යුද හමුදාවෙන් පලා ගිය කොමාන්ඩෝ සෙබළකු විසින් මෙහෙයවන ලදැයි කියන පික්පොකට් කල්ලියක සිව් දෙනකු සමග කොමාන්ඩෝ සෙබළා ද අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය කියයි.
කකුලක් අහිමි ආබාධිත සැකකරුවකු බසයේ සිඟමන් යදින විට එම බස් රථයට ගොඩවන කොමාන්ඩෝ සෙබලා බ්ලේඩ් තල භාවිත කරමින් අත්බෑග්, කලිසම් සාක්කු කපා සල්ලි අදිය ගනිතියි කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හමුදාවේ දක්ෂකම් පෙන්නලා කප්පිත්තෙක් වෙන්න බැරි නිසා මෙහෙම හරි කප්පිත්තෙක් වුණා මදැයි. (නි)
හමුදාවේ නමත් කනවා (නි)
හිටපු කොමාන්ඩෝ භටයාට ජිවත් වීමට ආදායමක් නොතිබෙන්න ඇති. මොවුන් ගැන රජය ටිකක් සොයා බැලුවා නම් හොඳයි. කාලයක් රට වෙනුවෙන් සේවය කළා ඔවුන් (නි)
රණවිරුවකුගේ හපන්කම් (නි)
වර්තමාන ශ්‍රී ලංකාවේ අපරාධ උප සංස්කෘතිය ප්‍රධාන වශයෙන් පවත්වාගෙන එන්නේ හමුදාවෙන් පලා ආ සෙබළුන්. මීට ප්‍රධානම හේතුව යුද්ධය ජයග්‍රහණයෙන් පසු මේ රණවිරුවන්ව ඉවත දමා නොසළකා හැරීමයි. තමන්ට රජයෙන් යමක් නොලැබුනත් ජනතාවගෙන් ගෞරවනීය උපහාරයක් ලැබුනත්, අද තත්වය ඊට වඩා හාත්පසින්ම වෙනස් වී තිබීම නිසාත්, මුදල මිනිස් ගති යටපත් කර සියල්ලටම ඉහළින් වැජඹෙන නිසාත් සෙබළා තුල තිබු ආත්ම අභිමානය අද ඔහු ළඟ නැත. (නි)
එය එසේ වුවත් කොමාන්ඩෝ බලකාය යනු ජාතිය සතු ජීව නාලියක්ය (නි)
හොරකම කියන එක ජන්මයෙන් එන පුරුද්දක් කියලයි මම නම් දකින්නේ.රැකියා තිබුනත් හොරකම රැකියා නැතුවත් හොරකම. (නි)
අයියෝ! ඉතින් කැප්ටන් කෙනෙක්නේ? (නි)
අයියෝ රණවිරුවන්ටත් නින්දා කරන වැඩනේ කරන්නේ. රණවිරුවන්ට අපි නම් සළකන්නේ දේවත්වයෙන්. මොකද ඒ අය කළ කැපකිරීම් නිසා තමයි අපි අද බයක් නැතුව පාරේ බැහැලා යන්නේ. (නි)
ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි කියනවනේ. කොමාන්ඩෝ සෙබලෙක් වෙලා හිටපු ගෞරවනියත්වය එයාට මතක නැහැ (නදී)
කුමාරි කියන කතාව ඇත්ත.(නදී)
යුද්ධය නිසා හමුදාවල අයව ප්‍රමාණය ඉක්මවල සමාජයේ ඉහලින් තිබ්බා. විවිධ වරප්‍රසාද දුන්නා. යුද්ධය අවසන් උනාට පසුව මේ අයව නිසි ලෙස සිවිල් සමාජයට අනුගත කරගන්න වැඩපිළිවෙලක් අපි හැදුවේ නැහැ. එහි ප්‍රතිපල විවිධ විදිහට හමුදා සාමාජිකයන් දවස ගානේ අපිට පෙන්වනවා. මෙහෙම ගිහින් අපිත් දකුණු අප්‍රිකාව වගේ තත්වයකට පත් වේවි. (ස)