IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


හික්කඩු විරෝධය ගාලු පාරට එයි

හිකකඩුවේ යාඥා මධ්‍යස්ථානයට ඇතුළු වු පිරිස පොලිසියේ ඉල්ලීම මත එතැනින් ඉවත් වී ගාලු පාරට පැමිණ උද්ඝෝෂණයක් ඇරැඹුහ.

භික්ෂුන් වහන්සේ ඇතුළු උද්ඝෝෂකයන් කියනුයේ යාඥා මධ්‍යස්ථානය ඉවත් කළ යුතු බවයි.

ගාලු පාරේ වාහන ගමනා ගමනයද අවහිර වී ඇත.

යාඥා මධ්‍යස්ථානයේ පාස්ටර් ජී එල් ඩබ්ලිව් චින්තක ප්‍රසන්ත පුජකවරයා පවසනුයේ වසර 16 ක් පුරා තම මධ්‍යස්තානය පවත්වාගෙන එන බවයි.

කිසිවකුත් බලෙන්  බඳවා නොගන්නා බවත්  ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවෙන් තහවුරු කැර ඇති ආගමික නිදහස යටතේ එම මධ්‍යස්ථානය පවත්වාගෙන යන බවත් පුජකවරයා පැවසීය.

 

 



අදහස් (0)

හික්කඩු විරෝධය ගාලු පාරට එයි

පෙරේරා Monday, 13 January 2014 02:49 AM

බුදුරජානන් වහන්සේ වදාළේ මෙලෙස ක්‍රියාකිරීමටද? (නදී)

:       0       0

චතුරිකා Sunday, 12 January 2014 11:11 AM

මේ නිතිය අතට ගන්න හදන්න එපා නිතිය හරි විදිහට ක්‍රියාත්මක කළා නම් මෙවන් ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ (දී)

:       0       0

බුද්ධික Sunday, 12 January 2014 11:16 AM

කුපිත වෙන්න එපා, මේවාට මොලෙන් උත්තර හොයන්න (දී)

:       0       0

සමන් Sunday, 12 January 2014 11:53 AM

බුදුදහම අකුරටම පිළිපදිනවා ද මේ? (දිල්)

:       0       0

සේන Sunday, 12 January 2014 12:08 PM

සිංහල බොදු සංස්කෘතියට බරපතල ප්‍රශ්න තියෙන එක ඇත්ත නමුත් බුද්ධිමත්ව කටයුතු නොකිරීමෙන් ප්‍රශ්නය වැඩි වෙනවා (දිල්)

:       0       0

නසාර් Sunday, 12 January 2014 12:19 PM

මේ මිනිසුන් හදන්න බැරි නිසා තමයි බුදු හාමුදුරුවන් නිවන් පෑවේ.(නදී)

:       0       0

කුමාර් Sunday, 12 January 2014 12:34 PM

මේක ලංකාවේ ආගමික නිදහසද? (නදී)

:       0       0

මරික්කාර් Sunday, 12 January 2014 12:35 PM

ඕනෑම ආගමක් අදහන්න රටේ නීතිය අයිතිය ලබාදෙද්දී මෙවැනි බලපෑම් මොනවටද අනේ? (නදී)

:       0       0

කසුන් Sunday, 12 January 2014 12:44 PM

බුදුදහමට අගෞරව කරන්නන්ට දඩුවම් දිය යුතුය.(නදී)

:       0       0

දුමින්ද Monday, 13 January 2014 08:57 AM

ලැජ්ජයි වැඩේනම්, වැරදිකරුවන්ට දඩුවම් ලබාදිය යුතුයි. (ස)

:       0       0

අචිනි Sunday, 12 January 2014 12:47 PM

මේවා තමයි ලංකාවේ ආගමික නිදහස කියන්නේ ජයවේවා! (නදී)

