පසුගිය 4 වැනිදා ත්‍රීකුණාමලයේ දී අතුරුදන් වූ කියන මෙහොමඩ් නස්රීන් (35) අද (07) උදේ බලංගොඩ හල්දුමුල්ලේ දී අත්අඩංගුවට ගත් බව ත්‍රීකුණාමල පොලිසිය කියයි. මොහු බසයකින් හල්දුමුල්ලට යන බව ලද තොරතුරක් අනුව පොලිසිය මග රැක සිට ඔහු සොයා ගත් බවත් ඔහු ණය බරින් බේරීමට ඕනෑකමින්ම සැඟවීමට උත්සාහ ගත්තේ දැයි පොලීසිය පරීක්ෂණ අරඹයි.
රුපියල් කෝටියක් රැගෙන ත්‍රීකුණාමලයේ රන් බඩු වෙන්දේසියකට ගොස් සිටිය දී ඔහු පැහැගත් බව ඔහුගේ පියා ත්‍රීකුණාමල පොලිසියට කියා ඇත.
බණ්ඩාරගම ව්‍යාපාරිකයා රුපියල් 50,000ක් සහ බිස්කට් පැකට්ටුවක් මල්ලේ දමාගෙන ත්‍රිකුණාමලයට ගිය බවට වැදගත් සාක්කි ලැබී ඇතැයි ද ඒ අනුව ඔහු රුපියල් කෝටියක් රැගෙන රන් බඩු වෙන්දේසියට ගිය බවට ඔහුගේ පියා බණ්ඩාරගම පොලිසියට කළ පැමිණිල්ල ගැන පොලිසිය පරීක්ෂණ අරඹයි.
ව්‍යාපාරිකයා මුලින්ම ත්‍රිකුණාමලයේ සිට යාපනයටද යාපනයෙන් වව්නියාවට හා කොළඹ ට පැමිණ කොළඹ සිට බදුල්ල බසයෙන් හල්දුම්මුල්ලට යද්දී අත්අඩංගුවට ගත් බවද පොලිසිය පවසයි.
පොලිසිය නොමග යැවීම අසත්‍ය ප්‍රකාශ කිරීම ආදී කරුණු සම්බන්ධයෙන් ඔහු අද උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගැන විශේෂ පරීක්ෂණයක් කළ යුතුය.මන්ද යත් මෙය අතුරුදන් යැයි මුවාවෙන් වෙන වෙන සිද්ධීන් හා සම්බන්ධයක් පැවැත්විය හැක. (ම)
අද කාලේ පොලිසියට බොරුකරන්න අමාරුයි (නි)
චාමරට අමාරුද? නීතිය කාටත් පොදුයි (අ)
ඉස්සෙලම රාජපක්ෂව අල්ලන්න (අ)
මේකාට දැඩි දඩුවම් දෙන්න ඕන. (බ)
නිසි දඩුවම් දෙන්න ඕනේ (බ)
බලන්නකෝ දෙමව්පියන්ගේ වැරදිවලට අහිංසක දරුවෝ විදවන හැටි මුනෙන් පෙන්වන හැටි (බ)
සංජීව, මම මේ ප්‍රශ්නය ගැන වැඩි විස්තර දන්නේ නෑ. නමුත් කෝටිපතියෙක් මාලිගාවල ඉන්න ඕන කියලා නියමයක් නෑ නේද? ලංකාවේ ගොඩක් අය තමන්ට වුවමනා නැති තරමේ ගෙවල් හදනවා දරාගන්න බැරි වියදමක් කරලා. අන්තිමේට ජීවිතේම කරන්නේ ණය ගෙවන එක. (බ)
චාමර සඳරුවන් සිල්වා, මේ පෘථිවියේ ඉන්න මනුස්ස වර්ගයේ සමහරු ඔය වගේ වැඩ කරනවා නේද? (බ)
මෙන්න මේ නිසයි අතුරුදහන් වූවන්ගේ කොමිසමක් ඕනේ. අතුරුදහන් වුනා කියන කොටි ගොඩ දෙනෙක් ඉන්නේ පිට රට. එ්කෙන් නරක නාමේ අපේ ආමි එකට. බොරුවට කට්ටිය නැතුවට මෙම කාර්යාලය යුගයේ අවශ්‍යතාවයක්. (බ)
ශිහාන්කෙ නෙක් කරපු වරදට ඔහුගේ ආගම හෝ ජාතිය ගාවන්න එපා.කෙනෙකුගේ සංස්කෘතිය හැදෙන්නේ එය අදහන ආගම අනුව .පුද්ගලයා කරන වැරදි වලින් එම ආගමේ උගන්වන වැරදි පෙන්වීම හි ඇති වැරැද්ද මොකක්ද ? දැනට තියෙන පොතට වඩා නිවැරදි ලෝකයට වැඩ දායක පොතක් ඉදිරියේදී සෞදි අරාබි රජයෙන් පලකළොත් ඒක වැරදි පෙන්නලා දෙන කෙනා නිසා නේද ? (බ)
මේකේ ඉතින් පුදුම වෙන්න දෙයක් නැ .පොත කියෙව්වනම් තේරෙනවා මේවා ඉතාම සරල වැඩ (බ)
අපි කිව්වේ මෙයාලා විශ්වාස කරන්න බැරි කට්ටියක් කියලා (බ)
කෙනෙක් කරපු වරදට ඔහුගේ ආගම හෝ ජාතිය ගාවන්න එපා. (ම)
එක්කෙනෙක් කරන වරදට මුළු වර්ගයාම බැනුම් අහනවා.... ඒක තමයි ලෝකේ හැටි....(ම)
දරුවෝ මේවාට පලි නෑ (ම)
ණය සමාජය ගිලගත් ගොදුරක් බවට පත් වී ඇත (බ)
අමතක නොවන දඬුවමක් දිය යුතුයි. (බ)
මේ දේ වුණ දවස්වල මහින්ද මහතා ලංකාවේ හිටියේ නෑ. නැත්නම් මේ දේටත් එතුමා වැරදි වෙයි (බ)
පව්ලේ අය දැනුවත්වම තමයි ඔහු මේ දෙය කරලා තියෙන්නේ. හැබැයි වැඩේ වැරදුනා. නීතිය නොමග යැවීමක්. දඩුවම කොහොම වේවිද ? (බ)
මේ මනුස්සය ඉන්න විදියට කෝටියක් ගෙනිච්චා කියන්න පුලුවන්ද? ෆොටෝ දැක්කද ගෙවල් වල? මෙයා ළඟ කෝටියක් තිබුනා නම් එ්ක ගැන අනිවාර්යෙන්ම පරීක්ෂණයක් කරන්න ඕනෑ (නි)
ණය බරින්නම් කොහොමද කෝටියක් බර අරන් ගියේ (බ)
රටට කළ අපහාසයට මොහුට විරුද්ධව නඩු පවරා සිරගත කළ යුතුයි. තමන් අදහන ආගමටත් අපහාසයක්. (බ)
දැඩි දඬුවම් දෙන්න ඕනෑ මේ කළ රැවටීමට (නි)