IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


හිටපු අගමැති පුතත් බාරවෙයි

පසුගිය දෙසැම්බර් 31 වැනිදා මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ගම්පොළ ඡන්ද වේදිකාවකට පහර දුන්නැයි පොලිසියට අවශ්‍යව සිටි හිටපු අගමැති දිමු ජයරත්නගේ පුත් අනුරාධ ජයරත්න ඇතුළු සිව් දෙනෙක් ගම්පොළ මහේස්ත්‍රාත් උපුල් රාජකරුණා මහතා වෙත මින් මද වේලාවකට පෙර බාර වූහ. උඩ පළාත් ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයෙක්ද ගම්පොළ නගර සභා මන්ත්‍රීවරයෙක්ද ප්‍රභූ ආරක්ෂකයෙක්ද බාරවූ සෙසු තිදෙනා වෙති.

මොවුන් පොලිසියට නොපැමිණීම නිසා රටින් පිටවීමද අධිකරණයෙන් තහනම් කර තිබේ.

 

 



අදහස් (0)

හිටපු අගමැති පුතත් බාරවෙයි

මොහොමඩ් Wednesday, 21 January 2015 08:18 AM

රටේ නීතිය ක්‍රියාත්ම කරයි වගේ . (අ)

:       0       0

සුජිත් ටෝක්යෝ Wednesday, 21 January 2015 08:22 AM

ඔය ගමන්ම අර කුඩු කොන්ටිනේර් එක ගැනත් හොයල බලන්න. (අ)

:       0       0

ජයනි Wednesday, 21 January 2015 08:33 AM

කවුරු කවුරුත් තරාතිරම නොබලා තමන්ගේ දරුවන් හික්මවා ගත යුතු බව නේද මේකෙන් පේන්නේ ? අපේ රටේ කවදාවත් ඉතිහාසයේ තිබුනේ නැති විදියට මුල් පෙලේ නායකයන්ගේ දරුවන් කිසිම වගකීමක් , නැතිව ප්‍රසිද්ධියේ හැසිරීමේ සංස්කෘතියක් ඇති වෙලා තිබෙනවා. මීට කාලෙකට කලින් නිලයේ හිටපු ජනාධිපති අගමැති වරුන්ගේ දු දරුවන් කවදාවත් චන්ඩි පාට් දමාගෙන හෝ සෙල්ලක්කාර හැසිරීම් මහජනතාවට පෙන්නාගෙන හිටියේ නැහැ. අනුර බණ්ඩාරනායක , සජිත් ප්‍රේමදාස විමුක්ති කුමාරණතුංග පියවරුන්ගේ මව් වරුන්ගේ නිල කාලයේ කවදාවත් මහජනතාවට හිරිහැරවන අයුරින් හැසිරුනේ නැහැ. රවී ජයවර්ධන කියල ජනාධිපති පුතෙක් හිටියද කියලවත් ජනතාවට දැනුනේ නැහැ. මං මේ අපක්ෂපාතිව කියන්නේ. (නදී)

:       0       0

කමල් Wednesday, 21 January 2015 08:45 AM

අනුරාධ ජයරත්න මහතා හිතන් ඉන්න ඇති ඡන්දය දිනනවා කියලා, දින්නොත් ගොඩ කියලා.  පාලිත තෙවරප්පෙරුම මහතා හිතනවා ඡන්දය දිනුව නිසා මොනවා කලත් ගොඩ යයි කියලා. දෙන්නටම එකම නීතියෙන් හොඳට සලකා, එකම කූඩුවක ඉන්න වැඩ සැලැස්විය යුතුයි. ඒ වාගේම ඔවුන් අයත් පක්ෂ වලින් මොවුන්ට විරුද්ධව ගන්නා ක්‍රියා මාර්ග ගැනත් ජනතාව උනන්දුවෙන් සිටිය යුතුයි. බලමු මොන පක්ෂයද ආර්ශයක් දෙන්නේ කියලා. නැත්නම් දින 100 කට පසු අපට නැවත බලය ලැබෙනවා (නදී)

:       0       0

රවිඳු Wednesday, 21 January 2015 09:05 AM

ජයනි, ඔබ ඉතාම නිවැරදි අදහසක් පලකොට තිබෙනවා. වැදගත් (වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම) අය රටේ කුමන නිලයකට පත් වුවත් ඒ දරුවන්ගෙන් හා ඥාතීන්ගෙන් රටේ ජනතාවට කිසිදු හිරිහැරයක්, පිඩාවක් හෝ අකටයුත්තක් සිදු වන්නේ නැහැ. (ර)

