(චමිල් රූපසිංහ)
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශයට ප්‍රමාණවත් තරම් එක්මෝ යන්ත්‍ර නැතිකමින් සිය පුතුගේ ජීවිතය බේරාගත නොහැකි වූ බවත්, එබැවින් කොරෝනා ආසාදිතයන්ට භාවිතය සඳහා එම යන්ත්‍රයක් සෞඛ්‍ය ක්ෂේත්‍රයට ලබාදීමට විශේෂඥ වෛද්‍යවරුන් සමඟ එක්ව කටයුතු කරමින් සිටින බවත්, කොරෝනා වයිරසය ආසාදනය වී මිය ගිය වෛද්‍ය ගයාන් දන්තනාරායන මහතාගේ පියාණන් වන, වෛද්‍ය ඩී. වයි. සරණතිලක මහතා පැවසීය.
දන්තනාරායන මහතාට පිං පැමිණවීම සඳහා රාගම සිය නිවසේ පැවැති පිංකමකදි ඒ මහතා මේ බව පැවසීය. පොල්පිතිමුකලාන අසෝකාරාම විහාරස්ථානයේ විහාරවාසි පොල්පිතිමුකලානේ පඤඤාසිරි හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පිංකම පැවැත්විණි.
“එක්මෝ යන්ත්‍ර ගැන ප්‍රශ්නය මෙතෙක් කලක් හැංගිලා තිබුණේ. ප්‍රශ්නය එළියට ආවෙ මගේ පුතාගෙ ජීවිතය නැති වුණාට පස්සෙ. එක්මෝ යන්ත්‍රයක් හදාගන්න එක ඉදිරියේදි හෝ අපි කළ යුතුයි. ලංකාවේ ක්‍රියාත්මක වෙන යන්ත්‍ර එකක් පමණයි තියෙන්නේ. ඒ සම්බන්ධව දන්න එක වෛද්‍යවරියයි ඉන්නේ. මේ වගේ යන්ත්‍රයක් අපේ රෝහල්වල ස්ථාපනය කරනවා නම් කළ යුතු දෑ සම්බන්ධව මම එතුමිය සමග සාකච්ඡා කරා.
මම බලාපොරොත්තු වුණා මේ පළාතට රටට යම් කිසි සේවයක් කළා නම් මගේ පුතත් ඒ සේවයම පළාතට රටට ඉදිරියටම කරගෙන යයි කියලා. මම ඒ ගැන හරි ආඩම්බරයෙන් හිටියෙ. මොකද පුතා හරි දක්ෂයි, මිනිසුන්ට හරි ආදරෙයි, කරුණාවයි. හරි සුන්දර ළමයෙක්. ඒ වුණත් අපේ ඒ ඔක්කොම බලාපොරොත්තු නැතිකරල දාල ජනතාවගේ බලාපොරොත්තු සුන්කරල මගේ පුතා අපෙන් වෙන් වුණා.
මට මගේ පුතා මට වටිනවා වගේ දුප්පත් තාත්තෙකුට, අම්මෙකුට ඔවුන්ගේ දරුවනුත් වටිනවා. මේ වගේ රෝගියෙකු බේරගන්න, වුවමනා වෙලාවක එක්මෝ යන්ත්‍රයක් තියෙනවා නම් අපේ රටේ සම්පත් රැක ගන්න පුලුවන්. මෙයින් කියන්නෙ නැහැ මේ එක්මෝ යන්ත්‍රය කෝවිඩ් ආසාධ්‍ය අවස්ථාවේදි ගන්න යන්ත්‍රයක් කියලා. ඉතාමත් සරල වශයෙන් කියනවනම් ගැබිනි මාතාවක් දරුවෙකු බිහි කරන අවස්ථාවේදි දරුවන් බේරාගන්නත්, මී උණ හැදුණු අයකුගේ පෙනහැළිවලට ලේ ගලන අවස්ථාවේදී, දියේ ගිලුණු මිනිසුන් බේරාගන්න, ඇමෝනියා-ක්ලෝරින් වගේ රසායනික වර්ග භාවිතා කරන අවස්ථාවේදි, හුස්මගන්න අපහසුතාවයක් ඇතිවුණොත් එක්මෝ යන්ත්‍රයක් තියෙනවා නම් දින කිහිපයකින් එම රෝගියාව සුව කරගන්න පුලුවන්.
