
(මනෝප්රිය ගුණසේකර)
එකලස් කරන ලද සුඛෝපභෝගී මෝටර් රථයක් සන්තකයේ තබාගැනීම ඇතුළු මෝටර් රථවාහන පනතේ චෝදනාවන්ට වරද පිළිගත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට වසර පහකට අත්හිටවු සිරදඬුවම් නියම කළ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා රැපියල් 1,30,000/-ක දඩයකටද ඔහු යටත් කළේය.
විත්තිකාර හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට නියම කළ රැපියල් 1,30,000/-ක දඩය නොගෙවන්නේ නම් අමතර මාස 10ක ලිහිල් වැඩ සහිත සිරදඬුවමකටද ඔහු යටත් කළේය.
කොළඹ හිල්ටන් හෝටලයේ රථගාලක නවතා තිබීයදී සොයාගත් ව්‍යාජ අංක තහඩු සවිකර තිබූ බී.එම්.ඩබ්ලිව්. වර්ගයේ සුඛෝපභෝගී මෝටර් රථයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ විමර්ශන වලින් අනතුරැව පැවති නඩුවට අදාළ චෝදනාවන්ට විත්තිකාර ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වරද පිළිගැනීම හේතූවෙන් දඬුවම් නියම කිරීම සඳහා කැඳවු අවස්ථාවේදී මහෙස්ත්‍රාත්වරයා එලෙස නියම කළේය.
කොටස් එකලස් කරන ලද බී.එම්.ඩබ්ලිව්. වර්ගයේ සුඛෝපභෝගී මෝටර් රථයක් ළඟ තබාගැනීම” ඇතු`ථ මෝටර් රථ වාහන පනතේ චෝදනා තුනක් මත විත්තිකරුට එරෙහිව මෙම නඩුව පවරා ඇත.
අදාළ චෝදනාවන්ට තමන් වරද පිළිගන්නා බව විත්තිකාර ජොන්ස්ටන් මහතා මීට පෙර අවස්ථාවක අධිකරණයට දැනුම් දුන් අතර දඬුවම් නියම කිරීම සඳහා නඩුව කැඳවනු ලැබු අතර නඩුව කැඳවු අවස්ථාවේදී හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අධිකරණයේ පෙනී සිටියේය.
ඒ අනුව පළමු චෝදනාවට රැුපියල් 5,000/-ක දඩයක් නියම කළ අතර දඩ මුදල් නොගෙවුවහොත් මාසයක ලිහිල් වැඩ සහිත සිරදඬවම් නියම කළේය.
දෙවැනි චෝදනාවට මාසයක බර වැඩ සහිත සිරදඬුවමක් නියම කර එම දඬුවම වසර 05ක කාලයකට අත්හිටුවනු ලැබු මහෙස්ත්‍රාත්වරයා රැපියල් 1,00,000/-ක දඩයක් නියම කළ අතර දඩ මුදල් නොගෙවුවහොත් මාස 06ක ලිහිල් වැඩ සහිත සිරදඬුවම් නියම කළේය.
තෙවැනි චෝදනාවට රැපියල් 25,000/-ක දඩයක් නියම කළ අතර දඩ මුදල් නොගෙවුවහොත් මාස 03 ක ලිහි සිරදඬුවම් නියම කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd