පුනරුත්ථාපනය අවසන්කොට සිවිල් ආරක්ෂන ඉළකායට අනුයුක්තව සේවය කරන හිටපු කොටි සාමාජිකයෝ දෙදෙනෙක් ද, සිවිල් ආරක්ෂක බලකායේ සිංහල සෙබළෙක් ද කොටි සාමාජිකාවෝ තිදෙනෙක් ද මුලතිව් විශ්වමඩු සිවිල් ආරක්ෂක මූලස්ථානයේදී අද යුග දිවියට ඇතුළු වූහ.
උසින් අඩුම මනාල යුවළ වූයේ මුරුගයියා ශසි කුමාර් (33) සහ තවුසි පුරම් කොඩිකාමම් හි පදිංචි ජෙරාසා මේරි බබිලා ය. මනාලියාගේත් මනාලියගේත් උස අඩි තුනයි අඟල් පහකි.
මැදවච්චියේ හර්ෂ නුවන් රත්නායක හා තසිවනගර්, පුදුකුඩිඉරිප්පු පදිංචි ප්‍රේමර්තනම් සුගන්ධිනී මෙන්ම පුදුකුඩිඉරිප්පු මුලතිව් පදිංචි ජේරිම්බනාදන් වර්මන් හා ඔඩ්ඩුසුඩාන්හි නඩරාසා සුකිර්තා යන සිවිල් ආරක්ෂක සෙබළුන් ද මෙදින විවාහ දිවියට එක් වූහ.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ අද්මිරාල් ආනන්ද පීරිස් මහත්වරු සාක්කිකරුවෝ වූහ.
පුනරුත්ථාපන කොමසාරිස් මේජර් ජනරාල් කේ ජේ විජේතිලක මහත්වරු ද ඊට එක් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොපමණ ලස්සන පින්තුරද ලංකා දීපයස්තුති .ජාතිවාදය අවුස්වන්නේ සමහර නායකයෝ -ආගමික,දේශ පාලනික-සාමාන්‍ය මිනිසුන්ට හොදින් ජීවත්විය හැකිනම් එය ඇති,සුබ මංගලම්. (අ)
හැබැයි කොළඹට ගේන්නේ නැතුව උතුරුකරයේම පදිංචි කරවන්න.අපිටත් එතකොට සිංහලයෙක් උතුරේ පදිංචිවෙලා ඉන්නවා කියලා කට ඇරලා කියන්න පුළුවන්. (නි)
අයියෝ මට තවම කවුරුවත් නැහැ..... (නි)
ආදර්ශයෙන්ම ඔප්පු කරලා පෙන්නන්ට පුළුවන් විදියක් නම් තියෙනවා. (නි)
හැමෝම බදිනවා. ඒත් මට තමයි තවම එකක් හරිනොගියේ (නි)
ආ! අරගොල්ලොත් මංගල්ලෙට ඇවිත් නේ? (නි)
සුභ මංගලම්! (නි)
අපේ උණුසුම් සුභ පැතුම්! (නි)
අරයත් හිටියා නම් හොඳ නැද්ද? (නි)
සුභ මංගලම්! ජය මන්ගලම් යුග ජිවිතේ වාසනා!(නදී)!
දුමින්ද හරි,ලංකාදීපන් පමණි ජාතික සමගියට අදාළ පුවත් පලවන්නේ, පුල්ලී කතා කියන අය වගකීමෙන් වැඩකරන්න,30 වසරක යුද්ඩය ඇතිවුනේ ඔයාලවැනි අය නිසා. (අ)
අපරාදේ මුරුගයියව බන්දලා දෙන්න තිබුනේ අපේ අරුනිට එයත් කොටයි වගේනේ?(නදී)
සිංහල කොල්ලෝ පුළුවන් තරම් තංගච්චිලා උතුරෙන් හොයාගෙන බදින්න. සාමයට ඉතා හොඳ මාර්ගයක් ඒක.අනික සිංහල,දෙමල සංස්කෘතියේ වැඩි වෙනසක් නැහැ. (නි)
මොකද මෙයාලගේ කිසිම හිනාවක් වත් නැත්තේ. එක ගැහැණු ළමයෙක් ඇරෙන්න අනිත් සේරම හරියට තර්ජනය කරලා පෝරුවට නැග්ගෙව්වා වගේ. මට නම් සැකයි.(නදී)
සුභ මංගලම්! ඔන්න ගොයියෝ දරුවන්ගේ ඇගේ නම් පුල්ලි තියෙන්න බැහැ.(නදී)
මංගලම් ජය මංගලම්! (නි)
හේමන්තගේ කතාව නම් සහතික ඇත්ත. කොච්චර කළත් සමහර කට්ටිය නැවත ගොස් දෙන්නේ දෙමළ සන්ධානේටම තමයි. (නි)
බැන්දට කමක් නැහැ. යහගුණ ඇති දරුවන් හදන්න (නි)
කිරි දිනි දෙවියත් - අඟුරු සුදු වෙන කල් නම් නැත. මෙයාලට කොච්චර හොඳ කලත්, කිසි ගුණයක් නැහැ. පුල්ලේට කේලම් කියන එක තමයි වැඩේ. (ස)
ඔය ගමන්ම අරයටත් හොයමු (නි)
ඒකත් ජයසිරි මංගලම් !! (නි)