සාධාරණ නැතුව ඇති. නමුත් බටහිර රටවල සුළු ජාතිකයින්ට සළකන්නේ නැහැ කියන එක නම් බොරුවක්. බොහෝ බටහිර රටවල සුළු ජාතිකයෙකුට නොදෙන අයිතියක් නැහැ. ආසියාතික රටවලින් ගිය මිනිස්සු බටහිර රටවල සමාගම් වල ප්‍රධාන විධායක නිලධාරීන්, විශ්ව විද්‍යාල මහාචාර්යවරුන් වෙලා තියෙනවා. ඇමරිකාවේ සමහර පැතිවල සුද්දන්ට වඩා ධනවත් චීනුන්. (නි)

:       0       0

නිමල් Friday, 21 October 2016 08:48 AM

සුළු ජාති ලොකු ජාති කියා කියා ජාතිවාදය අවුස්සන්නේ මේ කාල කන්නි තම උන්ගේ අරමුණ ඉෂ්ට කරගන්න අහිංසක මිනිස්සු බිල්ලට දෙනවා. (හේ)

:       0       0

සිරි Friday, 21 October 2016 12:20 AM

මොකක්ද ප්‍රශ්නය එයාලට තිබෙන? කරුණාකර එයාලා ප්‍රශ්නය මොකක්ද කියා පැහැදිලිව කිවයුතුයි. (නි)

:       0       0

සිරි Friday, 21 October 2016 12:24 AM

මෙවැනි උදවියට උඩගෙඩි දෙන දෙමළ සන්ධානය හා ඩයස්පෝරාව ශ්‍රී ලාංකිකබවෙන් කෙමෙන් ඈත් වෙනවා. කෑල්ලක් ඉල්ලන්නේ නැතුව මහජාතිය සමඟ එකට ඉන්න බැරි සුළු ජාතීන්ගෙන් රටකට ඇති වැඩේ මොකක්ද? (නි)

:       0       0

චාමර Friday, 21 October 2016 01:04 AM

ලංකාවේ සුළු ජාති කියලා ඇතිකළේ යුරෝපේ අධිරාජ්‍යවාදය. රීටා අයිසැක් එ්කේ ඉත්තෙක් වෙන්න හදන්නේ. ලංකාවේ වැරදි හොය හොයා ඒගොල්ලෝ අදහස් ගන්නවා. ඒගොල්ලන්ගේ වැරදි හොයන්න අපේ කවුරුත් නැද්ද. ලංකාව පොඩි දූපතක්නේ. අපේ දේවල් අපි බලාගන්නම් කියලා කියන්න කවුරුත් නැද්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සටන් විරාමයකට හිස්බුල්ලා කැමතියි
2024 ඔක්තෝබර් මස 10 3 0

ලෙබනනයේ සටන් විරාමයකට, තමන් කැමැත්ත පළ කරන බව එරට ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානය පවසයි. විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් හිස්බුල්ලා සංවිධානයේ නියෝජ්‍ය


දිස්ත්‍රික්ක තුනකට නාය යාමේ අනතුරු ඇඟවීම්
2024 ඔක්තෝබර් මස 10 66 0

දිවයිනේ ඇතැම් ප්‍රදේශවල පවතින අධික වැසි තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනකට නිකුත් කර ඇති නාය යෑමේ අනතුරු ඇඟවිමේ නිවේදනය අද (10) පස්වරුව දක්වා බල පැවැත්


වැඩබලන අගවිනිසුරු දිවුරුම් දෙයි
2024 ඔක්තෝබර් මස 10 1713 0

වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මූර්දු නිරූපා බිදුශිනී ප්‍රනාන්දු මහත්මිය අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර ද


සයිබීරියාවට පනින්න ගිය බංගලදේශ ජාතිකයන් 08 ක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 10 485 0

කූඨ ලෙස සකස් කර සර්බියානු වීසා බලපත්‍ර භාවිතා කරමින් කටාර් රාජ්‍යයේ දෝහා නුවර ඔස්සේ සර්බියාව වෙත පළා යාමට තැත් කළ බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු අද(10 ) උදෑසන


තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්
2024 ඔක්තෝබර් මස 10 85 0

මහමැතිවරණයේ තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අද (10) මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


කෝටි 6ක මත් කරල් සමඟ අයෙක් දැලේ
2024 ඔක්තෝබර් මස 10 432 0

පාසල් ළමුන් සහ තරුණ ප්‍රජාව ඉලක්ක කරගනිමින් අලෙවි කිරීමට සුදානම් කළ රුපියල් කෝටි 06ක වටිනාකමක් සහිත නීතිවිරෝධී මත්කරල් 599,000 ක් ජාවාරම් කිරීම සදහා ප්‍ර‍


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39701 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25813 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 8 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 372 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1229 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site