(තිළිණි ද සිල්වා )
බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරිදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය මැඩ පැවැත්වීමට කටයුතු නොකිරීම තුළින් මූලික අයිතිවාසිකම් කඩ කළැයි චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම් හා හිටපු පොලිස්පතිවරයා ඇතුළු පිරිසකට එරෙහිව ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් වල වැඩිදුර විභාගය නොවැම්බර් 10 වැනිදා තෙක් කල් තැබීමට සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අද (02) තීන්දු කළේය.
එසේම පෙත්සම සම්බන්ධයෙන් විරෝධතා ඇත්නම් ඒවා ලබන සැප්තැම්බර් 20 හෝ ඊට පෙර ගොනු කරන ලෙස වගඋත්තරකරුවන්ට නියම කළ අධිකරණය ඒ සම්බන්ධයෙන්වන ප්රතිවිරෝධතා ඔක්තෝබර් 09 වැනිදා හෝ ඊට පෙර ගොනු කරන්නැයිද පෙත්සම්කාර පාර්ශවයට නියම කළේය.
මෙම පෙත්සම් අගවිනිසුරු ජයන්ත ජයසූරිය ,බුවනෙක අළුවිහාරේ , සිසිර ද ආබෲ , ප්‍රියන්ත ජයවර්ධන , එල්.ටී.බී.දෙහිදෙණිය , මුර්දු ප්‍රනාන්දු සහ ප්‍රීති පද්මන් සූරසේන යන මහත්ම මහත්මීන් ගෙන් යුතු සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවිණි.
මෙම පෙත්සම් ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී නීතිපති වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ෆර්සානා ජමීල් මහත්මිය කියා සිටියේ පෙත්සම්වල වගඋත්තරකරුවන් වූ පසුගිය රජයේ කැබිනට් මණ්ඩලය , ජනාධිපති ලේකම් , අගමැති ලේකම්වරයා තවදුරටත් එම තනතුරු වල කටයුතු නොකරන බැවින් , ඔවුන් වෙනුවෙන් නීතිපති පෙනී නොසිටින බවය.
ඒ අනුව කරුණු සලකා බැලූ අධිකරණය ,ඒ බව ඔවුන් වෙත දන්වා යවන ලෙසට අතිරේක සොලිසිටර් ජනරාල්වරිය වෙත උපදෙස් දෙන ලදී.
එසේම පෙත්සම් කිහිපයකම වගඋත්තරකරුවන්ට නොතීසි ලැබී නොමැති වීම සම්බන්ධයෙන් අධිකරණයේ අවධානය යොමු වූ අතර එම නොතීසිද යළි දන්වා යවන ලෙසද අධිකරණය පෙත්සම්කාර පාර්ශවයට නියම කළේය.
පෙත්සම් පිළිබඳ වැඩිදුර විභාගය ලබන නොවැම්බර් 10 ට කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් සිය දරු දෙදෙනා අහිමිවූ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි නන්දන සිරිමාන්න , සංචාරක කර්මාන්තයේ නියැළි ව්‍යාපාරික ජනත් විදානගේ , ශ්‍රී ලංකා නීතීඥ සංගමය , හෙන්රි මේරියන් අශෝක් ස්ටීවන් , සරත් ඉද්දමල්ගොඩ සහ හේල් එවන්ස්ටන් ප්‍රනාන්දු ජයවර්ධන යන පියතුමන්ලා , නාගානන්ද කොඩිතුවක්කු , ජූඞ් පෙරේරා , නිමල් කුමාරසිරි , කසුන් පුස්සේවෙල ඇතුළු පුරවැසියන් පිරිසක්ද , අගුළුගල්ලේ ජිනානන්ද හිමි ඇතුළු පිරිසක් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් 12 ගොනු කරනු ලැබූහ.