:       0       0

අංජන අතාවුද Sunday, 12 January 2014 01:10 PM

මම මේවට ගිහින් මොකද වෙන්නේ බලන්න යාආ වලට ඉදල තියෙනවා. කලකිරෙනවා සිද්දවෙන දේ දැක්කම. මිනිසුන්ගේ චින්තනය මොට කරන්න කරන විදේශීය කුමන්ත්‍රන කියල හිතෙනවා. මේකේ අදහස් දාන කට්ටිය ගිහින් බලල අදහස් දාන්න කරුණාකරලා. ඔය කියන කට්ටිය කියන විදිහට දුටුගැමුණු රජතුමාත් රටට වෙන විනාශයට කරබාගෙන හිටියනම් දැන් රටක් ආගමක් තියෙයිද. දැන් නව මුහුණුවරකින් කුමන්ත්‍රන එන්නේ. මේවයේ ඉලක්කය අඩු දැනුමක් ඇති මිනිස්සු බදවා ගැනීම. අපහස කරනවා නෙවේ .අඩුම ගානෙ ඕකට යන කට්ටියගෙන් අහන්න ප්‍රබාසන්ස්ලේෂණය වෙන්නේ කොහොමද කියලා. ඒකත් බලවේගවල ප්‍රතිපලයක් ලෙස සදහන් කරයි.(නදී)

:       0       0

මෝරලා Monday, 13 January 2014 09:48 AM

ලංකාවේ ඉන්න බහුතරකට මානසික සහනය අඩුවීමත් මෙයට හේතුවක් වියයුතුය.(නදී)

:       0       0

මයුර Monday, 13 January 2014 09:52 AM

හරිම දුකයි. මීට වැඩිය හොඳින් හැසිරෙන්න ඕනෑ නේද? කොහොම උනත් හැම මිනිහෙකුටම නිදහසක් තියනවා ආගමක් ඇදහීමට.(නදී)

:       0       0

අමිල කටුනායක Sunday, 12 January 2014 01:18 PM

මේ විදියට හැසිරිලා ආගම බේරගන්න බැහැ.(නදී)

:       0       0

නුවන් දඹගේ Sunday, 12 January 2014 01:34 PM

මිනිසුන් මුල් කරගෙන කරන ආගමික ව්‍යාපාර කිසිදු තර්කයකින් තොරව නැවැත්විය යුතුයි. ඒ අයගෙන් මුදල් ගසා කෑම බොහොම ජයට මේවා ඇතුලේ වෙනවා කියා හැමෝම දන්නවා නේද.(නදී)

:       0       0

අබ්දුල් Sunday, 12 January 2014 01:52 PM

ලංකාවේ ආගමික නිදහස නැතිවී ගෙන එනව කියා මට හිතෙනවා.(නදී)

:       0       0

මේනකා ලොකුපතිරණ Sunday, 12 January 2014 03:56 PM

මේ විදියට හැසිරෙන්න මොකක් හරි සාදාරණ හේතුවක් ඇති.(දිල්)

:       0       0

අසංග Monday, 13 January 2014 11:23 AM

අපිට කුපිත වෙලා ප්‍රශ්න නිරාකරණය කරන්න බෑ.(ස)

:       0       0

තිලක් Sunday, 12 January 2014 04:47 PM

ආගමික නිදහස හොදින් හැම ආගමකටම තියෙන්න ඕනී (දිල්)

:       0       0

ජයන්ති පතිරණ Sunday, 12 January 2014 05:45 PM

මමත් බෞද්දගමිකයෙක්. මේ නිදහස් ශ්‍රී ලංකාවේ කාටත් තමුන්ගේ ආගම ඇදහීමේ නිදහසක් ආණ්ඩුක්‍රම විවස්ථාවෙන් සහතික කරලා තියෙනවා කියන එක අපි දන්නවා. මෙතන කෙරෙන්නේ ඉරිදා වගේ දවස් වල කිතුනු බැතිමතුන් එකතු වෙලා තමුන්ගේ ආගම අදහන එක නම් ඒකේ වරදක් තියනවද කියල මම නම් දන්නේ නැහැ. මේ රටේ මොනතරම් අපරාද වෙනවද. ඒ අපරාදවලට විරුද්දව මෙහෙම කරනවානම් අපි දැකල නැහැ. මොකද මේ රටට වේගෙන යන්නේ? (නදී)

:       0       0

සුනිල් Sunday, 12 January 2014 05:49 PM

මෙතෙනට එන බැතිමත්හු ටික හික්කඩුවේ පන්සලකට බන අහන්න ගෙන්න ගත්තනම් මීට වඩා වටිනවා නේද? මොකද ඒ දේ කරන්න බැරි? මේ විදියට ප්‍රචණ්ඩ කාරී විදියට හැසිරෙන්න හොඳ නැහැ කියල නේද අපේ බුදු හාමුදුරුවෝ උගන්නල තියෙන්නේ?

