හිකකඩුවේ යාඥා මධ්‍යස්ථානයට ඇතුළු වු පිරිස පොලිසියේ ඉල්ලීම මත එතැනින් ඉවත් වී ගාලු පාරට පැමිණ උද්ඝෝෂණයක් ඇරැඹුහ.
භික්ෂුන් වහන්සේ ඇතුළු උද්ඝෝෂකයන් කියනුයේ යාඥා මධ්‍යස්ථානය ඉවත් කළ යුතු බවයි.
ගාලු පාරේ වාහන ගමනා ගමනයද අවහිර වී ඇත.
යාඥා මධ්‍යස්ථානයේ පාස්ටර් ජී එල් ඩබ්ලිව් චින්තක ප්‍රසන්ත පුජකවරයා පවසනුයේ වසර 16 ක් පුරා තම මධ්‍යස්තානය පවත්වාගෙන එන බවයි.
කිසිවකුත් බලෙන් බඳවා නොගන්නා බවත් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවෙන් තහවුරු කැර ඇති ආගමික නිදහස යටතේ එම මධ්‍යස්ථානය පවත්වාගෙන යන බවත් පුජකවරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ විදියට හැසිරෙන්න මොකක් හරි සාදාරණ හේතුවක් ඇති.(දිල්)
අපිට කුපිත වෙලා ප්‍රශ්න නිරාකරණය කරන්න බෑ.(ස)
හරිම දුකයි. මීට වැඩිය හොඳින් හැසිරෙන්න ඕනෑ නේද? කොහොම උනත් හැම මිනිහෙකුටම නිදහසක් තියනවා ආගමක් ඇදහීමට.(නදී)
ලංකාවේ ඉන්න බහුතරකට මානසික සහනය අඩුවීමත් මෙයට හේතුවක් වියයුතුය.(නදී)
ලැජ්ජයි වැඩේනම්, වැරදිකරුවන්ට දඩුවම් ලබාදිය යුතුයි. (ස)
බුදුරජානන් වහන්සේ වදාළේ මෙලෙස ක්‍රියාකිරීමටද? (නදී)
මේකේ ඇත්ත කතාව නොදැන ඔහොම කතා කරනන් එපා. මේක මුළු ගමටම පිළිලයක් වෙලා තිබුන තැනක් මේක අයින් කරන්න කියලා දැන් මාසෙකට කලින්. (නදී)
සියලුම ආගම් වල අලුත් ඉදිකිරීම් තහනම් කල යුතුයි. ආගමික ස්තාන තියන ප්‍රමාණය හොදටම ඇති. (නදී)
තමන්ගේ දායකොයෝ ටික රැකගන්න ගමේ පන්සලේ හාමුදුරුවෝ දැනගන්න ඕනේ, මිනිස්සු රැවටෙන්නේ පන්සලෙන් දායකයෝ ගැන සොයා නොබලන නිසා. අන්තිමට නීතිය අතට ගෙන ජාතික වීරයෝ වෙන්න දගලනවට වඩා මුලදීම ජනතාව පන්සලට ගෙන්වාගත හැකි වැඩ සටහන් ආරම්බ කරන්න , පන්සල් සීමාවේ දුප්පත් අසරණ අය හදුනාගෙන යමක් කමක් ඇති දායකයන් මගින් ඔවුන්ට පිළිසරණක් වෙන්න. සටන් කරන හිමි නමකට වඩා මෛත්‍රී කරන හිමි නමකට ජනතා ප්‍රසාදය වැඩි වෙයි.(නදී)
බුදුන් දෙසු බන කරන කොටගෙන අධ්‍යාත්මික බෞද්ධ පිරිසක් හෝ බැතිමතුන් පිරිසක් ගොඩනගනවා වෙනුවට සංඛ්‍යාත්මක පමණක් බෞද්ධ පිරිසක් එකතු කර ගැනීමෙන් රටට පලක් වේවිද? බුදුන් දෙසු දේද මේ කට්ටිය කරන්නේ. (නදී)
මෙතෙනට එන බැතිමත්හු ටික හික්කඩුවේ පන්සලකට බන අහන්න ගෙන්න ගත්තනම් මීට වඩා වටිනවා නේද? මොකද ඒ දේ කරන්න බැරි? මේ විදියට ප්‍රචණ්ඩ කාරී විදියට හැසිරෙන්න හොඳ නැහැ කියල නේද අපේ බුදු හාමුදුරුවෝ උගන්නල තියෙන්නේ?