බුද්ධි තොරතුරු ලැබී තිබියදී පාස්කු ඉරිදා දින කිතුණු දේවස්ථාන හා සංචාරක හෝටල්වලට එල්ල වූ තර තිස්ත පරදදාහාරය වළක්වා ගැනීමට නොහැකි වීම තුළින් හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස්පතිවරයා මහජනතාවගේ මූලික අයිතීන් කඩ කර ඇති බවට චෝදනා කරමින් ගොනු කර ඇති මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් හි වගඋත්තරකරුවන් වශයෙන් පොලිස්පති පූජිත ජයසුන්දර , හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ නියෝජ්‍ය පොලිස්පති ප්‍රිය ලාල් දසනායක , හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන , හිටපු ඇගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන් සහ නීතිපති නම් කරනු ලැබ සිටිති.
ගොනු කළ පෙත්සම් හි මෙසේද සඳහන් වේ.
ඉකුත් අප්‍රේල් 21 වැනිදා සිදු වූ මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය පිළිබඳව බුද්ධි අංශය විසින් පොලිස්පතිවරයා ඇතුළු ආරක්ෂක බලධාරීන්ට කලින්ම දැනුවත් කර තිබූ බව පෙන්වා දෙන පෙත්සම්කරුවන් ඒ පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමට කටයුතු කැර තිබිණේ නම් මෙවැනි විනාශයන් වළක්වා ගැනීමට ඉඩ තිබූ බවද කියා සිටිති.
එසේ තිබියදී එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් වග උත්තරකරුවන් දණ්ඩ නිති සංග්‍රහය මෙන්ම අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් පොලිස්පතිවරයා සහ ආරක්ෂක ලේකම්වරයා සිදුකර ඇති බව පෙත්සම්කරුවන් පෙන්වා දෙති.
වගඋත්තරකරුවන්ගේ ක්‍රියාකලාපය තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සහතික කර තිබෙන මූලික අයිතීන් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් ඔවුන් ඉල්ලා සිටිති.
වගඋත්තරකරුවන්ගේ නොසැලකිලිමත් ක්‍රියාකලාපය හේතුවෙන් සිදූවූ මනුෂ්‍ය ඝාතන හා තුවාල කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් වගකිවයුතු පොලිස්පතිවරයාට එරෙහිව අපරාධ නීතිය යටතේ නඩු පවරන ලෙස නීතිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන මෙන් පෙත්සම්කරුවන් අධිකරණයෙන් ඉල්ලා සිටිති.
පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතීඥ ගාමිණී පෙරේරා , ජනාධිපති නීතීඥවරුන් වන සංජීව ජයවර්ධන , ක්‍රිෂ්මාල් වර්ණසූරිය , ශමිල් පෙරේරා , සාලිය පීරිස් යන මහත්වරුන් පෙනී සිටියහ.
නීතිපති වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල්වරුන් වන ජනාධිපති නීතීඥ ඉන්දිකා දේමුණි ද සිල්වා , ජනාධිපති නීතීඥ ෆර්සානා ජමීල් , නියෝජ්‍ය සොලිසිටර් ජනාරල්වරුන් වන නෙරින් පුල්ලේ , ඒ.නවාවි , ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥවරුන් වන අවන්ති පෙරේරා , සුරේන් ඥානරාජ් , රජයේ නීතීඥවරුන් වන ඉඳුනි පුංචිහේවා , නිෂාරා ජයරත්න , කළණ කොතලාවල , ඉමේෂ ධර්මදාස යන මහත්ම මහත්මීහු සමඟ නීතිපති දප්පුල ද ලිවේරා මහතා ඇතළුපෙනී සිටියහ.
වගඋත්තරකාර හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාපා මහතා පෙනී සිටියේය.
වගඋත්තරකාර හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස්පති පූජිත් ජයසුන්දර වෙනුවෙන් ජනාධිපති නීතීඥ අනුජ ප්‍රේමරත්න සහ නීතීඥ විරාන් කොරයා යන මහත්වරුන් පෙනී සිටියහ.
සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන
රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න
පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං
දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා
මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි
ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හිටපු ආරක්ෂක ලේකම්ට - පොලිස්පතිට එරෙහි පෙත්සම් වැඩිදුර විභාගය නොවැ 10