IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


'සුළං රුල්ල' වීඩියෝවටත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.

2016-05-12-ent-129

"සුළං රුල්ල ලෙස හමා එමී, ආදර ප්‍රිය ළඳුනේ, මට මුළු ලොවම ඔබයි, නිලම්බරේ කැළුම් පිරී සරා සඳ වගේ, ඕවිල්ලේ පෙම් සැඳැල්ලේ, එකම ඉසව්වේ එකම දනව්වේ...." වැනි සුමියුරු ගීත රැසක් මෙරට සංගීත රසකාමීන්ට තිළිණ කළ ප්‍රවීණ ගායන ශිල්පී ෆීලික්ස් ඇන්ටන් ගැයූ සුවිශේෂී ගීත අඩංගු අලුත් සීඩී පටයක් පසුගියදා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව විසින් නිකුත් කරන ලදී.

වසර 15ක නිහැඬියාවකින් පසුව මුදාහරින ලද "ජීවිතේ සොඳුරුයි" නමැති ෆීලික්ස්ගේ සීඩී තැටිය ඔහුගේ ගායන දිවියේ 45 වැනි සංවත්සරය හා සමපාත වීම සුවිශේෂී අහම්බයකි.

"මගේ මුල්ම ගීතය වන "නෙත පිනන රුසිරු වත" මා ගායනා කළේ 1971 අප්‍රේල් මාසයේදී. මේ ගීතයත් මගේ අලුත් සීඩී පටයට ඇතුළත් කර තිබෙනවා. ඇත්තෙන්ම මම ගුවන් විදුලියට මුලින්ම බැඳෙන්නෙ ක්‍රියාකාරී සහායකයෙක් හැටියට 1969 සැප්තැම්බර් මස 23දා. ඒක හරි රසවත් කතාවක්," ෆීලික්ස් අප සමග දොඩමළු වෙමින් පැවසීය.

 

2016-05-12-ent-128කියන්නකො ඒ රසවත් කතාව....

පොඩි කාලෙ ඉඳලම මට සින්දු කියන, සින්දු අහන පිස්සුවක් තිබුණා. දැන් අපේ රටේ ඉන්න ජනප්‍රිය ශිල්පීන් ගොඩ දෙනෙක් ඉස්සර මාත් එක්ක ගුවන් විදුලියෙන් සින්දු ඉල්ලපු රසික රසිකාවියො. සාන්ත බෙනඩික්ට් විදුහලේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් විද්‍යා විෂයන් ඉගෙන ගත්තට මගේ හිත ඇදී ගියේ කලාවට. ඔන්න ඉස්කොලෙන් අස්වෙලා රැකියාවක් හොයාගෙන ඉන්න කාලෙ තමයි මට ගුවන් විදුලියේ රැකියාවට කැඳවීමක් ලැබෙන්නෙ. සම්මුඛ පරීක්ෂණ කීපයකින් පස්සෙ තමයි මුල් කණ්ඩායම බඳවා ගත්තෙ. මට මතකයි අපිත් එක්ක එදා බැඳුණු අය තමයි ඩබ්. ජයසිරි, ගුණදාස කපුගේ, දයා තෙන්නකෝන් වගේ අද ජනප්‍රිය චරිත.

 

ගුවන් විදුලියට බැඳුනෙ සින්දු කියන්නද?

නෑ නෑ අපිව බඳවාගත්තෙ කාර්මික අංශයට. අපට එදා හිටිය ගුවන් විදුලියේ ප්‍රතාපවත් චරිත එක්ක වැඩ කරන්න අවස්ථාව ලැබුණා. හැබැයි මටයි කපුගේටයි තිබුණෙ කොහොම හරි සින්දුවක් කියන්න තියෙන ආසාව. ගුවන් විදුලියට බැඳිලා අවුරුදු දෙකක්වත් යන්නට කලින් කපුගේ "දෑස නිලුපුල් තෙමා" ගීතය ගායනා කළා. මම "නෙත පිනන රුසිරු වත" ගායනා කළා. මගේ ගීතය සංගීතවත් කර තනුව හදා දුන්නෙ අද අප අතර නැති එම්.කේ. රොක්සාමි මාස්ටර්.

 

"සුළං රුල්ල" හැදුණෙ කොහොමද?

දැන් මගේ මුල් ගීතයෙන් පස්සෙ මට ඕනවෙලා තිබුණා සංගීත ප්‍රසංගවලදී ඉල්ලුමක් හදාගන්න පුළුවන් නැගලා යන සින්දුවක් කරන්න. ඒ කාලෙ මෙල්රෝයි ධර්මරත්න ජෝතිට හදපු %ගංගාවයි මහ මුහුදයි^ ගීතය අතිශය ජනප්‍රියව තිබුණා. මම කරුණාරත්න අබේසේකරට (කරු අයියා) කියලා "සුළං රුල්ල ලෙස හමා එමී" ගීතය ලියවා ගත්තා. මෙල්රෝයිට කියලා ලස්සන තනුවක් දාගත්තා. ඔන්න ඔතනින් පස්සෙ ඒ ගීතයට ලොකු ඉල්ලුමක් තිබුණා. ප්‍රසංග වේදිකාවලත් ඉල්ලුම වැඩිවුණා. මම තව සින්දු හදාගත්තා. එදා කියපු ගොඩාක් සින්දු අදටත් ජනප්‍රියයි.

 

සුළං රුල්ල ඔබ මෑතකදී සෙන්ටිග්‍රේඩ්ස් සමඟ ප්‍රතිනිර්මාණය කළා නේද?

ඔව්. තුසිත් නිරෝෂන්ගෙ ඉල්ලීමකට අනුව ඒක කළේ. නව පරපුර අතරත් දැන් ඒ ගීතය ජනප්‍රියයි. මේ ගීතයේ මියුසික් වීඩියෝවටත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.

 

ඔබ ගායනයට පමණක් නොව රංගනයටත් සම්බන්ධ වුණා නේද?

ඔව්. මම "නැව ගිලුනත් බෑන් චූන්" "සතුටයි කිරුල අපේ", "මල්සර දෝණි" "නොම්මර 17" වගේ චිත්‍රපටවල රඟපාන්න අවස්ථාව ලැබුණා. ඊට අමතරව මම ගුවන් විදුලි නාට්‍යවලට සම්බන්ධ වෙලා තියෙනවා. ගුවන් විදුලි හා රූපවාහිනී නිවේදන කටයුතුත් එක්ක සම්බන්ධවෙලා තියෙනවා.

 

ඔබේ ඒකපුද්ගල සංගීත ප්‍රසංගයක් පවත්වන්න අදහසක් නැද්ද?

මගේ හිතමිත්‍ර රජීව් සෙබස්තියන් එවැනි යෝජනාවක් කරලා තියෙනවා. බොහෝ විට මේ අවුරුද්දෙ එහෙම දෙයක් සිද්ධ වෙයි.

 

රමේෂ් උවයිස් 

 

DESHAYA

 



අදහස් (0)

'සුළං රුල්ල' වීඩියෝවටත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 2 0


මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 1316 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 804 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 1336 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 950 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38522 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25364 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 272 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 917 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site