(එච්. චන්දන )
ඉගිනිමිටිය වාරි මාර්ග ඉංජිනේරු කාර්යාලයට අනියුක්තව සේවය කළ සැළසුම් ශිල්පියෙක් ඉගිනිමිටිය ජලාශයේ ගිලී අතුරුදහන්වී ඇති බව නවගත්තේගම පොලීසිය පවසයි.
දියේ ගිලී අතුරුදහන්වී ඇත්තේ ඔහු කුරුණෑගල - දෙමටගහ පැළැස්ස ප්‍රදේශයේ පදිංචිකරුවු ඩී.පී. සමීර සදරුවන් ප්‍රේමසිරි (29) නම් අයෙකි. ඊයේ( 10 ) සවස මෙම අතුරුදහන්වීම සිදුවී ඇති බව පොලීසිය කියයි.
ඉගිනිමිටිය ඉංජිනේරු කාර්යාලයේ ප්‍රාදේශීය වාරි මාර්ග ඉංජිනේරු අයි.එම්.එස්.පී.සුමනදාස යන අය විසින් පොලීසියට මේ පිළිබඳ දැනුම් දී තිබේ.
මෙම සැළසුම් ශිල්පියෙකු ඇතුළු කණ්ඩායමක් ඊයේ (10) සවස ඉගිනිමිටිය වැව් තාවුල්ලේ අනවසරයෙන් සිදු කරන වගා කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීම සදහා ගිය බවත්,එම අවස්ථාවේදී කුමන හෝ හේතුවක් නිසා මෙම සැළසුම් ශිල්පියා ජලාශයේ ගිලී අතුරුදහන්වී ඇති බවටත් වාරි මාර්ග ඉංජිනේරුවරයා පොලීසිය හමුවේ වැඩිදුරටත් සදහන් කර ඇත.
ප්‍රදේශයේ ධීවරයින් විසින් අතුරුදහන්වූ සැළසුම් ශිල්පියා සොයා මෙහෙයුමක් ආරම්භ කළ නමුත් සිරුර සොයා ගැනීමට හැකිවී නැත.
වැව් තාවුල්ලේ සිදු කරන අනවසර වගාවන් සම්බන්ධයෙන් සොයා බැලීමට ගිය අයෙකු ජලාශයේ ගිලී අතුරුදහන්වී ඇත්තේ කුමන ආකාරයෙන්ද යන්න සම්බන්ධයෙන්ද සොයා බලන බව නවගත්තේගම පොලීසිය කියයි.
2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .
දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ
පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.
මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප
2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන
වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
සැළසුම් ශිල්පියා ඉඟිනිමිටිය ජලාශයේ සැඟවෙයි
Pagaa Maruwo Wednesday, 11 October 2023 01:31 PM
නිවන් සුව... කොළඹ නගර සභාවේ ඉන්න බොහෝ ඉන්ජිනේරුවෝ කියාගන්න ඈයෝ, ටී.ඕ ලා සහ සැලසුම්ශිල්පියො කරන කූට කටයුතු අත්විඳින සියල්ලන් ඔවුන්ට බොහෝ විට හිතින් නිවන් සුව පතනවා...!
Sampath Wednesday, 11 October 2023 05:34 PM
මේ මනුස්සයා තනිවමද යවලා තියෙන්නේ...?