නමුත් මේ වෙන්වීම හරහා මම අපේ සෞඛ්‍ය අංශයට එක්මෝ යන්ත්‍ර නොමැතිකමේ අඩුපාඩු රැසක් දැක්කා. මම ජනතාවට පොරොන්දුවක් වුණා මේ වෛද්‍ය ක්ෂේත්‍රයේ අඩුපාඩු හදාගන්න, රජයටත් සෞඛ්‍යටත් උදවු කරන්න. ඒ අඩුපාඩු හදාගන්න උදවු කරනව කියල මම හිතාගත්තා. ඒ පරමාර්ථය මම මේ වන කොට ක්‍රියාත්මක කරමින් ඉන්නවා. මේ සම්බන්ධව රටේ විශේෂඥ වෛද්‍යවරුන් සමග සාකච්ඡා කර ඒ සම්බන්ධව විශාල වශයෙන් උපදෙස් ගත්තා. මෙතෙක් කාලයක් මේ රටේ හැංගිලා තිබ්ච්ච මේ ගැටලුවට මේ හරහා හෝ විසඳුමක් ලබාගන්න මුල්වුණ එක ගැන ඒ වෛද්‍යවරුන් සතුටු වුණා.
අපේ රටේ එක්මෝ යන්ත්‍ර දෙකක් තියෙනවා. අපේ අවාසනාවට දෙකින් එකයි වැඩ කරන්නෙ. කොළඹ තිබෙන යන්ත්‍රය ක්‍රියා කරන්නේ නැහැ. ඒ නිසා මම මාධ්‍යවලින් සහ සමාජ මාධ්‍ය හරහා එක්මෝ යන්ත්‍ර කිහිපයක් ශ්‍රී ලංකාවේ රෝහල් කිහිපයක හෝ ස්ථාපනය කරන්න මිලදි ගන්න උදවු වෙන්නැයි ඉල්ලුවා. ඒ ඉල්ලීමට විශාල ප්‍රතිචාර ලැබුණා. මගේ පුතා හරහා දේශපාලනය කරන්න මට කිසිම හිතක් නැහැ. මට අවශ්‍ය කිසියම් කෙනෙකුගේ ජීවිතය බේරාගන්නයි. ඒ නිසා සියලු දෙනාම එකතුවෙලා මේ සත්කාරයට උදවු උපකාර කරන්නැයි ඉල්ලා සිටිනවා” යැයිද ඒ මහතා කීය.
ලබන වසරේ ඉදිරිපත් කරන වත්මන් රජයේ ප්‍රථම අයවය ලේඛනය මගින් දැනට අයකරන උපයනවිට බද්ද ජනතාවට වඩාත් යහපත් අයුරින් සංශෝධනය කරන බව ජනාධිපති අනුර කුමාර දිසා
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ප්‍රධාන පෙළේ පක්ෂයකින් තරග කරන අපේක්ෂකයෙකු සිය මනාපය ගැනීම සඳහා ඡන්ද දායකයන්ගේ ජල බිල්පත් හා විදුලි පුවත්පත් ගෙවීමේ කාර
පැනමා කෝපා එයාර්ලයින්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානයක ගමන් කරමින් සිටි මගියකු යානයේ ගමන් කරමින් සිටිද්දී, එහි දොර විවෘත කිරීමට උත්සාහ කළේය.
යුක්රේන හමුදා, පළමු වරට, උතුරු කොරියන් සොල්දාදුවන් සමඟ සටන් වදින බව වාර්තා වේ. මේ බව අනාවරණය කළේ යුක්රේන ආරක්ෂක අමාත්‍ය රුස්ටෙම් උමෙරෙව්ය. ඒ, දකුණු කොරි
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විවාදයක් සඳහා කළ ආරාධනය ප්‍රතික්ෂේප කරන බවත් එවැනි නිෂ්ඵල කාර්යයකට කාලය වැය කිරිම අපරාධයක් යැයි කැබ
අ.පො.ස උසස් පෙළ 2024 විභාගය නොවැම්බර් 25 දින ආරම්භ වී දෙසැම්බර් 20 දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හැංගිලා තිබ්බ එක්මෝ යන්ත්‍ර ප්‍රශ්නය එළියට ආවේ පුතාගෙ මරණෙන් පස්සේ
Raveendra Monday, 08 February 2021 10:47 AM
ඔබගේ සියලු උත්සාහයන් සපල වේවා...!!! මුදලටම අහිංසක මිනිසුන්ට ප්‍රතිකාර කරන දොස්තර මුදලාලිලාටත් මේ සඳහා මුදල්මය අතින් ඍජුවම දායකවීමට සිත් පහළ වේවා...!!!
Ruhunu Monday, 08 February 2021 10:53 AM
තමන්ට දෙයක් වෙන්නම ඕනෑ අනුන් ගැන හිතන්න.
Deepal Monday, 08 February 2021 10:57 AM
මෙන්න දෙවියෝ... දේශපාලකයෝ නෙවෙයි....