:       0       0

ගමගේ Sunday, 12 January 2014 06:44 PM

බුදුන් දෙසු බන කරන කොටගෙන අධ්‍යාත්මික බෞද්ධ පිරිසක් හෝ බැතිමතුන් පිරිසක් ගොඩනගනවා වෙනුවට සංඛ්‍යාත්මක පමණක් බෞද්ධ පිරිසක් එකතු කර ගැනීමෙන් රටට පලක් වේවිද? බුදුන් දෙසු දේද මේ කට්ටිය කරන්නේ. (නදී)

:       0       0

රුචිර Sunday, 12 January 2014 07:13 PM

තමන්ගේ දායකොයෝ ටික රැකගන්න ගමේ පන්සලේ හාමුදුරුවෝ දැනගන්න ඕනේ, මිනිස්සු රැවටෙන්නේ පන්සලෙන් දායකයෝ ගැන සොයා නොබලන නිසා. අන්තිමට නීතිය අතට ගෙන ජාතික වීරයෝ වෙන්න දගලනවට වඩා මුලදීම ජනතාව පන්සලට ගෙන්වාගත හැකි වැඩ සටහන් ආරම්බ කරන්න , පන්සල් සීමාවේ දුප්පත් අසරණ අය හදුනාගෙන යමක් කමක් ඇති දායකයන් මගින් ඔවුන්ට පිළිසරණක් වෙන්න. සටන් කරන හිමි නමකට වඩා මෛත්‍රී කරන හිමි නමකට ජනතා ප්‍රසාදය වැඩි වෙයි.(නදී)

:       0       0

සුදත් Sunday, 12 January 2014 07:27 PM

සියලුම ආගම් වල අලුත් ඉදිකිරීම් තහනම් කල යුතුයි. ආගමික ස්තාන තියන ප්‍රමාණය හොදටම ඇති. (නදී)

:       0       0

දිල්ෂාන් Sunday, 12 January 2014 09:15 PM

මේකේ ඇත්ත කතාව නොදැන ඔහොම කතා කරනන් එපා. මේක මුළු ගමටම පිළිලයක් වෙලා තිබුන තැනක් මේක අයින් කරන්න කියලා දැන් මාසෙකට කලින්. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දපොළේ දී පොලිස් නිලධාරීයෙක් මිය ගිහින්
2024 සැප්තැම්බර් මස 21 137 0

පොළොන්නරුව පුලස්තිපුර විජිත ප්‍රාථමික විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානය සඳහා රාජකාරී කටයුතු සඳහා යොදවා සිටි පොලිස් නිලධාරියකු 21 වෙනිදා දහවල් හදිසියේ ඇති


ඡන්ද විමසීම සාමකාමියි
2024 සැප්තැම්බර් මස 21 12 0

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම සමස්තයක් ලෙස බැලූ විට ඉතා සාමකාමී බව පැෆරල් සංවිධානය පවසයි.


ගම්පහ සියයට 63යි
2024 සැප්තැම්බර් මස 21 303 0

ජනාධිපතිවරණයේදී වැඩිම ඡන්දදායකයන් සංඛ්‍යාවක් ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිත ගම්පහ දිස්ත්‍රික්කයේ සියයට 63 ක් දහවල් 2.00 වනවිට ඉක්මවා ප්‍රකාශ කොට ඇති බව ගම


නීතිඥවරියකගේ ගෙල කපා මරා දාලා
2024 සැප්තැම්බර් මස 21 419 0

නුගේගොඩ ගංගොඩවිල පැඟිරිවත්ත පාර නිවසක් තුළදී නීතිඥවරියකගේ ගෙල කපා ඝාතනය කර ඇතැයි මිරිහාන මූලස්ථාන පොලිසිය කියයි


දහවල් 2.00ට හම්බන්තොට සියයට 60යි
2024 සැප්තැම්බර් මස 21 258 0

2024 ජනාධිපතිවරණය හම්බන්තොට දිස්ත්‍රික්කයේ දහවල් 2 වනවිට සියයට 60 ක ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කර ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරී එච්.පී ස


ඡන්ද ලකුණ සලකුණු කළ කොල පාර්සල් 2ක් සමග අයෙක් මාට්ටු
2024 සැප්තැම්බර් මස 21 967 1

ස්වාදීන අපේක්ෂකයෙකුගේ ඡන්ද ලකුණ සලකුණු කළ පළල අඟලත් දිගි අඟල් තුනකින් යුත් තීරු පත්‍රිකා තොගයක් රැගෙන යමින් සිටි පුද්ගලයෙකු සාම්පූර් පොලිසිය මගින් අ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14583 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 180 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 101 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 142 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site