:       0       0

සත්‍යපාල Wednesday, 21 January 2015 09:24 AM

පසු ගිය වසර 5 කට ආසන්න කාලයක් තුල මේ රටේ රාජ්‍ය බලය හෙබවූ නායකයන් හා ඔවුන්ගේ දරුවන් වැඩ කළේ,හැසිරුනේ මේ රටේ නීතියට ඉහළින් තමන් සිටින බව හිතාගෙන,එයට හේතුව වූ වුයේ සදාකාලිකවම ඔවුන්ට මේ රට පාලනය කළ හැකි බවට ඔවුන් තුල වූ අන්ධ විශ්වාසය වූ අතර,තමන්ට ආවඩමින් තමන් අසල සිටි පිරිසගේ හැසිරීම මගින් එය වඩාත් විශ්වාස කරන්නට ඇති අතර දැන් තත්වය වෙනස් වී ඇති නිසා ඔවුන් නිතිය ඉදිරියට රැගෙන ගොස් නිසි දඩුවම් ලබාදීමෙන් වර්තමානයේ හා අනාගතයේ පාලකයන්ට හා ඔවුන්ගේ දරුවන්ටත් මෙමගින් අනතුරු ඇගවීමක් ලබා දිය හැකි බවයි මගේ අදහස.(දිල්)

:       0       0

විජයබාහු Wednesday, 21 January 2015 09:25 AM

ජයනි ඔබ මොනවද දන්නේ. මං හිතන්නේ නෑ ඔයා ලංකාවේ කෙනෙක් කියල මෑත ඉතිහාසයවත් දන්නේ නෑනේ (දිල්)

:       0       0

වයිකෝ Wednesday, 21 January 2015 10:33 AM

මෙවැනි අයට ජීවිතාන්තය දක්වා දේශපාලනය තහනම් කළ යුතුයි (නදී)

:       0       0

නිහාල් Thursday, 22 January 2015 01:05 AM

කැමැත්තෙන්ම බාරවුණ එක ගැන සතුටුයි (නි)

:       0       0

මාලක Wednesday, 21 January 2015 11:32 AM

මම ජයනි සමග 100% එකඟයි.(හේ)

:       0       0

පත්මසිරි මාපලගම Wednesday, 21 January 2015 12:54 PM

නිතිය කාටත් පොදු විය යුතුය. (ර)

:       0       0

ජයසේන Wednesday, 21 January 2015 07:01 AM

කව්රු උනත් වැරදි කර තිබේ නම් සොයා බල නීතිමය කටයුතු කළ යුතුය. (නදී)

:       0       0

ක්‍රිෂාන්ත Wednesday, 21 January 2015 07:08 AM

මෙයාලට නේද කුඩු එතනෝල් ප්‍රස්නයක් තිබුනේ (නදී)

:       0       0

ශාම් Wednesday, 21 January 2015 07:12 AM

යහ පාලනය කියන්නේ මේකට තමයි. අවවාදයට වැඩිය ආදර්ශය වටිනවා කියන්නේ ඕකට තමයි. රටට සුබ අනාගතයක් (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නරුම රැලක් සිසුවා බිලි ගනිති
2024 ඔක්තෝබර් මස 02 430 0

තම මිතුරාගේ පෙම්වතිය හමුවීමට මිතුරා සමඟ ඇයගේ ගමට ගිය පාසල් සිසුවෙකුට කිසියම් පිරිසක් පහරදීමෙන් එම සිසුවා මරණයට පත්ව ඇතැයි මාතලේ මහවෙල පොලිසිය පවසය


මහකන්නයට වතුර 15 වැනිදා සිට
2024 ඔක්තෝබර් මස 02 32 0

මෙවර මහකන්නය සඳහා ජලය නිකුත් කිරීම ලබන15වැනිදා සිට සිදු කරන බව කෘෂිකාර්ම අමාත්‍යංශය පවසයි


’’IMF වැඩසටහනට කැපවෙන්න’’
2024 ඔක්තෝබර් මස 02 567 1

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ඉවහල් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට කැපවන ලෙස නව පාලනයෙන් ඉල්ලා සිටින බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහා


ඇඟලුම් සේවකයා ළඟ උණ්ඩ පහක් යෙදිය හැකි රිවොල්වරයක්
2024 ඔක්තෝබර් මස 02 242 0

මාතර උනැල්ල ප්‍රදේශයේ ඇගලුම් සේවකයෙකු සන්තකයේ තිබී එකවර උණ්ඩ පහක් යෙදිය හැකි රිවෝල්වරයක් අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.


ඕස්ට්‍රේලියා මහකොමසාරිස් ජනපති හමු වෙයි
2024 ඔක්තෝබර් මස 02 449 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා (Paul Stephens) අතර හමුවක් කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද (2) සි


ඩෙංගු මඩින්න කියුබා සහය
2024 ඔක්තෝබර් මස 02 819 0

ශ්‍රී ලංකාවේ ඩෙංගු මර්දන කටයුතු සඳහා ශ්‍රී ලංකාවේ පූර්ණ සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ මහතා ජ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38593 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25395 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 276 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 939 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site