මමත් බෞද්දගමිකයෙක්. මේ නිදහස් ශ්‍රී ලංකාවේ කාටත් තමුන්ගේ ආගම ඇදහීමේ නිදහසක් ආණ්ඩුක්‍රම විවස්ථාවෙන් සහතික කරලා තියෙනවා කියන එක අපි දන්නවා. මෙතන කෙරෙන්නේ ඉරිදා වගේ දවස් වල කිතුනු බැතිමතුන් එකතු වෙලා තමුන්ගේ ආගම අදහන එක නම් ඒකේ වරදක් තියනවද කියල මම නම් දන්නේ නැහැ. මේ රටේ මොනතරම් අපරාද වෙනවද. ඒ අපරාදවලට විරුද්දව මෙහෙම කරනවානම් අපි දැකල නැහැ. මොකද මේ රටට වේගෙන යන්නේ? (නදී)
ආගමික නිදහස හොදින් හැම ආගමකටම තියෙන්න ඕනී (දිල්)
මේ නිතිය අතට ගන්න හදන්න එපා නිතිය හරි විදිහට ක්‍රියාත්මක කළා නම් මෙවන් ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ (දී)
ලංකාවේ ආගමික නිදහස නැතිවී ගෙන එනව කියා මට හිතෙනවා.(නදී)
මිනිසුන් මුල් කරගෙන කරන ආගමික ව්‍යාපාර කිසිදු තර්කයකින් තොරව නැවැත්විය යුතුයි. ඒ අයගෙන් මුදල් ගසා කෑම බොහොම ජයට මේවා ඇතුලේ වෙනවා කියා හැමෝම දන්නවා නේද.(නදී)
මේ විදියට හැසිරිලා ආගම බේරගන්න බැහැ.(නදී)
මම මේවට ගිහින් මොකද වෙන්නේ බලන්න යාආ වලට ඉදල තියෙනවා. කලකිරෙනවා සිද්දවෙන දේ දැක්කම. මිනිසුන්ගේ චින්තනය මොට කරන්න කරන විදේශීය කුමන්ත්‍රන කියල හිතෙනවා. මේකේ අදහස් දාන කට්ටිය ගිහින් බලල අදහස් දාන්න කරුණාකරලා. ඔය කියන කට්ටිය කියන විදිහට දුටුගැමුණු රජතුමාත් රටට වෙන විනාශයට කරබාගෙන හිටියනම් දැන් රටක් ආගමක් තියෙයිද. දැන් නව මුහුණුවරකින් කුමන්ත්‍රන එන්නේ. මේවයේ ඉලක්කය අඩු දැනුමක් ඇති මිනිස්සු බදවා ගැනීම. අපහස කරනවා නෙවේ .අඩුම ගානෙ ඕකට යන කට්ටියගෙන් අහන්න ප්‍රබාසන්ස්ලේෂණය වෙන්නේ කොහොමද කියලා. ඒකත් බලවේගවල ප්‍රතිපලයක් ලෙස සදහන් කරයි.(නදී)
මේවා තමයි ලංකාවේ ආගමික නිදහස කියන්නේ ජයවේවා! (නදී)
බුදුදහමට අගෞරව කරන්නන්ට දඩුවම් දිය යුතුය.(නදී)
ඕනෑම ආගමක් අදහන්න රටේ නීතිය අයිතිය ලබාදෙද්දී මෙවැනි බලපෑම් මොනවටද අනේ? (නදී)
මේක ලංකාවේ ආගමික නිදහසද? (නදී)
මේ මිනිසුන් හදන්න බැරි නිසා තමයි බුදු හාමුදුරුවන් නිවන් පෑවේ.(නදී)
සිංහල බොදු සංස්කෘතියට බරපතල ප්‍රශ්න තියෙන එක ඇත්ත නමුත් බුද්ධිමත්ව කටයුතු නොකිරීමෙන් ප්‍රශ්නය වැඩි වෙනවා (දිල්)
බුදුදහම අකුරටම පිළිපදිනවා ද මේ? (දිල්)
කුපිත වෙන්න එපා, මේවාට මොලෙන් උත්තර හොයන්න (දී)